ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්.....

    • ටොරන්ට් කියන්නෙ මොකද්ද?
    ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි..
    අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් බාගත කරගන්නා ආකාරය..

    1..මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක්
    තියෙනව,නමුත් හොදම ඒව තමයි මේ..

    1. uTorrent
    2. BitTornado
    3. BitComet
    4. BitTorrent
    5. Yet ABC
    මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි..
    icon_biggrin.gif

    2..බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..
    3..දැන් ඔබට ඕන කරන File තෝරාගන්න..
    4..එම ලින්ක් එකෙන් “ටොරන්ට් ෆයිල් එක” බාගන්න ඔබට ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..
    6
    ..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය..
    7
    ..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ file සේව් කරන්න ඕන කියල..
    දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව files බාගතවෙයි..
    icon_smile.gif

    ටොරන්ට් වල තාක්ශණික පැත්ත..


    • ටොරන්ට් ෆයිල් එකක් යනු!
    ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්..

    • ටොරන්ට් Client එකක් යනු!
    ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්..

    • ටොරන්ට් Tracker එකක් යනු!
    මේ සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

    • ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
    ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ චිත්‍රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය..
    දැන් බලමු ප්‍රසිද්දම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල..
    මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ..

    ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වෙනත් කෙනෙක් හරහා…චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න..
    icon_smile.gif


    ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්…

    ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්…
    icon_razz.gif

    ♦ uTorrent වලදී අදාල ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.
    ♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක.
    ♦ ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියන trackers ලා කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන එක. (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න අවශ්‍යයි)
    ♦ දැනට තියන trackers ඩිලීට් කරන්න එපා.
    ♦ ඊට පස්සේ OK කරන්න.
    ♦ වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.








    ඉස්සුවෙ මෙතනින්

    මගේ මෙගා ත්‍රෙඩ් එක මෙන්න..





     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක බයිස්කෝප් එකේ තිබ්බ පෝස්ට් එකක්නේ.... මම ඒත් බැලුවා මම දැකලා පුරුදු කතාවක් නිසා.... :D