අබිරහස්වලින් පිරුණු ‘පාස්කු දූපත’
1722 වසරේ පාස්කු ඉරිදා දිනයක ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් Jacob Roggeveen සහ ඔහුගේ දේශගවේෂණ කණ්ඩායම ගිනිකොනදිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩබැස්සා. වෙරළාසන්නයේ පුංචි පුංචි වේදිකා මත ඉදිකර තිබූ සුවිසල් පිළිම දැකීමෙන් රොගෙවීන් සහ ඔහුගේ පිරිස පුදුමයට පත් වුණා. ඔවුන් පුදුම වුණේ මේ පිළිමවල අපූර්වත්වය නිසාම නොවෙයි. ගස්කොළන්වලින් තොර මේ කුඩා දූපතේ මෙවැනි යෝධ ගල් පිළිම ඉදිකළේ කොහොමදැයි සිතීමෙනුයි. මේ දූපතට මුලින්ම පය තැබූ යුරෝපීය ජාතිකයා රොගෙවීන්ය. දූපත ‘අයිලා ඞී පැස්කුවා’ (ඊස්ටර් අයිලන්ඞ්) හෙවත් ‘පාස්කු දූපත’ යනුවෙන් නම් කළේ ඔහුයි. මේ පාස්කු දූපත අබිරහස්වලින් පිරුණු තැනක්. ‘මෝයි’ Moai යනුවෙන් හැඳින්වෙන මෙම පිළිම නිසා පාස්කු දූපත අද ලොව පුරා ප‍්‍රසිද්ධයි. මෙය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් World Heritage ලෙසත් නම් කර තිබෙනවා.
”ඒ යෝධ ගල් පිළිම දැකීමෙන් අප පුදුමයෙන් පුදුමයට පත් වුණා” යාකොබ් රොගෙවීන් දූපත සොයා ගැනීමෙන් පසු ලියූ ඔහුගේ වාර්තාවක ලියා තියෙනවා. ”ගස් කොළන් නැති දූපතක එහි සිටින දූපත් වාසීන් යන්ත‍්‍ර නිර්මාණය කිරීමට ශක්තිමත් ලී කොටන් හෝ කඹ හෝ නොමැතිව අඩි 30 ක් තරම් විශාල වූ අධික බරැති මෙම යෝධ පිළිම කෙළින් කළේ කෙසේදැ”යි රොගෙවීන් විමසනවා. පාස්කු දූපත සම්බන්ධව තවමත් පිළිතුරු නොලැබුණු ප‍්‍රශ්න 4 ක් තිබෙනවා. මේ දූපතේ මුල් පදිංචිකරුවන් කවුරුන්ද? මෝයි පිළිම නෙළුවේ කවුරුන්ද? ඒ සඳහා ඔවුන් භාවිත කළ තාක්ෂණය කුමක්ද? මේ නිර්මාණකරුවන්ට සිදු වූයේ කුමක් ද? යනු එම ප‍්‍රශ්න හතරයි. පොලිනීසියානු බස කතා කරන වර්තමාන දූපත්වාසීන් මේ දූපත නම් කරන්නේ ‘රපා නූයී’ කියලයි එහි තේරුම ‘මහා දූපත’ යන්නයි.

Last edited:

thanks 4 sharing bro: