ඔස්ට්‍රේලියාවට student visa අයදුම් කරන්නේ කොහොමද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Australian student visa 2012 update coming soon (I got the updates and i'll post all major changes once i able to arrange them in 'easy to read' type) :rolleyes::rolleyes::rolleyes:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Recent changes for student visa


ඔන්‍න‍ ඉතින් මම ඔයාලට අරගෙන ආවා 2012 Australian Student visa සදහා බලපාන අලුතින් එක් කරන ලද වෙනස්කම්




ඔයාලට මේ විස්තර වල original link එකට මෙතනින් යන්න පුළුවන්

http://www.immi.gov.au/students/issues-impact-student-visas.htm

හැබැයි මම මෙතනින් දක්වන්නේ වැදගත් වෙයි කියලා හිතන වෙනස්වීම් කීපයක් විතරයි. මීට අමතරව original link එකේ තියන දෙයක් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මෙතනින් අහන්න.

මුලින්ම කියන්න ඕනේ Australian government එක මේ වෙනස්කම් කලේ මයිකල් නයිට් (අර Night rider එකේ ඉන්න මයිකල් නෙමෙයි :P:P:P ) කියලා එයාලම පත් කරපු උපදේශකයෙක් නිකුත් කරපු වාර්තාවකට අනුවයි. ඔයාලට ඒ සම්පුර්නම වාර්තාව පහල link එකෙන් ලබා ගන්න පුළුවන්.


http://www.immi.gov.au/students/_pdf/2011-knight-review.pdf

හරි එහෙනම් මෙන්න ඒ මයිකල් නයිට්ගේ උපදෙස් හා අදහස් වලට අනුව Australian Government එක සිදු කරන ලද හා සිදු කිරීමට යෝජිත වෙනස්කම්.



November 2011


"Introduction of an upfront ‘genuine temporary entrant’ criterion for assessing any Student visa application, which covers both a genuine temporary entrant and a genuine student"



මේකෙන් කියන්නේ Australian Immigration (hereafter 'AUI') එක අලුතින් GTE ඒ කියන්නේ Genuine Temporary Entrant කියලා වඩාත් විශ්වාස කල හැකි visa අයදුම්කරුවන් කියලා කොටසක් වෙන් කරලා තියනවා. ඒ පහතින් දැක්වෙන සාදක මතයි.

1. visa අයදුම් කරුවන් විසින් ඔවුන් Aussie වල හදාරන්න බලාපොරොත්තු වෙන පාඨමාලාව තමන්ගේ රටේ හැදෑරීමට හැකියාවක් නොමැති එකක් බව ඔප්පු කල යුතුයි. සරලව කියනවනම් Business management Diploma වගේ එවුවාට visa දෙන්නේ නෑ කියලයි කියන්නේ.


2. තමන්ගේ පාඨමාලාව අවසානයේ තමන්ගේ රටට ආපසු යෑම ඔප්පු කිරීමට සාධක ඉදිරිපත් කල යුතුයි. ඒ කියන්නේ තමන්ගේ රටේ තමන්ගේ පවුලේ විස්තර, තමන්ගේ රැකියාවේ විස්තර හා තමන්ට අයත් දේපලවල විස්තර වගේ දේවල්.

3. පාඨමාලාව අවසානයේදී තමන්ගේ රටට ආපසු යෑමට යොමු නොවන තත්වයක් උදාවන සාධක තිබේදැයි සලකා බලනු ලැබේ. ඒ කියන්නේ applicantගේ රටේ ඉන්න ලගම නෑදෑයන් හා Aussie වල ඉන්න නෑදෑයන් පිලිබදව විස්තර. Aussie වල තමන්ගේ ලගම නෑදෑයන් ඉන්නවානම් visa එක එයාල approve කරන්න අවස්ථාව අඩුයි.

4. සහකරු හෝ සහකාරිය සමග ඉදිරිපත් වෙන අයදුම්කරුවන් තමන්ගේ සහකාරිය හෝ සහකරුවා සමග පිළිගත හැකි බැදීමක් ඇති බව ඔප්පු කල යුතුයි. ඒ කියන්නේ රට යන්න ඕනේ නිසාම marriage registration certificate එකට පමණක් සීමා වෙච්ච ජෝඩු වලට visa දෙන්නේ නැත කියන එකයි.


මීට අමතරව ගොඩාක් දේවල් තියනවා. එවුවා ඉතින් මෙතනින් කියන්න ගියොත් මේක මාගලක් වගේ වෙනවා. :baffled::baffled::baffled:


"Reductions in financial requirements for Assessment Level 3 and Assessment Level 4 Student visa applicants."


මෙතනින් කියනවා මීට කලින් Assessment level 3/4 (අපි assessment level 4) එකේ අයදුම්කරුවන්ට පෙන්විය යුතුව තිබුන මාස 36 කට අවශ්‍යවෙන මුල්‍යමය අනුග්‍රාහකත්වය (Financial sponsorship) එක මාස 24 කට පමණක් ඉදිරිපත් කලාම ප්‍රමාණවත්. ඊට අමතරව මීට කාලින මාස 6 ක කාලයක් තිබිය යුතු financial history එක මාස 3 ක් සදහා පමණක් සීමා කරලා තියනවා. කෙටියෙන් කියනවානම් AU$ 36,000 ක් වගේ මුදලක් මාස 3 ක් ඉදන් ඔයාලගේ ගිණුම්වල තිබුනා කියල පෙන්විය යුතුයි.


"The Test of English as a Foreign Language (TOEFL), Pearson Test of English Academic, and Cambridge English: Advanced (CAE) will be accepted as alternatives to IELTS for Student visa purposes."



ඔය කියන්නේ මීට පස්සේ AUI එක IELTS වලට අමතරව TOFEL, Cambridge English: Advanced (CAE) හා Pearson Test of English Academic කියන සුදුසුකම් පළිගන්නවා කියන එකයි.




April 2012 changes ඊලගට දෙන්නම්. type කරලම මහන්සියි. :baffled::baffled:
 

pinki88

Member
Jan 13, 2011
104
16
0
me rules April walin wenas wenawa neda?mata mage visa 1 dik karaganna oni.mehe (aus) kathawak thiyenawa rules wenas wenawa salli pennanna oni kiyala, e gana monawa hari dannawada?
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
me rules April walin wenas wenawa neda?mata mage visa 1 dik karaganna oni.mehe (aus) kathawak thiyenawa rules wenas wenawa salli pennanna oni kiyala, e gana monawa hari dannawada?

මේ ලින්ක් එක බලන්න. දැනට සිද්දවුන, ඉස්සරහට වෙන සේරම වෙනස්කම් මෙතන තියනවා.

http://www.immi.gov.au/students/issues-impact-student-visas.htm
 

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    ඔන්න මම අද ඔයාලට ගෙනාවේ Australian Student Visa ගැන විස්තර

    ඕස්ට්‍රේලියාවේ ආගමන නීතියට අනුව වීසා ලබා ගැනීමේදී තමන්ගේ රට (අපි නම් ඉතින් ශ්‍රී ලංකාව තමයි) අයත් Assessment level එක දැන ගන්න ඕනේ. අපි අයත් වෙන්නේ assessment level 4 එකටයි. ඒ කියන්නේ පහතින්ම තියන level එකටයි. මේ level එකේ තියන රටවල් වලට වීසා නීතිය ගොඩාක් තදයි. අපි මේ තත්වයට වැටිලා තියෙන්න ලොකු හේතුවක් වෙන්නේ අපේ රටින් ඔස්ට්‍රේලියාවට වීසා අයදුම් කරන අය කරන වංචා, හා හොර වැඩ නිසාමයි.:(:(:(

    අපි අද කතා කරන්නේ Subclass 572 ට අයත් වෙන වීසා සම්බන්ධවයි. මේ කියන Subclass 572 එකට Certificate level courses, Diploma, Advanced Diploma කියන පාඨමාලා අදාළ වෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන පෞද්ගලික අධ්‍යාපනය ආයතන (TAFE) බොහොමයක් පිලිගන්වන පාඨමාලා සදහා මේ වීසා ලබා ගන්න පුළුවන්.

    මේ 572 කියන වීසා ලබාගත් කෙනෙක්ට මේ කියන කාර්යයන් ඒ වීසා ඒකෙන ඉටු කර ගන්න පුළුවන්.

    1. තමන්ට අදාළ පාඨමාලාවේ පුර්ණ කාලීනව අධ්‍යාපනය ලැබීම
    2. සතියකට පැය 20 ක් හා පාඨමාලා නිවාඩු කාලයන් වලදී පුර්ණ කාලීනව රැකියාවක නිරත වීමට අවස්ථාව ලැබීම.
    3. තමාගේ සහකාරිය හෝ සහකරුවා, දරුවන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබීම්
    4. සහකරුවාට හෝ සහකාරියට පැය 20 ක අමතර රැකියාවක් නිරත වීමේ අවස්ථාව.

    දැන් අපි බලමු මේ 572 වීසා එක ලබා ගන්න ඔබ සම්පුර්ණ කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියන දේ.

    අධ්‍යාපනික සුදුසුකම්:


    අවුරුදු 12 ක අධ්‍යාපනය (G.C.E. O/L) ලබා තිබීම
    IELTS 5.5 හෝ 5* (Academic) තිබීම
    තමන් අයදුම් කරන ක්ෂේත්‍රයට අදාළ යම් සුදුසුකම් තිබීම (මේක අදාළ වෙන්නේ ඔයාලගේ වයස 21 ට වඩා වැඩිනම් විතරයි)



    IELTS 5 ක් තියන අය තමන් අයදුම් කරන ප්‍රධාන පාඨමාලාවට කලින් සති 5 ක හෝ 10 ක ඉංග්‍රීසි පිළිබදව පාඨමාලාවක් (ELICOS) හැදෑරිය යුතුයි.


    මුල්‍යමය සුදුසුකම්:

    ප්‍රධාන අයදුම් කරුවාට -
    ගුවන් ගමන වියදම + තමන්ගේ පාඨමාලාවේ ගාස්තුව + අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 18,000 (රුපියල් ලක්ෂ 22 ක් වගේ) වෙන ජීවන වියදම් (living expenses) මුදල

    *ඔයා අවුරුදු දෙකක පාඨමාලාවක් හදාරනවනම් ඒ අවුරුදු දෙකටම අවශ්‍ය මුදල හා අවුරුදු දෙකේම ජීවන වියදම පෙන්වන්න අවශ්‍ය වෙනවා.

    සහකරුවට හෝ සහකාරියට -
    ගුවන් ගමන් වියදම + අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 6300 (රුපියල් ලක්ෂ 8 ක් වගේ) වෙන ජීවන වියදම් (living expenses) මුදල

    තමන්ගේ දරුවන්ට -
    ගුවන් ගමන් වියදම + අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 3000 (රුපියල් ලක්ෂ 4 ක් වගේ) වෙන ජීවන වියදම් (living expenses) මුදල + අවුරුදු 5 ත් 18 ත් අතර දරුවන් සදහා අවුරුද්දකට අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 8000 (රුපියල් ලක්ෂ 10 ක් වගේ) වෙන අධ්‍යාපනික වියදම

    දැන් අපි බලමු ඔයාට මේ සදහා යොදාගන්න පුළුවන් මුදල් මොනවාද කියන එක (මේක තමයි වීසා එක ලබාගැනීමේ වැදගත්ම කරුණ)

    ඔයා (ප්‍රධාන අයදුම්කරු), ඔයාගේ නීත්‍යානුකුල සහකරු හෝ සහකාරිය, ඔයාගේ දෙමවුපියන්, ඔයාගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් සතුව තියන තැන්පතු මුදල් මේ සදහා ඔයාලට යොදා ගන්න පුළුවන්. මේ මුදල තැන්පතු මේ කියන අය අතරේ බද්ධ ගිණුම් (joint accounts) වල තිබුනාට ප්‍රශ්නයක් නෑ. මේ සදහා ඔයාලට ස්ථීර තැන්පතු (FD) හා ඉතිරුම් ගිණුම් (Saving account) යොදාගත්තාට ප්‍රශ්නයක නෑ. හැබැයි වැදගත්ම දේ නම් මේ මුදල ඔයාල වීසා අයදුම් කරන දිනට මාස 6 කට පෙර ඉදලවත් ගිණුමේ පැවතීමයි. ඒ කියන්නේ ඔයාලා පසුගිය මාස 6 ක ගිණුම විස්තර ඉදිරිපත් කල යුතුයි.

    හැබැයි මේ මුදලට මාස 6 ක අතීතයක් ඔයාලට පෙන්වන්න හැකියාව නැත්නම්* ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. ඒ මේ මුදල තියන ගිණුම ඇපයක්‌ වශයෙන් තබා 90% ක ණය මුදලක් ඔයාලගේ නමට ලබා ගැනීම. මෙතන තියන අවාසිය තමයි, ඔයාල වෙනුවෙන් මේ ණය මුදලේ වාරිකය ගෙවීමට ඔයාලගේ පවුලේ අයට හැකියාව තියනවා කියන දේ ඔප්පු කරන්න සාධක ඉදිරිපත් කරන්න සිදු වීම. මේ සදහා ඔයාලට පවුලේ අයගේ අදායම් විස්තර (පවුලේ අයගේ වැටුප්, ව්‍යාපාරික අදායම්, බදු දීම වැනි දේවල් වලින් ලැබෙන) පෙන්වන්න පුළුවන්. හැබැයි මේ හැම ලියකියවිල්ලක්ම 100% නීත්‍යානුකුල එවුවා වීම අත්‍යවශයි. මොකද ඕස්ට්‍රේලියානු වීසා එකක් කියන්නේ UK වීසා වගේ වාසනාව අවාසනාව මත තීරණය වෙන දෙයක් නෙමෙයි. ඔයා ඔයාගේ ආර්ථිකමය හැකියාව වඩාත් හොදින් පෙන්වන්න පෙන්වන්න වීසා ලබා ගැනීමේ අවස්ථාවත් වැඩි වෙනවා.

    *මාස 6 ට වඩා අඩු කාලයකින් පෙන්නවන මුදල් පෙන්වීම් සදහා ඔයාල ඒ මුදල ලබාගත ආකාරය පෙන්වීමත් වැදගත්. ඒ කියන්නේ ඉඩමක් විකුනුවානම් ඊට අදාළ ඔප්පු පැවරීම්, වාහනයක් විකිණීමෙන් නම් ඊට අදාළ ලියකියවිල ආදිය.

    572 කාණ්ඩයේ වීසා ලබා ගැනීම සදහා මීට අමතරව ඔබ පොලිස් නිශ්කාෂණ සහතිකය, වෛද්‍ය සහතික වගේ තවත් ඉදිරිපත් කල යුතු ලියකියවිලි කිහිපයක්ම තියනවා.

    මම හිතන විදියට මම ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික වීසාවක්‌ සදහා අයදුම කරන කෙනෙක්ට අවශ්‍ය මූලික හැදින්වීමක් මේ thread ඒකෙන ලබා දෙන්න පුළුවන් වෙලා ඇති. ඒ වගේම මේ thread එක කියවන අයට විවිදාකාර ගැටළු පැනනගින්න පුළුවන්. ඒ හැම ගැටළුවක් සදහාම වගේම ඔයාලගේ අදහස් වලටත් මේ thread එක විවෘතයි.


    එහෙනම් ඊලග thread ඒකෙන ඔස්ට්‍රේලියාවට ස්ථීර පුරවැසිභාවය (PR) ගන්න පුළුවන් මාර්ග ගැන හැදින්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයාලට සුභ දවසක් :love::love::love:

    Bump..:rofl: