Australian student visa 2012 update coming soon (I got the updates and i'll post all major changes once i able to arrange them in 'easy to read' type) 








Australian student visa 2012 update coming soon (I got the updates and i'll post all major changes once i able to arrange them in 'easy to read' type)![]()


) කියලා එයාලම පත් කරපු උපදේශකයෙක් නිකුත් කරපු වාර්තාවකට අනුවයි. ඔයාලට ඒ සම්පුර්නම වාර්තාව පහල link එකෙන් ලබා ගන්න පුළුවන්.




Machan...I have some important questions to ask from you. How can I contact you ?


me rules April walin wenas wenawa neda?mata mage visa 1 dik karaganna oni.mehe (aus) kathawak thiyenawa rules wenas wenawa salli pennanna oni kiyala, e gana monawa hari dannawada?
මචන් pm එකක් දැම්ම රිප්ලයි එකක් එවපන් අමතක නොකර.![]()



මේ ලින්ක් එක බලන්න. දැනට සිද්දවුන, ඉස්සරහට වෙන සේරම වෙනස්කම් මෙතන තියනවා.
http://www.immi.gov.au/students/issues-impact-student-visas.htm
ඔන්න මම අද ඔයාලට ගෙනාවේ Australian Student Visa ගැන විස්තර
ඕස්ට්‍රේලියාවේ ආගමන නීතියට අනුව වීසා ලබා ගැනීමේදී තමන්ගේ රට (අපි නම් ඉතින් ශ්‍රී ලංකාව තමයි) අයත් Assessment level එක දැන ගන්න ඕනේ. අපි අයත් වෙන්නේ assessment level 4 එකටයි. ඒ කියන්නේ පහතින්ම තියන level එකටයි. මේ level එකේ තියන රටවල් වලට වීසා නීතිය ගොඩාක් තදයි. අපි මේ තත්වයට වැටිලා තියෙන්න ලොකු හේතුවක් වෙන්නේ අපේ රටින් ඔස්ට්‍රේලියාවට වීසා අයදුම් කරන අය කරන වංචා, හා හොර වැඩ නිසාමයි.
අපි අද කතා කරන්නේ Subclass 572 ට අයත් වෙන වීසා සම්බන්ධවයි. මේ කියන Subclass 572 එකට Certificate level courses, Diploma, Advanced Diploma කියන පාඨමාලා අදාළ වෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන පෞද්ගලික අධ්‍යාපනය ආයතන (TAFE) බොහොමයක් පිලිගන්වන පාඨමාලා සදහා මේ වීසා ලබා ගන්න පුළුවන්.
මේ 572 කියන වීසා ලබාගත් කෙනෙක්ට මේ කියන කාර්යයන් ඒ වීසා ඒකෙන ඉටු කර ගන්න පුළුවන්.
1. තමන්ට අදාළ පාඨමාලාවේ පුර්ණ කාලීනව අධ්‍යාපනය ලැබීම
2. සතියකට පැය 20 ක් හා පාඨමාලා නිවාඩු කාලයන් වලදී පුර්ණ කාලීනව රැකියාවක නිරත වීමට අවස්ථාව ලැබීම.
3. තමාගේ සහකාරිය හෝ සහකරුවා, දරුවන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබීම්
4. සහකරුවාට හෝ සහකාරියට පැය 20 ක අමතර රැකියාවක් නිරත වීමේ අවස්ථාව.
දැන් අපි බලමු මේ 572 වීසා එක ලබා ගන්න ඔබ සම්පුර්ණ කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියන දේ.
අධ්‍යාපනික සුදුසුකම්:
අවුරුදු 12 ක අධ්‍යාපනය (G.C.E. O/L) ලබා තිබීම
IELTS 5.5 හෝ 5* (Academic) තිබීම
තමන් අයදුම් කරන ක්ෂේත්රයට අදාළ යම් සුදුසුකම් තිබීම (මේක අදාළ වෙන්නේ ඔයාලගේ වයස 21 ට වඩා වැඩිනම් විතරයි)
IELTS 5 ක් තියන අය තමන් අයදුම් කරන ප්‍රධාන පාඨමාලාවට කලින් සති 5 ක හෝ 10 ක ඉංග්‍රීසි පිළිබදව පාඨමාලාවක් (ELICOS) හැදෑරිය යුතුයි.
මුල්‍යමය සුදුසුකම්:
ප්‍රධාන අයදුම් කරුවාට -
ගුවන් ගමන වියදම + තමන්ගේ පාඨමාලාවේ ගාස්තුව + අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 18,000 (රුපියල් ලක්ෂ 22 ක් වගේ) වෙන ජීවන වියදම් (living expenses) මුදල
*ඔයා අවුරුදු දෙකක පාඨමාලාවක් හදාරනවනම් ඒ අවුරුදු දෙකටම අවශ්‍ය මුදල හා අවුරුදු දෙකේම ජීවන වියදම පෙන්වන්න අවශ්‍ය වෙනවා.
සහකරුවට හෝ සහකාරියට -
ගුවන් ගමන් වියදම + අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 6300 (රුපියල් ලක්ෂ 8 ක් වගේ) වෙන ජීවන වියදම් (living expenses) මුදල
තමන්ගේ දරුවන්ට -
ගුවන් ගමන් වියදම + අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 3000 (රුපියල් ලක්ෂ 4 ක් වගේ) වෙන ජීවන වියදම් (living expenses) මුදල + අවුරුදු 5 ත් 18 ත් අතර දරුවන් සදහා අවුරුද්දකට අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 8000 (රුපියල් ලක්ෂ 10 ක් වගේ) වෙන අධ්‍යාපනික වියදම
දැන් අපි බලමු ඔයාට මේ සදහා යොදාගන්න පුළුවන් මුදල් මොනවාද කියන එක (මේක තමයි වීසා එක ලබාගැනීමේ වැදගත්ම කරුණ)
ඔයා (ප්‍රධාන අයදුම්කරු), ඔයාගේ නීත්‍යානුකුල සහකරු හෝ සහකාරිය, ඔයාගේ දෙමවුපියන්, ඔයාගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් සතුව තියන තැන්පතු මුදල් මේ සදහා ඔයාලට යොදා ගන්න පුළුවන්. මේ මුදල තැන්පතු මේ කියන අය අතරේ බද්ධ ගිණුම් (joint accounts) වල තිබුනාට ප්‍රශ්නයක් නෑ. මේ සදහා ඔයාලට ස්ථීර තැන්පතු (FD) හා ඉතිරුම් ගිණුම් (Saving account) යොදාගත්තාට ප්‍රශ්නයක නෑ. හැබැයි වැදගත්ම දේ නම් මේ මුදල ඔයාල වීසා අයදුම් කරන දිනට මාස 6 කට පෙර ඉදලවත් ගිණුමේ පැවතීමයි. ඒ කියන්නේ ඔයාලා පසුගිය මාස 6 ක ගිණුම විස්තර ඉදිරිපත් කල යුතුයි.
හැබැයි මේ මුදලට මාස 6 ක අතීතයක් ඔයාලට පෙන්වන්න හැකියාව නැත්නම්* ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. ඒ මේ මුදල තියන ගිණුම ඇපයක් වශයෙන් තබා 90% ක ණය මුදලක් ඔයාලගේ නමට ලබා ගැනීම. මෙතන තියන අවාසිය තමයි, ඔයාල වෙනුවෙන් මේ ණය මුදලේ වාරිකය ගෙවීමට ඔයාලගේ පවුලේ අයට හැකියාව තියනවා කියන දේ ඔප්පු කරන්න සාධක ඉදිරිපත් කරන්න සිදු වීම. මේ සදහා ඔයාලට පවුලේ අයගේ අදායම් විස්තර (පවුලේ අයගේ වැටුප්, ව්‍යාපාරික අදායම්, බදු දීම වැනි දේවල් වලින් ලැබෙන) පෙන්වන්න පුළුවන්. හැබැයි මේ හැම ලියකියවිල්ලක්ම 100% නීත්‍යානුකුල එවුවා වීම අත්‍යවශයි. මොකද ඕස්ට්‍රේලියානු වීසා එකක් කියන්නේ UK වීසා වගේ වාසනාව අවාසනාව මත තීරණය වෙන දෙයක් නෙමෙයි. ඔයා ඔයාගේ ආර්ථිකමය හැකියාව වඩාත් හොදින් පෙන්වන්න පෙන්වන්න වීසා ලබා ගැනීමේ අවස්ථාවත් වැඩි වෙනවා.
*මාස 6 ට වඩා අඩු කාලයකින් පෙන්නවන මුදල් පෙන්වීම් සදහා ඔයාල ඒ මුදල ලබාගත ආකාරය පෙන්වීමත් වැදගත්. ඒ කියන්නේ ඉඩමක් විකුනුවානම් ඊට අදාළ ඔප්පු පැවරීම්, වාහනයක් විකිණීමෙන් නම් ඊට අදාළ ලියකියවිල ආදිය.
572 කාණ්ඩයේ වීසා ලබා ගැනීම සදහා මීට අමතරව ඔබ පොලිස් නිශ්කාෂණ සහතිකය, වෛද්‍ය සහතික වගේ තවත් ඉදිරිපත් කල යුතු ලියකියවිලි කිහිපයක්ම තියනවා.
මම හිතන විදියට මම ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික වීසාවක් සදහා අයදුම කරන කෙනෙක්ට අවශ්‍ය මූලික හැදින්වීමක් මේ thread ඒකෙන ලබා දෙන්න පුළුවන් වෙලා ඇති. ඒ වගේම මේ thread එක කියවන අයට විවිදාකාර ගැටළු පැනනගින්න පුළුවන්. ඒ හැම ගැටළුවක් සදහාම වගේම ඔයාලගේ අදහස් වලටත් මේ thread එක විවෘතයි.
එහෙනම් ඊලග thread ඒකෙන ඔස්ට්‍රේලියාවට ස්ථීර පුරවැසිභාවය (PR) ගන්න පුළුවන් මාර්ග ගැන හැදින්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයාලට සුභ දවසක්![]()

thanks...
niyama wistharayak..thanx machan..
good post...
Bump..![]()


