ආදර සිහිනය

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....


    පබළු මිණි පහන් සැනෙකින් නිමිලා
    අඳුරු වලාවන් අහසම වසලා
    අන්දකාරයෙන් ලොව නැහැවීලා
    දුක් වරුසාවෙන් මා නෙත් පෙඟිලා

    අඳුරු පරිසරේ පාලු හුදකලා
    ඔබෙ නිල් නෙත් යුග කොයි සැඟවීලා
    ජීවිතයම මගෙ අද ගොම්මන් වීලා
    ඔබ නොදනී හිත වාවනු බැරුවා

    සිහින සිත්තමින් ඔබ එනු දුටුවා
    සැඟවුනු නෙත් ඔබෙ සිහිනෙන් දුටුවා
    ඔබ සිහිනයක්ම පමණක් බව හැඟුනා
    සිහිනෙන් මෙන් මේ දැසද පෙඟුනා

    ඔබ නොදනී මා ඔබ හට පෙම් කෙරුවා
    ඔබ නොදනී මා ඔබ හැම තැන සෙවුවා
    සිහිනෙන් උවද කම් නැත ඔබ පැමිණේවා
    පැමිණුනොත් යලි මා නින්දෙන් නොනැගේවා

    alone-boy.jpg