Hats off suresh gayan

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    306646_296026487133671_272350709501249_701817_1411459050_n.jpg


    දුම්රිය පා පුවරුවෙන් වැටි ගිලිහි යාමට ආසන්නව තිබුණු සමීර ගේ ජීවිතයට ඔහු ධයිර්යය දුන්නේය,
    තම දෙපා අහිමිව සිටියදිත් නැගීසිටින්නට වෙර දැරු සමීර ලගට ගයාන් සුරේශ් පැමිනියේ ඔහුට වාරු වන්නටය.
    "මගේ කකුල් දෙක තියෙනවාද බන්" සමීර ඇසු විට ඔහුගේ හිත පැරීමට නොහැකි වූ සුරෙශ් "කකුල් දෙක තියෙනවා මොකවත් වෙලා නැ" කියා උත්තර දුන්නේය.

    මරනය පෙනි පෙනීත් ඔහුට මතක්‌ වූයේ තම මවය,"අම්මට කියන්න මම ෆුට්‌ බෝඩ් එකේ ගියේ නැ කියලා,ඒක කඩා වැටුන නිසයි මම වැටුනේ කියන්න" තම නැගනියත් මවත් ජීවත් කරවන්නට අදිටන් කර සිටි ඔහු තමා නොකල වැරද්දකට තම මව කම්පා නොවිය යුතු යැයි සිතන්නට ඇත.

    තම ජිවිතයේ අවසානය ලන්වී ඇතී බැව් දත් සමිර තම මිතුරු සුරෙශ් ගෙන් අවසාන වශයෙන් කාරුනික ඉල්ලිමක්‌ කලේය.

    " මචන් අපේ අම්මවයි නංගිවයි බලා ගනින්" සුරෙශ්ගේ දැස්‌ ඉදිරිපිටම ඔහු තම දැස්‌ පියා ගත්තේය.

    අවාසනාවන්ත ලෙස තම ජීවිතයෙන් සමු ගන්නට සිදු උවත්,ඔබේ දැතින් ලද ජවයත් ඔබේ මිත්‍රත්වයේ උනුසුමත් ඔහුගේ අවසන් මොහොතේදි ඔහුට ආශිර්වාදයක්‌ වන්නට ඇත,ඔහුට අස්‌වැසිල්ලක්‌ වන්නට ඇත.

    සමීරගෙ අවසන් හෝරා කීපයේදි ඔහුට වාරු දුන් සුරෙශ් ගයාන් සොහොයුරානෙනි ඔබ උතුම් මිනිසෙකි. දයාවත් මනුශ්‍යකමත් තවමත් ශ්‍රි ලාංකිකයන් වන අප අතර අතිබැව් ඔබ පසක්‌ කර දුන්නේය.ඔබ පිලිබුල් කලා වූ ඒ මනුශ්‍යත්වය උදේසා අපේ උත්තමාචාරය ඔබට අපි පිරිනමන්නෙමු.


    Facebook-
     

    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    Ela kollek!! Ethana inna anith aya eka ekkenata wad pawaradddi.. Me sahodaraya karal thiyena wade nam niyamai:yes::yes::yes: