ලංකා උද්ධමනය දෙගුණ වෙයි
මෙම මාර්තු මාසය තුළදී උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි.
ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී 2.7% උද්ධමනය මේ මාසය අවසන් වනවිට 5.5% දක්වා ඉහළ ගොස් තිබිණි.
මෙවර දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් උද්ධමනය ඉහළ යාමට හේතුව ඛනිජ තෙල් මිල ඉහළ දමමින්, බස්ගාස්තු හා විදුලි ගාස්තු ඉහළ නංවමින් සිදුකළ සංශෝධන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි. ආහාර මිළ ගණන් මෙවර ඉහළ ගොස් ඇත්තේ 0.1%ක් පමණ සුළු ප්‍රමාණයකින් බවත් ඉහත සංශෝධන හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩය 4.3%කින් ඉහළ ගොස් ඇති අතර බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ප්‍රවාහන උප කාණ්ඩයේ වියදම් 9.6%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි.
ඊයේ වාහන බදු ඉහල යන ලද. අද (31) සිට ක්‍රියාත්මක වන පරිදි මත් පැන් සඳහා වන බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
මේ අතර රුපියලේ අගය බාල්දු වීම හා තෙල් මිල ඉහල යාම හේතුවෙන් විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධ වර්ග ගණනාවක මිල 40-50% අතර ප‍්‍රමණයන්ගෙන් ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මේ වන විට රජයේ රෝහල් ගණනාවක ඖෂධ වර්ග හිඟව තිබීමෙන් එම ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇති නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
රුපියල අව ප‍්‍රමාණය කිරීම සහ ඉන්ධන මිළ ඉහළ යාම නිසා ප‍්‍රවාහන ගාස්තු වැඩි වීම ඊට හේතු කොටගෙන තිරිඟු පිටි මිළ යළි වැඩි කිරීමට ප‍්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සූදානම් වන බව වාර්තා වේ.

Last edited: