ලෝක විනාශයක් කරනවනම් ඒක කරන්නේ පිටසක්වල ජීවින් විතරයි. නමුත් ඒ වගේ බරපතල ලෝක විනාශයකදි ධනවතුන් පිරිසකට බංකර් ගහගෙන පිටසක්වල ජීවින්ගෙන් හැංගෙන්න ඉඩක් හමු වන්නේ නෑ. දුප්පතුන් මරලා ධනවතින් ඉතිරි කරන පිටසක්වල ජීවින් කොහෙවත් නෑ.2012 චිත්රපටය තුලත් හැකියාවන් තියෙන යම්කිසි පිරිසක් බේරිලා යන සීන් එකක් තියෙනවා.මේක පෘථිවිය තුල තිබෙන ධනවාදය පෙන්වනවා මිසක් පිටසක්වල ජීවින් එහෙම කරන්නේ නෑ.
විශේෂයෙන්ම පුරාණය තුල වංශවත් පිරිසක් දුප්පතුන් මැඩගෙන ඔවුන්ව පාලනය කරමින් පෘථිවිය පාලනය කරා.නමුත් අද ඒක වෙනස් වෙලා පල් හොරුන් ,වංචනිකයන් සහ මිනිසුන් නොමග යවන්න පුලුවන් අය තුලින් නිර්මානය වුන පිරිසක් ධනවාදය තුලින් බලවත් වෙලා පෘථිවි ජනතාව වහලුන් ලෙස තබා ගනිමින් පෘථිවිය පාලනය කරනවා.ඒ වගේම පෘථිවිය වනසනවා.ධනවාදී අර්තමර්තකාමින් මානවයන්ට තවදුරටත් පිටසක්වලින් තාක්ෂනය හම්බ වෙන්නේ නෑ.ඒක ඉතා භයානකයි.ජනතාව පෙලන පාලන තන්ත්ර තියෙන පෘථිවිය තුල තව දුරටත් තාක්ෂනිකව ඉදිරියට යාමක් වෙන්නේ නෑ.මේක 2012 වසර තුල වෙනස් වෙනවා.ඒ කියන්නේ පිටසක්වල ජීවින් මානවයන්ගේ පාලනය මුලුමනින්ම ඔවුන්ගේ අතට ගන්නවා.ඉන්පසු මානවයන්ට ඕන විදිහට නෙවෙයි අන්තර්සක්වලට ඕන විදිහට සිදු වන්නේ.මේක සාමන්යය ජනතාවගේ ජයග්රහනයක්.පුහු අර්තමාර්ථකාමි විනාශකාරි පාලකයන්ගේ පරාජයක්.