http://www.lankaenews.com/Sinhala/news.php?id=15543
‘මහරජාණෙනි’ ගීතයට මහරජුගෙන් මාවතක් තෑගි
(ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.05, ප.ව.2.30* ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ලියැවුණු ‘මහරජාණෙනි’ ගීතය ගැයූ ‘සහේලි ගමගේ’ ගායිකාව වෙනුවෙන් කොන්ක්‍රීට් අතුරන ලද මාර්ගයක් ‘සහේලි ගමගේ මාවත’ ලෙස නම් කරන්නට මහරගම නගර සභාව පියවර ගෙන තිබේ.
මීට මාස කීපයකට පෙර විවෘත කරන ලද මාර්ග නාම පූවරුව අසල ඇති ඵලකයේ සඳහන් වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය මහතාගේ ඉල්ලීම පරිදි පළාත් සභා ප්‍රතිපාදනවලින් කොන්ක්‍රීට් අතුරන ලද මාර්ගය බස්නාහිර පළාත් මහාමාර්ග ඇමැති නිමල් ලංසා මහතා විසින් විවෘත කරන ලද බවයි.
‘සහේලි ගමගේ මාවත’ ලෙස එම මාර්ගය නම් කරන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව තමන් ඒ පිළිබඳ යෝජනාව මහරගම නගර සභාවට ඉදිරිපත් කළ බව දේවප්‍රිය මහතා මාධ්‍යවලට පවසා ඇත.
කෙසේ වෙතත් මෙම යෝජනාව මහරගම නගර සභාවේදී පරාජය වී ඇති නමුත් පළාත් සභාව විසින් මෙම මාර්ගය සංවර්ධනය කර නාම ඵලකය සවිකර තිබේ.