රාජපක්ෂලාගේ කක්කුටු ආර්ථික දර්ශනය !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රාජපක්ෂලාගේ කක්කුටු ආර්ථික දර්ශනය !!!

    රාජපක්ෂලාගේ කක්කුටු ආර්ථික දර්ශනය !!!

    වාහන ආනයන බදු ඉහළ දැමීමට හේතුව ලෙස ආණ්‌ඩුව කියන්නේ 2009 සිට මෝටර් රථ ආනයනය ඉහළ යැම හේතුවෙන් මාර්ග තදබදය මෙන්ම ඉන්ධන භාවිතයත් ඉහළ ගිය බවයි. මේ නිසා ඉහළ ගිය ආනයන වියදම් ද අඩුකර ගැනීම සඳහා වාහන ආනයන බදු ඉහළ දැමූ බවයි.

    ආණ්‌ඩුවේ මේ කතාව අහන අපට හිතෙන්නේ 2009 ට සාපේක්‍ෂව පසුගිය වසර දෙක (2010 සහ 2011) ඇතුළත ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම සියයට පන්සීයකින් පමණ ඉහළ ගියාදෝ කියා යි. එහෙත් එබඳු ආශ්චර්යයක්‌ වූයේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව පත්තරවල පිටු දෙකක්‌වත් පිරී යන ලෙස දැන්වීමක්‌ පළ කරන හෙයින් එබන්දක්‌ ද සිදු වූයේ නැත. විහිළුවට කාරණය නම් වාහන තදබදය හා ඉන්ධන මිල ඉහළ යැම ගැන නන්දොඩන ආණ්‌ඩුවට 2010 දී වාහන ආනයන බදු සියයට 50 කින් පහත දැමුයේ තමන් ම බව අමතක වීමය. මේ නිසා 2009 දී ගෙන්වන ලද 211679 ක්‌ වූ වාහන ප්‍රමාණය 2011 වන විට 523963 කින් හෙවත් 100% ටත් වඩා අගයකින් ඉහළ ගිය බව මේ ආණ්‌ඩුවේ ආර්ථික න්‍යායාචාරීන් නොදැන සිටීම අවාසනාවකි. මෙයින් පැහැදිලි වන එකම ඇත්ත නම් රාජපක්‍ෂ ආණ්‌ඩුවට දුරදිග දකින ආර්ථික දර්ශනයක්‌, ප්‍රතිපත්තියක්‌ නැති බවයි.

    ආණ්‌ඩුවට ඒ තරම් පැසුණු බුද්ධියක්‌ නැති බව තහවුරු වන්නේ එක රැයකින් ඉහළ ප්‍රතිශතයකින් බදු ඉහල දමා මෙරට මෝටර් රථවාහන වෙළෙඳපළ කඩා වැටීමට ඉඩ සැලසීමෙනි. එක රැයින් බදු පැනවීම පහසු කටයුත්තක්‌ වුණත් දුරදිග නොබලා එබඳු පියවර ගැනීම රටක ආර්ථික දේහයට සුබදායක නොවන බව ආණ්‌ඩුවට වැටහෙන්නේ නැත. බදු පැනවීමත් සමඟ මේ වන විටත් මෝටර් රථ වෙළෙඳපළ දැඩි අර්බුදයකට පත්ව තිබේ. සීමාවක්‌ නැතිව රටට ගෙනා වාහන අලෙවි කිරීම මෙන්ම පැවැති මිල යටතේ ඇණවුම් කළ වාහන ද අලෙවි කිරීම සම්බන්ධයෙන් අර්බුදයක්‌ මතුවනු ඇත. ඊට අමතරව වාහන අමතර කොටස්‌ වෙළෙඳපළ ද මෙම ව්‍යාපාරය ඔස්‌සේ ගොඩනැඟි වක්‍ර රැකියා අවස්‌ථා සම්බන්ධයෙන් ද ගැටලු මතුවීමෙන් එය රටේ ජනතාවගේ ජීවත්වීමේ අර්බුදය ද තවත් ඉහළට ගෙන යනු ඇත.

    මෙරට මෝටර් රථ ආනයන වෙළෙඳපළ සම්බන්ධයෙන් කිසිදු රජයකට පැහැදිලි ප්‍රතිපත්තියක්‌ තිබුණේ නැත. එබඳු ප්‍රතිපත්තියක්‌ විණි නම් අද දිනපතා ඇතිවන දැඩි මාර්ග තදබද වැනි ගැටලු මතු වන්නේ නැත. අධිවේගී මාර්ග ඉදිකිරීම ඔස්‌සේ කොළඹින් පිටත ගමනාගමනය ඉක්‌මන් විය හැකි වුවත් දිනපතා වේලාවක්‌, අවේලාවක්‌ නැතිව කොළඹ නගරය හා තදාසන්න නගරවල පවතින මාර්ග තදබදයට මෙතෙක්‌ සාර්ථක විසඳුමක්‌ ලැබී නැත. මේ හේතුවෙන් දිනකට අපතේ යන ඉන්ධන ප්‍රමාණය අධිකය. ආණ්‌ඩුවට මේ තත්ත්වය පිළිබඳ ඉදිරි දැක්‌මක්‌ විණි නම් 2009 දී වාහන ආනයන බදු 50% කින් පහත දැමීම බඳු තීරණ ගන්නේ නැත. ආනයනික වාහන මිල ඉහළ යැමෙන් දේශීය මෝටර් රථ නිෂ්පාදනය ඉහළ යැමට එය රුකුලක්‌ බව සැබෑ ය. එහෙත් දැනට දේශීයව නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ සඳහා වෙළෙඳපොළක්‌ ඇති කිරීමට රාජ්‍ය මට්‌ටමින් ලැබෙන අනුග්‍රහය නම් ප්‍රමාණවත් බව පෙනෙන්නට නැත. ඉන්දියාව බඳු රටවල දේශීය කර්මාන්ත දිරිගැන්වීමට අනුග්‍රහය සපයන්නේ දේශපාලන නායකයන් ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාම 'ඇම්බැසඩර්' බඳු මෝටර් රථ නිෂ්පාදනය කෙරෙන්නේ එනිසා ය. එහෙත් 'මයික්‍රො' සමාගම නිෂ්පාදනය කළ එක මෝටර් රථයක්‌ හෝ පාවිච්චි කරන මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇත්දැයි අපි නොදනිමු. ධර්ම රාජ්‍ය ගොඩනඟන්නටැයි කියා පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් පුද්ගලයන් රුපියල් කෝටි දෙක තුන වැය කර සැප වාහන ගෙන් වූ අයුරු මේ රටේ ජනතාව දනී. ඉන්ධන සඳහා පිරිවැය අධික යෑයි කියන ආණ්‌ඩුව අග නගරයේ පොදු මංමාවත් වසා දමා අධික ලෙස ඉන්ධන වැය වන මෝටර් රථ තරගාවලි පැවැත්වූ අයුරු මේ රටේ ජනතාවට අමතක නැත. මේවායින් පැහැදිලි වන්නේ රාජපක්‍ෂ ආණ්‌ඩුවට ඇත්තේ 'කක්‌කුටු ගමන' කට සමාන ආර්ථික දර්ශනයක්‌ බවය.

    2008 පාර්ලිමේන්තු විවාදයකදී හෙළිදරව් වූ කාරණයක්‌ වූයේ එවකට සිටි ජාතිය ගොඩනැඟීමේ ඇමැතිවරුන් 6 දෙනා විසින් වාහන 43 ක්‌ පාවිච්චි කරන බවත්, එම වාහනවලින් නවයක්‌ කුලී පදනම මත ලබාගත් ඒවා බවත් ය. ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යාංශය අද නැතත් අද සිටින ඇමැතිවරුන්ගේ වාහන පාවිච්චිය පිළිබඳ උපකල්පනයක්‌ කිරීමට මෙය ප්‍රමාණවත් ය. රජයේ අමාත්‍යාංශයකට ගියහොත් ගාල් කොට ඇති වාහන ප්‍රමාණය කොතරම් ද යන්න දැකගත හැක. අමාත්‍යාංශ ලේකම්වරයාගේ පටන් මාධ්‍ය ලේකම් දක්‌වා වාහන කීයක්‌ පාවිච්චි කරනවාද යන්න ඉලක්‌කම්වලින් කිවයුතු නොවේ. රුපියල් 7500 කින් මාසයක්‌ ජීවත්වන කලාව ගැන ජනතාවට ටියුෂන් දෙමින් යන අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධනගෙන් උපදෙසක්‌ ගත්තේ නම් ආණ්‌ඩුවේ වාහන හා ඉන්ධන වියදම අඩු කරන්නේ කෙසේ දැයි විසඳුමක්‌ සොයාගත හැකි වනු ඇත. ඇමැති බන්ධුල කරන්නේ කටමැත දෙඩවීමක්‌ කියා නම් ආණ්‌ඩුව හිතන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පසුගියදා ආණ්‌ඩුවෙන් කළ ඉල්ලීම ගැන සලකා බැලීමක්‌ වත් කළහොත් යෙහෙකැයි අපට සිතේ. මන්ත්‍රී අර්ජුන රණතුංග කියා සිටින්නේ පොදු ජනතාව ආදර්ශයට ගනිමින් මැති ඇමැතිවරුන් ද තම තමන්ගේ ජල, විදුලි හා දුරකථන බිල්පත් පෞද්ගලික වැටුපෙන් ගෙවිය යුතු බවට නීතියක්‌ පනවන්න කියා ය. ආණ්‌ඩුවට එබඳු නීතියක්‌ වත් පනවන්නට හැකි නම් රටේ නීතිය දේශපාලනීකරණය කරනවා යන චෝදනාවෙන් යම් පමණකට හෝ මිදීමට එය අවස්‌ථාවක්‌ වනු ඇතැයි අපි යෝජනා කරමු.

    මෝටර් රථ ආනයන බදු ඉහළ දමා මෝඩ කළමනාකරණ තීන්දු ගන්නා ආණ්‌ඩුව මෝටර් රථ ලියාපදිංචියේදී සිදුවන බරපතළ අක්‍රමිකතා හේතුවෙන් ජාතික ආදායමට අහිමි වී යන මුදල් ප්‍රමාණය කොතරම් දැයි තක්‌සේරුවක්‌ කර නැති බව අපි දනිමු. මේ ලියුම්කරු විසින්ම 2007 වර්ෂයේදී එබඳු දූෂණ වංචා කීපයක්‌ හෙළිදරව් කරන ලදී. මෝටර් රථ ලියාපදිංචිය සඳහා වන රජයේ ගාස්‌තු නොගෙවා කෝටි ගණන් වටිනා වාහන මහපාරට එන අයුරු ඉන් හෙළිකෙරිණි. එවක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු වූ එම දූෂණ වංචා පිළිබඳ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විමසීම් කළත්, අදටත් ඒ සම්බන්ධයෙන් සිදු වූ පරීක්‍ෂණයක්‌ හෝ නැත. පාරට බැස බැලුවොත් අති නවීන සුඛෝපභෝගී වාහනවල පැරැණි වාහන ඛාණ්‌ඩ අංක දැකිය හැක. මෙය සිදුවිය නොහැක්‌කක්‌ වුවද අදට ද එය සිදුවෙමින් පවතින්නකි. එබඳු වාහන ගණනාවක තොරතුරු අනාවරණය කර ගෙන තිබුණත් මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් පියවරක්‌ නොගැනීමෙන් පැහැදිලි වන්නේ ඒ දූෂණ, වංචාව, අපරාධය අදත් සියලු ආශිර්වාද මැද සිදුවන බව නොවේද? එදා ඒ අපරාධය සිදු වුණේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌වරයාට හා නියෝජ්‍ය කොමසාරිස්‌වරයාට පමණක්‌ සීමා වූ පරිගණක රහස්‌ යෙදුම භාවිත කරමින් ඉතා සූක්‍ෂම ලෙස අදාළ වාහනවල දත්ත වෙනස්‌ කිරීමෙනි. එසේ දත්ත වෙනස්‌ කර ලියාපදිංචි කිරීමේ අරමුණ වූයේ රුපියල් ලක්‍ෂ 50 ක්‌ වටිනා වාහනයකින් රජයට අයවිය යුතු ගාස්‌තු ප්‍රතිශතය රුපියල් ලක්‍ෂ 10 - 15 ක පමණ වන වාහනයකින් අයවන ප්‍රමාණය ගෙවන්නටය. රජයේ දෙපාර්තමේන්තු, තානාපති කාර්යාල ඇතුළු ආයතනවලින් පාවිච්චියෙන් ඉවත් කරන ලද වාහනවල තොරතුරු නවීනතම වාහනවල තොරතුරු ලෙස ඇතුළත් කොට රටට කෝටි ගණනක්‌ අහිමි කළ මේ ජාතික අපරාධය අදත් සිදු නොවෙතැයි කිව නොහැක්‌කේ කාටද? රුපියල් ලක්‍ෂ 60 ක්‌ - 70 ක්‌ පමණ වටිනා අධි සුඛෝපභෝගී වාහන වංචනික ලෙස ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් ලක්‍ෂ 70 ක්‌, 80 ක්‌ පමණ වන තීරුබදු ද, අධි සුඛෝපභෝගී බදු ආදායම හා ලියාපදිංචි ගාස්‌තු ද රජයට අහිමි වෙයි.

    රාජ්‍ය සංස්‌ථා දෙපාර්තමේන්තුවල සාමාන්‍ය රාජකාරි කාලය පෙරවරු 8.30 පස්‌වරු 4.30 වුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි අංශය පමණක්‌ පස්‌වරු 6.00 දක්‌වා රාජකාරි කටයුතු සිදුවෙයි. ඒ වැඩි පැය ගණනක්‌ වැඩ කර කාර්යක්‍ෂම සේවයක්‌ සැපයීමට කරන කැප කිරීමක්‌ නම් වාහනයක්‌ ලියාපදිංචි කිරීම සඳහා සාමාන්‍ය පුද්ගලයකුට දහදොළොස්‌ වතාවක්‌ රස්‌තියාදු වන්නට වන්නේ මන්දැයි නොදනිමු. එහෙයින් බදු දමා ජනතාව පීඩාවට පත් කිරීමට ප්‍රථම රජයට ලැබිය යුතු ආදායම් උපරිම කාර්යක්‍ෂමතාවෙන් යුතුව ලබාගත හැකි වැඩපිළිවෙළක්‌ ඇති කිරීම රජය ජනතාව හමුවේ අප්‍රසාදයට පත් නොවීමට ද හේතුවක්‌ වනු ඇත.

    මෝටර් රථ සම්බන්ධයෙන් පමණක්‌ නොව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ සම්බන්ධයෙන් ද නිවැරැදි ආර්ථික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමට ආණ්‌ඩුව අපොහොසත් වීම නිසා ජනතාව විඳින පීඩා දින දින ඉහළ යමින් පවතී. උදාහරණයක්‌ ලෙස හාල්, සීනි, පරිප්පු බඳු ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක්‌ අවධානය යොමු කරන රජය ඇසුරුම් ගත කරන ලද ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සොයාබැලීමක්‌ කරන්නේ නැත. මේ නිසා සෝයා මීට්‌, බිස්‌කට්‌ වර්ග, පිටි වර්ග, බටර්, මාගරින් ඇතුළු කිරි ආහාර වර්ග ආදිය සතියකට වරක්‌වත් මිල ඉහළ යන්නේ රුපියල් දහයකට ඉහළ අගයන් වලිනි. එසේම පාන් ඇතුළු තිරිඟු පිටි නිෂ්පාදනවලට නිශ්චිත මිලක්‌ ඇත්තේම නැත. බේකරි නිෂ්පාදකයන් තමන්ට හිතෙන හිතෙන අයුරින් එම ආහාර ද්‍රව්‍යවලට මිල නියම කිරීම අද සාමාන්‍ය තත්ත්වයකි. මේ හැම සොයා බලන්නට පාරිභෝගික සේවා අධිකාරියක්‌ තිබෙනවාද යන්නවත් දන්නා අයෙක්‌ නැත. රජය මෙබඳු අක්‍රමිකතාවලට මැදිහත්වී පැහැදිලි විසඳුම් නොදීමෙන් සිදුවන්නේ පරිභෝජනය අවම වී ජනතාවගේ ජීවන තත්ත්වය පහළ යැමයි.

    එහෙයින් බදු සහ ණය මත බලාපොරාත්තු තබන ආර්ථික දර්ශනයකට වඩා ආයෝජන දිරිමත් කර නිෂ්පාදනය ඉහළ නංවන ආර්ථික දර්ශනයකට මේ රජය වහ වහා මාරු වියයුතුව ඇත. එසේ නොවුණහොත් සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයටත් වඩා දරුණු අර්බුදයකින් රට පරිහානියට යැම පමණ ය.

    ලිපිය ලිව්වේ: නිරෝෂන් හැඳලගේ

    උපුටා ගැනීම: දිවයින පුවත් පත ඇසුරිණි www.divaina.com/2012/04/06/feature01.html
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    රජගෙදර කකුස්සි අදින සක්කිලියොන්ට මේවා ප්‍රස්නයක් නැත
    මුන් ජාතක වෙලා තියෙන්නේ ඒ කකුස්සි වලදීය:angry::angry::angry::angry::angry:

    දැන් ඉතින් කාගේ හරි බොටුව මිරිකලා ගාන හොයන්න ඕන
    පරිසර දුෂණය අවම කරන්න වෙන්නැති හයිබ්‍රිඩ් වලත් ටැක්ස් එක 100% කින් ඉහල දැම්මේ
    අනේ මේවගේ ආර්ථිකේ හසුරන මිමෝ ටිකක්
    තුක් නොදකින් මේවග කාල කන්නි රටක්
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sri Lankan reality :(

    :dull:

    ayet chande deepan, yudde iwara kera ne.... my ass

    :yes::yes::P

    http://www.elakiri.com/forum/showthread.php?t=1398674#
    රජගෙදර කකුස්සි අදින සක්කිලියොන්ට මේවා ප්‍රස්නයක් නැත
    මුන් ජාතක වෙලා තියෙන්නේ ඒ කකුස්සි වලදීය:angry::angry::angry::angry::angry:

    දැන් ඉතින් කාගේ හරි බොටුව මිරිකලා ගාන හොයන්න ඕන
    පරිසර දුෂණය අවම කරන්න වෙන්නැති හයිබ්‍රිඩ් වලත් ටැක්ස් එක 100% කින් ඉහල දැම්මේ
    අනේ මේවගේ ආර්ථිකේ හසුරන මිමෝ ටිකක්
    තුක් නොදකින් මේවග කාල කන්නි රටක්

    :shocked::rofl::baffled:
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    Me me mallilaaa ape mamata mukut kiyanna epaa hariiida , api dan karanne angatha parapura wenuwen electricity eka itthuru karana eka,nathuwa bankrupt wela nam nemiii , 2500 jeewath wenna bari kawru hari innwada aaaaa????:lol::lol::lol::lol: , ape rata dan swaym poshitahiiiiiiiii:cool::cool: , api obamatat padamkkk ugannala inneee , balanna rata develop wela thiyana hatiii , dan api dan tourist la gennan plan karan innne Uganda walin , jeneva wala apita support karapu ratawal walin withraii , US ,UK api rupiyalakata maiymmm karanneee naaaaaa:frown::frown::frown: , elakirieke enna deshadrhiiinn kwadaa aaa ??? ,mallilata me development eka penne naddaa?????? government eka ciga n liquor wlata tax wadii kale government ekata salli natuwa nemiii , mewayen ena tax eken ena income eka ape namal babyta 1 month jeewath wenna madiii, government eka minissu gana hitala mewa karanne , rata gana hithala :lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool:
     
    Me me mallilaaa ape mamata mukut kiyanna epaa hariiida , api dan karanne angatha parapura wenuwen electricity eka itthuru karana eka,nathuwa bankrupt wela nam nemiii , 2500 jeewath wenna bari kawru hari innwada aaaaa????:lol::lol::lol::lol: , ape rata dan swaym poshitahiiiiiiiii:cool::cool: , api obamatat padamkkk ugannala inneee , balanna rata develop wela thiyana hatiii , dan api dan tourist la gennan plan karan innne Uganda walin , jeneva wala apita support karapu ratawal walin withraii , US ,UK api rupiyalakata maiymmm karanneee naaaaaa:frown::frown::frown: , elakirieke enna deshadrhiiinn kwadaa aaa ??? ,mallilata me development eka penne naddaa?????? government eka ciga n liquor wlata tax wadii kale government ekata salli natuwa nemiii , mewayen ena tax eken ena income eka ape namal babyta 1 month jeewath wenna madiii, government eka minissu gana hitala mewa karanne , rata gana hithala :lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool:

    meka koleka liyala 2ta nawala gahaganin puke..
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18

    රජගෙදර කකුස්සි අදින සක්කිලියොන්ට මේවා ප්‍රස්නයක් නැත
    මුන් ජාතක වෙලා තියෙන්නේ ඒ කකුස්සි වලදීය:angry::angry::angry::angry::angry:

    දැන් ඉතින් කාගේ හරි බොටුව මිරිකලා ගාන හොයන්න ඕන
    පරිසර දුෂණය අවම කරන්න වෙන්නැති හයිබ්‍රිඩ් වලත් ටැක්ස් එක 100% කින් ඉහල දැම්මේ
    අනේ මේවගේ ආර්ථිකේ හසුරන මිමෝ ටිකක්
    තුක් නොදකින් මේවග කාල කන්නි රටක්

    aha aha malli mokakda tiyana qualifications economic eka gana kathaa karanna , arrthika widyawata degree ekak thiyanwada???????:dull::dull::dull: , owa therenne arthika widyawata degree ekak thiyana ayta withraiiiiiii :rofl::rofl:, Bandula mama kiyanne eyage 40yers experience walinn , hybrid cars wala tax wadi kalee accidents adu karanna ,wahanyak gattata driving karanna danne naanee :lol::lol: Environment pollution eka adu karanna thamii electricity eka parisam karanna kiyannee ,apita India wlata unath electricity denna puluwan dan , api denne natthee Environment pollution eka adu karagannaa:P:P:P