නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය New Mark System for License

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය New Mark System for License

    නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය

    vehicle-dashboard.jpg

    නව නීතිය යටතේ හැම අවරුදු 2කට වරක්ම රියදුරු බලපත්‍රය අලුත් කර ගන්නට සිදුවේ. වසර 2ක් අවසානයේ ලබා ඇති ලකුණු ප්‍රමාණය 18 ට අඩු නම් මේ ආකාරයෙන් රියදුරු බලපත්‍රය අලුත් කිරීමක් අවශ්‍ය නොවේ . ලකුණු 18-23 ත් අතර නම් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය ඇතුව ඔබගේ රියරුදු බලපත්‍රය අලුත් කිරීමට සිදුවේ. ලබා ඇති ලකුණු ප්‍රමාණය 23 ඉක්මවන්නේනම් වර්ෂයක කාලසීමාවක් සඳහා ඔබගේ රියරුදු බලපත්‍රය නව නීතිය යටතේ අත්හිටවනු ඇත ...පසුව අදාල දඩ මුදල් පියව නැවත බලපත්‍ර ලබාගැනීමට සිදු වනවා ඇත ..

    මෙම නව නීතිය 1951 මෝටර් රථ ප්‍රවාහන පනතේ 203 වැනි අධිකාරිය යටතේ (1981 සංශෝධිත) යටතේ මෙම ලකුණු ක්‍රමය හඳුන්වා දී ඇත .. මෙමගින් පොලිසිවල රථවාහන අංශ මගින් එක් එක් රියදුරන්ට අදාලව එම ආකෘති පත්‍ර පුරවා සෑම මසකම 10 වෙනිදට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වන්නේය ..

    මෙය සම්බන්ධව කිසිදු දැනුවත් කිරීමක් තවමත් පොලිසිය වෙත දැනුම් දීමක් නොකර ඇති බවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ . නමුත් ප්‍රයෝගිකව තාවකාලික ආකෘති පත්‍ර හරහා මෙය ඉතා දුෂ්කර කාර්යක් බව පිලි ගන්නා එම දෙපාර්තමේන්තුව..දිගුකාලීනව මෙම කාර්යය සිදුකිරීම සඳහා නව බලපත්‍රයේ ඇති සිම් පත උපයෝගී කරමින් ලකුණු ගණනය කිරීමට තමුන් පහසු කම් සලසන බව ප්‍රකාශ කර සිටී .. නමුත් සෑම පොලිස් නිලධාරියාටම මෙම යන්ත්‍ර ලබා දීම ද ගැටළුවක් බව දෙපාර්තමේන්තුව පවසා සිටී .. නැතහොත් වැරැද්ද කල පුද්ගලයාව පොලිසියට ගෙනගොස් ලකුණු සටහන් කිරීමට සිදුවේ .. මෙය පොලිසියට අනවශ්‍ය බලයක් ලබාදීමක් බව උසස් පොලිස් නිලධාරින් පවසා සිටී ..​

    (මව්බිම පුවත් පතෙහි පුවතක් මා විසින් ලඝු කොට ඉදිරිපත් කලෙමි )
    වැඩි විස්තර සඳහා 01-04-2012 මව්බිම බලන්න

    රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු

    අනතුරක් වැලක්වීමට උත්සාහ නොකිරීම - දඬුවම් ලකුණු 06
    අවදානම් සහගත තැන්වල වේගයෙන් ධාවනය - දඬුවම් ලකුණු 08
    අධිවේගී මාර්ගයේ නොසැලිකිලිමත් ධාවනය - දඬුවම් ලකුණු 08
    අනතුරක් සිදුවූ පසු නොනැවතී ධාවනය - දඬුවම් ලකුණු 10
    අනතුරක් සිදුවූ පසු ලඟම පොලිසියට දන්වා නොතිබීම - දඬුවම් ලකුණු 10
    වේග සීමාව අබිභවා ධාවනය - දඬුවම් ලකුණු 06
    පාරේ වම්තීරුවෙන් ධාවනය නොකිරීම - දඬුවම් ලකුණු 02
    මාර්ගය පැහැදිලි නැති තැනකදී වැරදි ලෙස ඉස්සර කිරීම 0 - දඬුවම් ලකුණු 06
    වැරදි පැත්තෙන් ඉස්සර කිරීම - දඬුවම් ලකුණු 04
    දකුණුපස වාහනයට ඉඩ නොදීම - දඬුවම් ලකුණු 04
    අහේතුවකට අධිවේගී මාර්ගයේ දිගු දුරක් පසුපස පැදවීම - දඬුවම් ලකුණු 04
    මාර්ග සලකුණු නොසලකා හැරීම - දඬුවම් ලකුණු 06
    පොලිස් සලකුණු දැක්වීම් හා වාචික විධාන නොසලකාහැරීම - දඬුවම් ලකුණු 06
    නියමිත පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය - දඬුවම් ලකුණු 06
    නියමිත ශබ්දයට වඩා හඬ නගන වාහන - දඬුවම් ලකුණු 06
    තහනම් තැන් වල නලා ශබ්ද කිරීම - දඬුවම් ලකුණු 06
    පුද්ගලයෙකුට, මාර්ගයකට හෝ වාහනයකට හානිකර ප්‍රමිතියකින් තොර වාහන ධාවනය - දඬුවම් ලකුණු 10
    ආසන ආරක්ෂක පටි නොපැලන්දීම - දඬුවම් ලකුණු 03
    වංගු දිත්ව ඉරි ආදී තහනම් තැන් වලවාහන ඉස්සර කිරීම - දඬුවම් ලකුණු 04
    කහ ඉරි අසල වාහන නැවත්වීමට අසමත් වීම - දඬුවම් ලකුණු 06
    හෙල්මට් නොමැතිව යතුරු පැදි පැදවීම - දඬුවම් ලකුණු 04
    ජංගම දුරකථන ආදී උපකරණ පරිහරණය කරමින් වාහන ධාවනය - දඬුවම් ලකුණු 04
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජ්‍යාමිතික ක්‍රමයට ලකුණු එකතු නොකෙරේවා :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක මහ කුණුහරප ක්‍රමයක්නේ.. ඉස්සෙල්ලා මේවට හරියන පහසුකම් සපයන්න ඕනේ... මුං කරොත් කරන්නේ ඔය ව්අගේ වැඩක් තමයි...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අපෝ ඔය අලුත් ලයිසන් ලබ්බ ගන්න කාපු කට්ටක්,:angry: මෙඩිකල් කියලා ටී ෂර්ට් ගලවලා උඩ පනින්නත් උනා. :lol:
    එත් අපිට කිව්වේ අවුරුදු 8 කින් අලුත් කරන්න කියලා, බර වාහන නම් අවුරුදු 4යි, :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජ්‍යාමිතික ක්‍රමයට ලකුණු එකතු නොකෙරේවා :(

    මේක මහ කුණුහරප ක්‍රමයක්නේ.. ඉස්සෙල්ලා මේවට හරියන පහසුකම් සපයන්න ඕනේ... මුං කරොත් කරන්නේ ඔය ව්අගේ වැඩක් තමයි...

    nohithalawath waradak karala amarai ban :( ane mada ... :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තව 45 ට වැඩි අයට ලයිසොන් දෙන්නෙත් නෑලු..තරි අංකල් පව්...:(:(
    ඔන්න ලකුණු..5+
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපෝ ඔය අලුත් ලයිසන් ලබ්බ ගන්න කාපු කට්ටක්,:angry: මෙඩිකල් කියලා ටී ෂර්ට් ගලවලා උඩ පනින්නත් උනා. :lol:
    එත් අපිට කිව්වේ අවුරුදු 8 කින් අලුත් කරන්න කියලා, බර වාහන නම් අවුරුදු 4යි, :dull:

    අපිත් එතන බොඩි බිල්ඩින් දර්ශනයක් පෙන්නුවා ලේඩි ඩොක්ටර්ට:(:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව 45 ට වැඩි අයට ලයිසොන් දෙන්නෙත් නෑලු..තරි අංකල් පව්...:(:(
    ඔන්න ලකුණු..5+

    :angry: katada badoo 45 ?

    :rofl::rofl:

    balapan malli mala hath ilawwai dan wahana gannath naa thiyena ewwa elawannath dahasak neethi :dull:
     
    • Like
    Reactions: lag8777

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අපිත් එතන බොඩි බිල්ඩින් දර්ශනයක් පෙන්නුවා ලේඩි ඩොක්ටර්ට:(:eek:

    ඔවු බන් අපි ගියාමත් හිටියේ ලේඩි ඩොකෙක් තමයි, එතන එහෙම් පිටින්ම සරඹ සංදර්ශනයක් පෙන්නුවා :lol::lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔවු බන් අපි ගියාමත් හිටියේ ලේඩි ඩොකෙක් තමයි, එතන එහෙම් පිටින්ම සරඹ සංදර්ශනයක් පෙන්නුවා :lol::lol:

    ඔය වයසක ඇගක් නැති එවුන් වහන් ඉන්නවා :sorry:
    ඇග තියෙන එවුන් ඇක්ෂන් දානවා:P
    අපිත් මසල්ස් නැතත් ඇක්ෂන් දාදා හිටියා:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    nohithalawath waradak karala amarai ban :( ane mada ... :sorry:

    මට පේන්නේ මේක ආණ්ඩුවේ ලොකු සැලස්මක මිනිස්සුන්ග සෞඛ්‍ය තත්වය නගා සිටවන්න... වාහන ගෙන්න එක අඩු කරනවා... තෙල් වැඩි කරනවා.. වාහන එලවන උන්ට දඩ ගහනවා.. බස් ගාස්ති වැඩි කරනවා.. එතකොට මිනිස්සු පයින් යනවා... එතකොට නිකන්ම ලෙඩ අඩුවෙනවා...:P
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :angry: katada badoo 45 ?

    :rofl::rofl:

    balapan malli mala hath ilawwai dan wahana gannath naa thiyena ewwa elawannath dahasak neethi :dull:

    මචෝ මේවා හින්දා පොලිසිය වැඩියෙන් ජරාව ඉල්ලයි නේද
    500 මදි වෙයිද මන්දා:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: katada badoo 45 ?

    :rofl::rofl:

    balapan malli mala hath ilawwai dan wahana gannath naa thiyena ewwa elawannath dahasak neethi :dull:

    ඒ වුනාට මේ ක්‍රමේ හොඳයි අපේ උන් එලවන හැටියට..:yes::yes:
    විශේෂයෙන් බස් කාරයෝ සහ ත්‍රීවීල් කාරයෝ..:angry::angry:
    අනික වමට හරවන්න කිව්වම දකුණට හරවල වටරව්ම් වල කැරකෙන අයටත් හොඳයි...:P:P:rofl::rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :angry: katada badoo 45 ?

    :rofl::rofl:

    balapan malli mala hath ilawwai dan wahana gannath naa thiyena ewwa elawannath dahasak neethi :dull:

    එක අතකින් ඒවා දාපු එකත් හොඳයි :dull::dull: උබත් එක්ක යනකොට ඉතින් චීත්ත කෑල්ලක් දැක්කොත් ඇහේ පොට යනකම් හරව හරව බලනවා, මුළු කාර් එකේම කුඹි මූ හලන පැණි වලට :lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ ඔය අලුත් ලයිසන් ලබ්බ ගන්න කාපු කට්ටක්,:angry: මෙඩිකල් කියලා ටී ෂර්ට් ගලවලා උඩ පනින්නත් උනා. :lol:
    එත් අපිට කිව්වේ අවුරුදු 8 කින් අලුත් කරන්න කියලා, බර වාහන නම් අවුරුදු 4යි, :dull:

    honda welawata api kalin gaththe :lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒ වුනාට මේ ක්‍රමේ හොඳයි අපේ උන් එලවන හැටියට..:yes::yes:
    විශේෂයෙන් බස් කාරයෝ සහ ත්‍රීවීල් කාරයෝ..:angry::angry:
    අනික වමට හරවන්න කිව්වම දකුණට හරවල වටරව්ම් වල කැරකෙන අයටත් හොඳයි...:P:P:rofl::rofl:

    ඇයි පොලිස් කාරයන්ට පට්ට සැප
    කලින් නම් දඩ කාලා හරි ෂේප් වෙන්න පුලුවන් ජරාව නොදි
    දැන් කොහොමත් ජරාව දෙන්න වෙනවානේ