විල්පත්තුව අභය භූමියේ දිනක්......

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
විල්පත්තුව අභය භූමියේ දිනක්......

පෙරේදා, ඒ කියන්න අවුරුදු දා දවල් මගෙ යාලුවෙක් එක්ක පොඩ්ඩක් සෙට් උනා. ඒ වෙලවෙ එයා ඇහැව්ව හෙට, ඒ කියන්න 15 වෙනිදා විල්පත්තු ගිහින් එමුද කියල. මොකද එයාගෙ අනිත් පවුලෙ කට්ටිය දින 3 ක විල්පත්තු සන්චාරයක් සදහා ඒ වෙනකොට ගිහින් හිටිය.

මමත් එක පයින් හා කියල සීදුවෙ ඉන්න තවත් අපේ යාලුවෙක් වත් ගමනට සෙට් කරගත්ත. 14 වෙනිද හවස පටන්ගත්ත වැස්ස පහුවෙනිදා උදේ 5.30 ට විතර අපි කොළබින් පිටත් වෙනකොටත් තිබුනා. සීදුවෙන් අනිත් යාලුවවත් අරගෙන කොළබ - පුත්තලම පාරෙන් විල්පත්තු බලා මගෙ යාලුව එක පිම්මෙ වහනෙ එලෙව්ව. මගදි මුන්දලම හරියෙ පොඩි තේ කඩයක නවත්තල උදේ කැම ගත්ත. කොහොම හරි උදේ 8.30 විතර වෙනකොට අපි විල්පත්තු වනජීවී කර්යාලෙ ගාවට ආව.

විල්පත්තු වනජීවී කර්යාලෙන් සුපුරුදු විදිහට අවසර පත් අරගෙන අපි ඇතුලට පිවිසුනා. එතකොට වැස්ස තරමක් අඩු කරල තිබුනෙ. ඒත් ඇතුලෙ මාර්ග වාරිමාර්ග වගෙ වතුර පිරිල. කොහොමින් කොහොම හරි අපි මරඩන්මඩුව ප්‍රදේශයට ඇවිත් මරඩන්මඩුව වැව ලග ටිකක් ගිමන් ඇරිය.

මෙක තමයි අපි ගිය වාහනය.​

img0012yd.jpg

මරඩන්මඩුව වැව ලග

img0026bn.jpg


img0076kvn.jpg

මෙයාට කියන්නෙ Tank Eagle/White Bellied Sea Eagle කියල

මිනිත්තු කිහිපයක් ගිමන් ඇරල අපි ආයෙත් චාරිකාව පටන් ගත්ත. මගක් දුර යනකොට මෙයා පාර අයිනෙ හිටිය.
img0074qd.jpg

මෙයාට කියන්නෙ "කිරල" කියල. ඉන්ග්‍රිසියෙන් Red-wattled Lapwing කියල කියනව. මේ වර්ගෙම තවත් කෙනෙක් ඉන්නව ඇහැ වටෙයි, හොට ලගයි කහ පාට තියන. එයාලට කියන්නෙ Yellow-wattled Lapwing කියල. මේ දෙගොල්ලොවම නම් ඕනතරම් දකල ඇති.

ඒ අසලම තමයි මෙයත් හිටියෙ
img0061yg.jpg

මෙයාට කියන්නෙ "ගොලු කිරල" කියල. ඉන්ග්‍රිසියෙන් Grate Stone Plover කියල කියනව.

ඒ අසලම කිරිල්ලී බිත්තර රකිනව
img0067gl.jpg


මෙයත් හිටියෙ ඒ අසල තිබුනු දිය කඩිත්තෙ
img0072ep.jpg

මෙයාට තවම සින්හල නමක් නැහැ. ඉන්ග්‍රිසියෙන් Terek Sandpipier කියල කියනව.

ඒ වෙනකොට උදේ 10.30 - 11.00 විතර ඇති. එකපාරටම වැස්සක් කඩා පාත් වුන. අපි අපේ යාලුවගෙ කට්ටිය හිටපු බන්ගලාවට ගිය. යන අතරෙ තමයි මේ පින්තූරෙ ගත්තෙ.
img0037ghj.jpg

මේ පින්තූරෙ තියන විශේෂත්වය තමයි අන් තට්ටුවෙ තියන වෙල්වට් ගතිය. මෙහෙම වෙන්නෙ පරන අන් වැටිල අලුතින් අන් ලියලපුවහම. ටික දවසකින් ඕක හම යනව වගේ ගැලවිල යනව.

වැස්සෙ කරන්න දෙයක් නැති හින්දා පිරිමි පාර්ශවය හීනියට අඩියක් ගහල දවල්ට හොදට සප්පායම් වෙලා පැයක් දෙකක් පොඩි නින්දක් දාල වැස්සෙම හවස 6.00 ට විතර කොළබ එන්න පිටත් වුනා. රැ 8.30 - 9.00 වගෙ වෙනකොට අපි කොලබට ආව.

img0016ht.jpg

කොමෙන්ටුවක් දාලම යන්න