Love_Failure

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ආදරය,ප්‍රේමය,ආලය මේ හැමදෙකින්ම අඟවන්නේ එකමදේද නැත්නම් වෙනත් දෙවල්ද කියල මටනම් තේරෙන්නේ නැහැ.එත් ඒ හැඟීමට මම ගොඩක් කැමති:love:.මගේ ජිවිතේ අදටත් තියෙන්න එකම එක ලස්සන ආදරයක්,එහි ඇරඹුම ඇත්තේ අපේ දිවියේ සුන්දර මතක සැමරුම් තිබෙන පාසල් කාලයේ.දැන්නම් අවුරුදු 23ක් පාසලින් ඉවත්වෙලත් අවුරුදු 4 ක් වෙනවා.මම කියන්න ඕන දේ නෙමේනෙ කියන්නේ,ඔන්න එහෙනම් කියන්න ආව දේ දැන් කියන්නම්,මම ළඟදි බලපු ලස්සන සිනමා සිත්තමක් ගැන ඔයාලටත් කියන්න හිතුවා.

    මම මුලින් කිවුවා වගේ පාසල් (විශ්ව විද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන මෙවත් ඇතුලුව ) ප්‍රේමය ගැන තමා මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ.කතාවේ තියෙන්නේ විශ්ව විද්‍යාලයක පෙම්වතුන් දෙදෙනෙක් හා ඔවුන්ගේ මිතුරන්, පවුල් පිළිබඳ කතාවක්.පාසල් (විශ්ව විද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන) ප්‍රේමයක් තිබුන කෙනෙක්ට මේක බලද්දි තමන් කරපු කියපු දේවල් අනිවා මතක් වේවි.මම එහෙම කිවුවේ මට නම් මේක බලද්දි මම කරපු කියපු ගොඩක් දෙවල් මතකෙට ආවා.

    මුලින්ම මේ විඩියෝ එක බලලා ඉන්නකො..



    චිත්‍රපටයේ නම Kadhalil Sodhappuvadhu Yeppadi (English- How To Mess Up In Love).මේක දෙමළ,තෙළිඟු (Love Failure),කන්නඩ (Love Failure) භාශා වලින් නිපදවෙලා තියෙනවා.

    වැඩිපුර විස්තර http://en.wikipedia.org/wiki/Kadhalil_Sodhappuvadhu_Yeppadi

    ප්‍රධාන චරිත දෙකට ඉන්නේ නියම දෙන්නෙක්

    kadhalil-sodhapuvadu-yeppadi-movie-stills00-4.jpg



    මෙහි අධ්‍යක්ෂනය Balaji Mohan විසින් කරන ලද අතර ඔහුගෙ ප්‍රථම සිනමා සිත්තම මෙයයි.මෙහි කෙටි චිත්‍රපටයක් ඔහු විසින් මීට පෙර නිපදවා තිබේ,එය පහතින් නරඹන්න



    විශේෂයෙන්ම සඳහන් කල යුතු වෙන්නේ අනෙක් දෙමළ චිත්‍රපටවල සිටින විහිළුකාරයන්,පොලිස්කාරයන්,මැරයන්,100 එකපාර කෙලින්න පුළුවන් වීරයන්,ගස් වටේ ලවු කරන,ඇඟපත හොඳට පෙන්වන දර්ශන මෙහි නැත.විහිලුවක් වුවද තැනට ගැලපෙන්න යොදාගෙන ඇත.දෙමළවලට අකමැති වුවත් මෙය නරඹන ලෙස මම ඔබට ඇරයුම් කරන්නෙමි.මෙහි හොඳ පිටපතක් නිකුත් වී තිබුනත් english උපසිරස ගොනුවක් සොයගැනීමට තවමත් නොහැකි විය.දෙමළ යම්තාක් දුරකට හෝ තේරුම් ගන්න පුළුවන්නම් මෙය නැරඹිම ඔබට පහසු වෙනුඇත.උපසිරස ගොනුවක් සොයගැනීමට හැකිවුවහොත් මෙතැන පළකරනමෙන් ඉල්ලා සිටිමි.

    බාගන්න

    http://1337x.org/torrent/316479/0/

    http://thepiratebay.se/torrent/7110...vadhu_Yeppadi_(2012)_DVDRip.Lotus.Xvid-Desman

    මෙහි අඩංගු ලස්සන සිංදුවක්



    බලලා හොඳ නරකත් කියලම යන්න,මම මේ thread එකේම ආදරය ගැන කියැවෙන සිනමා සිත්තම් ගැන විස්තර ඉදිරියටත් දාන්නම්,ඔයාලා බලලා තියෙන ඒවත් මෙතනම සඳහන් කරන්න.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    thx ban

    mage love eka after 4 1/2 years :( iwara una...... :(

    :(දුක් වෙන්න එපා මචන්,අපෙන් යන්න තියෙන දෙයක් අනිවා යනවා,හැබැයි ඊට වැඩිය හොඳ එකක් අනිවා ලැබෙනවා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Mayakkam Enna 2011

    430110_3017021158820_1661340669_2646655_1533513766_n.jpg



    ඔන්න එහෙනම් දෙවෙනි චිත්‍රපටයත් දෙන්න යන්නේ,මේකනම් ඇවිල්ලා ටිකක් කල් .හරියටම කිවුවොත් 2011 නොවැම්බර් 25 තමා මේක නිකුත් වුනේ.කොලවරි ඩී ගීතය ගායනා කල ධනුශ් තමා මෙහි ප්‍රධාන භූමිකාව වන කාර්තික් චරිතයට පණපොවන්නේ.මෙහි අධ්‍යක්ෂනය ධනුශ්ගෙ සහෝදරයා වන selvaraghavan විසිනි.උඩින් දාලා තියෙන පින්තූරය හැදුවේ මම,ඒ facebook timeline එකේ cover photo එක සඳහා.

    මුලින්ම මේ වීඩියෝව බලාලා ඉන්නකො



    mayakkam-enna-stills-4.jpg




    මෙහි වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වීමට ආසාවෙන්න ඉන්න තරුණයෙකු,ඔහුටම හරියන මිතුරන්,හොඳම මිතුරගේ පෙම්වතිය,විවාහ ජීවිතය වටා යන ලස්සන කථාවක් තමා තියෙන්නේ.කලින් කතාවේ කිවුවා වගේ මෙහි විහිළු කාරයෝ,වලි,වීරයෝ,දුශ්ඨයෝ කවුරුවත් නැහැ.මම කියනවට බලන්න.දෙමළ ගැන යම් අදහසක් තිබ්බොත් මේක තෙරුම් ගන්න පහසු වේවි.මොකද english උපසිරස ගොනුවක් තවම නිකුත් වෙලා නැහැ.සබ් එකක් ලැබුනොත් අපිටත් දෙන්න.මෙහි අඩංගුවෙන ධනුශ් විසින් ගායනා කරන සින්දුව පහතින් බලන්න



    වැඩිපුර තොරතුරු

    http://en.wikipedia.org/wiki/Mayakkam_Enna

    බාගන්න

    http://www.tamilmonster.com/2012/02/mayakkam-enna-tamil-movie-suara-dvd-rip.html

    seed තියෙන ටොරන්ට් එකක් දන්න කෙනෙක් දාන්න.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බලන කෙනෙක් අඩුමගානේ bump එකක්වත් දලා යන්න