"ස්නෝවි"

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    562985_314466431959868_100001895411910_746720_634943716_n.jpg



    දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි විශේශ හයේ කණ්ඩායමක් හමුදා පාලන ප්‍රදේශයේ සැඟව සිටියහ, හදිසි ප්‍රහාරයකින් සැඟව සිටින කොටි සොයා හමුදා මෙහෙයුම් ආරම්බ කලහ.
    --------------------------------------------
    මෙහෙයුම සඳහා විශේශ හැකියාව ඇති ශ්‍රී ලංකා කමාන්ඩෝ බලකායේ සුනඛ අංශයේ "ස්නෝවි" සහ "බොනී" වහාම වැලිඔයට පිටත් කරනු ලැබීය. ස්නෝවිගේ හසුරුවන්නා වූයේ එච්.පී.සම්පත් විරුවායි.
    --------------------------------------------
    පැන ගිය කොටින් දමා ගිය සරමක් සහ තොප්පියක් ස්නෝවිට ඉවකරන්නට දුනි. ස්නෝවි ඉදිරියට වේගයෙන් ඇදෙන්නට විය, සම්පත් විරුවාත් ස්නෝවී සමඟම ඉදිරියට ඇදුනි.සෙබලුන් ඔවුනට පිටුපසින් පැමිණියේය. යාමට හැකිවූයේ මීටර 300ක් පමන දුරකි, එක් වරම නැවතුනි ස්නෝවි ක්ෂනිකයින් පඳුරකට කඩා පැන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසටයි, හමුදාවට හසු වුවහොත් පුපුරවා ගැනීමට අත් බෝම්බයක් අතේ තබා සිටි කුරිරු ත්‍රස්තයා සැනෙකින් එය පුපුරවා හැරියහ.
    --------------------------------------------
    ආදරණීය ස්නෝවි සහ සම්පත් විරුවා දරුණු තුවාල සමග සැනෙකින් ඇද වැටුනි. නැවත නැගිටගත් ස්නෝවි තුවාල පිටින් නැවත ත්‍රස්තයා වෙතට දිවයන්නට විනි, ක්ෂනිකයින් ක්‍රියාත්මක වූ සෙබලුන් වෙඩි තැබීමට තැත් කරද්දී, සම්පත් එපා යයි කෑ ගැසුවේ තමාට වී ඇති දේය කුමක්ද කියා සිතන්නටත් පෙර ආදරණීය ස්නෝවිට වෙඩි වදී යයි බය නිසාය.
    --------------------------------------------
    බරපතල තුවාල ලබා සිටි ආදරණීය සම්පත් විරුවා ගුවන් මගින් අනුරාධපුර රෝහලට ගෙනයන ලදී. කොටි මෙහෙයුම අත හැරදැමූ විරුවන් ස්නෝවි බේර්‍රීමෙ මෙහෙයුම අරබන ලදී. ස්නෝවිට හුස්මගැනීමද මේ වනවිට අපහසු වී තිබුණි, කැබ් රථයකින් අනුරාධපුර පශුවයිද්‍ර වරයා වෙතට ගෙන ගියේ සේලයින්ද ලබා දෙමිනි.ලේ වහනය වැඩි වී තිබෙන නිසා ස්නෝවිට තවත් බරපතල වෙමින් තිබුණි, වහාම ස්නෝවි පේරාදෙනිය පශු වයිද්‍ර පීටයට මාරු කරන ලදී. ඉන්පසු ගිලන් රථයකින් ස්නෝවි පේරදෙනියට ගෙන ආවෙය. ප්‍රතම වරට වෙඩි වැදුණු සුනකයෙකුට ප්‍රතිකාර කිරීමට සියල්ලෝම සූදානමින් සිටියහ. ස්නෝවිට ලේ ලබාදීමට අවෂ්‍යව තිබුණු නිසා ස්නෝවිගේ සහෝදරයා "පෙට්" පේරාදෙනිය රෝහලට ගෙන එන ලදී.ස්නෝවි රෝහලට ගෙනෙන විට "පෙට්" ගෙන් ලේ ලබාගෙන වෙද පීටයේ වයිද්‍ය වරුන් සියල්ලට සූදානම්ව සිටියහ.
    --------------------------------------------
    ස්නෝවි ස්කෑන් කර, එක්ස්ට්‍රේ ගත් විට, බෝම්බ කැබලි 7-8ක් ඇගතුල හමුවිය, සමහර කැබලි පෙනහල්ලද තුවාල කර තිබුණි. වාසනාවන්ත ස්නෝවි ජීවිතය බේරුන ලදී.
    --------------------------------------------
    ජීවිත පරදුවට තබා කල මෙහෙය වෙනුවෙන් ආදරණීය සෙබල සම්පත්ට සහ ස්නෝවි හට රණ වික්‍රම පදක්කම පුදන්නට තරම් කමාන්ඩෝ රෙගිමේන්තුව නිහත මානී විය.
    --------------------------------------------
    මදකට සිතන්න මිතුරනේ, කොටි ත්‍රස්තයන් පලා යන සහ තුවාල ලද ඔවුන්ගේම සෙබලුන් හට වෙඩි තබා ඝාතනය කරද්දී, අපගේ ආදරණීය හමුදාව තිරිසන් සතෙකු පවා බේරීමට කෙතරම් උත්සාහ කර ඇත්ද? එයින්ම ඔවුන් කෙතරම් උතුම් විරුවන්ද කියා අපිට අමුතුවෙන් කිව යුතු නැත.
    --------------------------------------------
    ශ්‍රී ලන්කා ඉතිහාසයේ මෙවැනි වීරක්‍රියාවක් කල ස්නෝවි ලෝක ඉතිහාස ගත විය.
    ස්නෝවී කර ඇති මෙහෙය බොහෝය, ඒවා වෙනම දිනක මා ඔබ වෙත ගෙන එන්නම් මිතුරනේ.
    --------------------------------------------
    ආදරණීය ස්නෝවි, සුනඛයෙකු නිසා නලලට අත තබා ආචාර කිරීම වරදක්ද යයි මා නොදනා නිසා, දේශය වෙනුවෙන් කල සේවයට ආදරනීය ස්නෝවිට හදපත්ලෙන්ම ස්තූතිවන්ත වන්නෙමු. මතු ආත්ම බවයකදී මිනිස් ආත්මයක් ලබා මෙම පිං බිමේම උපදින්නට හෙතු වාසනා වෙවා!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    බල්ලෝ හොදයි බං දැන් ඉන්න මිනිස්සුන්ට වඩා...... :yes: අපේ ගෙදරත් ඉන්නවා හමුදාවක්ම..... :yes:
     

    kingdewi

    Well-known member
  • බල්ලෝ හොදයි බං දැන් ඉන්න මිනිස්සුන්ට වඩා...... :yes: අපේ ගෙදරත් ඉන්නවා හමුදාවක්ම..... :yes:

    ලොල්. උඹලගෙ ගෙදර ඉන්න හමුදාව නම් කියල වැඩක් නෑ...පොඩි අප්සෙට් එකකට තියෙන්නෙ ඇඟපුරා පොඩ්ඩක් "හොරි" තියෙන එක විතරයි ;)