ආදරණීය සහෝදරය....
පළමුව මෙය කියවා අවසන් වන තෙක් තරහ නොගන්නා ලෙස ඉල්ලා සිටිමි...
මා ඔබට ඇතිවූ ගැටළුව පිළිබදව හොදටම දැනුවත්ව සිටියා... නමුත් එවෙලේ ඔබට පිළිතුරු දීමට නොපැමිණියේ සාධාරණ වූ ඔබගේ තරහට නිවෙන්න මද ඉඩක් ලබාදිය යුතු නිසා... පසුව අද දිනයේ මා ඔබට දෙතුන් වතාවක් පීඑම් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක විය.. (ඔබට පීඑම් යන්නේ නැත...)
ආදරණීය සොයුරාණෙනි ඔබ විසින් එළකිරිය හා එහි සාමාජිකයින්ට කරන ලද මෙහෙය අමිලය... ඇත්තය ඔබගෙන් මදක් හෝ උදව් ගත් කෙනෙක් සිටීනම් ඔවුන් ඔබව යෝජනා කළයුතුමය... නමුත් එය කුමන හෝ හේතුවක් නිසා සිදු වූයේ නැත..
විනිසුරුවන් ලෙසට අපද අසරණය ... අපට කිසිවකු යෝජනා කල නොහැක... අපට කල හැක්කේ එන යෝජනා භාරගෙන විනිශ්චය ලබා දීම හා යෝජනා ලබා ගන්නා බව දැන්වීම පමණි...
ඔබ මේ චෝදනාව කිරීමෙන් අනතුරුව මා ඔබගේ ත්රෙඩ් එකක් නෑර බැලුවෙමි... ඔබගෙන් ප්රයෝජන ගත්තෙක් වෙත්නම් පැහැදිලවම ඔබව යෝජනා කළයුතු යැයි මමද සිතමි.. එහෙත් එය එසේ නොවීය....
නමුත් මෙය ඔබ එළකිරිය දමා යන්න හේතුවක් කරගන්න එපා... මන්ද යත් ඔවුන්ට සිදුවූ වැරැද්දට ඔබට වඩා ඔවුන පසු තැවෙන නිසාවෙනි... එය මා පෞද්ගලිකව දන්නා කරණකි... බොහෝ අය මේ පිළීබදව මා දැනුවත් කර ඔබතුමාට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම් කරන ලදී... නමුත් සහෝ එසේ කිරීම නොවෙයි ඔබට වැදගත් වෙලා තිබ්බෙ... දැන් එහෙම කලා කියල ඔබේ හිත හැදෙන්නෙ නැති බව මා මෙන්ම බහුතරයගේ මතයයි....
කෙසේ වෙතත් ඔබ අපේ යෝජනා ලබාගත් ත්රෙඩ් කියවන ගමන් එහි සදහන් ඇති වේලාවල් බලන්න අපි නොනිදා උපරිම සාධාරණය කරන්න උත්සාහ කලා... ඇත්ත නොවටිනා යෝජනා පැමිණියා... නමුත් සහෝ අපි ඒව දශමයකට මායිම් කලේ නෑ... හොදම ත්රෙඩ් ටික තමා අපි දැම්මේ... වගකීමකින් කියන්නෙ... මා විසින් මා දැමූ සියළුම ත්රෙඩ් පිළිබදව වගකියනවා...
ඔබගේ ත්රෙඩ් එකක් මෙහි නොවැටීම මටද කණගාටුවට කරුණක්... නමුත් ඒක මේ එළකිරි සහෝදරයින් යෝජනා කලේ නෑනේ...
ඒ එළකිරියන් වෙනුවෙනුත්, විනිශ්චය මණ්ඩලය වෙනුවෙනුත් මා ඔබෙන් සිය දහස් වාරයක් සමා ඉල්ලනවා.... මා එයට මැලිවන්නෙ නෑ... හිත හොද මිනිසුන් එළකිරිය තුල සිටිය යුතුමයි... ඒ නිසා එළකිරිය දමා නොයන ලෙසත්, එළකිරි සාමාජිකයින් ඇතුළු අප හැමට සමාව දෙන ලෙසත්, මේ සම්මාන උළෙල සාර්තක කරගැනීමට සහාය දෙන ලෙසත්... ඉතාම බැගෑපත්ව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි........

මෙච්චර දවසක් මේක ලස්සනට කරන් ගියා.
.

සුනිමල් නැති තැනට බබා පන්ඩිතයලු