සරත් ෆොන්සේකා මහතාට ඇප?
දැනට සිරභාරයේ පසුවන හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අද (26 බ්‍රහස්පතින්දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් වූ බව වාර්තා වේ. පොල් රත්නායක නීතීඥ සමාගම හරහා මෙම ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබිණි.
සුදු කොඩි නඩුවෙන් තමන්ට වසර 3ක සිර දඬුවමක් නියම වූ බවත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එය එළඹෙන මැයි මස 02වැනිදා සිට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියමිත බවද එම ඇපඅයදුම්පතේ සඳහන් කර තිබේ. එබැවින් එම අභියාචනය විභාග කොට තීන්දුවක් ලබාදෙන තෙක් තමා ඇපමත මුදාහරින ලෙස එම ඇප අයදුම්පතෙන් ඉල්ලා තිබේ.
වසර 40ක හමුදා සේවයක් සම්පූර්ණ කර ඇති නිලධාරියෙකු වන තමා ඇප ලබාගැනීමෙන් අනතුරුව අධිකරණය මඟහැර යාමට තමන් කිසිවිටෙක උත්සාහ නොකරන බවද ඒ මහතා සිය ඇප අයදුම්පතෙහි සඳහන් කර තිබේ.