පින්තූරයේ කථාව

youtube

Member
Feb 22, 2012
478
115
0
පින්තූරයේ කථාව

mother3.jpg

මැදි වියට එළඹ හතළිස්‌ පස්‌ හැවිරිදි වියෙහි පසු වු ඔහු මළ පොතේ අකුරක්‌ නොදත්තේය. වැස්‌සකටවත් පාසලකට ගොඩවැදී තිබුණේද නැත. පොල් ගස්‌ බඩ ගෑම තම ජීවිකාව කරගත් දුප්ප්ත්ක්මේ පතුලේ සිරවී සිටිනමේ අපූරු මිනිසා දවසින් වැඩි කොටසක්‌ ගත කළේ ඝනනිල් පොල් රුප්පා අතරය. කාත් කවුරුවත් නැති, ජීවිතය අවසන් කරන්නට ආසන්නව සිටි තම අසරණ වයස්ගත මවට ඇවැසි වූ විට දිය පොදක්‌ දෙතොලට වක්‌කරන්නට අහළ පහළ වූ කිසිවකුත් නොමැති හෙයින්ද, ඇය ගෙපැලේ තනි කර දමා යන්නට ඔහුට සිත් නොදෙන හෙයින්ද, ඔහු සිය නිවසේ වූ තමා සන්තක වටිනා වස්‌තුවක්‌ ලෙස සැලකූ විල්බැරෝව වටා කෝටු බැඳ ඒ කෝටු තට්‌ටුව මත තල් අත්තකින් වහලක් තනවා ඒමත තම අම්මා හිඳුවා තමන්ගේ ජීවිකාව කිරීමට යන තැනින් තැන රැගෙන යන්නට රියක්‌ බවට පත්කරගන්නේය. සියඹලාණ්‌ඩුව 40 කණුව ප්‍රදේශයේ පමණක්‌ නොව හිරිපිටිය මංසන්ධිය හා ඒ අවට පෙදෙස්‌වලද විල්බැරෝවක වියපත් මවක්‌ නංවාගෙන කිසිවකු ගමන් කරනු පෙනෙන්නේ නම් ඒ ඔබ දකින්නේ මේ අසිරිමත් ගුණයෙන් පිරුණු අපූරු මිනිසා බේබිමහත්තයාය.
අප පිවිසී සිටින මේ සංසාරය මහා බියකරු නවාතැනකි. එහි කෙළවර කෙදිනක කොතැනක තිබේදැයි නොදන්නා පව වැළඳගත් බොහෝ අයට එහි තෙර කවදාකවත් දකින්නට බැරිය. එහෙත් සම්දිටුව හද දරා ගත් ගුණ මෙන්ම නැණද පුබුදුවා ගන්නට වෙර දරන බෝසත් මිනිසුන්ට එහි තෙර දැකිය හැකිය. සුවිශේෂත්වය වන්නේ ඒ තෙර දැක අමාමහ නිවනින් නිවී සැනහී සම්මා සම්බුද්ධත්වයට පත් වීමටද මුලින්ම මිනිසකුට විවරණය ලැබෙන්නේ අම්මාගෙන් වීමයි. ඒ අනුව අම්මා යනු අප පෙරද සඳහන් කළ පරිදි ආදරයේ, දයාවේ, කරුණාවේ ප්‍රතිමූර්තිය පමණක්‌ නොවේ. ඇත්තෙන්ම අම්මා යනු ඇයගෙන් ඒ විවරණයද ලබා ඇයට අසීමිත සත්කාර සංග්‍රහ කරමින්ද එය යථාර්ථයක්‌ බවට පත්කර ගත හැකි පිං තොටද වන්නේය. අපට හැඟෙන හැටියට මළපොතේ අකුරක්‌ නොදත්තද, මහා ධනයක්‌, බලයක්‌, නොතිබුණද සියඹලාණ්‌ඩුවේ බේබි මහත්තයා ඒ බව හොඳින් තේරුම් බේරුම් කරගෙන තිබේ.
http://www.divaina.com/2012/04/29/feature04.html
 

realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    අම්ම වෙනුවෙන් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියන එකට සරලම සරල උදහරණයක්.....!
    මෙවන් මිනිසුන් සිටින දේශයක ජීවත්වීමට ලැබීමත් වාසනාවකි ...................!

    :::::::: මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඇය ජීවත් වේවා ::::::::
     
    • Like
    Reactions: sudeewa

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    udaara minisun :)
    අම්මා
    අම්ම වෙනුවෙන් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ කියන එකට සරලම සරල උදහරණයක්.....!
    මෙවන් මිනිසුන් සිටින දේශයක ජීවත්වීමට ලැබීමත් වාසනාවකි ...................!
    :::::::: මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඇය ජීවත් වේවා ::::::::

    ස්තූතියි හැමෝටම
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    දෙවැනි බුදුන්.....අම්මා
    නූල දාපු උඹටත් පින් මචන්

    ඒ පිනෙන් කොටසක් උබත් අනුමෝදන් කරගණින් මචං සාදු කියලා.:yes:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුදු වදනක් සේ සිත සනහාලූ..:love:
    කිරි ගගුලක් වී පවස නිවාලූ..:love:
    තිමිර එළිය කර නැන පහදාලූ..:love:
    නුඹයි මගේ අම්මා.. :love:

    ලොවට උතුම් ඌ පදවිය දරමින්..:love:
    රතු ලේ කිරි කර මා හට පොවමින්..:love:
    කිරි කැටි පුතු ලමැදේ නිදි කරමින්..:love:
    සැනසුනි ඔබ මුළු ලොව දිනු විලසින්..:love:


    ඔය වගේ අම්මගෙ සෙනෙහස අදුනන රත්තරං මිනිස්සුන්ට කවදාවත් කොතනකදිවත් වරදින්නෙ නැහැ.. මේ ආත්මෙ නැතත් ලබන ආත්මෙ හරි හොද තැනක උපදියි..

    නූල දැමූ උඹටත් ගොඩක් පිං..
    රෙප් +5
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උදාර මනුස්සයෙක්..
    thnx machan share kalata..
    adambarai bebei mahattaya gena. obata sada jaya. budusaranai..

    thnx machan share kalata..
    adambarai bebei mahattaya gena. obata sada jaya. budusaranai..

    බුදු වදනක් සේ සිත සනහාලූ..:love:
    කිරි ගගුලක් වී පවස නිවාලූ..:love:
    තිමිර එළිය කර නැන පහදාලූ..:love:
    නුඹයි මගේ අම්මා.. :love:

    ලොවට උතුම් ඌ පදවිය දරමින්..:love:
    රතු ලේ කිරි කර මා හට පොවමින්..:love:
    කිරි කැටි පුතු ලමැදේ නිදි කරමින්..:love:
    සැනසුනි ඔබ මුළු ලොව දිනු විලසින්..:love:

    ඔය වගේ අම්මගෙ සෙනෙහස අදුනන රත්තරං මිනිස්සුන්ට කවදාවත් කොතනකදිවත් වරදින්නෙ නැහැ.. මේ ආත්මෙ නැතත් ලබන ආත්මෙ හරි හොද තැනක උපදියි..

    නූල දැමූ උඹටත් ගොඩක් පිං..
    රෙප් +5
    හැමෝටම ස්තූතියි මචංලා. ලැබිච්ච පිනක් තියනවනම් ඔක්කොම එකතුවෙල සාදු කියල අනුමෝදන් කරගනිමු.