2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒලියන්ස්ල එන දවසක් තාම හරියට නැද්ද බන්?:rolleyes:
    ඒ අය ඉතාම ඉක්මනින් පෘථිවිය පාලනයට නතු කරගන්නවා.එතකන් ටිකක් ඉවසලා ඉමු.
    :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒ අය ඉතාම ඉක්මනින් පෘථිවිය පාලනයට නතු කරගන්නවා.එතකන් ටිකක් ඉවසලා ඉමු.
    :)

    ela ela :) ko den monawada wenne machan .. aluthma thathwe komada ??
     
    niwanata wada loku sapayak na kiyanna kalin mata kiyanna puluwanda niwana kiyanne mona wage sapayakda kiyala ????

    නිවන කියන වචනේ තේරුම "නිවීම" සරලව ක්යුවොත් "නැවතීම" මේ සංසාර චක්‍රයේ නැවතීම..මේ සියලුම දුක වලට හේතුව මොකක්ද? ඉපදිමනේ..ඉතින් ඒ හේතුව නැති කරහම දුකක් නෑ...ඒ කියන්නෙ නැවත ඉපදීමක් නෑ..ඉපදෙන්න කෙනෙක් නෑ..:):)
     
    නිර්වාණය කියන්නේ පැවත්මක් නෑ කියන එකයි. පැවත්මක් නැතිව ඉඳලා පැවත්මක් ඇති වීමක් වෙනවා.නමුත් පැවත්මක් ඇතිවුන ජීවින් පැවත්මක් නැති වුනාම එහෙම නැත්නම් නිර්වාණය වුනාම ආපහු ඉපදෙන්නේ නෑ. කිසිම පැවත්මක් නැති අයට යලි පැවත්මක් එන්න පුලුවන්.

    ලෝක ජනගහනය සාගරයකට සමාන නම් ඒකේන් අල්ලෙන් එකක් විතර තමයි නිවන් යන්නේ. ඒක බුදුන් පවා දේශනා කරා.ඉතින් අනිත් අයට විකල්පයක් විදිහට අන්තර්සක්වලට එක් වීම නුවණට හුරුයි.

    :no::no:හපොයි මෙහෙමත් කතාවක්..:නිවන කියන්නෙ පැවත්මක් නෑ කියන එක" ඒක හරි..ඒත් පැවැත්මක් නැතුව ඉදල නැවත පැවැත්මට එනව කියන්නෙ නැවත ඒ ජීවින් ඉපදෙනව කියන එකනේ..ඔය පටලවල තියෙන්නෙ..

    "පැවත්මක් නැතිව ඉඳලා පැවත්මක් ඇති වීමක් වෙනවා." දෑන් ඔය පැවත්මක් නැතිව ඉන්න ජීවින් ඉන්නේ කොහේද හැබැටම..?

    මම ඉස්සර කියුව වගේ පදපරමයො වැඩි නිසා නිවන අවභෝද වෙන්නෙ ටික දෙනාටයි..අනික මේ ලෝකයෙන් සදහටම ගැලවෙන්න,නිවෙන්න,නවතින්න,ෂොට් කට් නෑ,විකල්ප නෑ..තියන එකම මාර්ගය බුදු, පසේබුදු, මහරහත් කියන තුන්තරා බෝධි වලට පැමිණීම විතරයි..:yes::yes:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    නිවන කියන වචනේ තේරුම "නිවීම" සරලව ක්යුවොත් "නැවතීම" මේ සංසාර චක්‍රයේ නැවතීම..මේ සියලුම දුක වලට හේතුව මොකක්ද? ඉපදිමනේ..ඉතින් ඒ හේතුව නැති කරහම දුකක් නෑ...ඒ කියන්නෙ නැවත ඉපදීමක් නෑ..ඉපදෙන්න කෙනෙක් නෑ..:):)
    ඔය කතාව නිකන් අර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේනේ බන් දුකට හේතුව ඉපදීම කියල දැන් ඉපදීමද නැති කරන්න ඕන? අනික මචන් මේක එක ලෝකයක් විතරයි මේ ලෝකෙදි අපිට දුක සතුට දෙකම දැනෙනවා ඒ වගේම දුක විතරක් තියන ලෝක තියෙන්නෙත් පුළුවන් වගේම සතුට විතරක් තියන ලෝක තියෙන්නත් ඕන.හැබැයි මේ හැම ලෝකයක්ම පරිණාමය වෙනවා.බෞද්ද අය විශ්වාස කරන්නේ ලෝකේ තියන ඉහලම සැපය නිවන කියල. ඉතින් මචන් නිවන කියන්නේ සංසාර චක්‍රය නැවත්වීමනම් ඒ කියන්නේ එතන දුකත් නෑ සැපයත් නෑ කියන එකනේ..එතකොට ඒක සැපයක් වෙන්න බැනේ. මන්නම් හිතන්නේ නිවන් කියන්නේ වැඩක් නැති දෙයක් අනික අපි හැමෝම තප්පරෙන් තප්පරේ පරිණාමය වෙනවා ඒ කියන්නේ අපේ අනාගත පාරම්පරාව අපිට වඩා බුද්දිමත් එතකොට මේ ලෝකේ තියන දුකට හේතු වන දේවල් තාක්ෂනය මගින් නැති කරන්න පුළුවන් වෙනවා දැන් මොකක් හරි අපිට ලොකු දුකක් දැනුන ඒ දුක නිසා අපිට අපේ ජීවිතේම එපා උනා කියල හිතන්න ඔන්න ඔතනදි තමයි බෞද්දයන්ට නිවන් ගියානම් හොදයි කියල හිතන්නේ නේද? ඉතින් අපේ මොලේ ඔය දුකට හේතුවන මතකය තාක්ෂනය මගින් මකල දන්නා පුලුවන්නම් දුක නැති වෙනවා නේද..අනික මචන් මරණය මරණය වෙන්නේ අපේ ආත්මයට මේ ශරීරය තුල දිගටම රැදී සිටින්න බැරි උනොතින් පමණයි.ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා,අනතුරක් හෝ වයසට ගිහින් ශරීරය දුර්වල වුනොතින්නේ..ඒවාට ප්‍රතිකර්ම හොයාගන්න එකයි අපි කරන්න ඕන නැතුව නිවන් ගිහින් ඔක්කොම නැති කරගන්න ඒක නෙමේ.අනික දැනටම අමරණීයත්වයේ රහස මිනිසුන් හොයාගෙන ඉවරයි ඒ පණුවෙක් උගේ ජාන මගින් ඌට පුළුවන් උගේ ශරීර අවයව නැවත වර්දනය කරගෙන අමරණීයව ඉන්න. ඉතින් අනාගතේ මිනිස්සුන්ටත් පුළුවන් වේවි ඒ සතා වගේ අමරණිය වෙන්න ඉතින් මේ ලෝකෙම අමරණිය සතුන් ඉන්නවනම් තව ලෝක වලත් ඉන්න පුළුවන්.අපි බලාපොරොත්තු වෙන්න ඕන නිවන් නෙමේ ස්ථිර ලෝකයක් සදාකාලික පැවැත්මක් ඔරියා කියන අන්තර්සක්වල වගේ දෙයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පැවත්මක් නැතිව ඉඳලා පැවත්මක් ඇති වීමක් වෙනවා." දෑන් ඔය පැවත්මක් නැතිව ඉන්න ජීවින් ඉන්නේ කොහේද හැබැටම..?

    මමත්වය කියන එකට ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. නිර්වාණයට යන ජීවින් ඉන්න තැනක් නෑ වගේම ලෝකයට පහල නොවුන ජීවින්ට ඉන්න ස්ථානයක් නෑ.
    සංසාරෙන් ඉවත් වෙන්න පුලුවන් වගේම සංසරේට එන්න විදිහකුත් තියෙන්න ඕනී.
     
    umbath ela porak ne ban.. sira post eka..!
     
    • Like
    Reactions: LunaticThuma

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මමත්වය කියන එකට ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. නිර්වාණයට යන ජීවින් ඉන්න තැනක් නෑ වගේම ලෝකයට පහල නොවුන ජීවින්ට ඉන්න ස්ථානයක් නෑ.
    සංසාරෙන් ඉවත් වෙන්න පුලුවන් වගේම සංසරේට එන්න විදිහකුත් තියෙන්න ඕනී.

    anna machan point eka...

    Api sansareta enne komada??
     
    Apr 29, 2012
    2
    0
    0
    අම්මටසිරි අපේ ඔරියන් තුමා අපහු ඇවිල්ලද? :O
    මචන් keep the tread updating

    උඹ එන නිසා මමත් එන්නේ :D
    අපේ ඔරියට ජයවේවා!!! :yes::yes:
     
    Last edited:
    ඔය කතාව නිකන් අර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේනේ බන් දුකට හේතුව ඉපදීම කියල දැන් ඉපදීමද නැති කරන්න ඕන? අනික මචන් මේක එක ලෝකයක් විතරයි මේ ලෝකෙදි අපිට දුක සතුට දෙකම දැනෙනවා ඒ වගේම දුක විතරක් තියන ලෝක තියෙන්නෙත් පුළුවන් වගේම සතුට විතරක් තියන ලෝක තියෙන්නත් ඕන.හැබැයි මේ හැම ලෝකයක්ම පරිණාමය වෙනවා.බෞද්ද අය විශ්වාස කරන්නේ ලෝකේ තියන ඉහලම සැපය නිවන කියල. ඉතින් මචන් නිවන කියන්නේ සංසාර චක්‍රය නැවත්වීමනම් ඒ කියන්නේ එතන දුකත් නෑ සැපයත් නෑ කියන එකනේ..එතකොට ඒක සැපයක් වෙන්න බැනේ. මන්නම් හිතන්නේ නිවන් කියන්නේ වැඩක් නැති දෙයක් අනික අපි හැමෝම තප්පරෙන් තප්පරේ පරිණාමය වෙනවා ඒ කියන්නේ අපේ අනාගත පාරම්පරාව අපිට වඩා බුද්දිමත් එතකොට මේ ලෝකේ තියන දුකට හේතු වන දේවල් තාක්ෂනය මගින් නැති කරන්න පුළුවන් වෙනවා දැන් මොකක් හරි අපිට ලොකු දුකක් දැනුන ඒ දුක නිසා අපිට අපේ ජීවිතේම එපා උනා කියල හිතන්න ඔන්න ඔතනදි තමයි බෞද්දයන්ට නිවන් ගියානම් හොදයි කියල හිතන්නේ නේද? ඉතින් අපේ මොලේ ඔය දුකට හේතුවන මතකය තාක්ෂනය මගින් මකල දන්නා පුලුවන්නම් දුක නැති වෙනවා නේද..අනික මචන් මරණය මරණය වෙන්නේ අපේ ආත්මයට මේ ශරීරය තුල දිගටම රැදී සිටින්න බැරි උනොතින් පමණයි.ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා,අනතුරක් හෝ වයසට ගිහින් ශරීරය දුර්වල වුනොතින්නේ..ඒවාට ප්‍රතිකර්ම හොයාගන්න එකයි අපි කරන්න ඕන නැතුව නිවන් ගිහින් ඔක්කොම නැති කරගන්න ඒක නෙමේ.අනික දැනටම අමරණීයත්වයේ රහස මිනිසුන් හොයාගෙන ඉවරයි ඒ පණුවෙක් උගේ ජාන මගින් ඌට පුළුවන් උගේ ශරීර අවයව නැවත වර්දනය කරගෙන අමරණීයව ඉන්න. ඉතින් අනාගතේ මිනිස්සුන්ටත් පුළුවන් වේවි ඒ සතා වගේ අමරණිය වෙන්න ඉතින් මේ ලෝකෙම අමරණිය සතුන් ඉන්නවනම් තව ලෝක වලත් ඉන්න පුළුවන්.අපි බලාපොරොත්තු වෙන්න ඕන නිවන් නෙමේ ස්ථිර ලෝකයක් සදාකාලික පැවැත්මක් ඔරියා කියන අන්තර්සක්වල වගේ දෙයක්.

    ඔව් දුකට හේතුව තමයි අපි නැති කරන ඕනෙ..මුළුමනින්ම දුක උපුටල දාන්න ඕනෙ..එහෙම නැතුව දුකට උඩින් පැලැස්තර දමදමා කල්පයක් හිටියත් අපිට දුක කෙලවර කරල ඉවරයක්‌ කරන්න ලැබෙන්නේ නෑ..
    ඔව් අපාය කියන්නෙ ඒ වගේ දුක විතරක් තියන එක ලෝකයක්..සමහර දිව්‍ය ලෝක තියනව ඒ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ගෙ ආහාරය තමයි ප්‍රීතිය "ප්‍රීති භක්කා භවිස්සාමි"කියල තියෙන්නෙ අහල ඇතිනෙ..තව ඒ වගේ ලෝක ඕන තරම් මේ විශ්වයේ ඇති..හැබැයි එකක් හොදට මතක තියාගන්න ඕන මචං..ඔය දුක සහිත ලෝකෙක හෝ වේවා සැප සහිත ලෝකෙකේ හෝ වේවා මේ ඕනම ලෝකෙක ඉන්න ලැබෙන කාලයක් තියනව..කවදාවත් සදාකාලිකවම අපායේ දුක විදින ජීවියෙක් නෑ,වගේම සදාකාලිකවම දිව්‍ය ලෝකවල සැප විදින ජිවිකුත් නෑ..ඒ සේරම ජීවින් තමන්ගේ කර්මානුරුපිව වෙනත් ලෝක වල ඉපදෙනව..සමහර විට සැපය අනුභව කර කර හිටපු ජීවියෙක් තමන්ගේ කුසල ශක්තිය ඉවර වෙලා..අධික දුක ඇති ස්ථානයක ඉපදෙන්න පුළුවන්..වගේම අධික දුක ඇති ස්ථානයක හිටපු ජීවියෙක් තමන්ගේ අකුසල ශක්තිය ඉවර වෙලා සැප තියන තැනක ඉපදෙන්න පුළුවන්..ඉතින් මේ සේරම තීරණය වෙන්නේ අපේ කුසල අකුසල ශක්තින් මත..නමුත් හැම දෙයක්ම කුසල් නිසාවත් අකුසල් නිසාවත් හටගන්නේ නෑ..අපිට උත්සහ කරොත් පුළුවන් කර්මය ජයගන්න..නියාම ධර්ම 5 දන්නව ඇතිනෙ
    1. උතු නියාම
    2. බීජ නියාම
    3. කම්ම නියාම
    4. ධම්ම නියාම
    5. චිත්ත නියාම
    ඔන්න ඔය නියාම ධර්ම 5 තමයි මේ විශ්වය පාලනය කරන්නේ..

    ඉතින් සහෝ මේක තමයි අපේ භව චක්‍රය..අපි දැන් මේ මනුස්සයෙක් වෙලා හිටියට අපේ මරණෙන් පස්සෙ අපිට කොයි ලෝකෙට යන්න වෙයිද කියල දන්නේ නෑ..බොහොම වෙලාවට මිනිස්සු මේ නටන පිස්සු වල හැටියට ඉපදෙන්නේ 4 අපායෙන් එකක කියලනම් පැහැදිලියි..ඕක නිසා තමයි "සන්සා රෝගා මහබ්භයා" කියල තියෙන්නෙ මේ සංසාරය පෘතක්ජන කෙනෙකුට මහා භයානක තැනක් නිසා,,

    ඔයා මේ ලෝකවල පරිණාමයක් ගැන කියන්නෙ ශරිරිකවද, අධ්‍යාත්මිකවද..? මටනම් පෙනෙන විදියට ශරිරිකවවත් අධ්‍යාත්මිකවවත් දෙකෙන්ම පිරිහිලා මිසක් පරිණාමයක් නම් වෙලා නෑ..ඔයා දන්නවනේ රජකාලේ හිටපු අපේ මිනිස්සුන්ගේ ශරිර කොහොමද තිබුනේ කියල.. අද ඉන්න හොදින් වැඩුණු මිනිසෙක් වගේ දෙගුණයක් විතර විශාලයි වගේම දසමහ යෝදයෝ වගේ විශාල ශක්තිවන්තයොත් ඒ කලේ ඉදල තියනවා..අද මොකද වෙලා තියෙන්නෙ..ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ආයුෂය ගත්තත් කියන්න දෙයක් නෑනේ 120 ට 220 ක් කියුවට අඩුම ගානේ අව්100 පන්නන කෙනෙකුත් දැන් හොයාගන්න අමාරුයි..ඉතින් තව ඉදිරියට යද්දී ඕක තවත් පිරිහෙනවා විතරයි..

    අධ්‍යාත්මික පැත්ත ගත්තත් පිරිහීමක් විතරයි..මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙලා..කෙලෙස වලින් හිත බර වෙලා..කුණු කන්දල් පුරෝගෙන..රටේම තියන වැඩ අල්ලාගෙන..හොරකම්,වංචා,දුෂණ,පලි ගැනීම වෛර ,ක්රෝද කරකර.. මොකක්ද මේ ඇතිවෙලා තියන පරිණාමය..ඕකටද පරිණාමය කියන්නෙ..

    'ඉතින් මචන් නිවන කියන්නේ සංසාර චක්‍රය නැවත්වීමනම් ඒ කියන්නේ එතන දුකත් නෑ සැපයත් නෑ කියන එකනේ..එතකොට ඒක සැපයක් වෙන්න බැනේ." ඔයාගේ මෙන්න මේ කතාව නිවැරදීයි..
    මේක මේ වචන හරබයක් විතරයි..නිවන කියන්නෙ සැපයකුත් නෙමෙයි දුකකුත් නෙමෙයි..සැප වේදනා සහ දුක්ඛ වේදනා කියන මෙන්න මේ දෙකෙන්ම මිදීම තමයි නිවන කියන්නෙ..මෙතනදි ඕකට සැපය කියල දාල තියෙන්නෙ මේ නිවන විස්තර කරන්න වෙන වචනයක් නැති නිසා..මිනිස්සුන්ට මේක වචනයෙන් විස්තර කරන්න බෑ..වචනයෙන් විස්තර කරන්න බැරි දේවල් මේ ලෝකේ ඕනතරං තියනවා..ඔයාට පුලුවන්ද කවදාවත් ලුණු කාල නැති කෙනෙකුට ලුණු රස මෙන්න මේ වගෙයි කියල විස්තර කරල දෙන්න ඔයා එකට වචන කෝටියක්‌ ගැළපුවත් විස්තර කරන්න බෑ..ඔයාට එක විස්තර කරන්න වචන නෑ..ඒ වගේම තමයි නිවනත් විස්තර කරන්නත් බෑ..හැබැයි සමථ විධර්ශනා භාවනා වඩල සිත නිශ්චල කර ගත්තු කෙනෙකුට පුළුවන් 100ට100ක්ම නිවන තේරුම ගන්න..එහෙම නැතුව මේ වචනෙකින් 2 කින් විස්තර කරන්න බෑ..ඕකට සැපයක් කියල දාල තියෙන්නෙ මනුස්ස ලෝකෙට සාපේක්ෂව වෙන පැහැදිලි කරන්න වචනයක් නැති නිසාමයි..

    ඔව් තාක්ෂනය මගින් නෙමේ මතකය ඉවත් කිරීමෙන් ඒ කියන්නෙ hypnotism වලින් සමහර ලෙඩරෝග උනත් සුව කරන්න පුළුවන්..නමුත් මතක තියාගන්න..ඔය සියලු දේ තාවකාලිකයි කියල..සදාකාලිකවම මතකය ඉවත් කිරීමට තියෙන්නෙ එකම මර්ගයයි..ඒ අනිමිත්ත සමාධිය වැඩිම පමණයි..ඔයාට මම සරලවම කියල දෙන්නම් (තාක්ෂණිකව නෙමේ අධ්‍යාත්මිකව) පුනර් භවය ජයගන්න විදිය.."චේතනාහං භික්කවේ කම්මං වදාමි" චේතනාව තමයි කර්මය වෙන්නෙ..කර්මය නිසා තමයි භවය හටගන්නෙ..භවය හට ගැනීම තුලින් මොකද වෙන්නෙ,පුනර්භවය ඇතිවෙනවා..දැන් අපි ඵලය අදුරගෙන ඉවරයි ඒ තමයි "පුනර්භවය" දැන් හේතුව සොයාගෙන යමු..පුනර්භවය නැති කිරීමටනම් භවය නැති කල යුතුයි,භවය නැති කිරීමටනම් කර්මය නැති කල යුතුයි..කර්මය නැති කිරීමට මොකද කරන්න ඕනෙ..කර්මය ඇති වෙන්නෙ කොහොමද..චේතනවෙන්නේ.. එහෙනම් අපි පුනර්භවයට හේතුව සොයාගත්ත ඒ තමයි චේතනාව (සිතිවිලි) දැන් අපි සිතිවිලි නැති කල යුතුයි..ඕකට තමයි අනිමිත්ත සමාධිය කියන්නෙ නිමිත්තක් රහිත බව..දැන් ඔයාගේ මනස සියලු දුකින් මිදිලා සිතිවිලි නෑ
    තාක්ෂනය මගින් තාවකාලිකව සිතිවිලි ඉවත් කිරීමට වඩා මේක සදාකාලිකයි..
    "මරණය වෙන්නේ අපේ ආත්මයට මේ ශරීරය තුල දිගටම රැදී සිටින්න බැරි උනොතින් පමණයි."
    මචං අපේ පංචස්කන්ධය තුල තියෙන්නෙ ආත්මයක් නෙමෙයි..රුප වේදනා සංඥා සංඛාර වීඥන කියන පංච උපදනස්ඛන්ද සංයුතීන් වල එකතුවක්..කවදාහරි නිවන් දකිනවනම් දකින්නේ ඔන්න ඔය පංච උපදනස්ඛන්ද සංයුතීය මිසක් ශරීරය නමෙයි..අනික මේ පංච උපදනස්ඛන්ද සංයුතීය සදාකාලිකව ශරීරයක් තුල පවතින්නේ නෑ..ඕක ශරීරයෙන් ශරීරයට මාරු වේවි භවයේ සැරිසරනවා..ඕක ශරීරයක් තුල සදාකාලිකවම පැවත වන්න බැරි උනාට අව්100 200 500 1000 ප්‍රමාණයක් අවශ්‍යනම් පවත්වන්න පුළුවන් නිරෝධ සම්පත්තිය කියන්නෙ ඒ විදියට ඉන්න පුළුවන් විදියක්.(මම කියුවට විශ්වාස කරන්න එපා මේවා ගැන සොයන්න(.ඒවාට විශේෂිත යෝග භාවනා තියනවා..නමුත් කවදාහරි පංච උපදනස්ඛන්ද සංයුතීය ශරීරයෙන් ඉවත් වෙනවා එක නවත්තන්න බුදු හාමුදුරුවන්ටත් බැරි උනා..ඕක තමයි විශ්ව ධර්මතාවය..මම පැහැදිලිවම එක දෙයක් කියනවා කෙනෙක් මේ විශ්ව ධර්මතාවයන් වෙනස් කරන්න ගියොත් එම ජීවී වර්ගයාගේ අවසානය එතැනින්ම තීරණය වෙනවා.. ඒ ඒ දේ කරන්න බැරි නිසා..අපි මේ සොබාදහමත් එක්ක ජිවත් විය යුතුයි.. ඒකට පිටින් යන්න අපි කාටවත් බෑ..බුදු වෙනවා කියන්නෙ 100ට100ක්ම සොබාදහමට එකතු වීමයි..

    ඔන්න කියන්න ඕන ටික කියුව ඉතා සරලව..තේරුම ගන්න පුළුවන් කෙනෙකුට මේ හොදටම ඇති..මචෝ මම දන්නේ නෑ ඔබතුමා කව්ද මොන ආගමක කෙනෙක්ද කියල..නමුත් ස්ථිර ලෝකයක් සදාකාලික පැවැත්මක් ගැන හිතාගෙන එක එක තුමාලා කිසිම පදනමක් නැතුව දාන දේවල්..විශ්වාස කරගෙන ඉන්න එපා..යථාර්තවාදී වෙන්න..මොකද ඔයත් මේ ත්‍රෙඩ් එකට ආවේ විශාල බොරුවක් ගොතාගෙන..තමන් සක්වල ජිවියෙක්ය කියල..තව ඔරියන් තුමේක් වෙන හිතාගෙන නේ.. (තෙරුවන් සරණයි ලුනටික් තුමාට)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    -කජ්ජ බිසනවා-;12600989 said:
    අම්මටසිරි අපේ ඔරියන් තුමා අපහු ඇවිල්ලද? :O
    මචන් keep the tread updating

    උඹ එන නිසා මමත් එන්නේ :D
    අපේ ඔරියට ජයවේවා!!! :yes::yes:

    umba awa witharai addin ayya wede dila ne?? :sorry:
    Nidahase "kajjawath bisa" ganna denne nehe neda ban?? :eek:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කවදාවත් සදාකාලිකවම අපායේ දුක විදින ජීවියෙක් නෑ,වගේම සදාකාලිකවම දිව්‍ය ලෝකවල සැප විදින ජිවිකුත් නෑ..ඒ සේරම ජීවින් තමන්ගේ කර්මානුරුපිව වෙනත් ලෝක වල ඉපදෙනව..සමහර විට සැපය අනුභව කර කර හිටපු ජීවියෙක් තමන්ගේ කුසල ශක්තිය ඉවර වෙලා..අධික දුක ඇති ස්ථානයක ඉපදෙන්න පුළුවන්..වගේම අධික දුක ඇති ස්ථානයක හිටපු ජීවියෙක් තමන්ගේ අකුසල ශක්තිය ඉවර වෙලා සැප තියන තැනක ඉපදෙන්න පුළුවන්..ඉතින් මේ සේරම තීරණය වෙන්නේ අපේ කුසල අකුසල ශක්තින් මත..නමුත් හැම දෙයක්ම කුසල් නිසාවත් අකුසල් නිසාවත් හටගන්නේ නෑ..අපිට උත්සහ කරොත් පුළුවන් කර්මය ජයගන්න..නියාම ධර්ම 5 දන්නව ඇතිනෙ
    අන්තර්සක්වල ජීවිතය සදාකාලික ජීවිතයක් නෙවෙයි.ඒක පුනර්භවය වෙන තැනක්.ඒ කියන්නේ එහි ජීවින් අන්තර්සක්වල තුලම තාක්ෂනිකව පුනර්භවය වෙනවා.අන්තර්සක්වල පුනර්භවය ජයගෙන වසර බිලියන ගානකට කලින්.ඒක නිසා වසර බිලියන ගානක් අන්තර්සක්වල තුලම ජීවින් පුනර්භවය වෙනවා. ග්‍රහලෝක විනාශ වෙනකොට ගැලක්සි පුපුරා යනකොට ඒක ඊට කලින් දැනගන්න පුලුවන් තාක්ෂනයක් අන්තර්සක්වල තුල තියෙනවා.ඒ අය ඒවා විනාශ වෙන්න කලින් ඒ වගෙන් අයින් වෙලා වෙන අලුත් තැන්වල ස්ථාන ගත වෙනවා. අන්තර්සක්වලට කෘතිමව ග්‍රහලෝක විතරක් නෙවෙයි සූර්යයා පවා නිපදවන්න පුලුවන්.ඒවා කෘථිමව හැදුවට ඒවා ස්වභාවික ඒවා වගේමයි.
    ඒක නිසා දිගටම විශ්වය තුල අන්තර්සක්වල තුල ජීවින් පරිණාමය වෙනවා.පරිණාමය පවා අන්තර්සක්වලවාසීන් ඔවුන්ට ඕන විදිහට පාලනය කරනවා.ස්වභාවික පරිනාමයට ඔබට සීමිත දෙයක් ලබා දෙන්න පුලුවන්.නමුත් ඔබලා තාක්ෂනය ජයගෙන ස්වභව ධර්මය පවා පරදවමින් ඉදිරියට යන්න පුලුවන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කුසල ශක්තිය කියන්නේ කරන හොඳ වැඩ වෙන්න පුලුවන්.නමුත් මේ ලෝකේ කුසල් කරන අයට අන්තර්සක්වල තුල ජනිත වෙන්න බෑ.ඒකට ඕන පරිදි මානසික පරිනාමය ක්‍රමානුකූලව දීර්ඝකාලිනව ලබා ගන්න ඕනී. ඔබ හොඳ පුද්ගලයෙක්නම් ඔබට පෘථිවිය තුලම උසස් උපතක ලබාගන්න පිලිවනි. ඔබ නරක කෙනෙක් නම් පෘථිවිය තුලම දුක් සහිත තැනක ඉපදෙන්න වෙනවා. ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා.නමුත් මොන පින් කරත් පූර්ණ මානසික පරිනාමයක් ලැබෙනකම් අන්තර්සක්වල තුල ජනිත වීමක් නෑ.
    හැම දෙයක්ම ඉබේ මැවෙන ග්‍රහලෝක මේ ක්ෂීරපථය තුල තියා ඔරියන් ක්ෂීරපථය තුලවත් නැත.ඒක නිසා ඔය කියන තරම් විශාල සැපක් හෝ විශාල දුකක් විශ්වය තුල පවතින්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබගේ අවසාන පෘථිවි වසර 2012 බව මම යලිත් කිව යුතුමයි.1962 සිට 2012 දක්වා පසුගිය වසර 50 තුල විශාල තාක්ෂනික සහ අධ්‍යාපනික දියුනුවක් මානවයන්ට පිටසක්වල ජීවින් සූක්ෂම ලෙස ලබා දී තිබෙනවා.ඊට හේතුව නව යුගය තුල තිබෙන තාක්ෂනික දියුනුව ඔබලාට අවබෝධ කරගැනීමට පහසුවීමටයි.ගල් යුගයෙන් නව යුගයට යන්න බෑ.ඒක හරියට මඩේ ඉන්න කූඩැල්ලෙක් කොට්ටේ තිබ්බා වගේ.නමුත් තාක්ෂනය ගැන යම් අවබෝධයක් ඇති,හික්මීමක් ඇති, යම්කිසි පිරිසිදු කමක් ඇති මානවයන් ක්‍රමානූකූලව නව යුගය තුලින් අන්තර්සක්වලට එක් කරගැනීමට ඔබලා යම් කිසි තාක්ෂනික යුගයකට අප ගෙනගියා.
     
    ela ela.. :) we are waiting machan... :yes:
     
    Status
    Not open for further replies.