බඩු මිල ඉහළට - ඉවසීමෙන් සැනසීම !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බඩු මිල ඉහළට - ඉවසීමෙන් සැනසීම !!!

    බඩු මිල ඉහළට - ඉවසීමෙන් සැනසීම !!!

    Mahindainreleax.jpg


    අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි. ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.

    ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය. මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව 1Kg කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති බවද පැවසේ.

    ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.

    කි.ග‍්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද පැවසේ.

    බුදු දහමේ කියාදෙන ඉවසීම නමැති ගුණාංගය තුළින් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ලොව දරුණුතම ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදීද ඉවසීම නමැති ගුණාංගය ඉතා වැදගත් වූ බව ඔහු පවසයි.

    2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සමාප්ති උත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේය.

    සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා රජය සැමවිටම කැප වී කටයුතු කරනනමුත්, සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම රජයට පමණක් කළ නොහැකි බවත්, ඊට සියලූ දෙනාගේ සහය ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පැවසිය.

    පාසල් දරුවන්ගේ විෂය පද්ධතිය තුළින් මනස සංවර්ධනය කිරීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු එහිදී කියා සිටියේය


    Source: 3Mana
     
    • Like
    Reactions: erozan
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔයවගේ යහපත් තීරණයක්‌ ගත් උපාසක මහතුන් මේ පින්බර වෙසක් සතියේ හදිසි අනතුරුවලට ලක් නොවේවා !! :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    බලන්න කොච්චර ලස්සනට රට ඉස්සරහට යනවද කියල ... රජතුමාගෙ වැඩපිළිවෙළට ජය වේවා ... මෙහෙම තමයි වෙන්න ඕන :yes:


    :sorry:

    සිංහළයා;12631264 said:
    ඔයවගේ යහපත් තීරණයක්‌ ගත් උපාසක මහතුන් මේ පින්බර වෙසක් සතියේ හදිසි අනතුරුවලට ලක් නොවේවා !! :)

    :baffled::P
     
    • Like
    Reactions: actinide