අළුත්ම_ගැලැක්සි ස්මාර්ට්ෆෝනය එළි දකී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අළුත්ම_ගැලැක්සි ස්මාර්ට්ෆෝනය එළි දකී

    අළුත්ම ගැලැක්සි ස්මාර්ට්ෆෝනය එළි දකී!


    article-2138985-12E91DC1000005DC-345_306x423.jpg





    දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් එහි ගැලැක්සි මාදිලියේ අළුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගය එළිදක්වා ඇතැයි වාර්තා වේ.

    ගැලැක්සි S3 ලෙස නම් කර ඇති මෙම උපාංගය එළිදක්වුනේ ලන්ඩනයේදීය.

    මෙම උපාංගයේ විශේෂ අංග දෙකකි.

    උපාංගය වෙත දෑස යොමු කරගෙන සිටීම, එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර, මෙලෙස සන්නිවේදනය කරන විටදී ස්මාර්ට්ෆෝන් තිරය නොනිමී තිබීම මින් එකකි.

    දෙවැන්න නම්, ’එස් වොයිස්’ ලෙස නම් කර ඇති පාලන ක‍්‍රමවේදයයි. මේ ක‍්‍රමය යටතේ, පාරිභෝගිකයාට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ‘මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’, ලෙස උපාංගයට පැවසීම පමණි.

    මෙම පහසුකම දැනට භාෂා 8කින් ලබාගත හැක.

    ගැලැක්සි S3 ස්මාර්ට්ෆෝනයේ පිටුපස මෙගාපික්සල් 8ක කැමරාවක් හා වීඩියෝ දුරකථන ඇමතුම් සඳහා මෙගාපික්සල් 1.9ක කැමරාවක් ඉදිරිපස ඇත.

    මී.මී. 136ක් උස, මි.මී. 70ක් පළල හා මි.මී. 8.5ක් ගැඹුරු මෙම උපාංගයේ තිරය අඟල් 4.8ක් විශාල වේ.

    නිල් හා සුදු වර්ණ වලින් ලබාගත හැකි මෙම උපාංගය, මැයි 29 දා සිට යුරෝපීය වෙළඳපොලට අමතරව තෝකියෝ, ඩුබායි ඇතුළු ලොවපුරා තවත් නගර 10ක අලෙවි වනු ඇත.

    ගිගාහර්ට්ස් 1.4ක කොඩ් කෝර් ප්‍රොසසරයක් හා ගිගාබයිට් 32ක මතකයක් ඇති මෙය කි‍්‍රයා කරන්නේ ඇන්ඩ්‍රොයිඞ් අයිස් කී‍්‍රම් සැන්ඞ්විච් මෙහෙයුම් පද්ධතියයි.

    මීට කලින් නිකුත් වූ ගැලැක්සි මාදිලියේ ගැලැක්සි S2 ස්මාර්ට්ෆෝනය ලොව වැඩියෙන්ම අලෙවි වූ ස්මාර්ට්ෆෝන් අතරට එක්වූ අතර, මෙහි ජනපි‍්‍රයත්වයත් සමග වසර ගණනක් පුරාවට ජංගම දුරකථන නිපදවන සමාගම් අතර ප‍්‍රමුඛස්ථානය දැරූ නොකියා සමාගම අභිබවා යාමට සැම්සුන් සමාගම සමත් විය.







    :cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    දෙවැන්න නම්, ’එස් වොයිස්’ ලෙස නම් කර ඇති පාලන ක‍්‍රමවේදයයි. මේ ක‍්‍රමය යටතේ, පාරිභෝගිකයාට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ‘මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’, ලෙස උපාංගයට පැවසීම පමණි.

    8.gif
    සිංහලත් තියෙනවද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ‘මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’:yes:
    කියලා තියෙන හින්ද හිතුවා සිංහලත් වැඩ කියල...
    2.gif

    :(