කොලෙස්ටරෝල් | cholesterol |ගැන යමක්...
කොලෙස්ටරෝල් Cholesterol යනු අපගේ ශරීරයේ ස්වභාවිකව නිපදවෙන, කාබන්, හයිඩ්රජන්, ඔක්සිජන් යන මූලද්‍රව්‍යවලින් රසායනිකව සංයුක්ත වන සංයෝගයකි. කොලෙස්ටරෝල් යන නම ඇසූ පමණින් වත්මන් සමාජයේ බොහෝ දෙනා තුළ යම් බියක් ජනිත කරයි. යමෙකුගේ රුධිරය තුළ නියමිත මට්ටමට වඩා වැඩි වූ විට දහසකුත් හානිකර තත්ත්ව ළඟා කර දෙන කොලෙස්ටරොල්, රුධිරය තුළ ප්ර්රශස්ත මට්ටමින් තිබීම ශරීරයේ යහ පැවැත්මට ඉතාමත් වැදගත් ය.
මිනිසාගේ අක්මාව (Liver) මගින් ප්‍රධානව නිෂ්පාදනය වන කොලෙස්ටරෝල්, අපගේ ශරීරයට ලැබෙන ප්‍රධානතම මාර්ගය වන්නේ අපේ ආහාරයි. මස් වර්ගවල සත්ත්ව අක්මාවේ කොලෙස්ටරෝල් බහුලව ඇත. සොයගෙන ඇති දත්තවලට අනුව, ශාක සම්භවයෙන් ලැබෙන ආහාරවල කොලෙස්ටරෝල් අංශු මාත්‍රයක්වත් නැති බව සඳහන් වේ. අප ගන්නා ආහාරවල ඇති කොලෙස්ටරෝල්, ආහාර මාර්ගයේ අන්තුවලදී රුධිරයට අවශෝෂණය කරගෙන, අපගේ අක්මාවට පරිවහනය කර එහි ගබඩා කරයි. අවශ්‍ය විටදී යම් පාලනයක් සහිතව අක්මාව මගින් රුධිරයට කොලෙස්ටරෝල් ලබා දෙයි.
හොඳ කොලෙස්ටරෝල් යනු HDL කොලෙස්ටරෝල් ය. (High density lipoprotein) එනම් අධි ඝනත්ව ලිප්රෝටින් ය. මේවා ශරීරයට හිතකර කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන්නේ HDL මගින් ධමනි බිත්ති මත ඇති LDL කොලෙස්ටරෝල් වැනි හානිකර සංඝටක ඉවත්කර, ඒවා අක්මාවට පරිවහනය කර එහි දී ඒවා විනාශ කර දමන නිසාය. LDL මට්ටම වැඩි වීමත්, HDL මට්ටම අඩු වීමත් නිසා පුද්ගලයෙකු හෘදයාබාධ වැනි තත්ත්වවලට නැඹුරුවීමේ දැඩි අවදානමක් පවතී.
LDL හෙවත් නරක කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන්නේද අක්මාව මගින්මයි. එම LDL කොලෙස්ටරෝල් රුධිරය තුළ තිබිය යුතු මට්ටමට වඩා වැඩි වූ විටදී ඒවා විනාශ කරන්නේ ද අක්මාවේ ඇති LDL ප්‍රතිග්‍රාහක මගින් ය. කෙසේ වුව ද සංතෘප්ත මේද අම්ල හා කොලෙස්ටරෝල් බහුල ආහාර ගැනීම මගින් ද, ශරීරයේ LDLමට්ටම වර්ධනය වේ. නොයෙකුත් එළවළු තෙල්, පොල් තෙල්, ෆාම් තෙල්, වර්ගවලත්, කොකෝවාවලත් සංතෘප්ත මේද අම්ල බහුලව පවතී.
කෙසේ වුවද W- 3 (ඔමේගා 3), W - 6 (ඔමේගා 6) වැනි අසංතෘප්ත මේද අම්ල සහිත ආහාර, බටර් වර්ග භාවිත කිරීම මගින් , LDL මට්ටම අඩුකරගත හැකි බවත්, හෘදයාබාධ වැනි තත්ත්වවලින් මිදිය හැකි බවත් අනාවරණය කරගෙන ඇත. කොලෙස්ටරෝල් යනු ශරීරයේ රසායනික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සංඝටකයකි. අපගේ ශරීරයම සෑදී ඇති සෛලවල සෛල පටලය සෑදීමටත්, නියුරෝනවල පිටත ආවරණය වන මයලින් කොපුව (Myeline sheath සෑදීමටත්, නොයෙකුත් ලිහෙප්රෝටින් වර්ග සෑදිමටත්, කොලෙස්ටරෝල් වැදගත් වේ. එමෙන් ම නොයෙකුත් විටමින් වර්ග සංස්ලේෂණයටත්, ස්ටෙරොයිඩ් (Steeroids) හෝර්මෝන වන ලිංගික හෝමෝන, ඇල්ඩොස්ටෙරෝන්, කෝටි සෝල් වැනි හෝර්මෝන සංස්ලේෂණයටත් කොලෙස්ටරෝල් නැතුවම බැරි සංඝටකයකි.
වර්තමාන ව්‍යවහාරයේ හොඳ හා නරක කොලෙස්ටරෝල් කියන කොලෙස්ටරෝල් වර්ග 2ක් භාවිතා වේ. අප නරක කොලෙස්ටරෝල් කියා හඳුන් වන්නේ LDL කොලෙස්ටරෝල් ය. ( 10 W density lipoprotein) මේ වර්ගය රුධිරයේ ප්රශස්ත මට්ටම් අගයට වඩා වැඩිපුර තියෙන අවස්ථාවලදී ඒවා රුධිර ධමනි බිත්ති මත තැන්පත් වී, තද ද්‍රව්‍යයක් බවට පත් වීම නිසා ධමනි බිත්ති සිහින් වේ. එම නිසා මේ ධමනි බිත්ති තුළින් රුධිරය හරිහැටි ගලා නොයයි. රුධිර ගමනා ගමනයට බාධා ඇති වේ.
මෙය ඇතරොස්ක්ලෙරෝසිස් (atherosclerosls) තත්ත්වය ලෙස හඳුන්වයි. බොහෝ දුරට මේ තත්ත්වය මඟින් හානි සිදු වන්නේ හෘදය වස්තුව ආශ්රිත කිරීටක ධමනිවලටයි. එම නිසා හෘදය වස්තුව ආශ්‍රිතව ගැටලු වන Myocardial infarction වැනි තත්ත්ව බහුලව හට ගැනීමේ අවදානමක් පවතී.
ක්‍රමානුකූලව ව්‍යායාම්වල යෙදෙන, තරබාරුකමින් තොර වූ මත්පැන් භාවිත නොකරන, දුම් පානය නොකරන, සැහැල්ලු දිවි පෙවතක් ගත කරන පුද්ගලයන්ගේ ශරීරයේ රුධිරයේ HDL මට්ටම හෙවත් හොඳ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අගයක පවතී. එමෙන්ම සොයාගෙන ඇති තොරතුරුවලට අනුව, ඊස්ට්‍රජන් (Oetrogen) හෝර්මෝනය මගින් රුධිරයේ HDL් නිෂ්පාදනය වැඩි කරන බව වාර්තා වේ.
කාන්තාවන්ගේ රුධිරයේ වැඩිපුර ඊස්ට්‍රජන් ඇති නිසා ඔවුන්ගේ HDLමට්ටම සාමාන්‍යයෙන් වැඩි අගයක පවතී. එම නිසා ඔවුන්ට හෘදයාබාධ ඇති වීමේ අවදානම පිරිමින්ට වඩා ඉතා අඩු අගයක් බව වාර්තා වේ.
ඉතා යහපත් ශාරීරික යෝග්‍යතාවක් සහිතව, තෙල් අධික ආහාර අනුභව කිරීමෙන් වැළකී සිටීම මගින් හා මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලින් තොර නිරෝගීමත් ජීවිකාවක් ගෙන යන්නට ඔබටත් හැකියාවක් ඇත්නම්, ඔබටත් කොලෙස්ටරෝල් නම් ජීවිත බිලි ගන්නා රකුසාට කවරදාකවත් යටත් නොවී සිටීමට හැකි වනු ඇත.

,සැහෙන්න වැදගත්
,රෙප් දෙන්න බැලු