බීලා ආතල් කැහි පැණි - නැසෙන ජීවිත මල් වැනි...COREX-D
"මවුබිම" පත්තරේ පලවෙලා තිබුන ලිපියක් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා...
ආතල්... මේ වචනේ අහල තියනවා නේද ඔබ, සමහර වෙලාවට ඔබත් මේ වචනේ මේ විදිහටම එහෙම නැත්නම් තවත් රස වැඩි කරලා "මාර ආතල්" කියල තියන වෙලාවලුත් තියනවා නේද? .. ඉතින් මම මේ කතා කරන්න හදන්නේ “ආතල් ගැන”. හැබැයි ඒ එක ආතල් එකක් ගැන... මේක මාර පැණියක් මේක වෛද්‍යවරු නිර්දේශ කරන්නේ කැස්සට දෙන ඖෂධයක් විදිහට.. ඒ වගේම මේ බෙහෙත ගොඩාක් භාවිත කරන්නේ අවුරුදු 18 ට වැඩි අයට, වගේම පොඩි දරුවන්ටත් මේ පැණිය (ඖෂධය) මාත්‍රාව අඩුකරලා නිර්දේශ කරන වෙලාවල් තියනවා.
හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ කැස්ස හොදවෙලා, සෙම කුඩුවෙලා ශරීරයට සෞඛ්‍යය කැන්දන එක.. ඉතින් මං මේ වගේ බෙහෙත් අපේ පරපුරේ තරුණ පිරිසගේ සිත නිවන, මනස සනසන අන්තිමට පිස්සු හැදිලා විනාශ වෙන හැටි ගැන.. හොයන්න මටත් සිද්ද වුනා බෝතලයක් දෙකක් බොන්න.. එහෙම බිවුව ඒකෙන් මට වෙච්චි දේවල් ගැන කතාවෙන්ම වැඩේ පටන් ගමු. මුලින්ම ෆාමසියකින් පොඩි ඇන්දීමක් දාල අරගෙන ලොකු බෝතල් බාගයක් බිවුවා මං එක හුස්මට. විනාඩි දහයකට විතර පස්සේ ඇගටපොඩි අප්‍රාණික ගතියක් දැනෙන්න ගත්තා.. එකත් එක්කම ඇස් ටිකක් පියවෙන ගතියකුත්. ඊළගට දැනුනේ පුදුම කම්මැලිකමක්. ඒ කම්මැලිකම වචන වලින් ලියල දන්නන්න බැහැ.
මෙහෙම විනාඩි තිහක් විතර ගියහම මට තේරුණා මගේ ඇගේ සමහර අංග මට පාලනය කරගන්න බැහැ වගේ. ඒ කියන්නේ මං ඉදගෙන හිටපු පුටුවෙන් මට ඕනි වුනේ බිමට බහින්න.. බිම හොදට අතපය දිග ඇරලා ඉදගන්න.. ඊට පස්සේ මට ඕනි වුනා ටිකක් ඇලවෙන්න.. ආ .. කියන්න අමතක වුනා මේ අතරේ මං නෙක්ටෝ බෝතල් එකහමාරක් විතර බිවුවා .. එතකොට තමයි .. ආතල් එක වැඩිවෙන්නේ .. එහෙමයි මගේ ගුරුන්නාන්සේ කිවුවේ. එයාලා මේවා හොද පදමට පාවිච්චි කරන අය.. ඉතින් නෙක්ටෝ බොන්න බොන්න ඇගට දැනෙන අප්‍රාණික බව තවත් වැඩිවුණා..
ඒ අස්සේ මම යාන්තං වැඩ කරන මොළෙන් ඇහැවුව මේකද ? "ආතල්" කියන්නේ කියල.. ඒ වුනාට මගේ මොලේ ඒ වෙලාවේ උත්තර දෙන්න පුළුවන් තැනක හිටියේ නැහැ. ඊළගට මට ඇත්තටම ඕනෑ වුනේ බිම දිග වෙලා අත පය ලිහිල් කරගෙන, කොහොම හරි වැහෙන්න යන ඇස් පිල්ලම් දෙක අරගෙන ඉන්න..ඉතින් මන් එහෙම කරන්න හිතාගෙන බිම දිගාවෙලා ඉහල බලාගෙන අත පය ලිහිල් කරගෙන හිටිය ටිකක් වෙලා.. එහෙම ඉන්න ගමන් මටත් නොදැනීම මගේ ඇස් පියවුනා.. ඒක වුනේ කොහොමද කියල මම දන්නේ නැහැ. පියවුණු ඇස් දෙක අස්සෙන් මට පෙනුනා මාර දෙයක්..
මං කැරකෙනවා..මං අහසට විසිවෙනවා.. අහස කඩාගෙන පොළොවට එනවා. මං වේගයෙන් අහසට යනවා...මේ වේගය මට ඔරොත්තු දෙන්නේ නැහැ..මං ඇස් අරින්න පුදුම උත්සහයක් ගත්තේ.. ඇස් අර ගන්න බැහැ.. අන්තිමට කොහොම හරි මං වෙහෙසිලා ඇස් අරගත්තා අමාරුවෙන්..ඒ වෙනකොට මට දාඩිය දාල තිබුනේ උතුරන්න.
මගේ ගුරුන්නාන්සේ තව නෙක්ටෝ බෝතලයක් මට දික් කරගෙන ඉන්න අස්සේ මං මොලෙන් ඇහුව මේකද? "ආතල්" කියන්නේ කියල. එත් ඉස්සරටත් වැඩිය මොලේ පෙගිල වගේ..ප්‍රශ්නෙවත් තේරෙන්නේ නැහැ එයාට.. ඒ අස්සේ මට ඕනි උනේ ටිකක් නැගිටින්න..බිම ඉදගන්න.. එත් ඒවා කරන්න දැන් මට බැහැ..මං මොහොකටදෝ මන්ද ඇලිල වගේ..කරන්න කිසි දෙයක් බැරි මට කවුදෝ මන්ද තව නෙක්ටෝ ටිකක් පෙවුවා. ඒ අතරේ ආයෙත් මගේ ඇස් පියවුනා..
අනේ දෙවියනේ මං ඉන්නේ පුදුම උසක..මං එතනින් වැටෙන්නයි දැන් යන්නේ...එහෙම නෙමෙයි ඇත්තටම මං දැන් වැටෙනවා එතනින්..පතලක් අවසානයක් නැති පාතාලයකටයි මං වැටෙන්නේ. මං පොලොව බදාගෙන හිටියේ. මට මගේ පපුව වැඩකරනවා, ඩක් ඩොක් ගානවා ඇහෙනවා..හැබැයි හරිම ඉක්මන් පුදුම මැෂිමක් වගේ තමයි ඒක වැඩකලේ.. ඔය අතරේ මට වැටෙන්න බැහැ මේ පතාලෙට.. මං එහෙම හිතුවත් කරන්න දෙයක් නැහැ මට..මාව වැටෙනවා නවත්තන්න කාටවත් බැහැ..අනේ බලනකොට මට ඉස්සරහින් තව අය වැටෙනවා.. එහෙම සමහරු කැරකි කැරකි වැටෙන්නේ.. මං ඒ ගැන බැලුව ගමන් මාවත් කැරකුනා වටයක්. මේ අය කවුද?
මගේ ස්කොලේ යාළුවො.. ඊට පස්සේ මං දන්නා කියන අය.. ඒ අයත් ඉන්නේ මේ ලෝකෙමද? කියල මට හිතුන..මං වැටෙන වේගෙට මගේ ෂර්ට් එකට හුළං බදලා මගේ කෙස් ගැලවිලා යන තරමට වේගෙන් තමයි මාව පහලට එන්නේ.. අනේ දෙවියනේ මට බෑ..මෙහෙම වැටෙන්න..මං ඇස් අරිය ඒක පාරටම..ඒක නිකන් ලෝක දෙකක් වගේ..මගේ නරක ගුරුතුමන්ලා මගේ දිහා වට වෙලා බලාගෙන ඉන්නවා.
"මාර ආතල් එකෙක් නේද තියෙන්නේ මචන්...?"
කවුද ඇහැවුව මගෙන්. මට පුළුවන් ඇස් කරකවන්න විතරයි.. ඒ අස්සේ තව කවුද මන්ද මගේ කටට තව පැණි ටිකක් වත් කරා. ආයෙත් මගේ ඇස් පියවෙන්නයි යන්නේ. .එහෙම කරන්න බෑ මට. මං දන්නවනේ දැන් එහෙම උනොත් මොකද වෙන්නේ කියල. මං කොහොම හරි ඇස් අරගෙන, මේ අයට කියන්න ඕනි වුනා.."අනේ මචං ඇති.. මට මාර අමාරුයි බං" කියල. එත් එහෙම කියන්න මගේ කටට පන නෑ වගේ..වෙන මගුලක් වෙන්න කියල හිතාගෙන මං ආයෙත් ඇස් පියාගත්තා.. ඊළගට ඇදිල ගියා ලොකු උමගක් ඇතුලට. එකේ එක එක අතට කැරකි කැරකී මාව ඇදිල යනවා ඈතකට..කොහෙවත් එළියක් නෑ.
කට්ට කරුවල උමගක්..මං යන වේගෙට මාව හැපුනොත් කුඩු වෙලා යාවි. මට අඩන්න තරම් දුකයි. ඇත්තටම මං අඩනවා. අනේ මට මේ මොනවද වෙන්නේ..මං දැන් ඉන්නේ කොහෙද? මේ කෙළවරක් නැති පාලු උමගේ මං පාවෙලා යන්නේ කොහාටද? අනන්තයට..අනන්තයෙනුත් අනන්තයට..මට ඉන්න බැරි තරම් වෙහෙසයි. මේකද "ආතල්" කියන්නේ..මං මොලෙන් ඇහැවුව. මොන මොලේ නැහැ. මට දැන් මගේ මොළෙත් පේනවා..කෑලි කෑලි වලට කැඩිලා, මගේ අත්, කකුල්, ඔලුව, කද, වෙන වෙනම පා වෙනවා.. මේ කරුවල උමගේ මට පේනවා මගේ කෑලි පා වෙන අපූරුව. මගේ ඇස් විතරක් ඒ හැමදේටම ඉස්සරහින් එන ඒ සීරුරු කොටස් දිහා බලාගෙන වේගයෙන් වේගයෙන් ඇදිල යනවා. හුලගකට අහුවෙච්චි පිදුරුවලටත් වඩා වේගෙන් පුදුමයි.. මට මං ගැන..මගේ අග මොන තරම් සැහැල්ලුද? ඒ සැහැල්ලුව කොච්චර උනත් මොන තරම් පීඩාකාරිද? මං ඉන්නේ පුදුම විදිහට හෙම්බත් වෙලා. මට ඇති මේ "ආතල්" එක. එත් මට මේ මගුලෙන් ගැලවෙන්න බැහැ. මට ඇස් අරින්න තරම් ශක්තියකුත් නැහැ... ඕනෑ කමකුත් නෑ.
"මචං.. මාර ආතල් නේද?"
ආයෙත් කවුද මගෙන් ඇහුවා වෙන ලෝකෙක ඉදල වගේ..දැන්නම් ඇති..මට බැහැ මෙහෙම ඉන්න..මට මගේ ඇග තලා ගන්න ඕනි..මට මගේ ඇගේ බර අයින් කරගන්න ඕනි. ඊටත් වඩා මට ඕනි දැන් නැගිටින්න..ඉතින් මං ඇස් ඇරලා මගේ නරක යාළුවො දිහා බලල මාව නැගිට්ටවන්න කියල එයාලට ආයාචනා කලා..ඇස් වලින්. අනේ එතකොටම එකෙක් ඇවිත් තව පැණි ටිකක් මගේ කටට වත් කලා. මං ඒක එපා කියල ඔලුව ටිකක් එහාට මෙහාට කරද්දී පැණි බෝතලයෙන් හැලුන පැණි මගේ කම්මුල දිගේ බෙල්ල දිහාට ගලාගෙන යනවා දැනුනා. හැමදේම දැන් ඇති.. මේ ආතල් එක මට දැන් මහා මල වදයක් වෙලා..
ඉතින් මං අසීරුවෙන් අත් දෙක පොළොවට බර කරලා ඉදගත්තා. ඊට පස්සේ තව යාලුවෙක් දුන්න නෙක්ටෝ බෝතලෙන් ටිකක් බොන්න කටට ලං කලා.. හැමදේම කැරකිලා යනවා වගේ දැනුනා මට.. මගේ ඔලුවේ ඉදලා වැදුණු හෙනයක් වගේ දෙයක් මගේ පපුව, බඩ කලතාගෙන ගියා. ඊට පස්සේ බොදවෙන මගේ නරක යාලුවන්ගේ රූප අස්සේ මට පුදුම ඔක්කාරයක් එක්ක වමනේ යන්න අවා. අවා නෙමයි වමනේ කලා.. මට තේරෙන්නේ නැති, කියන්න බැරි මාර ආතල් එකක් තමයි ඒ.
මේක තමයි ඒ "ආතල්" එක.
එතන හිටිය එක්ස්පර්ට්ලා හිනා වුනා බක බක ගාලා.. නැවතීමක් නැතිවම මගේ බඩේ ඉතුරුවෙලා තිබුන භාගෙට, හොදටම ජීර්ණ වෙච්ච ආහාර රතුම රතු පාටට පනියත් එක්ක මිශ්‍ර වුනු නෙක්ටෝ රසට මගේ උගුර දිගේ කට හරහා මුළු පොළවම ජරා කරගෙන වමනේ ගියා.. ඒ අස්සෙත් මට හිතුනා මේකද "මාර ආතල්" එක කියල. ඊට පස්සේ මම, මං හිටිය ඉරියවුවත්, පාලනය කරගන්න බැරිව ශරීරයත් එක්ක වමනේ ගොදේම ආයෙත් අනන්තයට වත් යන්න කියල හිතාගෙන හොදට වකුටු වෙලා නිදාගත්තා.
උපුටා පල කිරීමකි...
උපුටා ගැනීම: මවුබිම 2012 මාර්තු 25 ඉරිදා
කතාව - අනු එදිරිසිංහ

... Kiyawanako
ආතල් බම්ප්
Mara athal ekane bn.....