අනේද කියන්නේ ඌම දාලා අපිට අයින් කරන්නලු.......අයින් කරන්නේ මොකටද G අපි දාලද...



ඕකා අනුන්ගෙ ඒවා කඩාගන්නවා පරිස්සමින්....Captain ජැක් ස්පැරෝ;12664388 said:
Captain ජැක් ස්පැරෝ;12664392 said:අනේද කියන්නේ ඌම දාලා අපිට අයින් කරන්නලු.......![]()

කි*බ කියල එපාද![]()

Captain ජැක් ස්පැරෝ;12664392 said:අනේද කියන්නේ ඌම දාලා අපිට අයින් කරන්නලු.......![]()

මුලින්ම සම්මාන ලබාගත්ත හැමදෙනාටම සුබපතනවා. මටත් සම්මානයක් පිරිනැමීම ගැන ස්තුතියි.
සම්මානයකට වඩා මට වටින්නේ site එක හොදට පවත්වාගෙන යන්න ඔයාල හැමෝගෙන්ම ලැබෙන සහයෝගයයි. සංවිධායක මඩුල්ල ඇතුළු එළකිරි සාමාජිකයන් දරපු මහන්සිය කැපවීම අගයකොට සලකනවා.
ඒ වගේම තව දෙයක් කියන්න කැමතියි. මෙතැනදී සම්මානයක් දිනපු නොදිනපු යෝජනා වුන නොවුන හැමෝම දාන thread post සම්මානයක් නොදින්නට අපි ඒවගෙන් ලබන දැනුම අතිමහත්. ඒවාහැම එකකින්ම වගේ ජීවිතේට යමක් ලබාගන්න පුළුවන්. ඉතින් ඒ හැමදෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකරන ගමන් තවතවත් හොදින් ඒ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

කොතනද ඕක දැම්මේ......
http://www.elakiri.com/forum/showthread.php?p=12649116#post12649116Captain ජැක් ස්පැරෝ;12664462 said:කොතනද ඕක දැම්මේ......
එතන ලින්ක් එක දියන් පොඩ්ඩක් කියවන්න........
කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
![]()
ජූරියේ විශේෂ සම්මාන යටතේ ලබාදෙනු ලබන කාලිදාස සම්මානය...
මෙම සම්මානය සදහා ජයග්‍රාහකයකු තෝරාගැනීමේදී ඉතා බරපතල ගැටළු කිහිපයක් ඇතිවය.. පළමු වැනි ගැටළුව වන්නේ නිසදැස් සම්මානයක් උවද කාලිදාස යනු සදැස් රචනාකල ඉතා ප්‍රසිද්ධ පුද්ගලයකි... එබැවින් මෙම සම්මානය සදැස් නිසදැස් යන පරාසයන් ද්විත්වය ඔස්සේම විනිශ්චය කිරීමට සිදුවිය... දෙවන ගැටළුව වන්නේ එකිනෙකා පරයමින් සියළුම රචකයන් දක්වාතිබූ ප්‍රතිභාවයි.. සම්ස්ථයක් වශයෙන් ඉතා අනර්ඝ නිර්මාණ බිහිවී තිබූ මෙම අංශය විනිශ්චයේදී ප්‍රධාන වශයෙන් පුද්ගලයන් දෙනෙකු හදුනාගනු ලැබූ අතර ඔවුන්ගේ නිර්මාණයන්ට උපහාරයක් වශයෙන් මෙසේ සදහන් කරන්නෙමු.
-Petsha- සොයුරිය (නිසදැස්)
ඉතා විශාල ඌ නිසදැස් ගණනාවක් පාඨකයාට ලබා දීමෙනුත්, සිය හදෙහි තැන්පත් වී ඇති හැගීම් මනාවට පාඨකයාට සන්නිවේදය කිරීමෙනුත්, ඉතා අලංකාර ලෙස ඉදිපත් කිරීමෙනුත්, විශේෂයෙන්ම ප්‍රේමය විරහව ඉතා සුන්දර ලෙස නියෝජන කිරීමෙනුත්, භාෂාව නොනසා උචිත ලෙස භාවිතා කිරීම වෙනුවෙනුත්, විශේෂයෙන්ම කාන්තාවක් ලෙස නිසදැස් මගින් එළකිරිය වෙත කරනු ලැබූ දායකත්වය වෙනුවෙනුත්....
-Petsha- සොයුරියනි 2011 - 2012 ජූරියේ විශේෂ උපාහාරය මෙසේ ඔබට පිදෙන වගයි....
Sriboysl සොයුරා (සදැස්)
<< සුපිරි කවි ට්කක් >> ත්රෙඩය ඔස්සේ 500කටත් අධික කවි ප්‍රමාණයක් පාඨකයාට ලබා දීම වෙනුවෙනුත්, ඉතා නිහතමානී ලෙස සිය පෘථුල දැනුම ආධුනික කවියන් වෙනුවෙන් බෙදාදීම වෙනුවෙනුත්, ආධුනික කවියන්ගේ අත්පොත බවට පත්වීමෙනුත්, විශේෂයෙන්ම කවි කලාවේ මූලික රීතීන් පමණක් නොව සම්ස්ථ නීති රීති සියල්ලම රැකගෙන උපමා, උපමේය, උත්ප්‍රාසය, අලංකාර, යවහන් ආදී මෙකීනොකී ප්‍රවීණ කවියකු සතු සියළු ගුණාංග සතුවීම වෙනුවෙනුත්..
Sriboysl සොයුරාණෙනි 2011 - 2012 ජූරියේ විශේෂ උපාහාරය මෙසේ ඔබට පිදෙන වගයි....
නමුත්,
ඉහතින් සදහන් කල අංශයන් දෙකම නියෝජනය කරමින්ද, කාලීන තේමාවන් ඔස්සේ සිය පන්හිද හසුරවමින්ද, සදැස් නිසදැස් කලාවේ මූලික රීතීන් උපරිමයෙන් රැක ගනිමින්ද, නවීන ලෝකයේ පාඨකයාගේ සිතුම් පැතුම් වලට ආමන්ත්‍රණය කරමින් සිය නිර්මාණ ඉදිරිපත් කිරීමෙන්ද, සමාජයට හොද පණිවිඩ ඉදිරිපත් කිරීම මගින්ද, විටෙක ප්‍රචලිත ගීතයන්වල තනුවට සිය අදහස් මුසු කිරීමෙන්ද පමණක් නොව අනෙකුත් ත්රෙඩ් වලටද සහාය දක්වමින් කවි නිසදැස් ලබාදීම මගින්ද විශේෂයෙන්ම එක් අංශයකට පමණක් සීමා නොවී සදැස් සහ නිසදැස් යන අංශයන් යුගලම නියෝජනය කරමි තමාට ආවේණික වූ බස් වහරක් සහ ඉදිරිපත් කිරීමක් ඔස්සේ දක්වන ලද අති විශිෂ්ඨ වූ ප්‍රතිභාව උදෙසා..
2011 - 2012 හොදම කවි නිසදැස්කරු ලෙස ජූරියේ විශේෂ කාලිදාස සම්මානයෙන් පිදුම් ලබන්නේ.....
Dinushasankalpa සොයුරාණෙනි ඔබයි.....




අගයකිරීම් වලට බෙහෙවින්ම ස්තූතියි යාලුවනේ 



