ලොව පුරා එළි දක්වනු ලබන විශිෂ්ඨතම සිනමා නිර්මාණයන් සහ රංගන කර්තව්‍යයන් සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණින් "Academy of Motion Picture Arts and Sciences" නම් සංවිධානය මගින් සෑම වසරකම පවත්වන ලොව ප්‍රධානතම හා දැවැන්තම සිනමා සම්මාන උළෙල වන "ඔස්කාර් සිනමා සම්මාන උළෙලෙ'හි" ජයග්‍රාහයන් අද දිනයේදී සම්මානයෙන් පුදනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලිස් නගරයට අයත් හොලිවුඩ් පුරවරයෙහි පිහිටා තිබෙන "Dolby Theatre" නම් සුප්‍රකට රඟහලේදී පැවැත්වුණු 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ "Jimmy Kimmel" විසිනුයි. ලොව පුරා වෙසෙන සිනමා කලා අංශයන්ට සම්බන්ධ වෘත්තිකයන් 11 000 කට අධික පිරිසකගෙන් "Academy of Motion Picture Arts and Sciences" සංවිධානයෙහි සාමාජික මඩුල්ල සැදුම් ලත්ව පවතින අතර ඔවුන්ගේ ඡන්දයෙන් සම්මාන උළෙලෙ'හි ඒ ඒ අදාළ සම්මාන කාණ්ඩයන්ට අදාළ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගැනීම සිදු කරනු ලැබුවා.
මෙවර ඔස්කාර් සම්මාන උළලේදී වසරේ හොදම සිනමාපටයට (2023 වසරට අදාළව) හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ "Oppenheimer' සිනමාපටය විසිනුයි. ඒ අවසන්වටයට තෝරාපත් කරගත් සිනමාපට 10 ක් අතුරෙනුයි.
හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් "Christopher Nolan" විසින් හිමි කරගත් අතර මෙය ඔහුගේ සිනමා දිවියේදී හිමිකරගත් පළමු ඔස්කාර් සම්මානය ද මෙය වනවා.
ක්‍රිස්ටෝපර් නෝලාන් ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ (Nominations) හිමි කරගත් අවස්ථා
Memento (2000) - හොදම තිරරචනය (Best original screenplay)
Inception (2010) - හොදම තිරරචනය (Best original screenplay) සහ හොදම සිනමාපටය (Best Picture)
Dunkirk (2017) - හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture)
Oppenheimer (2023) - හොදම අනුවාදිත තිරරචනය (Best adapted screenplay) ,හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture)
හොදම නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් " Cillian Murphy" විසින් දිනාගත් අතර මීට පෙර කිසිදු අවස්ථාවක ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ හිමි කරගැනීමට අවස්ථාවක් නොලද ඔහු තමන්ට නිර්දේශ හිමි කරගැනීමට හැකියාව ලද පළමු අවස්ථාවේදීම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීමට අවස්ථාව හිමි කර ගැනීම විශේෂත්වයක් ලෙස මෙහිදී සදහන් කළ හැකියි.
හොදම නිළියට හිමි සම්මානය "Poor Things" සිනමාපටයේ රංගනය වෙනුවෙන් "Emma Stone" විසින් දිනාගත් අතර එය ඇය හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගත් දෙවන අවස්ථාව ද වනවා.
හොදම සහය නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ රංගනය වෙනුවෙන් "Robert Downey. Jr" විසින් හිමි කරගත් අතර එය ඔහු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව ද වනවා. "Oppenheimer' සිනමාපටයට පෙර, 1993 වසරේදී තිරගත වූ 'Chaplin' සිනමාපටයේ "චාලි චැප්ලින්" ලෙස කළ රංගනය වෙනුවෙන් 65 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම නළුවාට සහ 2008 වසරේ තිරගත වූ "Tropic Thunder" සිනමාපටයේ රංගනය වෙනුවෙන් 81 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම සහය නළුවාට හිමි සම්මානයත් සදහා ඔහු නිර්දේශයන් හිමි කරගනු ලැබුවා.
හොදම සහය නිළියට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ විසිනුයි. ඒ "The Holdovers" සිනමාපටයේ සිදු කළ රංගනය වෙන්වෙනුයි.
ජයග්‍රාකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව
Best picture
Oppenheimer – WINNER
American Fiction
Anatomy of a Fall
Barbie
The Holdovers
Killers of the Flower Moon
Maestro
Past Lives
Poor Things
The Zone of Interest
Anatomy of a Fall
Barbie
The Holdovers
Killers of the Flower Moon
Maestro
Past Lives
Poor Things
The Zone of Interest
Best directing
Oppenheimer – Christopher Nolan – WINNER
Anatomy of a Fall – Justine Triet
Killers of the Flower Moon – Martin Scorsese
Poor Things – Yorgos Lanthimos
The Zone of Interest – Jonathan Glazer
Killers of the Flower Moon – Martin Scorsese
Poor Things – Yorgos Lanthimos
The Zone of Interest – Jonathan Glazer
Best actor in a leading role
Cillian Murphy – Oppenheimer – WINNER
Bradley Cooper – Maestro
Colman Domingo – Rustin
Paul Giamatti – The Holdovers
Jeffrey Wright – American Fiction
Colman Domingo – Rustin
Paul Giamatti – The Holdovers
Jeffrey Wright – American Fiction
Best actress in a leading role
Emma Stone – Poor Things – WINNER
Annette Bening – Nyad
Lily Gladstone – Killers of the Flower Moon
Sandra Hüller – Anatomy of a Fall
Carey Mulligan – Maestro
Lily Gladstone – Killers of the Flower Moon
Sandra Hüller – Anatomy of a Fall
Carey Mulligan – Maestro
Best actor in a supporting role
Robert Downey Jr – Oppenheimer – WINNER
Sterling K Brown – American Fiction
Robert De Niro – Killers of the Flower Moon
Ryan Gosling – Barbie
Mark Ruffalo – Poor Things
Robert De Niro – Killers of the Flower Moon
Ryan Gosling – Barbie
Mark Ruffalo – Poor Things
Best actress in a supporting role
Da’Vine Joy Randolph – The Holdovers – WINNER
Emily Blunt – Oppenheimer
Danielle Brooks – The Color Purple
America Ferrera – Barbie
Jodie Foster – Nyad
Danielle Brooks – The Color Purple
America Ferrera – Barbie
Jodie Foster – Nyad
Best animated feature film
The Boy and the Heron – WINNER
Elemental
Nimona
Robot Dreams
Spider-Man: Across the Spider-Verse
Best adapted screenplay
American Fiction – WINNER
Barbie
Oppenheimer
Poor Things
The Zone of Interest
Oppenheimer
Poor Things
The Zone of Interest
Best original screenplay
Anatomy of a Fall – WINNER
The Holdovers
Maestro
May December
Past Lives
Maestro
May December
Past Lives
Best cinematography
Oppenheimer – WINNER
El Conde
Killers of the Flower Moon
Maestro
Poor Things
Killers of the Flower Moon
Maestro
Poor Things
Best documentary feature film
20 Days in Mariupol – WINNER
Bobi Wine: The People’s President
The Eternal Memory
Four Daughters
To Kill a Tiger
The Eternal Memory
Four Daughters
To Kill a Tiger
Best documentary short film
The Last Repair Shop – WINNER
The ABCs of Book Banning
The Barber of Little Rock
Island in Between
Nǎi Nai & Wài Pó
The Barber of Little Rock
Island in Between
Nǎi Nai & Wài Pó
Best film editing
Oppenheimer – WINNER
Anatomy of a Fall
The Holdovers
Killers of the Flower Moon
Poor Things
The Holdovers
Killers of the Flower Moon
Poor Things
Best international feature film
The Zone of Interest – WINNER
Io Capitano
Perfect Days
Society of the Snow
The Teachers’ Lounge
Last edited:
