සිංහල බෞද්ධයන්ගේ කරුමය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහල බෞද්ධයන්ගේ කරුමය

    උපුටා ගැනීම මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපියකිනි
    nalin100.jpg



    සිංහල බෞද්ධයන් තරම් අන්‍ය ආගමිකයන්ගේ ද ඊනියා බුද්ධිවාදීන්ගේ ද බටහිරයන්ගේ ද වෙනත් ඒ අයගේ ආවතේවකාරයන්ගේ ද අවඥවට, විවේචනයට, දොaෂ දර්ශනයට ලක්‌වන තවත් පිරිසක්‌ ලෝකයේ නැති තරම්ය. එයට පළමුවැනි වරදකරුවන් වනුයේ අන් කවරකුවත් නොව සිංහල බෞද්ධයන් ය. තවමත් අවසන් නැති අවුරුදු පන්සියයකට අධික යටත්විජිත පාලනයකින් සිංහල බෞද්ධයන්ගේ පිටකොන්ද කඩා දමා ඇත. එහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙන්නේ ඉංගිරිසින් විසින් අපට දෙනු ලැබූ මැකෝලිගේ අධ්‍යාපනය ය. අදත් මෙරට බටහිර දැනුමේ ආධිපත්‍යය අප මත පැටවී ඇත. සිංහල බෞද්ධ බලයක්‌ යනුවෙන් තබා සිංහල යනුවෙන් කිවහැකි අධ්‍යාපනයක්‌ මෙරට නැත. අප කල්පනා කරන්නේ නැත. අප කතා කරන්නේ, ලියන්නේ බටහිරයන්ගේ යටත් විජිතවාදී දැනුමෙහි සංකල්ප, ප්‍රවාද ආදිය යොදා ගනිමිනි. මෙරට තුට්‌ටු දෙකේ අනුකාරක විශ්වවිද්‍යාල මෙහි දී ප්‍රධාන තැනක්‌ ගනියි. සුද්දන්ගේ (බටහිර යටත්විජිතවාදීන්ගේ යන අරුතින්) කසිකබල් මත වැමෑරීම හැරෙන්නට මෙරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයක්‌ කරන වෙනත් කාරියක්‌ නැත. මෙරට සිංහල බෞද්ධ රටක්‌ බව නොබියව කීමට ඉදිරිපත් වන්නේ මෙරට ජනතාවගෙන් කී දෙනකු ද? පඬියෝ ඒ පිරිසට ළිංමැඩියන්, අන්තවාදීන්, ජාතිවාදීන් ආදි නම් පටබඳිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා සෑම පාසලකම භාවනා කිරීම සඳහා වෙනම කාමරයක්‌ තිබීමේ වැදගත්කම ගැන කතා කළේ ය. එයට කලකට පෙර මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපති වශයෙන් සේවය කරද්දී භාවනා කිරීම සඳහා කාමරයක්‌ සතියේ එක්‌ දිනක්‌ සවස හතරෙන් පසු වෙන් කළෙමි. පීඨයේ අබෞද්ධ ගුරුවරුන්ගෙන් මෙන්ම ඊනියා බෞද්ධ විද්‍යාඥයන්ගෙන් ද එයට තදබල විරුද්ධතාවක්‌ එල්ල විණි. ඒ සම්බන්ධයෙන් විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යන මැයෙන් "දිවයින ඉරිදා සංග්‍රහය"ට ලිපියක්‌ ලිවීමට ද මට සිදුවිය. කෙසේ වෙතත් අද භාවනා වැඩසටහනකට පංති කාමරයක්‌ වෙන්කිරීමට වත්මන් බෞද්ධ පීඨාධිපතිවරයා අකැමැති වෙයි. ඒ කතෝලික සිසුන්ට යාච්Cදාකිරීමටද පංති කාමරයක අවස්‌ථාව ලබා දී තිබිය දී ය. අද සිංහල බෞද්ධ දැනුමක්‌ ගොඩනැගීමට විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර විද්‍යාව කටගාගත් එහෙත් උපන්තේකට බටහිර විද්‍යා සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ ගොඩනගා නැති ඊනියා බෞද්ධ ගුරුවරුද විවිධාකාරයෙන් අකුල් හෙළති. අවශ්‍ය නම් මේ කරුණු සම්බන්ධයෙන් විවාදයකට එළැඹීමට කැමැත්තෙමි.

    පසුගිය දා දඹුල්ලේ පූජා භූමියේ හෝ ඒ සමීපයේ හෝ මුස්‌ලිම් පල්ලියක්‌ පවත්වාගෙන යැමට බෞද්ධයෝ විරුද්ධ වූහ. එයට නායකත්වය දුන් භික්‍ෂූන් වහන්සේ මේ අවස්‌ථාවේ කිනම් කරුණක්‌ නිසා මැදිහත්විණි දැයි නො දනිමි. උන්වහන්සේ අතීතයේදී ක්‍රියා කර ඇති ආකාරය හා අරමුණ කුමක්‌ වුවත් මෙහිදී සිංහල - මුස්‌ලිම් භේදයක්‌ ඇති කිරීමට ඇතැම්හු උත්සාහ කළහ. මෙවැනි ප්‍රශ්න මුස්‌ලිම් රටවල හෝ ක්‍රිස්‌තියානි රටවල ඇති නොවන්නේ ඇයි? එයට ඇත්තේ එකම එක හේතුවක්‌ පමණකි. ඒ රටවල අන්‍යාගමික සිද්ධස්‌ථාන ඉදිකිරීමේ දී නීතියෙන් බාධා පැමිණවීම ය. පඬියන් කියනු ඇත්තේ මුස්‌ලිම් රටවල් තිබුණ ද ක්‍රිස්‌තියානි රටවල් නැති බවය. බටහිර ඇත්තේ ඓහික (අනාගමික) රටවල් බව ඔවුන් කියනු ඇත. ඒ ඔවුන්ගේ ස්‌වාමිවරුන් වූ සුද්දන්ගේ ප්‍රවාද පුනරුච්චාරණය කිරීම මිස අනෙකක්‌ නොවේ. සුද්දන්ගේ දැනුම යනු බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ අධිපතිවාදී දැනුම බව පඬියන්ට පුන පුනා කියා දිය යුතුව ඇත. සුද්දන් විසින් සිංහල බෞද්ධයන් මේ දැනුමට බියකරනු ලැබ ඇත. එංගලන්තයේ රාජ්‍ය නායිකාව මෙන්ම ඇංග්ලිකන් ක්‍රිස්‌තියානි පල්ලියේ නායිකාව ද එළිසබෙත් වින්ඩ්සඊ හෙවත් ඔවුන්ගේ රැජින ය. මුළු මහත් බටහිර සංස්‌කෘතිය ම යුදෙව් ක්‍රිස්‌තියානි වන අතර බටහිර දැනුම ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය මත පදනම් වෙයි. ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට උපුටා දක්‌වනු ලබන එරික්‌ ෙµ්‍රdaම් මහතා පවසන්නේ අද බටහිර ඇත්තේ කාර්මික ක්‍රිස්‌තියානියක්‌ මිස ක්‍රිස්‌තියානියක්‌ නොවන බවය. එහෙත් එසේ නොවේ. බටහිර ක්‍රිස්‌තියානි නිකායන් බිහිවූයේ ඊනියා පුනරුදයෙන් පසුව ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. අද බටහිර පවත්නේ ඒ චින්තනයෙහි බිහිවුණු මාටින් ලූතර්, කැල්වින් ආදීන්ගේ ක්‍රිස්‌තියානියේ විකාශයක්‌ මිස ඊනියා කාර්මික ක්‍රිස්‌තියානියක්‌ නොවේ.

    දඹුල්ලට අමතරව කූරගල ද නැගෙනහිර පළාතේ ද සිංහල බෞද්ධ උරුමයට පහර එල්ල වෙමින් ඇත. කූරගල ප්‍රශ්නය තාවකාලිකව පසුගිය දා උසාවියෙන් විසඳුණි. මඩකලපුවේ භික්‍ෂූන් වහන්සේ නමකට එක්‌තරා දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් විසින් පහර දෙනු ලැබිණි යෑයි පසුගියදා වාර්තා විණි. උන්වහන්සේගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ අයකු නැත. එහි දී බෞද්ධයන්ට විරුද්ධව අවි අමෝරාගෙන සටන් වදින, බටහිර රාජ්‍යවලින් යෑපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මුනිවත රැක්‌කේය. යම් අයුරකින් අන්‍යාගමික පූජකවරයකුට සිංහල බෞද්ධයන් විසින් පහර දෙනු ලැබිණි නම් කුමක්‌ සිදුවිය හැකිව තිබිණි ද? මේ සිංහල බෞද්ධ රටේ මෙසේ සිදුවන්නේ කුමක්‌ නිසාද? බටහිරයන් අපට කියන්නේ සිංහල බෞද්ධයන් අන්‍යයන්ට අසාධාරණකම් කරන බවය. එහෙත් සුළුතර ජනවර්ගවලට මෙරට තරම් වරප්‍රසාද හිමි වී ඇති රටක්‌ තවත් නැත. බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකර සිල් රැකිය යුතු පිරිසක්‌ යෑයි බටහිර සුදු පඬුවෝ හා ඔවුන්ගේ මෙරට හෙංචයියලා හා හෙංචක්‌කලා අපට කියති. අපිදු ගැමුණු කුමරු අමතක කර සිල් රැකීමට යමු.

    සිංහලයෝ කිසිවකුට කිසි දා යටත් නොවූහ. ඒ අපේ සංස්‌කෘතියෙහි හා ජානවල ඇති යක්‍ෂ හා නාග උරුමය නිසා සිදුවූවකි. අවසානයේ දී 1815 දී අපි බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙහි ප්‍රධාන බළකොටුවක්‌ වූ කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයෙහි උගත් ඩොයිලිගේ ගිවිසුමට රැවටී සුද්දන්ට රටකරවීම භාර කළෙමු. සිංහලයන් යුද්ධයෙහි හා වෙනත් ශිල්පවල දක්‍ෂයන් වුවත් ඔවුහු ගිවිසුම් සම්බන්ධයෙන් රැවටෙති. අපි පෘතුගීසීන්ට මුළා වී ඊනියා ගෙරිහමක ප්‍රමාණයට කොළඹ ලබා දුන්නෙමු. 1776 දී ලන්දේසීන් සමග නැගෙනහිර පළාත සම්බන්ධ ගිවිසුමක්‌ අත්සන් කර අමාරුවේ වැටුණෙමු. ඉන්දු - ලංකා ගිවිසුම තවමත් අප පාලනය කරයි. ඒක පාර්ශ්වික ඉන්දු - ලංකා ගිවිසුම අහෝසි කළ හැකි දැයි සොයා බැලිය යුතුය. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන්ද අගය කරන සුද්දන්ගේ ඊනියා ජාත්‍යන්තර නීති, එක්‌සත් ජාතීන්ගේ ඊනියා ප්‍රඥප්ති එහි දී අපට හරහට සිටිනු නො අනුමානය. ගෙරිමස්‌ කන සුද්දන්ගේ ගෙරිහම් මෙන් ම ඔවුන්ගේ ගෙරිදැනුම ද අවශ්‍ය පරිදි ප්‍රතික්‍ෂේප කිරීමට අප පසුබට විය යුතු නොවේ. අප 1815 සිට පරදින්නේ සුද්දන්ගේ ගිවිසුම්වලට හා කසිකබල් එහෙත් දේශපාලන ආධිපත්‍යය නිසා රැකෙන බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමටය. මැකෝලේගේ දරුවෝ ඒ වෙනුවෙන් පෙනී සිටිති. ඒ කෙසේ වෙතත් 1815 ගිවිසුම එංගලන්තයේ රජු හා සිංහල නායකයන් අතර සමානත්තාව පදනම් කරගෙන ඇතිවූවකි. එය ජයග්‍රාහකයන් හා පරාජිතයන් අතර වූ ගිවිසුමක්‌ නොවේ. සිංහල නායකයන් ඒ ගිවිසුම අත්සන් කළේ බ්‍රවුන්රිග් හා ඩොයිලි බුද්ධාගම රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු වූ බැවිනි. එංගලන්ත පාර්ලිමේන්තුවේ එයට විරුද්ධත්වයක්‌ ඇතිවූයේ ක්‍රිස්‌තියානි රජුට ඊනියා මිථ්‍යාදෘෂ්ටික ආගමක්‌ රැකීමට සිදුවීම නිසා මිස ගිවිසුමෙන් අන්‍යාගම්වලට අසාධාරණයක්‌ වේය යන හේතුවක්‌ නොවේ. අද අපට එහි වැදගත්කම ඇත්තේ මේ ගිවිසුම මත පදනම් ව දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැනවූ "නීතියක්‌" හේතුකොටගෙනය. එයට අනුව අන්‍යාගමික සිද්ධස්‌ථානයක්‌ ගොඩනැඟීsමේ දී ඒ සඳහා ආණ්‌ඩුකාරයාගේ විශේෂ අවසරයක්‌ ගත යුතුය. ඒ නීතිය අදත් වලංගුවන අතර බෞද්ධ සිද්ධස්‌ථාන සඳහා අදාළ නොවේ. මේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් දඹුල්ලේ හෝ කූරගල හෝ මුහුදු මහා විහාරයේ හෝ ලංකාවේ වෙනත් කිසිම තැනක හෝ අනවශ්‍ය සිද්ධි ඇති නොවනු ඇත. අද කළ යුත්තේ මේ නීතිය වහාම ක්‍රියාත්මක කිරීමය. එය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්‌විය යුතු යෑයි අප කියන්නේ මේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් බොහෝ දෙනකු චන්ද්‍රිකාගේ ඇමැතිවරුන් වීමත් සුද්දන්ගේ දැනුමට ආවඩන්නන් නිසාත්ය.

    සිංහල බෞද්ධයන්ගේ කරුමය සුද්දන්ගේ (බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදීන්ගේ මිස ඇතැම් නිවට පුහු පඬියන් සිතන ආකාරයට පාරේ යන ඕනෑම සුද්දකුගේ නොවේ. බටහිර රටවල සුදු හිඟන්නෝ ද වෙති.) දැනුමට ඇති බයය. මේ බය නැති කිරීමට ධර්මපාලතුමා කී දෙයක්‌ සංශෝධනය කරමින් බටහිර මහා බුද්ධිමතුන් යෑයි කියන්නන්ගේ පඹයන් තනා ඒවාට පහර දිය යුතුය. පඬියන් මෙයට විරුද්ධව මැසිවිලි නගනු ඇත. එහෙත් පඬියෝ පඹයෝ ම වෙති. අවාසනාවකට මෙරට මැති ඇමැතිවරුද සුද්දන්ගේ දැනුමට බිය වෙති. එංගලන්තය පැහැදිලිවම ක්‍රිස්‌තියානි රටක්‌ වුවද එහි රාජ්‍ය සංකේත මගින් ක්‍රිස්‌තියානි නොවන ආගම් හෝ ඇන්ග්ලො සැක්‌සන් නොවන ජනවර්ග නියෝජනය නොවුණ ද අප සිංහල බෞද්ධ රටක්‌ යෑයි කීම තහනම් ය. බටහිර රටවල ඊනියා බහුසංස්‌කෘතියක්‌ නැත. එහි ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අධිපතිවාදී සංස්‌කෘතිය වෙයි. එංගලන්තයේ, ප්‍රංශයේ ඕස්‌ටේ්‍රලියාවේ මුස්‌ලිම් කාන්තාවන් පරදාව ඇඳීමට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්විණි. ඇතැම් රටවල එසේ ඇඳීම තහනම් ය. මුස්‌ලිම් රටවල හෝ ක්‍රිස්‌තියානි රටවල හෝ පල්ලි මිස අන්‍යාගමික සිද්ධස්‌ථාන දැකිය හැක්‌කේ කලාතුරකිනි. එහෙත් ලංකාවේ හතර දිග්භාගයේ ම ආගම් හතරක සිද්ධස්‌ථාන දැකිය හැකිය. ඒ ආගම්වල වැදගත් දිනවල ලංකාවේ නිවාඩු ලබාදී ඇත. එංගලන්තයේ හෝ ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක වෙසක්‌ දා අඩුම තරමෙන් බෞද්ධයනට නිවාඩු ලැබිණි ද? ඒ රටවල බෞද්ධයන්ට වෙසක්‌ උදාවන්නේ වෙසක්‌ පෝයට පසුව එන ඉරිදා ය. එහෙත් අපි සුද්දන්ගේ හා ඔවුන්ගේ හෙංචයියන් හා හෙංචක්‌කලා වූ පඬියන්ගේ දැනුමට යටත්ව බැට කන්නේ ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයක්‌ පැවැත්වීම සම්බන්ධයෙනි. අප බැටකෑමට තවත් ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ විදේශ අමාත්‍යාංශයය. අප ලවා තව තවත් බටහිරයන්ට හිස නැමිමට අද විදේශ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙයි. ජෙනීවා හි අප තානාපති ව සිටි දයාන් ජයතිලක වැන්නන්ට වඩා ලංකාව වෙනුවෙන් මහඟු මෙහෙවරක්‌ කළ තමාරා කුනනායගම් මහත්මිය එතැනින් මාරුකර යවන්නේ බටහිර ගැති පිළිවෙත හා ලන්ඩනයේ මහා කොමසාරිස්‌ ලෙස කටයුතු කළ එවැනිම වූ ගැත්තියකගේ අවශ්‍යතාව පරිදි ද? සියලු ආකාරවල පඬියෝ තමන් බටහිර ක්‍රිස්‌තියානි දැනුමෙහි දාසයන් බව නො දනිත් ද? ඔවුහු නිවටයෝ වෙති. මේ නිවටයන් නිසා මුළුමහත් ජාතියක්‌ සුද්දන්ට හා ඔවුන්ගේ දැනුමට හිස නැමිය යුතුද? අප මේ කරුමය වහා අහෝසි කර්මයක්‌ කළ යුතුය.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    එළකිරි රත්තරං එළකිරි,මහාචාර්යතුමා තමා නියම සිංහලයා,අයේ කියන්න වචන නැත:):yes:,මෙන්න මෙතනින් ගිහින් කැමති දෙශනයක් බාගෙන අහන්න,ඔක්කොම ටික පිලිවලට විකියට පෙරෙදා දැම්මා...

    http://en.wikipedia.org/wiki/Nalin_de_Silva#Speeches_.26_Talks

    රෙප් දිය නොහැක...
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අපේ ගණිත ගුරුතුමා මාත් එක්ක නම් පොඩ්ඩක් අවුල් කැම්පස් එකේ පොඩි සීන් එකකට..
    මෙතනින් ගිහින් එතුමාගේ ලිපි හඬපට බාගන්න.......
    www.kalaya.org
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එළකිරි රත්තරං එළකිරි,මහාචාර්යතුමා තමා නියම සිංහලයා,අයේ කියන්න වචන නැත:):yes:,මෙන්න මෙතනින් ගිහින් කැමති දෙශනයක් බාගෙන අහන්න,ඔක්කොම ටික පිලිවලට විකියට පෙරෙදා දැම්මා...

    http://en.wikipedia.org/wiki/Nalin_de_Silva#Speeches_.26_Talks

    රෙප් දිය නොහැක...
    ගොඩක් කාලෙකින් එලකිරි එක පැත්තෙ ඇවිත් වගෙ. :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ ගණිත ගුරුතුමා මාත් එක්ක නම් පොඩ්ඩක් අවුල් කැම්පස් එකේ පොඩි සීන් එකකට..
    මෙතනින් ගිහින් එතුමාගේ ලිපි හඬපට බාගන්න.......
    www.kalaya.org

    යකෝ.. ඔය ගුරුතුමා මාව සෑහෙන්න ඇනකරා පොද්දෝ එක්ක වලියක් දාගෙන මාට්ටු වෙලා. බොහොම අමාරුවෙන් මගේ හාල්පොත වගේ තිබ්බ ඩිග්‍රිය තලාගත්තේ.. මගේ පුද්ගලික හුටපට කෙසේවෙතත් මම එතුමාගේ දැමට සෑහෙන්න ගරු කරනවා මචන්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අපේ ගණිත ගුරුතුමා මාත් එක්ක නම් පොඩ්ඩක් අවුල් කැම්පස් එකේ පොඩි සීන් එකකට..
    මෙතනින් ගිහින් එතුමාගේ ලිපි හඬපට බාගන්න.......
    www.kalaya.org

    අයේ මාර විදියට ඉග්නයිට් වෙන මනුස්සයා හැබැයි,ඉස්සර චම්පික රණවකලා නලින් මහාචර්යතුමාලා එහෙම හරිම හොඳ ගජ මිත්‍රයෝලු,දැන් එක පලුදු වෙලාලු තියෙන්නෙ,කාරණයනම් හරි හැටි දන්නෙ නැ ටික කාලයකට කලින් පෙරාදෙණියට ඇවිත් දෙන්නාම ඇරගෙන ගිහින් තියෙන්නෙ...
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Anith jathiwlata karana vairaya krodaya nawaththanda..............
    ibema sinhala jathiya diyunuwenawa.
    Mama me kiyanna me tread thapu piththalatai.

    sinhalayanta diyunuwenta puluwan marga kiyaladennathuwa thanikara wairaya saha korodaya wapurana, manasika wasayen sinhala minusnwa wattana tread dhala thawa thawa sinhala jathiya wanasana minihek.


    menna muge unproductive tread wala antharaya...............

    Hamba kada warjanaya.
    Hambayanwa elwamu.
    Kurugala muge appachige budala, api hambayan kurugalen elawamu.


    mutama danne mu aveth indiaven elavapu paramparavenkiyala.


    Uba thawa thawa sinhala jathiyanwa motta karana tread noda, poddak productive vidihe hethanda puluwan margawal kiyalatheepang.

    barinag
    oya purudu Bike tread withrak dapang.

    Sinhala jathiyata pin siddawai.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Anith jathiwlata karana vairaya krodaya nawaththanda..............
    ibema sinhala jathiya diyunuwenawa.
    Mama me kiyanna me tread thapu piththalatai.

    sinhalayanta diyunuwenta puluwan marga kiyaladennathuwa thanikara wairaya saha korodaya wapurana, manasika wasayen sinhala minusnwa wattana tread dhala thawa thawa sinhala jathiya wanasana minihek.


    menna muge unproductive tread wala antharaya...............

    මේ මොන ගල් හිපාටු ඌරෙක්ද..????......:angry::angry::angry:
    Hamba kada warjanaya.
    Hambayanwa elwamu.
    Kurugala muge appachige budala, api hambayan kurugalen elawamu.


    mutama danne mu aveth indiaven elavapu paramparavenkiyala.


    Uba thawa thawa sinhala jathiyanwa motta karana tread noda, poddak productive vidihe hethanda puluwan margawal kiyalatheepang.

    barinag
    oya purudu Bike tread withrak dapang.

    Sinhala jathiyata pin siddawai.
    මේ මොන ගල් හිපාටු ඌරෙක්ද..????......:angry::angry::angry::angry::angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ ගණිත ගුරුතුමා මාත් එක්ක නම් පොඩ්ඩක් අවුල් කැම්පස් එකේ පොඩි සීන් එකකට..
    මෙතනින් ගිහින් එතුමාගේ ලිපි හඬපට බාගන්න.......
    www.kalaya.org
    ubath kelaniyeda?? ela ela...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Anith jathiwlata karana vairaya krodaya nawaththanda..............
    ibema sinhala jathiya diyunuwenawa.
    Mama me kiyanna me tread thapu piththalatai.

    රත්තරං;12675510 said:
    පඬියෝ ඒ පිරිසට ළිංමැඩියන්, අන්තවාදීන්, ජාතිවාදීන් ආදි නම් පටබඳිති.


    තමුන්ලා වාගේ හාල්පාරුවෝ ගැන එතුමාම කියලා තියෙන්නෙ යසට...

    mutama danne mu aveth indiaven elavapu paramparavenkiyala.


    රත්තරං;12675510 said:
    සිංහලයෝ කිසිවකුට කිසි දා යටත් නොවූහ. ඒ අපේ සංස්‌කෘතියෙහි හා ජානවල ඇති යක්‍ෂ හා නාග උරුමය නිසා සිදුවූවකි.


    සිංහලයෝ වනාහි (යක්ශ,නාග,දේව ගොත්‍ර එනම් සිව්හෙළ) + බෙංගාල අර්ය වංශික විජයගෙන් පැවැතගෙන එන කොටසක් බව මතක තබා ගන්න එතකොට ඉන්දියන් කියන්න කෙසෙද?