ඉතිහාසගත මෙහෙයුමක් - Operation Barbarossa ( with rare pictures )
1941 ජුනි මස 22 දා නාසි ජර්මන් හමුදාව සෝවියට් රුසියාවට එරෙහිව ඉතා විශාල හමුදා මෙහෙයුමක් දියත් කළා මෙම මෙහෙයුමේ නම "Operation Barbarosa". මෙම මෙහෙයුමට ජර්මන් සහ මිතුරු හමුදා බටයින් මිලියන 4.5 සහබාගී වූ අතර ජෙර්මනියට යටත් පෝලන්තය ෆින්ලන්තය සහ රෝමනියව වැනි රට වල සිට මෙය ක්‍රියාත්මක විය. 1939 දී සෝවියට් රුසියාව සමග යුද විරහිත ගිවිසුමක් අත්සන් කලද හිට්ලර් සැමවිටම රුසියාව දෙස තම උකුසු ඇස යොමු කරගෙන සිටියේය. ගිවිසුමෙන් පසේ දෙපිරිසම කොයි මොහොතේ හෝ යුද්දයක් ඇති වේ යයි බියෙන් සිටි අතර මෙම පොදු සාම කාලය ජර්මනියට තම හමුදා රැස් කරගැනීමට මහත් රුකුලක් විය. කිසි සේත් බලාපොරොත්තු නොවූ අයුරින් එල්ලවූ ජෙර්මන් ප්‍රහාර හමුවේ රුසියානු සේනා පසුබසින්නට විය යුද්දය ඇරබි පළමු සතිය ඇතුලත ජෙර්මන් හමුදා රුසියානු දේශසීමා පසුකරමින් හැතැම්ම 200 ඇතුලට ආහ. 1941 වනවිට ජර්මනිය රුසියානු ගුවන් යානා 4000 පමණ විනාශ කර දැමුහ ඊට අමතරව තුවාල ලැබූ අල්ලා ගන්න ලද හා මරා දමන ලද පිරිස 600,000 ඉක්මවිය මෙම පිරිස අතර සාමාන්‍ය ජනයා සහ හමුදා සෙබළුන්ද අයත් විය. 1941 වනවිට ජර්මන් හමුදා මොස්කව් නුවර ආසන්නයට පැමිණියහ. නමුත් ජර්මනියේ අවාසනාවට සිත ඉර්තුව ආරම්භ විය මෙම නිසා ජර්මන් හමුදා ඉතා විශාල ලෙස පසුබසින්නට විය හිට්ලර් ගේ මොස්කව් අල්ලාගැනීම හුදෙක් සිහිනයක්ම විය. මෙය ලෝකෙයේ ඉතාමත් විශාල හමුදා මෙහෙයුමක් වූ අතර ජර්මන් හමුදා 775,000 ද සෝවියට් වැසියන් 800,000 ද සහ සෝවියට සෙබළුන් මිලියන 6 ද මරුමුවට පත් විය.
Last edited:






