ලැප_හරි_ඇන්ඩ්රොයිඩ්_ෆෝන්_කට්ට_හරි_ඉස්සුව&#3548

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ලැප_හරි_ඇන්ඩ්රොයිඩ්_ෆෝන්_කට්ට_හරි_ඉස්සුව&#3548


    පණ මෙන් වටින ලැප හරි ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ට හරි ඉස්සුවොත්?



    images
    images



    මං හිතුව ලැපක් අළුතෙන් ගන්න ඉන්න උන්ටයි, අරන් පාවිච්චි කරන උන්ටයි, ගන්න කලින් ‍පොර ටොක්ස් දෙන මං වගේ උන්ටයි වැදගත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියන්න.

    පොඩි කිව්වට මේක මරු භාණ්ඩෙ. පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්. දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද?

    හරි කයිය ගැහුව ඇති. සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY.‍ ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව. $ 00.00 :lol::lol:

    images


    පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, ‍PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න.


    http://preyproject.com

    http://preyproject.com/download

    ඉන්සටෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන තොරතුරු අතුලත් වීඩියෝ එක කලින් දාපු පළවෙනි ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් පහළින් දාල තියෙන වීඩියෝ එකෙනුත් ඒ තොරතුරු බලාගන්න ඔබට පුළුවන්.



    එහෙනම් මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් මම කරන්නම්

    Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනව.

    Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල විස්තර ලබාදෙනව.

    Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.

    WebCam – හා…හා… මේ තියෙන්නෙ භාණ්ඩෙ.දැං පේන බලන්න යන්න ඕනවෙන්නෙ නෑ.මෙමඟින් ‍උපාංගය කියාත්මක කරනු ලබන අවස්‍ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. ( උස්සපු එකා කට ඇරං දිව හපං ලැප් එකේ එව්ව මෙව්ව කොරන ෆොටෝස් ගොඩාක් එයි :පී)
    මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනව. ඒ තමයි

    Alarm – හොරාට වැසිකිළී අවශ්‍යතාවය ඇතිවෙන විදියෙ වැඩක් තම මේක. විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනව. හිහි සැප කනේ.ඔබට සොරා ළඟපාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.

    Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනව. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්ඩ
    “අනේ හොරෝ,හොරා වගේ මගේ ලැප් එක අරගත්ත නේද? දෙන්නයි කිව්වෙ ඒක. :පී”
    (සැ.යු : දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා ‍මේ සයිරන් එක වදිද්දි සහ මේ ඇලර්ට් එක එද්දි මෙම සො‍ෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් ‍වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංද )

    Lock – මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්

    Secure- මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.
    මෙම මෘදුකාංගය උපයෝගී කරගත් අවස්ථාවක් නරඹන්න




    හොඳයි එහෙනම් මේක කට්ටියට වැදගත් කියල හිතෙනවනම් කොමෙන්ට් නම් නැතත් කමක් නෑ, දන්න අඳුනන කට්ටියට මේක ගැන කියන්න. ශෙයාර් පාරක් එහෙම දාන්න.


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මම නම් නැති උනොත් අය දුක් වෙවී ඉන්නෙ නෑ අලුත් එකක් ගන්නවා :D
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,352
    5,464
    113
    andro phone ekata nam hodai...eth lapa issuwoth oka wedak ne. lape gps ne ne...hora net giyath wedak ne, ADSL,3G walin hoyanna be place eka. lankawe kawda wi-fi walin net yanne?