දෑස්_අහිමි_ආදරය
අද මම ටිකක් වෙනස් විදිහෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුව.ඒ කියන්නෙ ඔයාලගෙ ජීවිත වලට යම් වටිනා දෙයක් ගන්න පුළුවන් කතා 2ක් ඔයාලත් එක්ක බෙදා හදාගන්න හිතුව. විනාඩි 5ක් අරගෙන මේ කතා 2ක කියවන්න. විනාඩි 5ක කතාව ඇතුළෙ විනාඩි 100ක් හිතන්න තරම් කරුණු ඇති බව ඔබට වැටහේවි. ඔබේ අදහස්, උදහස්,හැඟීම් හා දිරි ගැන්වීම් මෙතන ලියන්න.
දෑස අහිමි ආදරය
තමන්ගෙ දෑස් නොපෙනීම නිසා තමාටත්, ලෝකයාටත් වෛර කළ තරුණියක් හිටිය. ඇය සමජය සමඟ කෙතරම් වෛරයකින් පසු උනාද කියතොත් ඇයට කිසිම යහළුවෙක් හෝ යෙහෙළියක් ආශ්‍රයට හිටියෙ නැහැ. ඒ කොහොම උනත් ඇගේ වාසනාවට ඇයට ඉතා කරුණාවන්ත ආදරවන්තයෙක් හිටිය. ඔහු, ඇයට ඉතා
ලෙංගතුව, ඇයව ආදරයෙන් බලා ගත්ත. මේ තරුණියත් ඔහුට සෑහෙන්න ආදරය කලා. ඒ, සමාජයෙන් නොලැබුණු ආදරය ගෞරවය තම ආදරවන්තයාගෙන් නො අඩුව ලැබුණු නිසා.
දිනක් මේ අන්ධ තරුණිය තම ආදරවන්තයාට, "මට ඇස් පෙනීම ලැබුණොත් මම කරන එකම දේ ඔයාව විවාහා කර ගන්න එක" යැයි පැවසුවා. මෙසේ සති කිහිපයක් ගත වී ගියා. දිනක් මේ තරුණියට ජීවිතේ අසන්නට ලැබුණු සතුටුදායකම ආරංචිය අසන්නට ලැබුණා. ඒ යමෙකු විසින් ඇයට ඇස් දෙකක් පරිත්‍යාග කරන බවයි. ඒ අනුව ඇයට නිරෝගී ඇස් දෙකක හිමිකාරීත්වය හිමි උනා. දැන් ඇයට මුළු ලෝකමය පේනව. ඇගේ ජීවිතය ඉතා සුන්දර එකක් බව ඇයට වැටහෙන්න ගත්ත. ඇය මුලින් ම කලේ තම ආදරනීය පෙම්වතා වෙත යාමයි. එහෙත් ඇය දුටු දෙයි ඇගේ සිත වෙනස් උනා. ඇගේ පෙම්වතත් අන්ධ පුද්ගලයෙක්. "මේ මනුස්සය අන්ධ මිනිහෙක්නෙ. මම මෙච්චර කල් ආදරය කලේ අන්ධ මිනිහෙකුටද? මම වගේ ලස්සන, ඇස් පේන කෙල්ලෙකුට මේ වගේ මිනිහෙක් ගැලපෙනවද?". මේ වගේ අදහස් සිය ගනනක් ඇගේ හිතට ගලාගෙන ආව. දෙපාරක් නොසිතාම ඈ ඔහුගෙන වෙන් උනා.
මෙසේ දින සති ගෙවී ගියා. දිනක් ඈ අතට ඇගේ හිටපු පෙම්වතා අතින් ලියා එවන ලද ලියුමක් ලැබුණා. එහි මෙසේ ලියැවී තිබුණා.
"මගේ ඇස් දෙක පරිස්සමින් බලාගන්න රත්තරං"

Last edited: