ECU ගැන දැනගනිමු ~1 කොටස.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ECU ගැන දැනගනිමු ~1 කොටස.

    ECU ගැන දැනගනිමු ~1 කොටස.

    turp_0107_05_z+apexi_safc_engine_management+ecu_location.jpg


    අදත් අපි කතා කරන්න යන්නේ රථවාහනවලට සම්බන්ද මාතෘකාවක් ගැනයි. ඒ ගැන කියන්න කලින් මුලින්ම මේ ලගදි තිබ්බ එළකිරි සම්මාන උළෙල ගැන වචන කීපයක් කියන්න ඕනේ. ඒක සංවිධානය කරපු අයටත් ,සෑම ඉසව්වකටම තමන්ගේ ඡන්දය පළ කරපු හැමෝටමත් මට එහිදි සම්මානයක් ලබා ගන්න නන් අයුරින් උදවු කරපු හැමෝටමත් මගේ හදපිරි ප්‍රණාමය පළ කරන්න කැමතියි.

    මම මීට කලිනුත් රථවාහන සම්බන්ද කරුණු කාරණා කීපයක් මගේ නූල් වලින් කතා කලා ගොඩක් දෙනෙක්ට මතක ඇති. ඒ සමහර කාරණා අද ලිපියටත් අදාල නිසා , ඒ දේවල් බලපු නැති අයට අදාල යොමු මම නූලේ අන්තිමට සදහන් කරන්නම්.


    ecm_02s.jpg


    8d7e86490588d41b617a3e86c11ea630.gif


    "ECU" -Engine Control Unit නැතිනම් එන්ජින් පාලක පද්ධති ගැන දැන ගන්න කලින් අපි මුලින්ම රථයක "PCM" Power-train Control Module එක නැතිනම් පරිඝනකය ගැන විස්තර ටිකක් දැන ගමු.

    37.jpg



    pcm.jpg






    මෙම පරිඝනක පද්ධතිය එන්ජින් පාලක පද්ධති ඇතුලු අනෙකුත් පාලක පද්ධතින් කීපයකම හදවත ලෙස හදුන්වන්න පුලුවන්.මුලින්ම "PCM" එකක් රථයකට සවිවුන කාලය වෙන්නේ 1980 දශකයයි. උදාහරනයක් විදිහට ෆොර්ඩ් සමාගම මාකර්ස් සහ ලිමිටඩ් (Marquis/Ford LTD) රථවලට "EEC" නමින් මෙලෙස පරිඝනක කොටසක් සම්බන්ද කිරිම හදුන්වන්න පුලුවන්. තවදුරටත් සදහන් කලොත් 1982 දි ජෙනරල් මෝටර් රථ සමාගම ඔවුන්ගේ බුයික් "Buick" රථවලට පරිඝනක පාලක පද්ධති සවි කිරිම සදහන් කරන්න පුලුවන්.

    1982 Buick Grand National coupe



    buick_grand-national-1982-87_r9.jpg
    Buick_Grand_National_1987_9.jpg


    Marquis/Ford LTD

    1989MercuryGrandMarquisAd01.jpg


    මුල්ම කාලේ ඇත්තටම මේ "PCM" කියන සංකල්පය යෙදුනේ නැහැ. මොකද කියනවානම් පැරණි රථවල ඒ ඒ අංගවලට වෙන වෙනම පාලක පද්ධති පාවිච්චි වෙච්ච නිසා. ඒ කියන්නේ උදාහරනයක් විදියට ගත්තෝත් එන්ජිමට අදාල කොටස් පාලනය කිරිම සදහා වෙනම පරිඝනක පාලක පද්ධතියක් "ECM-Engine Controle Module" සහ ගියර්-මාරු වීමට අදාල ක්‍රියාවලියට වෙනම පරිඝනක පාලක පද්ධතියක් "TCM-Transmission Controle Module" තිබිමයි.

    අධි වෝල්ටීයතා සැපයුම්, අනවශ්‍ය දෙදරීම් සහ කම්පන, දිරාපත්වීම්, අධික උෂ්ණත්වයන් වගේ කාරණා නිසා රථයක "PCM" ඒකට හානි පැමිනෙන්න පුලුවන්.

    ගොඩක් අයට දැන් ප්‍රශ්නයක් ඇති "PCM" එක සවි වෙන්නේ රථයක කොතනටද කියන එක! ඇත්තටම ඒක වාහනය මත රදා පවතිනවා. කාර් රථ , ජීප් රථ වගේ නම් ගොඩක් දුරට උපාංග පැනලය යට පෙදෙසෙ "Instrument Panel" ,රියදුරු ආසනය මත, නැතිනම් එන්ජිමට ආසන්නයේම වෙන්නත් පුලුවන්.




    මම ලිපි කීපයකින් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. "PCM" ගැන පොදුවේ කතා කිරිමට වඩා මම බලාපොරොත්තු වෙන්නේ "PCM" එක යටතේ ඇති පද්ධති ගැන වෙන් වෙන් වශයෙන් කතා කිරිමටයි. "PCM" එකක් යටතේ තිබිය හැකි ඒකක වර්ග කලොත් මෙන්න මෙහෙමයි.


    උදාහරණ විදියට

    1.එන්ජින් පාලක පද්ධතිය.(ECU)
    2.එන්ජිමෙන් බලය රෝදවලට බෙදා හැරිම පාලනය කිරිමේ පද්ධති (TCM)
    3.ස්වයංක්‍රීය තිරිංග පාලක පද්ධති (ABS)


    වගේ කොටස් තමයි "PCM" ඒකට අයත් වෙන්නේ.



    අද අපි වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ "ECU" නැතිනම් එන්ජින් පාලක පද්ධතීන් පිළිබදවයි. අනික් පද්ධතින් පිළිබද අපි පසුව දීර්ඝව කතා කරමු.


    "Engine Control Unit" ගැන දැනගනිමු.


    මුලින්ම "ECU" කියන්නේ "Engine Control Unit" නැතිනම් එන්ජින් පාලක පද්ධති. "ECU" කියලාත් "Electronic Control Unit" හදුන්වනු ලබනවා. ඒ කියන්නේ මෙහෙමයි සෑම ඉලෙක්ට්‍රොනික පාලක පද්ධතියක්ම පොදුවේ හදුන්ව
    න්නේ "ECU" කියන විදියටයි. මුල අකුරු සමාන නිසා පටලවගන්න එපා. අපි කතා කරන්න යන්නේ "Engine Control Unit" ගැනයි. මේ හැම දේටම පොදුවේ තමයි අර නම කිව්වේ.


    ඉතිහාසය.

    අද තියෙන මයික්‍රො-ප්‍රොසෙසර් මට්ටමින් නොවුනත් එන්ජින් පාලක පද්ධතියක් මුලිනම නිර්මාණය වෙලා තියෙන්නේ "BMW" සමාගමින්. ඒ "Kommandogerät" කියන ගුවන් යානා එන්ජිමට( code 801 14-cylinder aviation radial engine ). ඒ 1939 විතර. ඇත්තටම මම කලින් නූල් වලින් කතා කරපු තාක්ශන ක්‍රම වගෙම මේකටත් සංකලපය ඇවිත් තියෙන්නේ දෙවන ලෝක යුද සමයේදිමයි.ඒ කොහොම වුනත් මෙම මුල්ම එන්ජින් පාලක පද්ධතිය යාන්ත්‍රික එකක්, ඒ කිව්වේ වර්තමානයේ තියෙනවා වගේ මයික්‍රො-ප්‍රොසෙසර මගින් ස්වයංක්‍රීයව පාලනය වෙන ඒවා නෙමෙයි




    පහල තියෙන රූප ඉහත මම කිව්ව එන්ජිම සම්බන්දවයි...


    BMW801AssemblyLine.jpg


    BMW801-3.jpg


    BMW801-1.jpg


    BMW801kommandogeraet.jpg


    ඉන්පසු 1980 දශකයේ ඇනලොග් පද්ධති ජනප්‍රිය වීම ආරම්භ වුනා. මේ පද්ධති ඇනලොග් ක්‍රම මගින් ඒන්ජිමෙන් දත්ත ලබාගෙන , නැවත ඒවා ක්‍රියානය කර එන්ජිමට ලබාදිම සිදු කරලා තියෙනවා. පසුව ඒ කාලයෙදිම වගේ මේ ඇනලොග් ක්‍රමය වෙනුවට ඩිජිටල් පද්ධති හදුන්වා දී තිබෙනවා.ඒ කියන්නේ ඩිජිටල් මතකයක් පද්ධතියට ලබා දි තියෙනවා. ඒ කියන්නේ අපි දැන භාවිතා කරන පරිඝනක මවු පුවරු වල තියෙන මතකය නැතිනම් රොම් කියන කොටස වගේ.( ROM of a motherboard)එන්ජිමෙන් ලබා ගන්නා දත්තයන් රොම් එකේ තිබෙන ලුක්-අප්-වගු වල (look up tables)ස්ථාපිත කර, ඒවා මගින් නැවත නිවැරදි දත්තයන් සංසන්දනය කර, නිවැරදි අගයන එන්ජිමට ලබා දීම සිදු කර තියෙනවා.

    DSC00470.jpg


    IMG_0755.jpg


    ඊට පස්සේ හදුන්වා දී තිබෙන්නේ, අද කාලයේ භාවිතා වෙන ආකාරයට සමාන "ECU" පද්ධතින් වර්ගයි. මෙම පද්ධති වල විශේෂය වුනේ මයික්‍රොප්‍රොසෙසර් හදුන්වා දීමයි. මෙම මයික්‍රො ප්‍රොසෙසර් වලට ඇති ස්වයං තීරන ගැනිමේ හැකියාව නිසා මෙම පද්ධති "real time units" ලෙස හදුන්වනවා.මෙහිදි සෙන්සර් උපකරන භාවිතය අතවශ්‍ය වුනා, සෙන්සර් වලින් ලබා ගන්නා දත්ත මයික්‍රොප්‍රොසෙසර් එකට ලබාදි එන්ජින් පාලනයට අවශ්‍ය විධාන ලබා ගැනිම සිදු කරනවා."GM" සමගම 1980/81 දී කැඩිලැක් එන්ජින් වල, 1982 පොන්ටියැක් "Iron Duke engine" වරගයේ රථවලත්, කොර්වෙට් "Chevrolet L83 Cross-Fire" එන්ජින් වලත් මෙම පද්ධති භාවිතය ආරම්භ කරලා තියෙනවා


    form4-800-2.jpg


    Chevrolet L83 Cross-Fire



    Iron Duke engine of a crossfire


    අපි "ECU" එකක වැඩ කොටස සලකා බලමු.


    ECU%20architecture.gif


    1.එන්ජිමකට අවශ්‍ය කරන ඉන්ධන වායු මිශ්‍රනය හරියාකාරව ලබාදිම.(Control of Air/Fuel ratio)
    2.ඉග්නීශන් පද්ධතියේ ටයිමින්ග් හරියාකාවර පවත්වා ගෙන යෑම.(Control of ignition timing)
    3.එන්ජිම අයිඩල් තත්වයේ පවතින විට එන්ජින් වේගය පාලනය කිරිම.(Control of idle speed)
    4. එන්ජින බහු-වෑල්ව වල ක්‍රියාකාරිතවය පාලනය කිරිම.(Control of variable valve timing)
    5.කෑමි දඩු රහිත එන්ජින් වල වෑල්ව ක්‍රියාකාරිත්වය පාලනය කිරිම.(Electronic valve control)


    මම සදහන් කරපු කොටස්වල ක්‍රියාකාරිත්වයත්, එතකොට "ECU" එකක් ප්‍රොග්‍රැම් program කරන්න ඕනේ වෙන්නේ ඇයි?, එහෙම කරන්න පුලුවන් "ECU" මොනවද වගේ මාතෘකා අපි ඊලග නූලෙන් කතා කරමු.


    me-com-ecu.jpg


    මේ වීඩියෝස් බලන්න



    මේ තියෙන්නේ "ecu" ටියුනින්ග් කරන මෘදුකාංගායක් , අපි මේවා ගැනත් ලබන පාර නූලෙන් කතා කරමු







    මේ නූලගැන ඔබගේ අදහස් යෝජනා පහතින් පළකරලා, අනික් අයට මේ නූල බලන්න පුලුවන් වෙන්න බම්ප් එකක් දාලා යන්න. මේ නුලේ දෙවනි කොටසින් නැවතත් අපි හමු වෙමු. එලකිරි සැමදෙනාගේ දිරි ගැන්වීම් වල බොහොම ඉස්තූතියි. :yes::yes:

    පරණ ත්‍රේඩ්..

    ටර්බෝචාජර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1135564
    සුපර්චාජර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1148675
    ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1154690
    නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු...
    http://www.elakiri.com/forum/showthread.php?t=1159449

    2zg858i.gif


    8290085.gif
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    • Like
    Reactions: niko111

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Thank you machan !! Lankawe danata thiyene wahana walin mulinma ECU ekak awe mokadata kiyala ubata idea ekak thiyenewada?

    ලංකාවට ආපු ජපන් වාහනවලින් නම් මචන් හොන්ඩා(cvic) කාර් වලට තමයි මුලින්ම මේක ආවේ මම දන්න තරමින් 1992 ඉදන් වගේ, ඒ ඇරුනාම මෙහෙට එන ඇමරිකන්, ජර්මන් වාහන අඩු වුනත් 80 ගනන්වල ඉදලාම ඒවයේ නම් ඕක තිබ්බා, එන්ජිමක මොකකහරි සෙන්සර් යුනිට් එකක් තියෙනවානම් අනිවා.. ඒක මොකක් හරි කන්ට්‍රෝල් යුනිට් එකක් ඉන්පුට් එකක් මචන් :)
     

    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    Emission Control System Eaken Mokada karanne?

    Mama langa Toyota CR42 ECU eakak thiyenawa 3C-E Auto. kaatahari oonenam kiyanna.


    p5011867.jpg
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ලංකාවට ආපු ජපන් වාහනවලින් නම් මචන් හොන්ඩා(cvic) කාර් වලට තමයි මුලින්ම මේක ආවේ මම දන්න තරමින් 1992 ඉදන් වගේ, ඒ ඇරුනාම මෙහෙට එන ඇමරිකන්, ජර්මන් වාහන අඩු වුනත් 80 ගනන්වල ඉදලාම ඒවයේ නම් ඕක තිබ්බා, එන්ජිමක මොකකහරි සෙන්සර් යුනිට් එකක් තියෙනවානම් අනිවා.. ඒක මොකක් හරි කන්ට්‍රෝල් යුනිට් එකක් ඉන්පුට් එකක් මචන් :)

    ae kiyanne EG 8 ne. :cool:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Emission Control System Eaken Mokada karanne?

    Mama langa Toyota CR42 ECU eakak thiyenawa 3C-E Auto. kaatahari oonenam kiyanna.

    මචන් එමිශන් කන්ට්‍රොල් කරන්න වාහනෙක යුනිට්ස් කීපයක් එනවා,EGR VALVE, CATALYTIC CONVERTER, AIR PUMP, PCV VALVE, CHARCOAL CANISTER. වගේ ඔය හැම එකකින්ම කරන්නේ වාහනේන් එලියට එන පිටාර වායුවේ තියෙන, විශ වායු ප්‍රමනාය හැකි තරම පාලනය කරන එක, නැතිනම් ඒවා හිතකර සංඝටක බවට පරිවර්තනය කරන එක , අපේ රටේ නම් මම දන්නේ නැහැ, නමුත් ගොඩක් ඇමරිකාවේ ප්‍රාන්තවල , යුරෝපයේ එහෙම සැරටම බලනවා ඕක, උදාහරනයක් විදියට මැස්ඩා RX8 වගේ වාහන අලුතින්ම කන්වර්ට් කරන්න වුනා ඔය මාර්කට් වලට :):)
     
    Last edited:
    • Like
    Reactions: actinide