කොටස් වෙලද පොලේ ආරම්භය

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කොටස් වෙලද පොලේ ආරම්භය

    එකමත් එක රටක ගමක් තිබුනා.මේ ගම තිබුනේ ලොකු කැලෑවක් ලග.ගමේ මිනිස්සු ජීවත් උනේ ගොවිතැන් කරලා.

    මේ ගමේ හිටියා ටිකක් අලුත් විදියට හිතන මිනිහෙක්. දවසක් මෙයා ගමේ ප්‍රචාරයක් යැව්වා එයා වදුරොන්ව රුපියල් 10කට මිලදීලා ගන්නවා කියලා.ගම ලග තිබුනු කැලෑවේ වදුරෝ ගොඩක් හිටියා,ඒ නිසා ගමේ හැම මිනිහම තමන් ගේ සියලුම වැඩ නවත්තලා කැලේට ගිහිල්ලා වදුරෝ අල්ලන්න පටන් ගත්තා.අර මිනිහත් ගම්මු කැලෙන් අල්ලගෙන එන හැම වදුරටම රුපි යල් 10 ගානේ දීලා උන්ව ලොකු කූඩුවකට දැම්මා. මේ විදියට මේ මනුස්සයා වදුරෝ දහස් ගානක් ගම්මුන් ගෙන් මිලදී ගත්තා.

    ටික දවසක් යනකොට කැලේ වදුරෝ හිග වුනා,මිනිස්සු අල්ලගෙන එන වදුරෝ ගානත් දවසින් දවස අඩු උනා. එතකොට මේ මිනිහා ගමේ අලුත් ප්‍රචාරයක් යැව්වා එයා දැන් වදුරෙක්ට රුපියල් 20ක් දෙනවා කියලා.මේ අලුත් ප්‍රචාරයෙන් ධෛර්යමත් වුන ගම්මු ආපහු කැලේ ගොඩක් දුරට ගිහිල්ලා වදුරෝ අල්ලගෙන ඇවිල්ලා මිනිහට විකිනුවා.

    ටික දවසක් යනකොට ආයෙත් කැලේ වදුරෝ හිග වුනා. ඉතින් ගම්මු වදුරෝ අල්ලන එක නවත්තලා ආයෙත් තමන් ගේ කුඹුරු වල වැඩ කරන්න පටන් ගත්තා. අර මිනිහා තව පාරක් ගමේ ප්‍රචාරයක් යැව්වා වදුරෙක්ට රුපියල් 25ක් දෙනවා කියලා.ඒත් මිනිස්සු අරන් එන වදුරෝ ප්‍රමානයේ ලොකු වැඩි වීමක් වුනේ නෑ. මේ වෙනකොට කැලේ වදුරෙක් දකින්නවත් හිටියේ නෑ.

    අවසානයේ මේ මිනිහා ගමේ ප්‍රචාරය කලා වදුරෙක්ට රුපියල් 50ක් දෙනවා කියලා. මේ ප්‍රචාරය කරලා පහු වෙනිදා මිනිහා එයාගේ රාජකාරි වැඩකට ටික දවසකට ලග තිබුනු නගරයට ගියා. මිනිහා ගමේ නැති නිසා වදුරෝ මිලදී ගන්න වැඩේ කලේ මේ මිනිහගේ සේවකයා.දවසක් ගමේ හැම මිනිහෙක්ටම වදුරෝ ඉන්න විශාල කූඩුව ලගට එන්න කිව්ව සේවකයා මෙහෙම කිව්වා,

    "මම මේ වදුරොන්ව ඔයාලට රුපියල් 35 ගානේ විකුනන්නම්,මගේ හාම්පුතා ආවම ඔයාලට පුලුවන් ඒ වදුරොන්ව රුපියල් 50ගානේ එයාට විකුනන්න"කියලා.

    ගමේ මිනිස්සුන්ට තේරුනා වැඩේ තමන්ට වාසිදායක බව,එක වදුරෙකුගෙන් රුපියල් 15ක් ලාභයි.ඉතින් ඒ මිනිස්සු තමන් ඉතුරු කරලා තියන සියලුම මුදල් වැය කරලා,තමන් ගේ ඉඩ කඩම් උකස් කරලා පුලුවන් තරම් වදුරොන්ව මිලදී ගත්තා.

    එදායින් පස්සේ ආයේ කවදාවත් ගමේ මිනිස්සු අර මිනිහවත් ඒ මිනිහගේ සේවකයවත් දැක්කේ නෑ.හැබැයි ගම පුරාම වදුරෝ හිටියා.

    මෙන්න මේකයි කොටස් වෙලද පොලේ ආරම්භය.