මහින්ද සහ ෆොන්සේකා
දුටුගැමුණු රජතුමා දස මහා යෝධයින් සමග එක්ව සොලීන් පැරදුවේය. ලක් මෑණිය උන්ගෙන් බේරා ගත්තේය. මේ සිදුවීම ඉතිහාසයේ ලියවෙන්නේ දුටුගැමුණු රජුගේ නමිනි. ක්‍රෙඩිට් එක යන්නේ දුටුගැමුණු රජතුමාට ය. " නීලමහා යෝධයා ලංකාව සොලීන්ගෙන් බේරා ගත්තේය" යන්න කවුරුත් කියන්නේ නැත. දසමහ යෝධයින්ගේ දස්කම් ගැන ලියවුණු කතා ඇතත් ඉතිහාසය ඒවා ගැන උදම් අනන්නේ නැත. අතීතයේ පැවති යුද්ධ වලදී ද සෙබලුන්ට අත් පා අහිමි ව්න්නට ඇත. බිරියන්ට ස්වාමී පුරුෂයින් අහිමි වන්නට ඇත. දරුවන්ට පියවරුන් අහිමි වන්නට ඇත. නමුත් ඉතිහාසයට මේවායින් ඵලක් නැත. ඉතිහාසය ක්‍රෙඩිට් එක දෙන්නේ යුද්ධය දිනූ රජතුමාට ය.
එසේ නම් තිස්වසරක් පැවති යුද්ධය අවසානයේ එහි ජයග්‍රහණයේ පරම හිමිකරු විය යුත්තේ කවුරුන්ද? ඉතිහාසයට අනුව ඒ මහින්දය. ෆොන්සේකා යුද්ධය දින වූයේ නැත. දහස් ගණනක් වූ සිංහල කොල්ලන්ගේ ලේ, මස්, දාඩිය තුලින් යුද්ධය දින්නේ නැත. යුද්ධයෙන් මියගිය, අබාධිත වූ සෙබලුන්ගේ පවුල්වල අය හෙලන කඳුලු ගංගා මතින් යුද්ධය දින්නේ නැත. යුධ ජයග්‍රහණය ඔවුන්ට හිමි නැත. ඒ එයට දැනටමත් හිමිකාරයෙක් සිටින නිසාය. මහින්දත්,ෆොන්සේකාත්,ඔබත් මමත් නැති දවසක එදාට ජීවත් වන පරම්පරාවද යුද ජයග්‍රහණයේ පරම හිමිකාරිත්වය පවරන්නේ මහින්දට ය. එය කෙතරම් සාධාරණ ද?
යුද්ධය නිම කරනවා නම් එය කිරීමට නියම කාලය වූයේ ප්‍රේමදාස යුගය ලෙස අපි දකිමු. කොටින්ගේ පිරිස් බලයත්, ආයුධ බලයත්, තාක්ෂණයත් අදට සාපේක්ෂව එදා හීනය. එදා කොටි සංවිධානය අද මෙන් අන්තර්ජාතික වශයෙන් බලවත් නොවීය. මිලියන ගණනින් විදේශ ආධාර අද මෙන් එදා ඔවුනට ලැබුනේ නැත. ත්‍රස්තවාදී සංවිධානයකට වඩා ආණ්ඩුවකට අවශ්‍ය තරම් පිරිස් බලයත්, ආයුධත්, අධාරත් ලබා ගැනීමේ හැකියාවක් ඇත. එදා ආණ්ඩුවේ හමුදාව සතුව දක්ෂ යුධ නායකයින් සිටියේ ය. මේ සියල්ලත් එසේ තිබියදී ප්‍රේමදාසට අවශ්‍යය වූයේ යුද්ධය නිම කිරීමට වඩා තම දේශපාලන ආධිපත්‍යය පතුරුවා ගැනීම බව අපට පෙනේ. ප්‍රතිඵලය වූයේ කොටි බලවත් වීමය. චන්ද්‍රිකා යුගයද මීට වෙනස් නොවිණ. යුධ ජයග්‍රහණ පෙනි පෙනී මෙහෙයුම් නවත්වා දමන තත්වයක් එකල තිබිණ. මුදලට හමුදා සැලසුම් විකුණන හමුදා නායකයින් එකල අපට සිටියේ ය. ආණ්ඩුවේ ඉහළ තැන්වල උදව් උපකාර නොමැතිව මේවා සිදුවන්නට හැකියාවක් නැත. ප්‍රතිඵලය චන්ද්‍රිකා යුගයේ ද කොටි තව තවත් ශක්තිමත් වීමය. ප්‍රේමදාස, චන්ද්‍රිකා යුගවලටත් වඩා රනිල් යුගයේදී කොටි ආයුධ අතින් තව තවත් ශක්තිමත් වූ බව සැවොම දන්නා කරුණකි.
චන්ද්‍රිකාගෙන් පසුව රටේ සේනාධිනායකයා වන්නේ මහින්ද ය. ඔහු සේනාධිනායකයා වන්නේ අලුතින් ආරම්භ කළ හමුදාවක නොව, චන්ද්‍රිකා යටතේම පැවති හමුදාවේය. චන්ද්‍රිකා සමයේ සිටි යුධහමුදාපතිවරු ලංකාවෙන් බිහි වූ අය වූයේ ය. මහින්දගේ යුධහමුදාපතිවරුද එසේම ය. ඔවුන් ඇමරිකාවෙන්වත් රුසියාවෙන්වත් ආනයනය කළ අය නොවේය. ඔවුන්ද ලංකාවේම ඉපදී මෙහිම හැදී වැඩී මෙහිම පුහුණුව ලත් අය වූයේය. ඒ අනුව චන්ද්‍රිකා මහින්ද යුග දෙකෙහි බොහෝ දේවල් බොහෝ දුරට සමානය බව පෙනෙණ කරුණකි. එහෙත් යුද්ධය දිනුවේ මහින්දගේ යුගයේදී ය. පෙර සඳහන් කල ඉතිහාසය මහින්දට යුධ ජයග්‍රහණයේ පරම හිමිකාරිත්වය පවරන්නේ ඒ නිසාය. ඒ අනුව විජයග්‍රහණයේ පරම හිමිකරු මහින්ද බව සාහිත්‍යයම වශයෙන් අපි පිළිගනිමු. අනාගතයේ දී ඉතිහාසය යතාර්ථයක් ලෙස අනාගතයේ ජීවත් වන උන් දකිනු ඇත. ඒ අනුව අනාගත ඇසින් යුද්ධයේ හිමිකරු නැවතත් මහින්ද ලෙසම අපි දකිමු.
යථාර්තයත්-ඉතිහාසයත් යන මේ දෙකම විසින් යුද ජයග්‍රහණය මහින්දට පවරා ඇති මොහොතක එය වෙනස් කිරීමට යාමෙන් සිදුවන දේ ෆොන්සේකා අපට පෙන්වා ඇත. ඒ තුළින් ඔහුට ඔහුගේ බොහෝ දේ අහිමි විය. දැන් ඔහු ඇද වැටිය යුතුය. ගිලන් ඇඳට වී විකාරෙන් මෙන් දෙඩවිය යුතුය. හැඬිය යුතුය. තම ජීවිතය තොර කර ගැනීමට උත්සහ කළ යුතුය. විශ්මය නම් ඔහුගේ දෑස් තුළ බියක් නොමැත. ඔහුගේ මුහුණ සුදුමැලි වී නැත. සියලු ගැටලු මැද මේ ශක්තිමත් මිනිසා ගස් ගල් පෙරලී යන සැඩ සුළඟක නොසැල්වී සිටින හස්තියකු මෙන් නොසෙල් වී සිටිනු දක්නට ඇත. ඔහු සතු මේ දරාගැනීමේ විශිෂ්ඨ මානසික ශක්තිය මිහිතලය මත අන් අයකුට ඇත්දැයි ප්රශ්නයකි. සිරෙන් නිදහස්ව පැමිණි ඔහුගෙන් පිටවන වචන වල අධිෂ්ඨාන ශක්තියත්, ධෛර්යයත් කැටිව පවතී. කොටින්ම කියතොත් ඔහු ශ්‍රේෂ්ඨ පෞර්ෂයකින් හෙබි මිනිසෙක් බව කිව යුතුය.
හමුදා කාලය තුළ දැවැන්ත පෞර්ෂයක් උරුම කර ගත්තද දේශපාලනීකරණයට ලක්වීමෙන් පසු ෆොන්සේකාටද මුල අමතක වී ඇති බව පෙනේ. තමා යුධහමුදාපති වන්නේ මහින්ද නිසා බව හෙතෙම අමතක කොට ඇත. මහින්ද තමාව යුද හමුදාපති කිරීම, මහින්දට විරුද්ධ පක්ෂයකින් ඦන්ද ඉල්ලීමට බාධාවක් නොවන බව සැබෑය. ඒ ඒ සඳහා තමාට අයිතියක් ඇති නිසාය. යම් පුද්ගලයෙකුට 'අයිතීන්' හිමිවන්නේ නීතියෙන් සහ සමාජයෙනි. එනම් බාහිර ලෝකයෙනි. නමුත් සදාචාරය පුද්ගලයෙකුගේ ඇතුලාන්තයෙන් ගොඩ නැගෙන්නකි. තමාව හමුදාපති කළ, තමා සේවය කළ නායකයාට විරුද්ධව වෙනත් පිරිසක් සමඟ නැගී සිටීමට ෆොන්සේකාට සදාචාරාත්මක අයිතියක් ඇත්දැයි අපි විමසමු. ඦන්දයෙන් ජයග්‍රහණය කොට තමා ජනාධිපති වූයේ මහජනතාවගේ ඦන්දයෙන් බව ඔහුට අමතක වුවහොත් කුමක් නම් සිදුවිය හැකිද ? කොළඹ නගරයේ තැන් තැන් වල දක්නට ලැබෙන පෝස්ටරයකි. " කෙලෙහි ගුණ නොදත් සරපයා නිදහසේ. ප්‍රවේශම් වන්න" යැයි එහි සඳහන් වේ.මෙහි සරපයා ෆොන්සේකාය. යුද්ධය දිනවූ හමුදාවක නායකයෙකුට මෙවන් නමක් පට බැඳීම නම් කෙතරම් අවාසනාවක්ද ? මේ සියල්ල ඔහුට සිදුවූයේ 'දේශපාලන හිවලුන්ගේ' කපටි බස් වලට රැවටීම නිසා බව අපට හැඟේ.
මහින්ද කපටිය. ඌරාගේ මාලු උගේ ඇඟේම තබා කැපීමට මහින්ද දනී. වසර 45ක දේශපාලන අත්දැකීමෙන් මහින්ද මේ දේවල් ඉගෙන ගෙන ඇත.ෆොන්සේකා ඒ දේවල් කිරීමට දන්නේ නැත. ඔහු දන්නේ ටාගට් එකට යෑමට පමණි. දැන් ද ඔහු කරන්නේ එයය. තමන්ට මොනදේ උනත් ඔහු මේ උත්සහ කරන්නේ තමන්ගේ ටාගට් එකට යෑමට ය. යුද්ධයේ ටාගට් එකට යෑම ලේසිය. නමුත් මහින්දත් එක්ක ටාගට් එකට යෑම නම් ලේසි නැත. ෆොන්සේකා එය තේරුම් ගත යුතුය.ෆොන්සේකා තම ජීවිතය මව්බිම වෙනුවෙන් කැප කල ශ්‍රේෂ්ඨ මිනිසෙකි.තමන්ට කිරීමට ඇති වැඩ කොටසටත් වඩා කොටසක් රට වෙනුවෙන් සිදු කළ පුද්ගලයෙකි. ඊට වඩා යමක් ඔහුගෙන් මේ මාතෲ භූමිය අපේක්ෂා නොකරනවා ඇත. කායික වශයෙන් තරමක් දුර්වල ඔහුට සියල්ලෙන් නිදහස්ව සැනසීමෙන් සිටීමට මේ හොඳම කාලය බව අපේ හැඟීමය.
පුද්ගලික ගති පැවතුම් කෙසේ වුවත් මහින්දත්-ෆොන්සේකාත් එක් වූ තැන යුද්ධය ජයගත්තේ ය. ඔවුන් දෙදෙනාම ලක්මෑණියන්ගේ පිනට උපන් පුතුන් දෙදෙනෙකි. අපි දෙදෙනාටම එක්වන්ව දීර්ඝායුෂ පතමු.
I hate copy & paste. Please provide your feedback

*****

Last edited: