මළ බද්ධය |Constipation ගැන යමක්...

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මළ බද්ධය |Constipation ගැන යමක්...

    වැසිකිළියේ බොහො වෙලාවක් රැදි සිටිමෙන් මළබද්ධය ඇති වෙන්න පුළුවන්


    ‘හරි වැඩේනේ, නිතරම මගේ බඩ වේලවනවානේ
    Toilet යන්නේ හරි අමාරුවෙන්. Toilet ගිහිල්ලා අවශ්‍යතාවය ඉටුකර ගන්නට පැය භාගයක් විතර ඉන්නට වෙනවා. මේක මට මානසික වදයක්. සරත් නිතරම මැසිවිලි නගන්නට වූයේ ඔහුට දිනපතාම මුහුණ දීමට සිදුවී ඇති මේ අසාමාන්‍ය තත්ත්වය නිසයි.
    එය සරත්ට පමණක් නොවෙයි. අද බොහෝ දෙනෙකුම මැසිවිලි නගන ප්‍රශ්නයක් මළ බද්ධය නොහොත්
    Constipation නැමැති මේ අපහසුතාවයෙන් පීඩා විඳින උදවිය වෙනුවෙන්ම ඔවුන්ට යම්කිසි සහනයක් සැළසීමේ අරමුණින්ම අප යොමු වුණේ ආන්ත්‍රික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු වෙත. ඔහු ජාතික රෝහලේ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතායි.


    මළ බද්ධය නොහොත් Constipation පිළිබඳව විග්‍රහයක් කරන්න ?
    නිරෝගී පුද්ගලයෙකු දිනකට වරක් හොඳීන් මළපහ කළ යුතුයි. මේ මළපහ නොහොත් අසූචිවල ස්වභාවය විය යුත්තේ සුමුදුව
    (Smooth) විශාල ප්‍රමාණයකින් (Bulk) සමන්විත වීමයි. මෙලෙස නියමාකාරයට සුමුදු ලෙස මළපහ පිට නොවී ඉතාමත් ඝන වී ගල්මෙන් තද භාවයෙන් යුතුව තිබේ නම් එයයි මළ බද්ධය ලෙස හඳුන්වන්නේ. ඒ සමඟම අසූචි පිටවන මාර්ගය මේ හේතුවෙන් තුවාල වී ඇත්නම් මෙයත් මළබද්ධය ලෙස හඳුන්වනවා.


    මළ බද්ධය ඇතිවන්නේ කෙළෙස ද ?
    මළබද්ධය ඇති වන්නේ මළපහ හරියාකාරව නොකිරීමෙන් මළපහ හරියාකාරව පිටවන්නට නම් බඩවැල්වල තිබෙන පේශිවල ක්‍රියාකාරීත්වය නිසි අයුරින් සිදුවිය යුතුයි. පේශිවල ක්‍රියාකාරීත්වය මනාව සිදුවීමට නම් බඩවැල්වල ප්‍රමාණයේ විශ්කම්භයට මළපහ තිබිය යුතුයි. මළපහ පේශිවල ක්‍රියාකර ඉවතට තල්ලුවිය හැකි තත්ත්වයක් ලෙස තිබීම ඉතා අවශ්‍යයයි. එසේ නොමැති වූ විට බඩවැල්වල ක්‍රියාකාරීත්වය අක්‍රීය වනවා. එවිට සුමුදු ලෙස මළපහ පිටවීම සිදුවන්නේ නැහැ. එවිට මළබද්ධය ඇති වෙනවා.


    මළ බද්ධය ඇතිවීමට බලපාන සාධක මොනවා ද ?
    බඩවැල්වලට වතුර හිඟවීම සහ නිසි අයුරින් ආහාර ජීර්ණ නොවී කොටස් වශයෙන් තිබීම අප ගන්නා ආහාර ජීර්ණවීම සඳහා සිරුර තුළ නිපදවන එන්සයිමවලට අමතරව ජලය අත්‍යවශ්‍ය වෙනවා. ජලය පානය කිරීම නිසා නිසි ආකාරයට ආහාරය දිරවීමට ලක් වෙනවා. ජලය නොමැති නම් දිරවීම පමා වී බඩවැල් තුළ ඒ නිසි කාර්යය ඉටු වෙන්නේ නැහැ.


    දෙවැනි කරුණ වන්නේ කෙඳි සහිත ආහාර සහ පලතුරු අනුභවයයි. කෙඳි සහිත ආහාරවල ඇති තන්තුමය කොටස් නිසා ආහාර දිරවීමට එය පහසුවක්. ඒ නිසා මළ බද්ධය ඇති වන්නේ නැහැ.

    a-29.jpg

    පලතුරු අනුභව කිරීමෙන් මළ බද්ධය නැති වනවා. හේතුව පලතුරුවල තිබෙන එන්සයිම වර්ග ආහාරවල තිබෙන ප්‍රෝටීන් කුඩා අනුවලට කැඩීමට උදව් කරනවා. ප්‍රෝටීන් පමණක් නොවෙයි පලතුරුවල තිබෙන එන්සයිමවලට ආහාරවල ඇති වෙනත් සංඝටක අංශුවලට කැඩීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ආහාරය පහසුවෙන් ජීර්ණ වෙනවා. එවිට මළපහ සුමුදු ලෙස පහ වී යනවා.

    උදාහරණයක් වශයෙන් ගත්කළ පැපොල්වල තිබෙන පැපේන් නැමැති එන්සයිමය නිසා ආහාර කුඩා අංශුවලට කැඩීමට උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම පලතුරක් තුළ ආහාර පහසුවෙන් ජීර්ණ කිරීමට සුදුසු එන්සයිම තිබෙනවා.
    උදාහරණ ලෙස ගස් ලබු කෙසෙල්, අඹ, අන්නාසි වැනි පලතුරු විශේෂයි. අන්නාසිවල තමයි ආහාර ජීර්ණයට පහසුවෙන් අවශෝෂණය කළ හැකි එන්සයිම වැඩිපුරම තිබෙන්නේ. ලංකාවේ ආහාරයෙන් පසු අතුරුපසක් ලෙස පලතුරු ආහාරයට ගැනීම යහපත් පුරුද්දක්.

    ඔබ පැවැසුවා මළපහ ප්‍රමාණාත්මකව
    Bluky ලෙස තිබීමෙන් මළ බද්ධය ඇතිවීම වළක්වාගත හැකියි කියා. එසේ නම් මහපරිමාණයෙන් ආහාර අනුභව කිරීම පිළිබඳ දක්වන අදහස කෙලෙස ද ?


    අප ගන්නා ආහාර ප්‍රමාණය මත පමණක් නොවෙයි, මළපහ ප්‍රමාණය රඳා පවතින්නේ. අප කොපමණ ආහාර අනුභව කළත්, ඒවා අවශෝෂණය කරන ප්‍රමාණයක් තිබෙනවා. අවශෝෂණය කිරීම පාලනයට සිරුර තුළ යාන්ත්‍රික ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ ක්‍රියාවලිය නිසා අප ලබා ගන්නා සියලුම ආහාර අවශෝෂණය නොවී අනවශ්‍ය කොටස් ඉවත්ව යනවා.


    එම නිසා අප ගන්නා ආහාරයේ ප්‍රමාණය මත මතුවන ප්‍රමාණය රඳා පවතින්නේ නැහැ. තමන් ආහාරයට ගන්නා ප්‍රමාණය තුළ තිබෙන තන්තුමය ආහාර ජලය ආදිය මතයි.
    Smooth මෘදු බවින් යුක්තව මළපහ පිට වන්නේ. උදාහරණ ලෙස ජලය ඕනෑවට වඩා පාවිච්චි කළොත් අපේ සිරුරට උරාගන්නේ අවශ්‍ය ප්‍රමාණය පමණයි.


    ඇතැමුන්ට ඇතිවන ලෙඩ රෝග නිසා මෙම යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. එවැනි උදවියගේ ආහාර වැඩි ප්‍රමාණයක් අවශෝෂණය වීම සිදු වී වෙනත් රෝගවලට මඟ පෑදීමක් සිදු වෙනවා.


    මළ බද්ධය වැඩියෙන් ඇති වෙන්නේ ජලය නිසි ප්‍රමාණය අපට නොලැබීමෙන් සාමාන්‍යයෙන් ආන්ත්‍රික රෝගාබාධයන්ගෙන් ආරක්ෂාවීමට ජලය පාවිච්චි කළ යුතු අන්දම පවසන්න ?


    දිනකට ජලය ලීටර් 2 1 / 2 පමණ පානය කළ යුතුයි. එවිට මළ බද්ධය ඇතිවීම බොහෝ දුරට වළක්වා ගත හැකියි. සාමාන්‍යයෙන් අපි පිපාසයට වතුර බොනවා. පිපාසය නැතිනම් වතුර බොන්නේ නැහැ. ඒක තමයි නරකම කටයුත්ත.
    සාමාන්‍යයෙන් වායුසමීකරණවලින් යුක්ත කාර්යාලවල රැකියාව තිබෙන උදවියට නිතරම ජලය පෙවෙන්නේ නැහැ. අවශ්‍ය පමණට ඔවුන් බොන්නේ ඉතාමත් අවම ජලය ප්‍රමාණයක්.


    සාමාන්‍යයෙන් වායු සමීකරණය කරන ලද කාමරවල සිටීමේ දී දහදිය ලෙස සිරුරේ වතුර පිටවෙනවා අඩුයි. වතුර රැඳෙනවා. එවිට තිබහ දැනෙන්නේ නැහැ. නමුත් බඩවැල්වලට වතුර අවශ්‍යයි. ආහාර ජීර්ණය පිණිස බඩවැල්වලට වතුර ලැබෙන්නේ නැත්නම් මළබද්ධය ඇති වෙනවා. ඒ නිසා වායු සමීකරණය කළ ස්ථානවල සිටින උදවිය මතක් කරලා හෝ වතුර නිතරම බීමට අවශ්‍යයි.


    මළබද්ධය නිසා කහල මාර්ගයේ ලේ යෑමක් සිදුවනවා නේ ද ?
    a-28.jpg

    මළබද්ධය නිසා නොදිරවූ ආහාර ඝනකමට කහල මාර්ගයෙන් පිට වනවා. එවිට කහල මාර්ගයට දැනේනේ තද අපහසුවක්. මේ අපහසුව නිසා කහල මාර්ගය පුපුරා රුධිරය වහනය වනවා. අනතුරුව ඒ කපාටය විවෘතවී උත්තේජනයවී මළබද්ධය වැඩි වනවා. මළපහ කිරීමට අපහසුවී තටමන්නට බැරි තත්ත්වයක් උදාවනවා.


    එවිට දැඩි වේදනාවක් ඇති වෙනවා. එවිට බොහෝ මළ පහ යවා ගන්නට ආයාසයෙන් තැටමීම කරනවා. මේ උත්සාහයෙන් කරන තැටමීම නිසා කහල මාර්ගය කෙළවර තෙරපීමක් ඇති වී ශිරා වාහිනිවලින් රුධිරය ඉහළට යෑම අවහිර වනවා. එවිට ශිරාවාහිනිය විස්තාරණය වන්නට පටන් ගන්නවා. එවිට මෙහිදී ඇතිවන පීඩනය නිසා ශිරාවාහිනි පුපුරා ගොස් ගුද මාර්ගය ආරක්ෂා කිරීමට තිබෙන ගුද කොට්ට තෙරපීමට ලක් වෙනවා.


    මොනවද මේ ගුද කොට්ට කියලා කියන්නේ ?

    ගුද මාර්ගය ආරක්ෂා කිරීම පිණිසයි. ගුද කොට්ට පිහිටා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මළ බද්ධය ඇතිවිම නිසා ගුද කොට්ට විශාල වී පිපිරීමකට ලක් වෙනවා. පිපිරීමේ දී රුධිරවාහිනි ඔස්සේ රුධිරය පිට වනවා. මේ අවස්ථාවේ දී රුධිරය පිට වන්නේ ලේ විදිමින් අනතුරුව. ගුද කොට්ට තෙරපීමකට ලක්වී ගෙඩිමෙන් එළියට පැමිණෙන්නට පටන් ගන්නවා. මේවා තමයි අර්ශස් ගෙඩි ලෙස හඳුන්වන්නේ. මළබද්ධයේ දරුණුම ප්‍රශ්නය තමයි අර්ශස් ගෙඩි හට ගැනීම නිතරම තැටමීම නිසාම මේ අර්ශස් ගෙඩි පුපුරා ලේ විදින්නට පටන් ගන්නවා.


    මළබද්ධය තිබෙන කෙනෙකුට ලබාදෙන ඔවදන කුමක් ද ?
    නිතරම වතුර පානය කිරීම, කෙඳි සහිත ආහාර අනුභවය, ඉදුනු පලතුරු ආහාරයට ගැනීම වැනි දේවල් නිසා මළබද්ධය මඟ හරවා ගන්නට පුළුවන්.
    කෝපි වැනි දේ බීමෙන් වැළකිය යුතුයි. හේතුව කෝපිවල ඇති කැෆේන්වලින් මළබද්ධය ඇතිවන්නට පුළුවන් නිසා. ඒ සමඟම චොකලට් ආහාරයට ගැනීමෙන් ද වැළකිය යුතුයි.


    චොකලට්වල ඇති කොකෝවාවලට මළබද්ධය ඇතිවිය හැකි නිසා ඇතැමුන් අධික වේලාවක් වැසිකිළියේ සිටිනවා. ඇතැමුන් පොත් පත්තර රැගෙන වැසිකිළියට ගොස් පත්තර කියවනවා. නමුත් ඒ අය පැමිණි රාජකාරිය නිම වී හෝ නිම නොමැති වුණත් ඔවුන් නොදැනුවත්ම තැටමීමක් සිදුවනවා. එය මළබද්ධයට හේතුවක්. එබැවින් නිකරුණේ පැය ගණන් වැසිකිළියේ රැඳෙන්නට එපා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දවසම අපහසු කරන මළ බද්ධය ඇති වන්නේ ඇයි?

    දවසම අපහසු කරන මළ බද්ධය ඇති වන්නේ ඇයි?


    "බලන්නකෝ ඩොක්‌ටර් පුතා දැන් දවස්‌ තුන හතරකින් ටොයිලට්‌ ගියේ නෑ නේ." යන්න වෛද්‍යවරුන් හමුවට පැමිණෙන මාපියන් ගේ සුලබ පැමිණිල්ලකි. මළ බද්ධය (Constipation) කුඩා දරුවන් අතර සුලබ රෝගී තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය.

    දරුවා කලින් මළපහ කළ ආකාරය සමඟ සංසන්දනය කිරීමෙන් මෙය හඳුනාගත හැකිය. එනම් මළ බද්ධයේ දී මළපහ කරන වාර ගණන කලින් අවස්‌ථාවන්ට වඩා අඩු වෙයි. මළවල සංයුතිය ඝන (Solid) වෙයි. මීට පෙර අවස්‌ථාවලට වඩා වැසිකිළි යාමේදී මළ පිට කිරීමට අපහසුවක්‌ දැනෙයි. මළ බද්ධය සමඟ අත්වැල් බැඳගත් අනෙක්‌ වැදගත් රෝගී තත්ත්වය නොදැනුවත්වම ඇඳුම් වල මළ පිට කිරීමයි. Soilling ලෙස මෙය වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වයි.

    සාමාන්‍ය දරුවකුගේ මළ පහ කිරීම එක්‌ දරුවකුගෙන් තවත් දරුවකුට වෙනස්‌ වන ස්‌වරූපයක්‌ පවතියි. මවුකිරි බොන ළදරුවන් සමහර විට දින කිහිපයකට මළ පිට කරන්නේ නැත. මළ බද්ධය ඇති වූ පසුව දරුවෝ වැසිකිළි යාමේ දී අධික වේදනාත්මක බවක්‌ දක්‌වති.

    අධික උණ රෝගයකින් පෙළෙන අවස්‌ථාවක දී හෝ ගුද මාර්ගය අසල තුවාල, පැලුම් (Fissures) පවතින අවස්‌ථා වල දී එම රෝගී තත්ත්වයන් ඉවත් වී යන තුරු තාවකාලික මළ බද්ධයෙන් පෙළේ. අමතර ලෙස දියර ගැනීම, මළපහ බුරුල් වී යන බෙහෙත් (Laxatives) මෙහිදී ප්‍රතිකාර ලෙස ලබාගත යුතුය.

    මීට අමතරව බලෙන් වැසිකිළි යාමට පුරුදු කිරීම, තමාට නුහුරු නුපුරුදු පරිසරයක වැසිකිළි යාමට සිදු වීම, පාසලේ හෝ විනෝද චාරිකාවක දී අපිරිසිදු වැසිකිළි වලට යාමට සිදු වීම, මානසික ගැටලූ ආදිය ද කුඩා ළමයින්ගේ මළ බද්ධයට ප්‍රධාන ලෙස හේතු වෙයි.


    මළ බද්ධයට බලපාන ප්‍රධාන හේතු

    * ගුද මාර්ගයේ අවහිරතා පැවතීම

    * ගුද මාර්ගය නියමිත ස්‌ථානයේ නොපිහිටීම . මෙහි දී බොහෝ විට ගුද විවරය වෘෂණ කෝෂ අසල හෝ යෝනි මාර්ගය තුළට විවර වෙයි.

    * ස්‌නායු සෛල නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, හර්ෂ්ස්‌ප්‍රන්ග් (Hirschsprungdiseas) රෝගය. මෙහිදී ස්‌නායු ගැංග්ලියන් නොපිහිටීම නිසා අන්ත්‍රයේ ක්‍රමාකුංචන නිසි පරිදි සිදු නොවෙයි.

    සුෂුම්නාවේ ආබාධ ඇතිවීම


    හෝර්මෝන අසමතුලිතතා

    මෙහිදී ප්‍රධාන වශයෙන් තයිරොයිඩ් හෝර්මෝන අඩුවෙන් ස්‍රාවය, පැරත් හෝර්මෝනය අඩුවෙන් ස්‍රාවය ප්‍රධාන වෙයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතා හඳුනාගන්නා ප්‍රධාන රෝග ලක්‌ෂණයක්‌ වන්නේ මළ බද්ධයයි.

    මොළයේ ක්‍රියාකාරිත්වය අඩාල වීම

    මානසික දුර්වලතා හෝ උපත ලබන විට මොළයට වන අනතුරු මේ අතර ප්‍රධාන වෙයි. මළ බද්ධය කුඩා දරුවන් අතර සුලබ වීමට ඉහත දැක්‌වූ හේතුවලට අමතරව බලපාන තවත් ප්‍රදාන කරුණු කිහිපයක්‌ පවතියි. පෙර පාසල් හා පාසල් යන දරුවන් අතර මෙම කරුණු ප්‍රධාන වෙයි.

    ගුද මාර්ගයේ පවතින අභ්‍යන්තර කපාට නිසි පරිදි විවෘත නොවීම.

    තන්තුමය ආහාර අඩුවෙන් ගැනීම මළ පිට නොකර රඳවා ගැනීමේ පුරුද්ද.

    මෙවැනි අවස්‌ථා වලදී දරුවා මළපහ නොකර රඳවාගෙන සිsටියි. මෙහිදි ජලය අවශෝෂණය වන අතර ඝන කුට්‌ටි ලෙස මළ ගුදය තුළ රැඳී පවතියි. මෙය දීර්ඝ කාලයක්‌ සිදු කරන විට ගුදය ආශ්‍රිත අන්ත්‍ර කොටස්‌ ඇදී විශාල වෙයි. මේ තත්ත්වය දිගටම පවතින විට දියරමය මළ ද්‍රව්‍ය ඝන මළ ද්‍රව්‍ය පහළට ගොස්‌ යට ඇඳුම් අපවිත්‍ර කරයි. Soiling යනු මේ තත්ත්වයයි.

    මළ පහ නොකිරීම නිසා (Stool witholding behavior) මළ බද්ධය ඇති වීම විෂම චක්‍රයක්‌ ලෙස ක්‍රියා කරයි. ගුද මාර්ගය ආශ්‍රිත තුවාලයක්‌, පැල්මක්‌ නිසා ළමයා මළපහ නොකර සිටියි. මෙවිට මළ එකතු වී මළ බද්ධය ඇති වෙයි. දිගින් දිගටම මළ එකතු වන විට මෙම අපද්‍රව්‍ය පිට කිරීම වේදනාකාරීය. මේ නිසා දිගටම ඔහු මළ පිට නොකිරීමට පුරුදු වෙයි.

    මළ බද්ධයෙන් දීර්ඝ කාලයක්‌ පෙලෙන ළමයෙකුගේ රෝග නිධානය හා ගුදය ආශ්‍රිතව පරීක්‌ෂාවන් වැදගත් වෙයි. උදරයේ එක්‌ස්‌ කිරණ ඡායාරූප, පාර�වනි පරීක්‌ෂා, බේරියම් විකිරණශීලි ඡායාරූප, තයිරොයිඩ් හෝර්මෝන පරික්‌ෂාව වැදගත්ය. මළ බද්ධයට නිතර ගොදුරු වන විට මුත්‍රා ආසාදනයද සුලබ වෙයි.

    මළබද්ධයෙන් වැළකෙන්නේ කෙහොමද?

    1. මළ බද්ධයට හේතු වූ ඉහත කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් කිරීම

    2. මළ මෘදු කරන ඖෂධ (Softing) ලබා දීම.

    3. සේලයින් පොල්තෙල් වස්‌ති ලබා දීම.

    4. මළ පහසුවෙන් දියකර හරින ඖෂධ (Laxatives) ලබාදීම

    5. අතින් ඝන මළ ඉවත් කිරීම

    6. තන්තු හා දියර ආහාර වැඩිපුර ලබා ගැනීම

    7. මා පියන් මේ සම්බන්ධව දැනුවත් කර, නිවසේ හොඳ මානසික වාතාවරණයක්‌ නිර්මාණය කිරීම.

    මේ අනුව යම් දරුවකු දීර්ඝ කාලයක්‌ මළ බද්ධයෙන් පෙළේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම රෝගී තත්ත්වය උත්සන්න වී විෂම චක්‍රය ක්‍රියාත්මක වීම නතර කර ගැනීමට ඉවහල් වෙයි.
     
    • Like
    Reactions: ucakila

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මළ බද්ධයට නිතර ගොදුරු වන විට මුත්‍රා ආසාදනයද සුලබ වෙයි.
    මෙහෙම වෙන්නේ කොහොමද බන්?
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මළ බද්ධයට නිතර ගොදුරු වන විට මුත්‍රා ආසාදනයද සුලබ වෙයි.
    මෙහෙම වෙන්නේ කොහොමද බන්?
    දන්නා එකෙක් නැද්ද?:oo:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ටොපික් එකට අදාලයි ප්‍රස්නේ..:yes:
    දන්නැති හින්ද අහන්නේ..

    මළ බද්ධය නැති කරගන්නත් ක්‍රම දාලා තියනවා මචං ඕකේ..අනිත් එක මචං මළ බද්ධයත් එක්ක අටගන්න රෝග ලක්ශන තමයි ඕවා.......මං දන්න තරමින්....:yes::yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මළ බද්ධයෙන් දීර්ඝ කාලයක්‌ පෙලෙන ළමයෙකුගේ රෝග නිධානය හා ගුදය ආශ්‍රිතව පරීක්‌ෂාවන් වැදගත් වෙයි. උදරයේ එක්‌ස්‌ කිරණ ඡායාරූප, පාර�වනි පරීක්‌ෂා, බේරියම් විකිරණශීලි ඡායාරූප, තයිරොයිඩ් හෝර්මෝන පරික්‌ෂාව වැදගත්ය. මළ බද්ධයට නිතර ගොදුරු වන විට මුත්‍රා ආසාදනයද සුලබ වෙයි.

    මළබද්ධයෙන් වැළකෙන්නේ කෙහොමද?

    1. මළ බද්ධයට හේතු වූ ඉහත කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් කිරීම

    2. මළ මෘදු කරන ඖෂධ (Softing) ලබා දීම.

    3. සේලයින් පොල්තෙල් වස්‌ති ලබා දීම.

    4. මළ පහසුවෙන් දියකර හරින ඖෂධ (Laxatives) ලබාදීම

    5. අතින් ඝන මළ ඉවත් කිරීම

    6. තන්තු හා දියර ආහාර වැඩිපුර ලබා ගැනීම

    7. මා පියන් මේ සම්බන්ධව දැනුවත් කර, නිවසේ හොඳ මානසික වාතාවරණයක්‌ නිර්මාණය කිරීම.

    මේ අනුව යම් දරුවකු දීර්ඝ කාලයක්‌ මළ බද්ධයෙන් පෙළේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම රෝගී තත්ත්වය උත්සන්න වී විෂම චක්‍රය ක්‍රියාත්මක වීම නතර කර ගැනීමට ඉවහල් වෙයි.

    මට තේරුන විදිහ .....
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මළ බද්ධය නැති කරගන්නත් ක්‍රම දාලා තියනවා මචං ඕකේ..අනිත් එක මචං මළ බද්ධයත් එක්ක අටගන්න රෝග ලක්ශන තමයි ඕවා.......මං දන්න තරමින්....:yes::yes:
    na machan, oke thibuna constipate unama urine infection enawa kiyala.
    mata ekata reason eka dana ganna ona