ලක්දිව සැඟවුණු ඉතිහාස තතු...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලක්දිව සැඟවුණු ඉතිහාස තතු...

    ලක්දිව සැඟවුණු ඉතිහාස තතු

    2202158940_8796e657e8_z.jpg


    ලක්දිව පාළි අටුවා සාහිත්‍යය මෙරට ආදී ඉතිහාස තතු හෙලි පෙහෙලි කිරීමට විශාල පිටුවහලක්ව ඇත.ලංකාවේ අඛණ්ඩ ඉතිහාසය ලියැවී ඇති මහාවංශය දීපවංශය වැනි ග්‍රන්ථවලට පවා මූලාශ්‍රය වී ඇත්තේ සීහට්ඨකතා නම් අටුවා ග්‍රන්ථයයි.එහෙයින් අපේ අටුවා ග්‍රන්ථවලත් ඓතිහාසික ග්‍රන්ථවලත් සමීප සම්භන්දතාවක් ඇති බව මෙහිලා අවධාරණය කල යුතුය.අටුවා ග්‍රන්ථ තුලින් වංශකතාකරුවන් තොරතුරු ලියා ඇත්තේ තමන් අභිමත දේවල් හා රැචි කරන දේවල් පිළිබදව පමණි.එහෙයින් ඔවුන් අතින් ඉතිහාසයෙහිලා වැදගත් වන යම් යම් තොරතුරු ගිලිහී යන්නට ඇත.ඒ බව වංශකතාකරුවන් නොදුටු අටුවාකරුවන් දුටු සිද්ධි වලින් සපථ වෙයි.මෙහිලා අප අවධානය යොමු වන්නේ එවැනි තොරතුරු පිලිබඳවයි.

    ChediAnuradhapura.jpg


    සිංහලයන්ගේ ආරම්භයත් (වගු රජුන්ගේ දූ කුමරිය සුප්පා කුමරියට හා කේශර සිංහයෙකුට දාව උපන් සිංහබාහුගේ උපත.) බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් එකම දිනයේ සිදුවූ බව මහාවංශයේ (පරි 6-47) සදහන් වී ඇතත් එය සමන්ත පාසාදිකා අටුවාකරු කියන්නේ එකම අවුරුද්දේ සිදුවූ බවය.දුටුගැමුණු රාජ්‍ය සමය සම්භන්දයෙන් වංශකතා කරුවන් වාර්තා නොකල රසවත් සිද්ධි කිහිපයක්ම අටුවාචාරීන් වහන්සේලා දුටුහ.සුමංගල විලාසීනි නම් විනය අටුවාවේ එය එන්නේ රුහුණේ දුටුගැමුණු නම් කුමාරයෙක් දමිළ රජුන් දෙතිසක් මරා අනුරාධපුරය අත්පත් කරගත් බවත් එහි ප්‍රීතියෙන් උද්දාම වූ එතුමාට තුන්මසක් නින්ද නොගිය බවත්ය.දුටුගැමුණු රජතුමාට පසුව රජවූ සද්ධාතිස්ස රජතුමා පිළිබද රසබර පුවතක් පපංචසුදනී අටුවාවේ සදහන් වේ.තෙරුවණ කෙරෙහි ඉමහත් භක්තිමත් රජෙකුවූ මෙතුමා සිටිවනමස සිට රැයක් පහන් වන තුරු එකම ඉරියව්වෙන් කාප බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් ධර්ම දේශණාවක් ශ්‍රවණය කල බව දැක්වෙයි.මේ රජතුමා පිළිබදව තවත් පෞද්ගලික වූ හා රසබර වූ සිද්ධින්
    සමූහයක් මනෝරථපුරනි අටුවාවේ සදහන් වේ.එහි රජතුමා නිතරම ස්ත්‍රීන් පිරිවරා විහාරයට යෑමේ ආශාවෙන් යුක්ත වූ බව සදහන් වෙයි.හේ සිද්ධි එකකුදු වංශකතාකරුවන් විසින් දැක නැත.

    250px-Anuradhapura_Kuttam-Pokuna.jpg


    සිංහල රජවරුන් බිසෝකමට දෙමළ කුමරියන් තබා ගැනීමේ සිරිත පිළිබඳව වංශකතාකරුවන් ලියා ඇත.නමුත් මේ සිද්ධිය මුලින්ම වාර්ථා කර ඇත්තේ අටුවාකරුවන්ය.මහා ධාර්මික නාග රජුගේ ද්‍රවිඩ බිසව නිසා ඇතිවූ සිද්ධියක් පිළිබඳව තතු සමුදායක් මනෝ රථපරණී අටුවාවේ සදහන් වී ඇත.එසේම එම අටුවාවේ රුහුණේ ලම්භකරණ මෞර්ය වංශ දෙක පිළිබඳ තතු සදහන් වී ඇත.අටුවාවල එන බොහෝ විස්තර අතර රජදරුවන්ගේ ආගමික මෙහෙය පිළිබඳ තතු නොඅඩුව දක්නට ලැබෙයි.අංගූත්තර අටුවාවේ එදා රජ්‍ය වරදකරුවන්ට දෙතිස් වද පැමිණවූ බව සදහන් කරයි.සම්මෝහ විනෝදනී අටුවාවේ භාතිකාභය රජතුමා ගව මස් කෑම නීතියෙන් තහනම් කල බව දක්වයි.එසේම
    එම රජතුමා රාජ නියෝගය නොතකා ගව මස් කෑ පිරිස් කසල ශෝධකයන් ලෙස පත්කල විස්තරයත් විශුද්ධිමාර්ග අටුවාවේ සදහන් වෙයි.එදා වින්ශ්චය කරුවන් වශයෙන් භික්ෂූන්වහන්සේලා පත්කරන ලද බව සමන්තපාසාදිකා විනය අටුවාවේ සදහන්ය.එහි ගෝධම්මික ගෝධ තෙරුන්ගේ විනිෂ්චය භාර නොගන්නා කවරක් වුවත් දඩුවම් විදින බවට රජතුමා අණ නිකුත් කරන ලදි.

    site_0201_0001-469-0-20100122164442.jpg

    මහාවංශයේ හමු නොවන ඇතැම් රජවරුන් පිළිබදව තොරතුරුද අටුවාවල දැක්වෙයි.විභංග අටුවාවේ එන දීපරාජ වස්තුව එවැන්නකි.ඇසක් අන්ධ දිපරාජ කුමරු නාගදීපයේ ප්‍රාදේශික රජෙකු කරවූ බව එහි සදහන් වේ.සමන්ත පාසදිකා අටුවාවේ හා අත්පලාසිනී අටුවාවේ සිය සොහොයුරා සමග විදේශයකට ගොස් ආපසු රජකම ලබාගත් මහානාග නම් රජෙකු ගැන සදහන් වෙයි.මේ මහානාග රජු කවුරුදැයි හරියටම කීමට ඉතිහාසය තවමත් සමත් වී නැත.එදා ජනපද
    නායකයන්ද රජුගේ මෙන් ස්වේරි රාජ්‍ය පාලයන කල බව සමන්ත පාසාදිකා අටුවාවේ සදහන් වෙයි.එහි අලන්දක නාග රාජ මෙහෙසිය සිතුල්පව් වැසි භික්ෂූන් විසින් අත්හල වැවක් පිළිසකර කර පූජා කල බවත් දැක්වෙයි.

    වංශ කතාවන්හි සටහන් නොවන විදේශීය අමුත්තන් පිළිබද තතු අටුවා කතාවල දැක්වෙයි.මහාවංශ අටුවාවේ ප්‍රීතිමල්ල නම් රජෙක් ලක්දිවට පැමිණ සිංහල රජුගෙන් සත්කාර විදිමින් සිට දිනක් සථිපට්ඨාන සූත්‍රයෙන් බණ අසා පැහැද මහා විහාරයට ගොස් පැවිදි වූ බව සදහන් වෙයි.පාථලීපුත්‍ර නගරයේ සිට ලක්දිවට පැමිණ පැවිදි වී රහත් වූ පුද්ගලයන් පිලිබදව රසවත් තොරතුරු සමූහයක් අටුවාවල සදහන් වෙයි.මෙයින් පෙනී යන්නේ එදා ලක්දිව හා පාථලීපුත්‍රය අතර සමීප සම්භන්දතාවයක් තිබුණු බවය.

    එදා පොදුජන ජීවිතයේ විවිධ අංග ආගමින් පෝෂණය වූ බව දැක්වෙයි.ගොයම් කෙතක් රකිමින් සිටි දැරියක් මුවින් පිට වුණු බුදුගුණ ආශ්‍රිත ගීතයක් ඇසීමෙන් භික්ෂූන් 60 නමක් රහත් වූ බව අටුවා ග්‍රන්ථ දෙකකම දැක්වෙයි.සුමලගල විලාසීනී අටුවාවේ මෙරට ජනයාට කිවිසුමක් ගිය විට නමෝ බුද්ධාය යන්න කීමට පුරුදු වී සිටි බව
    දැක්වෙයි.ලක්දිව අටුවවල එදා සමාජයේ මං පහරන්නන් සොරුන් රා සොඬුන් සිටි බවට වාර්ථා කරයි.එදා සිටි සොරුන් විහාරස්ථානවල දේපල පවා සොරකම් කල වග අටුවා පොත්වල දැක්වෙයි.චේතිය පබ්බත විහාරය කොල්ල කෑමට ආ සොර මුලක් දීඝ භණක මහා අභය තෙරුන් විසින් කරුණු කියා ඔවුන් ධාර්මික මිනිසුන් බවට
    පත් කිරීමේ පුවතක් අත්ථසාලනී හා සමන්තපාසාදිකා අටුවා වල විස්තර කර ඇත.කුල භේදය පන්ති භේදය අනූව එදා සමාජයේ අය වෙන් කර තැබූබවට පපංචසුදනිය වාර්ථා කරයි.දාස ක්‍රමයක්ද එදා සමාජයේ පැවතුනි.අටුවා වල ආ විවිධාකාරයේ රසවත් කථා වලින් පැහැදිලි වන්නේ ජනප්‍රධානින් කුල භේදය නොතකා ඇතැම් අවස්ථාවල
    ක්‍රියාකල බවය.

    504-8-nissanka-lata-mandapaya-in-polonnaruwa.jpg


    පාලි අටුවාවල පුරාණ ලක්දිව අධ්‍යාපනය පිලිබදව දීර්ඝ විස්තරයක් සදහන්ව ඇත.එහි අධ්‍යපානයේ ප්‍රධානත්වය ලැබෙන්නේ පැවිද්දන්ටය.වි.අ.අටුවාවේ සදහන් වන අන්දමට භාතිකාභය රජතුමා දීඝකාරායණ නම් බමුණෙකු විනය සික පදයක් විසදීමට පත්කර ඇත.මනෝ ප්‍ර.අටුවේ සදහන් වන්නේ ගිහියන්ට දැනුම දීමට ධර්ම දේශණාපැවති බවත් ඒ අතර ආරියවංශ දේශණාව ජනප්‍රියව පැවති බවත්ය.එදා මහා විහාරය අභයගිරිය සිතුල්පව්ව මහගම
    මණ්ඩලාරාමය කාලදීප වාපී විහාරය ආදී තැන් අධ්‍යාපන මධ්‍යස්ථාන විය.අටුවාවල පැරණි ලක්දිව ආර්ථිකය පිලිබදව යම් හැගීමක් ඇතිකරගත හැකිය.සම්.විනෝ අටුවාවේ එදා පැවති බැමිනිටියාසාය වැනි ආර්ථික දුෂ්කරතා ගැන සදහන්ය.කෟෂිකර්මය එදා ලක් වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය විය.සම.පා.අටුවේ එන ලෙසට එදා ලක්දිව උක් වගාව සරුවට කරන ලද බව දැක්වෙයි.මසුන් මරන්නන් කේවට්ට යන නමින් හැදින්වූ අතර ඔවුන් වෙනම වීදිවල පදිංචි කරවා ඇත.චිත්‍ර ශිල්පීන් පිලිබදව කදිම පුවත් බුදුගොස් හිමි ලියා දක්වා ඇත.රටේ විහාරාම වලට ලැබුනු ආදයම් මාර්ග ගැන හොද විස්තරයක් අටුවාවල දැක්වෙයි.විභංග අටුවාවේ තිස්සමහාරාම විහාරයේ භික්ෂූන්
    දොලොස් දහසකට ප්‍රමාණවත් වී ගබඩාවක් තිබුණු බව දැක්වෙයි.එදා සමාජයේ රන් රැවන් මසු ආදියට වඩා ආර්ථීක වටිනාකමක් තිබූයේ ධාන්‍ය වලටය.සංයුක්ත අටුවාවට අනූව කුලභේදය රැකියා පථ බෙදුණු බව දැක්වෙයි.

    Dutugemunu_Bhatikabhaya.15115902.JPG


    මෙසේ ආර්ථීක සමාජික සංස්කෟතික වශයෙන් වංශකතාකරුවන් නොදුටු ඉතිහාසයට වැදගත් වන රසබර කතා රැසක්ම අපේ අටුවා ග්‍රන්ථවල දැක්වෙන අතර ඒවාගෙන් ඉතිහාසය එලි කරගත යුතුව ඇත.


    6921879.gif


    6921883.gif

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හොඳ පොස්ට් එකක් සහෝ REP 4++++

    මසුන් මරන්නන් කේවට්ට යන නමින් හැදින්වූ අතර ඔවුන් වෙනම වීදිවල පදිංචි කරවා ඇත.

    යමක් කිව යුතුයි,සිංහලයෝ බෞද්ධයෝ වු නිසාවෙන්ම කිසි කලෙක සිංහල රාජකියන්ගෙන් මසුන් මරන්නන් සඳහා අනුග්‍රහයක් නොලැබුනු බවයි සඳහන් වන්නෙ (නමුත් ඔවුන්ගේ කර්මාන්තය නැවැත්විමට ක්‍රියා නොකල බවත් කිව යුතුයි)...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ ඉතිහාසය ගැන ගොඩක් වැදගත් පොස්ට් එකක් සහෝ ....:) බොහොම ස්තුති අපිව දැනුවත් කරාට!!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නියමයි,,
    පට්ටයි,,
    සුපිරියි,,
    විශිෂ්ටයි,,
    අති විශිෂ්ටයි,,
    සම්මානනියයි,,
    ගාන්දර්වයයි,,
    අත්ක්රුෂ්ටයි,,
    මිට එහා කියගන්ඩ වචන නැතෙයි.................
    (රෙප් දීමටත් බැහැ කියයි:(:(:()
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නමෝ බුද්ධාය
    +7

    :cool::cool::cool::cool:
    හොඳ පොස්ට් එකක් සහෝ REP 4++++



    යමක් කිව යුතුයි,සිංහලයෝ බෞද්ධයෝ වු නිසාවෙන්ම කිසි කලෙක සිංහල රාජකියන්ගෙන් මසුන් මරන්නන් සඳහා අනුග්‍රහයක් නොලැබුනු බවයි සඳහන් වන්නෙ (නමුත් ඔවුන්ගේ කර්මාන්තය නැවැත්විමට ක්‍රියා නොකල බවත් කිව යුතුයි)...
    :yes::yes::yes::yes::yes::yes::yes:
    හරියටම හරි සහෝ
    කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබිල නැහැ

    අපේ ඉතිහාසය ගැන ගොඩක් වැදගත් පොස්ට් එකක් සහෝ ....:) බොහොම ස්තුති අපිව දැනුවත් කරාට!!
    :D:D:D
    නියමයි,,
    පට්ටයි,,
    සුපිරියි,,
    විශිෂ්ටයි,,
    අති විශිෂ්ටයි,,
    සම්මානනියයි,,
    ගාන්දර්වයයි,,
    අත්ක්රුෂ්ටයි,,
    මිට එහා කියගන්ඩ වචන නැතෙයි.................
    (රෙප් දීමටත් බැහැ කියයි:(:(:()
    :D:D:D:D:D
    Good post poos.....:D

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :D:D:D:D:D
    maxxa mchnz.... rep dunnaaa
    :D:D:D:D:D
    :cool: