php කාපරයෙක් වෙමු

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    php කාපරයෙක් වෙමු

    php thread එකක් කර කර හිටපු ගමන් මට හිතුනා php මුල ඉදන් ඉගෙන ගන්න අයට පොඩි උදව්වක් කරන්න. ඒ thread එකේ මැද ඉදන් දාපු පාඩම් මේකේ මුල ඉදලා දාන්න හිතුවා කට්ටියට බලා ගන්න ලේසි වෙන්න. :P ඒ thread එක බලපු elakiri යාලුවොත් කිවේ මුල ඉදලා පටන් ගන්න කියලා. :):)

     
    Last edited:

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    PHP අට්ටාලය ගහගමු.

    මුලින්ම කියන්න තියෙන්නෙ web site එකක් කියන්නේ magic නෙවෙයි. ඒක හරියට ගඩොලින් ගඩොල තියලා හදපු ගෙයක් වගේ. ඉතින් ඒ ගේ පේන විදියට ලස්සනට හදාගන්න මුල ඉදලම හරියට හදන්න ඕනිනේ. ඉතින් අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .! තමන්ම ලියපු code එකක් run කරලා output එක දැක්කම පොඩි kick එකක්, එහෙම නැත්තම් තමන් ගැන අභිමානයක් සතුටක් දැනෙනව නම් විතරක් මේවා කරන්න කියලයි මගේ නම් අදහස. නැත්තම් කාලේ නාස්ති කරගන්නැතුව දැන්ම වැඩේ අතැරලා දාන්න.

    ඇත්තටම PHP කියන්නේ free download කරගන්න පුලුවන් එකක්. open source එකක්. ඔයාලා දන්නවා ඇති ඕනම web site එකක් right click කරල view source ගියාම ඒකේ html, javascript වගේ code පෙන්නනවනේ. එහෙම වෙන්නේ ඒවා execute වෙන්නෙ browser එකේ නිසා. නමුත් php code එහෙම පේන්නෑ. ඒවා run වෙන්නේ web page එක host කරලා තියෙන server එකේ. ඒ කියන්නේ php run කරන්න අනිවා server එකක්ඔ ඕනි කියන එකනේ සරලවම කිවොත්..

    එතකොට web page එකක් internet එකේ run කරන්න online server එකක් ඕනි වෙනවා. ඉතින් ඒකට online hosting servers තියෙනවා ඕන තරම්. Ex: http://www.bluehost.com/ . හැබැයි ගෙවන්න ඕනි.

    ඉතින් ඔයාලට web site එකක් හදන්න ඕනි කියමුකො phpත් දාලා. කොහොමද කරන්නේ? සල්ලි දීලා server එකක් ගන්නවද? ඔයාලට ඔයාගේම computer එකේ server එකක් run කරගන්න පුලුවන්. ඊට පස්සේ පුලුවන් web site එකක් ඔයාගේ com එකේ run කරවගෙන බලන්න. හැබැයි ඒක Internet එකේ පේන්නේ නෑ. එහෙම පේන්න නම් online server එකක් සල්ලි දීලා අරන් ඒ server එකට upload කරන්න ඕනේ.

    හරි දැනට මං කියන්නම් කොහොමද ඔයාලගේ computer එකේ local server එකක් හදාගන්නේ කියලා. තව පොඩි දෙයක් කියන්න අමතක වුනා. මං මේවා ඔයාලට කියලා දෙන්නේ ඔයාලට html, css ගැන පොඩි හරි දැනුමක් ඇති කියලා හිතාගෙන. එහෙම දැනුමක් නැත්තම් මුලින් ඒවා ඉගෙන ගන්න වෙනවා. ඒකට http://www.w3schools.com වගේ site වලින් ඉගෙන ගන්න පුලුවන්.

    මේ වැඩේට හොද software එකක් තියෙනවා WAMP කියලා. මුලින්ම http://www.wampserver.com site එකට ගිහින් අදාල එක download කරගෙන install කරගන්න.

    WampServer-Installation-Guide.jpg


    මේක install කරලා run කරාට පස්සේ ඔයාලට පෙනෙයි යට task bar එකේ "W" අකුරක් ඇති. මේක අනිවා කොල පාට වෙන්න ඕනි. නැත්තම් ඒකියන්නේ server එක ready නෑ කියන එකයි.

    wamp install කරද්දි අපිට web site එක හදන්න ඕනි සියලු දේ install වෙනවා. wamp කියන අකුරු වලින් කියවෙන්නේ ඒවා තමයි. W කියන්නේ නම් windows කියන එක. A කියන්න apache කියන එක. ඒක තමයි server එක. M කියන්නේ MySql. මේක තමයි අපේ database එක. P කියන්නේ PHP කියන එක.

    W - Windows
    A - Apache
    M - My SQL
    P - PHP


    හරි දැන් බලමු පොඩි code එකක් run කරලා. මුලින් බලන්න ඔයා wamp Install කරපු drive එකේ wamp කියලා folder එකක් ඇති. එකේ www කියලා folder එකක් ඇති. ඒ www folder එකට තමයි ඔයා හදන file ඔක්කොම save කරන්න ඕනි.

    www.JPG



    දැන් ඒකේ folder එකක් හදාගන්න කැමති නමකින්. මං හදනවා test කියලා. දැන් ඒ test folder එක ඇතුලට ගිහින් rightclick->new text document එකක් හදාගන්න.

    ඊට පස්සේ ඒ file එකේ මේ code එක type කරන්න.

    PHP:
    <?php
    
    echo "success";
    
    ?>

    දැන් save as යන්න. ඒකේ save as type එක All Files කරන්න. file name එක index.php කියලා දෙන්න. දැන් ok කරන්න.

    හරි දැන් පහල තියෙන WAMP Logo එක left click කරන්න. එකෙන් localhost තෝරන්න.

    wamp.jpg



    එතකොට ඔයාගේ browser එක open වෙලා wamp home page එක පෙන්නයි.


    server.JPG


    ඒකේ පහලින්ම ඇති බලන්න your projects කියන තැන ඔයා www folder එකේ හදපු folder එකේ නම(test). ඒක click කරන්න. දැන් ඔයාට පේනවනම් success කියලා print වෙලා තියෙනවා ඔයා සාර්ථකයි.. :)

    success.JPG


    ඊලග post එකේන් බලමු අපි database එකට data දාන්නේ කොහොමද කියලා PHP වලින්...
     
    Last edited:

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    form එකක තියෙන data, Database එකකට දාමු.

    මං මේ post එකෙන් කියාදෙන්න හදන්නේ අපි හදන form එකක data ටික කොහොමද database එකකට දාලා ස්ථීරවම තියාගන්නේ කියලා.

    මං මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ NETBEANS කියන IDE එක. මේකෙන් ගොඩක් වැඩ ගන්නේ JAVA කරන්න හැබැයි PHP වලටත් හොදයි. PHP වැඩ කරන්න නම් IDE එක download කරද්දි PHPත් එක්ක download කරන්න ඕනි.

    මුලින්ම අපි HTML Form එක හදාගෙන ඉමු. ඉස්සෙලාම WWW folder එකට ගිහින් මොකක් හරි නමකින් folder එකක් හදාගන්න. මේක ඇතුලට තමයි අපේ හැම file එකක්ම දාන්න යන්නේ. ඊට පස්සේ NETBEANS එකට ගිහින් අලුත් project එකක් හදාගන්න. එකේ source folder එක අනිවාර්යයෙන්ම WWW folder ඔයා හදපු folder එකට දෙන්න.

    new+project.JPG


    project එක හැදුවට පස්සේ මෙහෙමයි...

    project+created.JPG


    දැන් අලුත් php file එකක් හදාගමු.

    ඒකට source files එක් right click කරලා new file->php file තෝරන්න.

    new+php+file.png


    දැන් ඒකට index කියලා නම දීලා finish කරන්න.

    index.JPG


    new+file+created.JPG


    දැන් ඔයාලාට පේනවා ඇති index.php කියලා file එකක් හැදිලා
    PHP:
    <?php    ?>
    කියලා කොටසක් ඇවිත් තියෙනවා.

    හැම PHP code එකක්ම ගහන්න ඕනි ඔය
    PHP:
    <?php    ?>
    Tag ඇතුලේ තමයි.
    php code විතරක් නෙවෙයි html, javascript,css වගේ ඒවත් ගහන්න පුලුවන්.
    එතකොට ඒ code ගහන්න ඕනි
    PHP:
    <?php echo " html code" ?>
    විදියට. එහෙම නැත්තම් PHP tag වලින් එලියේ ගහන්න ඕනි.

    දැන් form එක හදමු.

    මං html code එක php tag වලින් පිට ලියනවා.

    <form action="" method="post" name="firstForm">

    <table>
    <tr>
    <th>Name :</th>
    <td> <input type="text" name="fname" class="textfield"/></td>
    </tr>
    <tr>
    <th>Address :</th>
    <td> <input type="text" name="fphone" class="textfield"/></td>
    </tr>
    <tr>
    <th>Birthday :</th>
    <td> <input type="text" name="fname" class="textfield"/></td>
    </tr>
    <tr>
    <th>Phone No :</th>
    <td> <input type="text" name="fbirthday" class="textfield"/></td>
    </tr>
    <tr>
    <th> </th>
    <td><input type="submit" name="insert" value="Add" /></td>
    </tr>

    </table>

    </form>


    මේ code එක run කරාම (Run කරන විදිය කලින් post එකේ තියෙනවා) මේ විදියට පෙනේවි.
    form.JPG


    මේක ලස්සන කරගන්න ඕන නම් මේ css code එකත් php tag වලට පිටින් දාගන්න.



    <style>
    form{
    background-color: lightskyblue;
    margin: 100px auto;
    padding: 20px;
    width: 300px;
    }

    form table tr th{
    font-family: arial;
    font-size: 12px;
    font-weight: normal;
    text-align: right;
    }

    form .textfield{
    width: 200px;
    }

    form table tr td .button{
    text-align: right;
    }



    </style>

    එතකොට මේ විදියට පෙනේවි.

    styled+form.JPG


    මේක මං table එකකට දාලා තියෙන්නේ මට ගානට format කරගන්න ඕන නිසා. table එක නොදා CSS වලින් වුනත් මේක මේ විදියට හදාගන්න පුලුවන්.

    මේ form එකේ action="" විදියට දාලා තියෙන්නේ form එකේ data ටික pass වෙන්න ඕනි මේ file එකටම නිසා. වෙන file එකකට යවා ගන්න ඕනි නම් ඒ file එකේ නම දෙන්න.

    form එකෙන් එන data යවා ගන්න මුලින්ම database එකක් හදාගමු.

    ඒකට WAMP icon එක left click කරලා phpmyadmin තෝර ගන්න.

    phpmyadmin.jpg


    create a new database කියලා තියෙන තැන කැමති database name එකක් දෙන්න.

    දැන් create new table කියන තැන Name එක "register" කියලත්, Number of fields තැන 5 කියලත් දෙන්න.
    Go click කරලා එන window එකේ මේ values දෙන්න.

    create+table.JPG


    මතක ඇතුව id එක දාපු row එකේ අන්තිමට index එක primary කියලා select කරන්න. A_I එකේ checkbox එක select කරන්න.
    primary.JPG



    දැන් save click කරන්න.

    table+created.JPG


    හරි අපි දැන් database එක හදලා ඉවරයි. දැන් form එකේ තියෙන data අරගෙන මේ data base එකේ register table එකට insert කරගමු.




    <?php

    if (isset($_POST['insert'])) { // cheking whether form is submitted

    $name = $_POST['fname']; // getting the name
    $address = $_POST['faddress']; //getting the address
    $birthday = $_POST['fbirthday']; //getting the birthday
    $phone = $_POST['fphone']; // getting the phone no
    }
    ?>

    මේ php code එකෙන් form එකේ type කරපු data variable වලට ගන්නවා. මේකේ මං if එකක් දාලා තියෙන්නේ form එකේ add button එක click කරලා තියෙනවද කියලා check කර ගන්න. ඒ කියන්නේ form එක submit කරලා තියෙනවද කියලා දැනගන්න. කොටු වරහන් ඇතුලේ දාලා තියෙන්නේ form එකේ ඒ ඒ input field වල name= කියලා දාලා තියෙන නම.

    මේ ගත්ත value ටික database එකට දාගන්න නම්, අපි හදපු form එකයි database එකයි link කරගන්න ඕනි.
    මේ ඒ දේ කරගන්න තියෙන තියෙන code එක.

    //connecting database
    $con = mysql_connect("localhost", "root", "") or die('Cannot connect to the database');
    mysql_select_db('phpblog', $con) or die('cannot select the database');

    මෙතන phpblog කියන තැන ඔයාලගෙ database එකේ නම දාගන්න.

    form එකෙන් submit කරගත්ත data දැන් database එකට දාගමු.

    mysql_query("insert into register(id,name,address,birthday,phone)VALUES('','$name','$address','$birthday','$phone')");

    register කියන්නේ අපි හදාගත්ත table එකේ නම.

    හරි දැන් form එකේ මොනාහරි type කරලා add click කරලා phpmyadmin ගිහින් table name එක click කරලා බලන්කෝ..... :)


    data+inserted.JPG


    මොනා හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. ඊලග post එකෙන් බලමු මේ දාගත්ත values ටික display කරගන්නේ කොහොමද කියලා.

    මෙන්න සම්පූර්ණ code එක.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න එළකිරි Threads.... ඔන්න මචෝ මමත් ඉන්නවා.වැඩේ නම් එලට කරලා තියෙනවා.ඉදිරියටත් අපි බලාපොරොත්තුවෙනවා.රෙප්+++
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ඩ්‍රීම් විවර් වලින් PHP කරන විදිය එහෙම දාහන් කො පොඩ්ඩක්
    උඹ දන්නව නෙ:D:D

    man dreamweaver pawichchi karan ne machan. thanikara okkoma man athinmai liyanne. :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    man dreamweaver pawichchi karan ne machan. thanikara okkoma man athinmai liyanne. :yes::yes:
    ඒකත් ඇත්තටම හොදයි මචන්
    ඕනම තැනක ගිහින් බය නැතුව වැඩ කරන්න පුළුවන්
    සොෆ්ට් වල හෙල්ප් එක නැතුව
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    ඒකත් ඇත්තටම හොදයි මචන්
    ඕනම තැනක ගිහින් බය නැතුව වැඩ කරන්න පුළුවන්
    සොෆ්ට් වල හෙල්ප් එක නැතුව

    ow eka thamai math hithuwe.:) passe dreamweaver purudu wenawa. ethakota oni speed ekane. denata okkoma honda allagannakan me widiyata thamai karanne... :):)