හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.


    ටැග් කෝ යකෝ???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ අදහස් ද මේ හුයට එක් කිරීමට සියලු දෙනාගෙන්ම අවසර පතමි....
    අවසරයක් අවැසි නැත සොයුරානෙනි. ඔබ එළකිරියේ සාමාජිකත්වය ලැබුයේ "සුන්දර ගියක අරඹුම" නිසා බව අප දනිමු.
    ඉදින් විචාරය නොඅරඹන්නේ ඇයි......?????
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටස්තරයා............
    [FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]



    [FONT=&quot]එකම සැනසුම ජීවිතේ[/FONT]

    [FONT=&quot]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී[/FONT]

    [FONT=&quot]එනිසාම සසලයි නිසලයි[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]



    [FONT=&quot]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT]

    [FONT=&quot]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ දේවතා රුව ඔබයි[/FONT]

    [FONT=&quot]එනිසාම ළඟයි තව දුරයි[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]


    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ගීතය මෙහි පල කලේ ඔබේ වින්දනයට. ගීතය එකවර ශ්‍රවනය කිරීමේ දී උකහා ගැනීම අසීරුයි. කෙසේ වෙතත් ගීයේ ආරම්මණය අතිශය සංකීර්ණ බව නම් නොකියා ම බැරිය.[/FONT][FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: udsic

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මාගේ අදහස් ද මේ හුයට එක් කිරීමට සියලු දෙනාගෙන්ම අවසර පතමි....

    මොන අවසරද බන්.වැඩේට බැහැපන්..ජය වේවා..:D:D
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0

    [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]
    ඇත්ත,... ලංකාවේ ගීත කලාවේ හා විචාර කලාවේ තිබෙන යම් දෝෂ සහිත තැනක් තමයි ඔය....... මේක ගැන කල්පනා කරන කොට කියන්න ගොඩක් දේවල් තියනවා.. ඒ දේවල් පසුවට හෙමිහිට කියන්නම්....
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    පිටස්තරයා............

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]



    [FONT=&quot]එකම සැනසුම ජීවිතේ[/FONT]

    [FONT=&quot]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී[/FONT]

    [FONT=&quot]එනිසාම සසලයි නිසලයි[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]



    [FONT=&quot]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT]

    [FONT=&quot]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT]

    [FONT=&quot]ප්‍රේමයේ දේවතා රුව ඔබයි[/FONT]

    [FONT=&quot]එනිසාම ළඟයි තව දුරයි[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]

    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]

    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]

    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]





    [FONT=&quot]ගීතය මෙහි පල කලේ ඔබේ වින්දනයට. ගීතය එකවර ශ්‍රවනය කිරීමේ දී උකහා ගැනීම අසීරුයි. කෙසේ වෙතත් ගීයේ ආරම්මණය අතිශය සංකීර්ණ බව නම් නොකියා ම බැරිය.[/FONT]

    මචන් කිබුලෝ, මම මේ සින්දුව ඇහුවේ අදයි.. මේක පට්ටනේ බන්.. පිස්සු සංකීර්ණ පද රචනාවක් නේ බන්.. සම්පුර්න රචනාවක්ම ඒ පේලි ටිකෙන් කියවෙනවා...

    බොහොම ඉස්තුතියි මේ සින්දුව මට හදුන්වලා දුන්නට... අද රෑට නිදහසේ දෙතුන් පාරක් අහන්න ඕනේ..
    :yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්//

    හද පානේ මද අදුරේ....

    අත් පටලා යමු ආයේ.....


    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී

    මම මගේ හෙවනැල්ලෙන් මිදී //
    අවුදින් හෙමින් රහසින් මුමුණා
    හදපානේ මද අදුරේ

    හද පානේ මද අදුරේ....
    අත් පටලා යමු ආයේ.....

    හිරකර හසරැල්ලෙන් හැඩුම්

    අපි හිනැහෙමු සපුරා පැතුම් //
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ

    හද පානේ මද අදුරේ....
    අත් පටලා යමු ආයේ.....


    ගායනය - වික්ටර් රත්නායක මහතා

    හොරෙන් මිදි වත්තක මිදි නෙළා රස බලන්න
    අසම්මත ආරාධනාවක්..:(:(



     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්//

    හද පානේ මද අදුරේ....

    අත් පටලා යමු ආයේ.....

    ගායනය - වික්ටර් රත්නායක මහතා

    හොරෙන් මිදි වත්තක මිදි නෙළා රස බලන්න
    අසම්මත ආරාධනාවක්..:(:(
    මෙන්න නෙලා ගන්න මිදි සහෝ...;););)
    http://www.elakiri.com/forum/showpost.php?p=12617043&postcount=2769
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....

    ඔහු විශ්ව විද්‍යාලයේ මගේ රූමා විය.. මධ්‍යම පාන්තික පවුලක හැදුණු ඔහුගේ පියාණන්ගේ අභාවයත් සමග ආර්ථික අතින් පහලට වැටුණු නිසාදෝ ඔහුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට පවා අවැසි මුදල් නොතිබුණි.. ඔහුගේ නෑදෑ හිතවතෙකු ඔහුට අවශ්‍ය වියහියදම් කරන ලදී... ඔන්න කතාව ඇරඹෙන්නේ එතැන් සිට...

    ඔහු එකල පැවසූ පරිදි වාසනාව ඔහු සොයාගෙන පැමිණියේය.. ඉතා ධනවත් පවුලක රූමත් ඇයගේම ඥාති සොයුරියක් හා ඔහු පෙමින් වෙළුණි... කාලය ගත වෙද්දී එකල හැටියට ඇය විසින් ඔහුට ඉතා ඉහල ගණයේ දුරකථනයක් තෑගි කර තිබිණි.. බිල ගෙවන්නේ ඇයයි, මසකට වරක් අපටද පිනා චාන්ස් එකක් ලැබේ.. ඒ ඔවුන් දෙදෙනා ලබා දෙන විවිධ සංග්‍රහයන්ය.. එහිද ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇයයි..

    දැන් අපි ඇය ගැන කතා කරමු.. අතේ සල්ලි ගැවසුනද පුදුම සුන්දර යුවතියකි.. සල්ලි නොව ජීවිතය යනු ආදරයයි යන්න මා මුලින්ම ඇයගෙන් දිටිමි.. ඇය ඔහුට මවක්, සොයුරියක් විය.. ඉංග්‍රීසි භාෂාව චතුරව කතාකරන ඇය බොහෝ ස්ථාන වලදී අප සැමගේ උදව්කාරිය විය... මට අනුව එකල මා දුටු පරමාදර්ශී ආදරවන්තයින් දෙපල ඔවුන් දෙදෙනාය.. අපේ මිතුරන් පවසන පරිදි පට්ට සෝෂල් පට්ට සිරා කපල් එකකි.. ඇයද අපහට ආදරය කලේ ඔහුගේම සහෝදරයින් පරිද්දෙණි...

    වර්ණනා වැඩක් නැත. කතාවට යමු......

    ඔන්න ඉතින් මේ දෙන්න මෙහෙම ලස්සනට ආදරය කලා.. අවසාන වසරෙදී මේ යාළුවට අවස්ථාවක් ලැබුණා විදේශගත වීමට වැඩිදුර අධ්‍යාපනය සදහා... නමුත් කාරණය වන්නේ රට යන්නේ මේකාය, වෙහෙසෙන්නේ ඇයයි... ඇය මේ යාළුවාගේ දත් බුරුසුවේ සිට හැම දේම එකින් එක මතක් කරමින් වෙහෙසිණි. ඔහු සමග හැම තැනම ඇවිදිමින් කිසිදු අඩුවක් පාඩුවක් නොකරමින් මවක් මෙන් පරිසමින් ඔහුව රට යවන ලදී...

    ඔහුද විදේශගතවී වසරක් පමණය හොදින් අප හා කතාබහ කරන ලද අතර අනතුරුව කාර්යබහුලත්වය නිසාදෝ කතාව අඩු විය.. අපටද එසේමයි.. ඉදහිට ඇය උවමනාවකට අපට කතා කලා මිස අපද ඒ ගැන තැකීමක් සිදු නොකරන ලදී... අවසානයේ පසුගිය වසරේ ඔහු ලංකාවට පැමිණියේය.. මේ බව දැනගත් මා ඔහුට ඇමතුමක් දී ඔහු ගැනත් ඇය ගැනත් විමසන ලදී.. අප්පටසිරිය ඔහු දැන් පට්ට සල්ලිකාරයෙකි විදේශ රටෙහි පුරවැසිභාවයද ලබා ඇත.. ඇය ගැන ඇසූ විට ඔහු මග හරින නිසාවෙන් බල නොකලෙමි...

    නමුත් එහෙන් මෙහෙන් ඇහෙන ආරංචි අසුභ නිසාවෙන් මා ඇයට ඇමතුමක් දුණි... මට ඇසුණේ කතාවක් නොව අදෝනාවකි, විලාපයකි, සෝ ගීයකි...

    අයියේ මම එයාට කරන්න තියෙන හැම දේම කලා, පොඩි ළමයෙක් වගේ බලා ගත්ත, උදව් කලා ඒත් එයාට වෙන කෙනෙක් ඉන්නව අයියේ... එහේ හොද සල්ලිකාර පවුලක කෙනෙක්... ඒක තියෙද්දිත් මට බොරු කර කර පහුගිය මාසෙ වෙනකල් මාව රැවැට්ටුවා... දැන් ලංකාවට ඇවිත් දෙන්න මැරි කරන්න.. එතකොටයි මට කීවේ... ඇයි අයියේ මට මෙහෙම කලේ... ආදී වශයෙන් ඇය අඩා වැටේ...

    දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...? ගල් හිතක් මටත් දීපයව්.. මට එළෙස සිතිණි... ඔහු විදේශයේ සිටින ඉතා ඉහලින් මිල මුදල් ඇති තරුණියක් හා විවාහ වීමට සැරසේ...

    එදා ඔහු දුප්පත් කාලයේදී ඔහුගේ දුප්පත් කම නොබලා පොහොසත් ඇය දුන් පොහොසත් ආදරයට .....
    අද පොහොසත් වූ කල පොළියත් එක්කම ඇයට ලබා දෙන හැටි...


    මේ විචාරය දමනු ලබන්නේ ඔබලාට නොව මේ වැඩේ කල පාහරයාටය... උඹට එදා ඇය රජ මැණිකකි, වාලම්පුරියකි... උඹේ වචනයෙන්ම ඇය විස්ඩම් ඔෆ් පැරඩයිස්ය....
    දැන්... ඔබට ඇය ඊයේ පත්තරය හා සමානය... උඹ ගැන කතාකර වැඩක් නෑ මචෝ.. රූමා කියන්නටත් ලැජ්ජාවකි...

    මෙහි වටින්නේ ඇයගේ මිල මුදල් නොවේ, මිල මුදල් පසුපස එලවන ආදරේ අද කාලේ හරි මාකට්ය.. ඒ මාකට් ලෝකයේ උඩුගම් බලා බෝසත් පාරමිතාවක් පුදන ලෙසක ඇය ඔබට ආදරේ පිදීය.. එය ඔබගේ මිලමුදලට ඇති ලොල්කම මත බාල්දු විය... ආදරේ කියන එක ඔහොම බාල්දු කරන්න එපා බන්... ඒක ඒ කෙල්ලට නෙමේ ආදරේ නිසා රජකම අතෑරි අපේ රජවරුන්ට අවමානයක්, රාමා සීතා රාධා ක්‍රීෂ්ණා, සාලිය අශෝකමාලාවන්ට අගෞරවයක්...

    ඇය අවසානයේදී මා හට පැවසූ දෙය මාව ගල් කරන ලදී...
    අයියේ අනේ එයා මාව දාල යනව කියල කියන්න කොල් එක ගත්ත තැනින්ම ජීවිතේ නවතිනවනම්... එතකොට මම ඒක දන්නෙ නෑනේ.. එයා ගැන හිත හිත මට ආදරෙන් ඉන්න පුළුවනි එයාව නොලැබුනත්... මට තාමත් හීනයක් වගේ. මට හිතෙන්නෙම එයා මේ විහිලුවක් කරන්නෙ මාව සප්‍රයිස් කරන්න...

    ඇය හිතන්නේ එපරිද්දෙනි... උඹ ටොපේ ටොප් සප්‍රයිස් එකක් දී ඇත.. අවසානයේ දී මෙසේ පවසමි හොද වේලාවට උඹ මගේ සහෝදරයෙක් නොවුණි.. වූවානම් අද ඔබ ජීවතුන් අතර නැත... ඇයව අමතක කල නිසා නොවේ... ඇයට වඩා මුදල් ලොකුවූ නිසා...

    මා ඉන් පසු ඇයට ඇමතුවේ නැත.. හෘද සාක්ෂියට එකගව එය මට කල නොහැක... නංගියේ කොහේ හිටියත් හොදින් ඉදින්... මේ ගීතය ඔබටම උපහාරයක් වේවා...!!!

    මේතරම් ආදරේ කල, ඔබ මත්තෙම ජීවිතේ කැපකල
    මට නපුරු උනේ ඇයි....!!!
    සුන්දර ආදරය පැතූ මට, එහිම අසුන්දරත්වය පෙන්වා
    මාව ගලක් කලේ ඇයි...!!!




    (මේ සියල්ලම ගීතයක් විචාරය සදහා මා විසින් ගෙතූ හිතළුවක් ලෙස ඔය මල පනින ඇත්තෝ සිතන ලෙසින් කරුණාවෙන් ඉල්ලා සිටිමි....)

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....

    එල මචන්, හිතළුව නියමෙට ගලපලා තියෙනවා..
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරාගික පිටස්තර ප්‍රේමයේ අලංකාරය.............

    [FONT=&quot]හදවතක අධ්‍යාත්මික ප්‍රේමය පරයමින් නැගෙන සරාගික පිටස්තර ප්‍රේමයේ අලංකාරය.............[/FONT]


    [FONT=&quot]පිටස්තරයා......................[/FONT]




    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]
    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]
    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]
    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]
    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]


    [FONT=&quot]එකම සැනසුම ජීවිතේ[/FONT]
    [FONT=&quot]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT]
    [FONT=&quot]ප්‍රේමයේ..........................................[/FONT]
    [FONT=&quot]කවුළුවෙන් මුවා වී[/FONT]
    [FONT=&quot]එනිසාම සසලයි නිසලයි[/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]
    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]
    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]
    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]
    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT]
    [FONT=&quot]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT]
    [FONT=&quot]ප්‍රේමයේ...........................[/FONT]
    [FONT=&quot] දේවතා රුව ඔබයි[/FONT]
    [FONT=&quot]එනිසාම ළඟයි තව දුරයි.[/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]
    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]
    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]
    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]
    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]

    [FONT=&quot]වර්තමානයේ එෆ්.එම්. නාලිකා හරහා බලෙන් අපේ සවනට පොම්ප කරන සමහර අවර ගනයේ ගී අතර, මඩින් උඩට නැගි පියුමක් සේ මේ ගීය මගේ අවධානය දිනා ගත්තකි. ඒ, එම රචනාවේ වස්තු විෂයෙහි ඇති සංකීර්ණ භාවය නිසා පමණක් ම නොව, අපට මදක් ආගන්තුක වූ මේ ගීතයේ යොදා ඇති රොක් ශ්‍රව්‍යචාරාණුකූල වූ සංගීතය නිසාමය. අප පදමා‍ලාව මදකට විග්‍රහ කොට ගනිමු. මක් නිසා ද එය ඉතාම සංකීර්න වූ මනුෂ්‍ය සිතිවිල්ලක් පිළිබද ව කරෙන අතිරමණීය සහ ගැඹුරු වූ විග්‍රහයක් ම වන බැවිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...[/FONT]
    [FONT=&quot]මඟ නොමඟ ගිහිං...[/FONT]
    [FONT=&quot]හදවතේ... පිටස්තරයා...[/FONT]
    [FONT=&quot]ගිණිසිළුව දැක දහවලේ...[/FONT]
    [FONT=&quot]ආදරේ...ලුහුබඳින කාලේ...[/FONT]
    [FONT=&quot]හදවතේ...පිටස්තරයා...[/FONT]


    [FONT=&quot]මේ රාත්‍රියේ දී ඇවිස්සෙන ප්‍රේමයකි.!! රාත්‍රිය සදාකාලිකව ම ප්‍රේමණීය සිතුම් වලට උත්ප්‍රේරණයක් සපයන්නක් වුවත්, මේ ප්‍රේමය “අවුස්සාලන්නේ” රාත්‍රියයි. එතරම් ම නොහික්මුනු ප්‍රේමයකි මෙය. ඒ ඇවිස්සෙන ප්‍රේමය නියම මග ද නොයයි. මග නොමග යන මේ ප්‍රේමය, ඔහු ගේ හදවතේ පවතින නියම ප්‍රේමය නොවෙන බවටය, මේ ප්‍රකාශය-හදවතේ පිටස්තරයා- එනම් සිය හදවතේ පවතින ප්‍රේමයට ව්‍යාතිරේඛ වූ ප්‍රේම ස්වභාවයක් ගැනය මේ සදහන. ඒ ප්‍රේමය රාත්‍රියේ ඇති අදුර සහ ශෘංගාරයෙන් ඇවිස්සෙයි, එපමණක් නොව මග-නොමග නොදැක ඒ ඇවිස්සෙන ප්‍රේමය සොයා යයි.[/FONT] [FONT=&quot]මෙම ආශාවේ අත්දැකීමට ඔහු මුහුණු දෙන්නේ රාත්‍රියේ පමණක් ම නොවේ. දහවලේ ඔහු දකින “ගිනි සිළු” (රූපත් ස්ත්‍රීන්.....!!)පසු පසද ඔහු හඹා යයි. මුලු කාලයේ ම ඔහු හඹායන්නේ මේ ආලය පසු පසයි. මේ පුද්ගලයා පෙන්වන්නේ රාත්‍රියේ ඇවිස්සෙන ප්‍රේමය පිටුපස මග නොමග නොදැන යන්නේද, දහවලේ ගිනි සිළු පිටුපස ලුහු බදින්නේද, එනම් ඔහු ගේ පෙම්වතියට ආලය කරන ඔහු ගේ හදවත නොව ඔහු ගේ හදවතේ පිටස්තරයකු බවය.[/FONT]
    [FONT=&quot]මේ අප බොහෝ විට අත්දකින අත්දැකීමක් නොවේද? අප ආලය කරන පෙම්වතිය සිටිද්දී ම අපේ “ප්‍රේමයේ සත්ත්වයා” වෙනත් “ගිනි සිළු” පිටුපස ද ලුහු බදිනවා නොවේද? මිනිසුන් ගේ හදවත ආලයේ දීත්, ප්‍රේමයේ දීත් දක්වන දෙබිඩි ස්වභාවය මෙතරම් මනරම් ලෙස උත්කර්ශයට නැංවූ තවත් තැනක් අපේ ගීත සාහිත්‍යයේ ඇත්ද? කසුන් මේ ගායනය ආරම්භ තරන්නේ ම රොක් ගායනා වලට අතිශයින් ම පොදු වූ උච්චතම ස්වරයකිනි. එය මේ හැගීම් ගොන්නේ ඇති විද දරා ගත නොහැකි බව අප හද තුලට පොම්ප කරන සෙයකි. මෙවන් ගායනා විලාශයන් නම්, මිතුරනි. එක් රැයකින් “තරු” වන කිසිදු වත්මන් ගායකයෙක් ගෙන් දැකිය හැකි වේද?[/FONT]

    [FONT=&quot]එකම සැනසුම ජීවිතේ[/FONT]
    [FONT=&quot]නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//[/FONT]
    [FONT=&quot]ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී[/FONT]
    [FONT=&quot]එ නිසා ම සසලයි නිසලයි[/FONT]


    [FONT=&quot]අපට අදහා ගත නොහැකි වූ පද ඛණ්ඩනයකින් යුතුව ගෙන එන මේ පද පෙළ මා අමන්දානන්දයට පත් කල එකකි. මේ හදවතින් පිටස්තරයා ඔහු ලුහු බදින ප්‍රේමය ගැන ඇති කරන සංකල්පනාවයි මේ. ඔහු ගේ එක ම සැනසුම, ඔහු බැදී සිටින ප්‍රේමය, නොලැබ ගන්න ලැබී, මේ රාත්‍රියේ ඇවිස්සෙන ප්‍රේමය ලැබීම එකම සැනසුම බව ඔහු කියයි. මේ ප්‍රේමය නොව රාගය බව ඔහු දනී. නමුත් ඔහුට මේ අනුරාගය ලැබිය යුත්තේ ද, ප්‍රේමයේ කවුළුවෙන් මුවා වීය. මක් නිසා ද ප්‍රේමයේ කවුළුවෙන් මුවා වන ඔහු ගේ සත්‍ය අවශ්‍යතාවය “ගිනි සිළුවට-ඇවිස්සෙන ප්‍රේමයට” නොපෙනෙන බැවිනි. මෙ බැවිනි, ඔහු ගේ එකම සැනසුම, සසල වී සුලි සුළගක් වන ඔහු ගේ “හදවතේ පිටස්තර ප්‍රේමය”. නිසල බවක් ම පෙන්වන්නේ............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අහෝ මේ ගීය ලියූ උපුල් ශාන්ත සන්නස්ගල ඇදුරුපාණන් කිනම් වූ ප්‍රේමනීය අත්දැකීම් විද ඇත්ද යන්න මේ පද පෙලින් ම අපට වැටහේ...........!!!එසේම කසුන් දෙවන වර එම පදයම ගයන අතිඋච්ච ස්වරය ම අපට මේ කථකයා ගේ ඇති විද දරා ගත නොහැකි රාගාග්නියෙහි ඇති ගනකම මැනවින් පෙන්වයි. දෙවන ස්ථායි කොටස ගායනයෙන් පසුව ඇසෙන හදවත ප්‍රලය කරන රොක් ගිතාරයේ වාදනය අසන්න. මෙම වාදන ඛණ්ඩය අප හද තුළ ඇති කරන සංවේදනයට නම් උපමා නැත්තේමය, එය වදනට පෙරලීම ද අතිශය අසීරුය. එය එතරම් ම භාව විරේචකයක් වන වාදනයකි. මෙවැනි ගායන, වාදන නම් වර්තමාන ගීත ක්ෂේත්‍රය තුළ දුලබම, අතිශය දුලබ ම බව නොකියාම බැරිය. මක්නිසාද සමහර වත්මන් ගීත වල වැයෙන කළහයන් බදු වූ සංගීතය, ගීතය මගින් ඇති කරන භාවයන් මුළුමනින් ම නසා ලන බැවිනි.[/FONT]

    [FONT=&quot]පරම පිවිතුරු ප්‍රේමයේ[/FONT]
    [FONT=&quot]නොනැසී නැසී ඔබ පැතීමයි...//[/FONT]
    [FONT=&quot]ප්‍රේමයේ දේවතා රුව ඔබයි[/FONT]
    [FONT=&quot]එනිසාම ළඟයි තව දුරයි[/FONT]


    [FONT=&quot]පළමු අන්තරා කොටස සේ ම, මෙම දෙවන අන්තරාවද කියා ගත නොහැකි, හදවත තුලින් ම විදිය යුතු භාවයක් හදවත් තුළ මවයි. ඔහුට ඔහු ගේ පරම පිවිතුරු ප්‍රේමය නොනසා, ඔහු නැසී හෝ මේ හදවතට පිටස්තර රාගාන්විත ප්‍රේමය ළගා කර ගැනීම ඔහු ගේ ප්‍රාර්ථනාවයි. රහසින් හෝ මේ “ගිනි සිළුවෙහි” ප්‍රේමය අත්දැකීමට ඇති ඔහු ගේ කෑදර සිතය, මේ එලි දකින්නේ. පළමු අන්තරාව සේමැ. දෙවන අන්තරාවද කසුන් උච්ච ස්වරයෙන් දෙවන වරටත් ගයා, මේ කම්පනය අප තුල අවුලුවයි. ප්‍රේමයේ, රාගයේ දේවතා රුව -love goddess- ඔහු දකින්නේ මේ හදවතෙහි පිටස්තරයා ලෙස ඔහු සාධාරණීකරනය කරන්නට යත්න දරන ඔහු ගේ ම රාගයේ ඇස් තුළින් දකින කාන්තාවයි, ඇගේ රාගාන්විත ආලයයි. හදවතට රාගයේ ආශාවෙන් ලංවන නමුත්, මේ රුව එනිසා ම දුර බව ඔහු කියන්නේ ඇය බලාපොරොත්තු වන්නේ පරිපූර්න ප්‍රේමයක් විනා මෙසේ ක්ෂනිකව ඇති වී නිවී යන රාගයක් නොවන බව, ඔහු ම දන්නා නිසා නොවේ ද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රොක් සංගීතය අපට මදක් දුර වූ ප්‍රස්තූතයක් වූවත්, කසුන් ඒ දුර වූ සංගීත උපක්‍රමය ම යොදා ගෙන අප හද තුළ භාවයන් ඇති කරන අන්දමේ සංගීතයක් මේ ගීතයට යොදා ඇති අන්දම නම්, මිතුරනි, වර්ණානාවිෂයක්‍රාන්තික බව මාගේ හැගීමය. මේ සංගීතය මේ ගීතය තුළ ඇති සියුම් වූ රස භාවයන් අප හදවත් තුළට තබා තද කරන්නේ යකුළු පහරවල් බදු වූ, සියුම් සැත් පහරවල් බදු වූ ලෙසටය. එසේ ම ඔහු මේ ගීය ගැයීම සදහා භාවිතා කරන ගායන උපක්‍රම, විශේෂයෙන් ම ආවේශ වූවාක් මෙන් ගයන අති උච්ච ස්වර කොටස්, මෙම ගීතයට එක් කරන්නේ දේදුන්නක වර්ණයන් බදු වූ විචිත්‍රත්වයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“සදකඩ පහනක කැටයම් ඔපලා” ගීතයට පසුව, හෙල ගීත සාහිත්‍යයට එක් වූ අතිශය දුෂ්කර වූ අර්ථ නිරූපණය සහිත ගීතය මෙය බව මම පෞද්ගලිකව සිතමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]විශේෂ පුණ්‍යානුමෝදනාව-මෙම ගීතයේ පදවැල අන්තර්ජාලයට එක්කල [/FONT]k[FONT=&quot].[/FONT]g[FONT=&quot].[/FONT]k[FONT=&quot].[/FONT]desilva[FONT=&quot] සහෘදයාණන් හට.[/FONT]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    elazzzzzzzzzz
    api sinduywak damma ballowath eka vicharaya karanne naha kamak naha :(:(
    විචාරයක් දෙන්නම් බං.......කොටන්න පට්ට වෙලාවක් යනව නේ.......:sorry:දැං බලපං වෙලාව...මම තාම ක්ලිනික් එකේ මේක නිසා...............:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බම්ප්... මේ ගී නූලට මෙතුවක් මා දුන් පළමු බම්ප් එකයි... එය දෙන්නට වී ඇති සෙයක් පෙනෙන නිසාවෙන්ම බම්ප් එකක් දෙමි...