ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

මෙය මා හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2 හි දැමූවකි...
ඒත් මෙය ලැබිය යුත්තාට ලැබෙන බවක් නොපෙනෙන නිසා මෙසේ පල කරමි...


තවත් එක් සත්‍ය කතාවක්... විදේශගතව සිටින යාළුවනි කියවන්න....

ඔහු විශ්ව විද්‍යාලයේ මගේ රූමා විය.. මධ්‍යම පාන්තික පවුලක හැදුණු ඔහුගේ පියාණන්ගේ අභාවයත් සමග ආර්ථික අතින් පහලට වැටුණු නිසාදෝ ඔහුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට පවා අවැසි මුදල් නොතිබුණි.. ඔහුගේ නෑදෑ හිතවතෙකු ඔහුට අවශ්‍ය වියහියදම් කරන ලදී... ඔන්න කතාව ඇරඹෙන්නේ එතැන් සිට...

ඔහු එකල පැවසූ පරිදි වාසනාව ඔහු සොයාගෙන පැමිණියේය.. ඉතා ධනවත් පවුලක රූමත් ඇයගේම ඥාති සොයුරියක් හා ඔහු පෙමින් වෙළුණි... කාලය ගත වෙද්දී එකල හැටියට ඇය විසින් ඔහුට ඉතා ඉහල ගණයේ දුරකථනයක් තෑගි කර තිබිණි.. බිල ගෙවන්නේ ඇයයි, මසකට වරක් අපටද පිනා චාන්ස් එකක් ලැබේ.. ඒ ඔවුන් දෙදෙනා ලබා දෙන විවිධ සංග්‍රහයන්ය.. එහිද ප්‍රධාන අනුග්‍රාහකත්වය ඇයයි..

දැන් අපි ඇය ගැන කතා කරමු.. අතේ සල්ලි ගැවසුනද පුදුම සුන්දර යුවතියකි.. සල්ලි නොව ජීවිතය යනු ආදරයයි යන්න මා මුලින්ම ඇයගෙන් දිටිමි.. ඇය ඔහුට මවක්, සොයුරියක් විය.. ඉංග්‍රීසි භාෂාව චතුරව කතාකරන ඇය බොහෝ ස්ථාන වලදී අප සැමගේ උදව්කාරිය විය... මට අනුව එකල මා දුටු පරමාදර්ශී ආදරවන්තයින් දෙපල ඔවුන් දෙදෙනාය.. අපේ මිතුරන් පවසන පරිදි පට්ට සෝෂල් පට්ට සිරා කපල් එකකි.. ඇයද අපහට ආදරය කලේ ඔහුගේම සහෝදරයින් පරිද්දෙණි...

වර්ණනා වැඩක් නැත. කතාවට යමු......

ඔන්න ඉතින් මේ දෙන්න මෙහෙම ලස්සනට ආදරය කලා.. අවසාන වසරෙදී මේ යාළුවට අවස්ථාවක් ලැබුණා විදේශගත වීමට වැඩිදුර අධ්‍යාපනය සදහා... නමුත් කාරණය වන්නේ රට යන්නේ මේකාය, වෙහෙසෙන්නේ ඇයයි... ඇය මේ යාළුවාගේ දත් බුරුසුවේ සිට හැම දේම එකින් එක මතක් කරමින් වෙහෙසිණි. ඔහු සමග හැම තැනම ඇවිදිමින් කිසිදු අඩුවක් පාඩුවක් නොකරමින් මවක් මෙන් පරිසමින් ඔහුව රට යවන ලදී...

ඔහුද විදේශගතවී වසරක් පමණය හොදින් අප හා කතාබහ කරන ලද අතර අනතුරුව කාර්යබහුලත්වය නිසාදෝ කතාව අඩු විය.. අපටද එසේමයි.. ඉදහිට ඇය උවමනාවකට අපට කතා කලා මිස අපද ඒ ගැන තැකීමක් සිදු නොකරන ලදී... අවසානයේ පසුගිය වසරේ ඔහු ලංකාවට පැමිණියේය.. මේ බව දැනගත් මා ඔහුට ඇමතුමක් දී ඔහු ගැනත් ඇය ගැනත් විමසන ලදී.. අප්පටසිරිය ඔහු දැන් පට්ට සල්ලිකාරයෙකි විදේශ රටෙහි පුරවැසිභාවයද ලබා ඇත.. ඇය ගැන ඇසූ විට ඔහු මග හරින නිසාවෙන් බල නොකලෙමි...

නමුත් එහෙන් මෙහෙන් ඇහෙන ආරංචි අසුභ නිසාවෙන් මා ඇයට ඇමතුමක් දුණි...
මට ඇසුණේ කතාවක් නොව අදෝනාවකි, විලාපයකි, සෝ ගීයකි...


අයියේ මම එයාට කරන්න තියෙන හැම දේම කලා, පොඩි ළමයෙක් වගේ බලා ගත්ත, උදව් කලා ඒත් එයාට වෙන කෙනෙක් ඉන්නව අයියේ... එහේ හොද සල්ලිකාර පවුලක කෙනෙක්... ඒක තියෙද්දිත් මට බොරු කර කර පහුගිය මාසෙ වෙනකල් මාව රැවැට්ටුවා... දැන් ලංකාවට ඇවිත් දෙන්න මැරි කරන්න.. එතකොටයි මට කීවේ... ඇයි අයියේ මට මෙහෙම කලේ... ආදී වශයෙන් ඇය අඩා වැටේ...

දෙවියනි සංවේදී හිත් අපට දෙන්නේ මොන එහෙකටද...? ගල් හිතක් මටත් දීපයව්.. මට එළෙස සිතිණි...
ඔහු විදේශයේ සිටින ඉතා ඉහලින් මිල මුදල් ඇති තරුණියක් හා විවාහ වීමට සැරසේ...


එදා ඔහු දුප්පත් කාලයේදී ඔහුගේ දුප්පත් කම නොබලා පොහොසත් ඇය දුන් පොහොසත් ආදරයට .....
උඹ අද පොහොසත් වූ කල පොළියත් එක්කම ඇයට ලබා දෙන හැටි...

මේ විචාරය දමනු ලබන්නේ ඔබලාට නොව මේ වැඩේ කල පාහරයාටය... උඹට එදා ඇය රජ මැණිකකි, වාලම්පුරියකි...
උඹේ වචනයෙන්ම ඇය විස්ඩම් ඔෆ් පැරඩයිස්ය....

දැන්... ඔබට ඇය ඊයේ පත්තරය හා සමානය... උඹ ගැන කතාකර වැඩක් නෑ මචෝ.. රූමා කියන්නටත් ලැජ්ජාවකි...

මෙහි වටින්නේ ඇයගේ මිල මුදල් නොවේ, මිල මුදල් පසුපස එලවන ආදරේ අද කාලේ හරි මාකට්ය.. ඒ මාකට් ලෝකයේ උඩුගම් බලා බෝසත් පාරමිතාවක් පුදන ලෙසක ඇය ඔබට ආදරේ පිදීය.. එය ඔබගේ මිලමුදලට ඇති ලොල්කම මත බාල්දු විය... ආදරේ කියන එක ඔහොම බාල්දු කරන්න එපා බන්... ඒක ඒ කෙල්ලට නෙමේ ආදරේ නිසා රජකම අතෑරි අපේ රජවරුන්ට අවමානයක්, රාමා සීතා රාධා ක්‍රීෂ්ණා, සාලිය අශෝකමාලාවන්ට අගෞරවයක්...

ඇය අවසානයේදී මා හට පැවසූ දෙය මාව ගල් කරන ලදී...
අයියේ අනේ එයා මාව දාල යනව කියල කියන්න කොල් එක ගත්ත තැනින්ම ජීවිතේ නවතිනවනම්... එතකොට මම ඒක දන්නෙ නෑනේ.. එයා ගැන හිත හිත මට ආදරෙන් ඉන්න පුළුවනි එයාව නොලැබුනත්... මට තාමත් හීනයක් වගේ. මට හිතෙන්නෙම එයා මේ විහිලුවක් කරන්නෙ මාව සප්‍රයිස් කරන්න...

ඇය හිතන්නේ එපරිද්දෙනි... උඹ ටොපේ ටොප් සප්‍රයිස් එකක් දී ඇත.. අවසානයේ දී මෙසේ පවසමි හොද වේලාවට උඹ මගේ සහෝදරයෙක් නොවුණි.. වූවානම් අද ඔබ ජීවතුන් අතර නැත... ඇයව අමතක කල නිසා නොවේ... ඇයට වඩා මුදල් ලොකුවූ නිසා...

මා ඉන් පසු ඇයට ඇමතුවේ නැත.. හෘද සාක්ෂියට එකගව එය මට කල නොහැක... නංගියේ කොහේ හිටියත් හොදින් ඉදින්... මේ ගීතය ඔබටම උපහාරයක් වේවා...!!!

මේතරම් ආදරේ කල, ඔබ මත්තෙම ජීවිතේ කැපකල
මට නපුරු උනේ ඇයි....!!!
සුන්දර ආදරය පැතූ මට, එහිම අසුන්දරත්වය පෙන්වා
මාව ගලක් කලේ ඇයි...!!!


මා හඩනා කදුලු ගලා
සැදුනු කදුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...

ඔබ දෙපසින් ගලා ගියේ

ඔබට හැඩූ කදුලු නේද
මලක මෙලක තිබුනු හදක්‌
ගලක්‌ කලේ ඇයි..ගලක්‌ කලේ ඇයි...

සියුමැලි හද රිදවන්නට

හද හඩවා හිනහෙන්නට
ඔබ නොපෙලූ අසරණ මට
සතුරු වුනේ ඇයි..සතුරු වුනේ ඇයි...

(මේ සියල්ලම ගීතයක් විචාරය සදහා මා විසින් ගෙතූ හිතළුවක් ලෙස ඔය මල පනින ඇත්තෝ සිතන ලෙසින් කරුණාවෙන් ඉල්ලා සිටිමි....)


 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංවේදී හා සෝචනීය අවස්ථාවක්. අද ගොඩක් අයට වෙලා තියෙන්නෙ මනුෂ්‍යභාවයට වඩා භාහිර දේවල් ලොකු වෙන එක. විශේෂයෙන් ම මුදල් හදල් යාන වාහන වගේ ඒව. ඒත කවද හරි ඒ අයට තේරුම් යනව ඒ දේවලින් කරන්න පුළුවන් දේවලට වැඩිය කරන්න බැරි දේවල් ගොඩක් තියෙනව කියන ඒක. ස්තූතියි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මාර දුක්බර කතාවක් නේ අයියා,අයියෝ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ....:(:(:(
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mawa uda giyaa meke marthukawa dakiddi mama ganawathda kiyala:lol:
    :lol::lol::lol::lol:

    සංවේදී හා සෝචනීය අවස්ථාවක්. අද ගොඩක් අයට වෙලා තියෙන්නෙ මනුෂ්‍යභාවයට වඩා භාහිර දේවල් ලොකු වෙන එක. විශේෂයෙන් ම මුදල් හදල් යාන වාහන වගේ ඒව. ඒත කවද හරි ඒ අයට තේරුම් යනව ඒ දේවලින් කරන්න පුළුවන් දේවලට වැඩිය කරන්න බැරි දේවල් ගොඩක් තියෙනව කියන ඒක. ස්තූතියි

    සතූතියි පූවෝ... මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..

    fatta machan sirawatama
    මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..
     
    • Like
    Reactions: බින්දු

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාර දුක්බර කතාවක් නේ අයියා,අයියෝ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ....:(:(:(
    ඒක මහලොකු දෙයක් නෙමේ මල්ලි අද කාලෙ...
    කලියුග කාලෙට උපන්නු තිරිසන්නු... මේක යන්න ඕන එකාට ගියොත් ඒ හොදටම ඇති..
     
    • Like
    Reactions: v7soft

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    සල්ලි නොව ජීවිතය යනු ආදරයයි:love: :yes::yes:
    ඒත් මේ දෙය ගොඩක් අයට තෙරුම් ගන්න බැරි දෙයක්:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sasliit

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඕවගේ මුල අමතක කරන කාලකණ්නින්ට කවදාවත් හරියන්නේ නෑ බං... කවදා හරි විදවන්න වෙනවා... නැගපු ඉනිමගට පයින් ගහන කාලකණ්නි තරම් ජරා ජාතියක් ලෝකේ තවත් නෑ...

    Rep 4+
     
    • Like
    Reactions: sasliit

    uishara

    Active member
  • Jul 2, 2008
    1,109
    12
    38
    39
    seeduwa
    harima shoka kathawak, pau a kella matath godaaak dukai, eka thamai aththama adare, hamoma eyala hithana pathana adare dinanawanam me loke kochchara sundarada macho..... wasanawakata ape adarenam dinna.
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: sasliit

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :eek::eek:
    2.gif
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Ohoma karana kelloth innawa ban, inimaga digea udata gihin inimagata payin gahana.
    Ea kella ehema karanawa daka dakath eakita inimang thiyanna thawa ewn pora kanawa :)
     
    Last edited:
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සල්ලි නොව ජීවිතය යනු ආදරයයි:love: :yes::yes:
    ඒත් මේ දෙය ගොඩක් අයට තෙරුම් ගන්න බැරි දෙයක්:yes::yes::yes::yes:

    ඕවගේ මුල අමතක කරන කාලකණ්නින්ට කවදාවත් හරියන්නේ නෑ බං... කවදා හරි විදවන්න වෙනවා... නැගපු ඉනිමගට පයින් ගහන කාලකණ්නි තරම් ජරා ජාතියක් ලෝකේ තවත් නෑ...

    Rep 4+

    harima shoka kathawak, pau a kella matath godaaak dukai, eka thamai aththama adare, hamoma eyala hithana pathana adare dinanawanam me loke kochchara sundarada macho..... wasanawakata ape adarenam dinna.
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    අවංක ආදරේ අවසන් ප්‍රතිපලය "දුක" කියන අකුරු දෙක තමා..


    Ohoma karana kelloth innawa ban, inimaga digea udata gihin inimagata payin gahana.
    Ea kella ehema karanawa daka dakath eakita inimang thiyanna thawa ewn pora kanawa :)

    මගේ පෝස්ට් එක දැකල උඹට මාරය ආවේස උනානම් ඒක අමතක කරපන් පුතේ....
    බලපන්
    තිරිසන්නු අතරේ රත්තරන් කොල්ලො ඉන්න හැටි...
    කියවල බලපන් තොට මොලේ තියෙනවනම් නියම කොල්ලො දාල තියෙන කමෙන්ට්ස් ටිකවත්.....
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    කතාව හිතටම වැදුනා මචන් , ඔය වගේ උන් හැමතැනම ඉන්නවා :growl:
    මට ඒ කෙල්ල ගැන දුකයි :(




     
    Last edited:
    • Like
    Reactions: sasliit

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ඌ මොකා උනත් කැම්පස් ආවට ඌ ශොට් එකට කරුමෙට ආපු එකෙක් වෙන්න ඇති නැත්තම් මොන මගුල කලත්... තමන්ට ජීවිතේ හදාගන්න උදව් කරපු කෙල්ලට එහෙම කරන්නෙ නෑ.. පිරිමියෙක් ද කියල කියන්න සැකයි,කොල්ලෙක් උනාම කරන වැඩ තියෙනවා ඒත් පිරිමි කම බාල්දු කරන දෙකයි පනහේ වැඩ කරන්නෙ නැහැ නෙ පිරිමිකමක් කියල එකක් තියෙනවනම්... මට නම් මේක කියෙව්වාම මාර අප්සෙට්.. මොකද මමත් ඔය වගේ දේවල් දැකල තියෙනවා. හැබැයි රිටර්න් එක දෙන්න පරක්කු නම් අපිම එකතු වෙලා දුන්නා..

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. කෙල්ලගේ ගති ගුන අතින් බලද්දි මේ වගේ කෙල්ලො ඉන්නව.. ඒත් හොයාගන්න අඩුයි,මූට දවසක කෙල වෙනවා ඒක ඉර පායනවා වගේ ශුවර්,අන්න එදාටත් ඔය කෙල්ල ඌට සමාව දෙන්න බැරි නෑ... අන්න එදාට ඒ කෙල්ල හිත හදාගෙන ඉන්නවනම්.. එච්චරයි වැඩේ!
    :growl::growl::growl::growl: