අම්මා මට බොරුව කිව්ව

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අම්මා මට බොරුව කිව්ව

    මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි.

    1283206092xg7mlh.jpg



    මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ" කියලයි.


    අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි.

    මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු ටිකක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු දෙන්නෙක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න එච්චර ආස නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි.

    මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන්, සීතලේ ගැහි ගැහි ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න. ඕක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි.

    මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීල, ඒකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මට තිබහ නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි.

    තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. ඒත් මට වෙනස්කමක් වේවි කියල හිතල එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමියෙකුගේ ආදරය ඕන නැහැ" කියලයි.

    අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි.

    මගේ අධ්‍යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා" කියලයි.

    අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි.

    මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් වෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වෙන රට රාජ්ජවල ඉන්න දන්නෙ නැහැ පුතා" කියලයි.

    අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි.

    අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාවේ ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් මම දුකින් කියල තේරුම් ගිහින් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා" කියලයි.

    අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි.

    එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා. ඔව්.
    මගේ අම්මා දේවදුතියක්...


    Mother.jpg


    ~~පරිවර්ථනයකි (මනඃකල්පිත සිදුවීමකි)~~....
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ගොඩක් දුක හිතෙනවා කියෙව්වහම. :( රෙප් දෙනවෝ.අපේ අම්මටත් හොදට සලකන්න ඕනේ කියන එක මම දැන් ටික කාලෙක ඉදන් සැරටම හිතනවා.කොහොමත් අම්මලා තාත්තලා හොදටම වයසට යනකම් ඉන්නැතිව දැන්ම දැන්ම ඉදන් උදව කරන එක හොදයිනේ.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හැමෝම bump කරපල්ලා..
    කාලකන්ණි thread එකක් දානවට වඩා මේ වගේ thread එකක් හුගක් වටිනවා
    :yes::yes::yes::yes::yes::yes:

    rep added by anuja methsara REP+3
     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අපි කවදාවත් අපේ දෙමවි පියන් අමතක කරන්න හොද නෑ බන් :(:(:( gd post machn

     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඕක උඹේ කතාව උනානම් මම තොට බනින්න හැදුවෙ ලුණු ඇඔුල් එක්ක.. මට සිරාවටම තේරෙන්නෙ නෑ බං ඇයි මේ කොල්ලො සල්ලි හොයාගෙන අම්මල තාත්තල දාල රට යන්නෙ..