කිසිදු බලවේගයකට රට උදුරා ගන්න ඉඩ දෙන්නෙ නැහැ
--------------------------------------------------------------
ත්‍රස්තවාදයෙන් මුදාගත් රට කිසිදු බලවේගයකට උදුරා ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලන්ඩන් නුවරදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයට සහය පළ කරමින් එහි පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් ජනාධිපතිතුමා ඒ බව පවසා තිබේ
ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, අනාගත දරුපරපුර වෙනුවෙන් ඕනෑම කැප කිරිමක් කර මෙරට ලොව සුපිරිම රටක් බවට පත් කිරීම තම අපේක්ෂාව බවයි.
ලන්ඩනයේ එල්.ටි.ටි.ඊ. හිතවාදීන් ජනාධිපතිතුමන් නැවති සිටි හෝටලය ඉදිරිපිටට පැමිණ කළ උද්ඝෝෂණයට ප්‍රතිචාර වශයෙන් එරට සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
හෝටලයෙන් පිටතට නොයන ලෙස බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය දුන් උපදෙස් නොතකා ශ්‍රි ලාංකිකයින්ගේ උද්ඝෝෂණයට ජනාධිපතිතුමා සහභාගී වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
මව්බිමට ආදරය කරන පිරිසකට සමස්ත ශ්‍රි ලංකා ජනතාවගේම ස්තුතිය හිමිවන බව ජනාධිපතිතුමා එහිදී පවසා තිබේ.
මුහුදින් එතෙර සිට රට වෙනුවෙන් පෙනී සිටින ශ්‍රි ලාංකිකයින් සහ සියලු ජනවර්ගයා වෙනුවෙන් ගොඩනගමින් තිබෙන රට අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරිමට කැපවන බව ජනාධිපතිතුමා එහිදී පවසා තිබේ.
ඒ අතර දෙවන එළිසබත් මහරැජිණගේ පදවි ප්රාප්තියේ වජ්ර ජයන්ති උත්සවයට සහභාගීවීමට ගොස් සිටින ජනාධිපතිතුමා ඊයේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා හමු විය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ස්වාමිවරුන් පිරිසක් සමග ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වූ බවයි.
source --------------------------------------------------------------

newsfirst