කොළඹ මුහුද ගොඩකර formula one ධාවන පථයක්
කොළඹ වරායේ සංවර්ධනය
2014 වනවිට, වරාය ව්‍යාපෘති වලට ඩොලර් බිලියන 05 ක් ගෙන්වා ගැනීම අරමුණයි
2014 වනවිට වරාය ආශ්රිත කටයුතු සඳහා ඩොලර් බිලියන 05 ක සෘජු විදේශ ආයෝජන අද්දවා ගැනීමට ලංකාව සැලසුම් කර තිබෙන බවත් මේ යටතට ගාලු මුවදොර මුහුද ගොඩකරන භූමියේ formula one ධාවන පථ ව්‍යාපෘතියක්ද තිබෙන බවත් අනාවරණය වේ.
මේ වනවිට, කොළඹ වරාය පුළුල් කිරීමේ හා හම්බන්තොට වරාය ගොඩ නැගීමේ ව්‍යාපෘති වලට රජය අත ගසා තිබේ.
එංගලන්තය පදනම් කරගත් පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම අදහස් දක්වා තිබෙන්නේ මෙසේය.
“වරාය අංශයට 2014 වනවිට ඩොලර් බිලියන 05 ක පමණ සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම අපේ අරමුණයි.“
වරාය අසල ගාලු මුවදොර මුහුද අක්කර 500 ක් ගොඩකර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.
මේවා අතර ගොල්ෆ් ක්‍රීඩා පිටියක්, formula one ධාවන පථයක් ගොඩ නැගෙන බවත් ඒවා 2014 අවසානය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් පවසා තිබෙන වරාය සභාපතිවරයා මුහුද ගොඩකර ලබා ගන්නා මෙම ඉඩමේ හෝටල්, සාප්පු සංකීර්ණ ඇතුළු පහසුකම් රැසක් ගොඩ නැගීමට සැලසුම් කර ඇතැයි අනාවරණය කර තිබේ.
ඉදිකරමින් පවතින බහාලුම් පර්යන්තයේ වැඩ අවසන් වනතුරු කොළඹ වරායේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට අවශ්‍යව තිබෙන නිසා 2010 වසරේදී බහාලුම් හැසිරවීමට අවශ්‍ය උපකරණ රැසක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කළේය.
කොළඹ වරායේ ගැඹුර මීටර් 15 ක් වන නිසා විශාල ගැඹුරක් අවශ්‍ය නැව් වලට පැමිණිය නොහැකි අතර එම නැව් වලට පැමිණිය හැකිසේ කොළඹ දකුණු වරායේ ඉදිකරන බහාලුම් පර්යන්තයේ අවම ගැඹුර මීටර් 18 ක් කර තිබේ.
කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු නියමිත දින වකවානු වලටත් කලින් අවසන් වෙමින් තිබෙන නිසා ව්‍යාපෘතිය ලබන වසර අවසානයේදී නිම කිරීමට හැකිවනු ඇතැයි මෙහිදී වික්‍රම මහතා විශ්වාසය පළකර ඇත.

බන්දුල family
thanks for the info