පළමුව අවසරයි.......ඔබ සැමගෙන්ම......
ගීත විචාරය නොදත්තද හැකි සෑම විටම බලන්නෙමි.හදවතින්ම තුති ඔබ සැමටම මේ කරන්නා වූ කාර්යය වෙනුවෙන්.
ආවාට තිබුනත් ගීතය පිලිබඳව තිබූ විචාර [sas,dath ] දෙකටම වඩා වෙනස් චිත්‍රයක් එම ගීය පිලිබඳව මට දකින්නට ලැබෙන නිසා, එය දුටු අද දවසේදී සිතට දැනෙන ඒ සිතුවිලි එක්කරන්නෙමි.
“ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි පි‍්‍රයංකරයි
මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි.......
මෙතන කියල තියෙන්නෙ...."ආවාට කියන්නෙ මොන තරම්නම් බය ගෙන දෙන දෙයක්ද?ඒත්.... එහෙම ආවාට තියෙන සඳ හරිම ප්‍රියංකරයි.පුර පෝය දවස හඳ මොන තරම්නම් සුන්දර සිතුවිලිවිලින් අපව වෙලාගන්නවද?ඒ ගැන කියන්නත් අමාරුයි.ඒ තරම්ම අහිංසක,පිවිතුරු හඳක් ඒ.ඉතින් කෙල්ලේ වෙන කාට නැති උනත් ඔබට තියෙන මගේ ආදරේ ඒ හඳ වගේමයි.
මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැඟු ඒ සුබ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ....
එහෙම අහිංසකව,පිවිතුරුව ආදරේ කල මමයි ඔයාව විවාහ කරගත්තෙත්.ඒත් එදා ඒ සිදු වූ දේ......[තමන්ගෙ ආදරේ අහිංසක හඳට උපමා කල කොල්ලෙක් ඒ කාලය තුලදි කෙල්ලව මොනම විදියකටවත් අමාරුවෙ දාන්නෙ නෑ.] සමාජය තුල තියෙන ඒ සිහිසුන් වීමේ අවස්ථාව ඒ පෙම්වතා අනුකම්පාව පෙරදැරි සිතකින් යුක්තව බාර අරන් නේද?
සමස්ථයක් ලෙස අරන් බැලුවම මේ ගීතයෙන් කියවෙන්නෙ තමන් පූජනීය ලෙස ආදරය කල කෙල්ලගෙ අඩුව ඉදිරියට අරන් අපහාස, උපහාස,නඩු හබ නැතිව ඒ ආදරේ ඒ විදියටම බාර ගත් උතුම් වූ ප්‍රේමවන්තයෙක් ගැනයි.