හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා සමග වාහන බලන්න යන ගමනේ දී ඌ දුස්ශ්‍රාවීතාවය ඉතාම අධික තෛලෝදකයක් උඹට මේ හුය ගැන දී ඇති බව මට සිතේ............!!!!!:cool::cool:

    මොන මගුලක් කියනවද මන්ද .. තේරෙන්න කියපන්කො !! :baffled: මගේ ශ්‍රාවේ ගියේ පොටි ගොඩක් තියෙන වාහනේ දැකල !! :lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    camel.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot]කේතුමතියේ ගීතය......................[/FONT]




    [FONT=&quot]දන්සල් දොරෙහි නැත යදියෝ[/FONT]
    [FONT=&quot]සල්පිල් වලය පුරවැසියෝ[/FONT]

    [FONT=&quot]පන්සිල් රකිති මැරවරයෝ[/FONT]

    [FONT=&quot]මේ කේතුමතී නුවරයි..........[/FONT]

    [FONT=&quot]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]


    [FONT=&quot]නොමැත ඇසක කදුළක් - නොවැටුනොත් රොඩු කැබැල්ලක්......[/FONT]

    [FONT=&quot]දකිනු නොහැක ලේ බිදුවක් - නොමළොත් මකුනෙක්, මදුරුවෙක්.....[/FONT]

    [FONT=&quot]මළ බැදුණු ගිනි දණ්ඩේ - දැල් බදිත් මකුළු සේනා....[/FONT]

    [FONT=&quot]වෙඩි හඩ අසනු රිසි දනෝ - පුපුරවති අහෝ රතිඥ්ඥා........[/FONT]

    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]

    [FONT=&quot]උපදින්න මතු වාසනා.........[/FONT]

    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]

    [FONT=&quot]උපදින්න මතු වාසනා.........[/FONT]


    [FONT=&quot]දසරජ දම් හි නිති පැවති - නරපති, ඇමති වඩන රුති......//[/FONT]

    [FONT=&quot]සත වෙත පතල මෙත සදති...........[/FONT]

    [FONT=&quot]මේ කේතුමතී නුවරයි..........[/FONT]

    [FONT=&quot]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]


    [FONT=&quot]රැකෙයි අකුරට නීතිය - දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති වී ඇත..............[/FONT]

    [FONT=&quot]නැත අක්‍රමිකතා, වැඩේ සුහදතා - සුන්දරතා, සුවතා................[/FONT]

    [FONT=&quot]අහෝ සැපයි!! සැපයි!!! මෙපුර විසුම නම්................................!!!!!!!!!!!!!![/FONT]


    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]

    [FONT=&quot]උපදින්න මතු වාසනා.........[/FONT]

    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]

    [FONT=&quot]උපදින්න මතු වාසනා.........[/FONT]


    [FONT=&quot]කියමින් නිබද ගී මියුරු - දකිමින් අවට රූ සොදුරු...................//[/FONT]

    [FONT=&quot]සතුටින් රගති මේ නුවරු................[/FONT]

    [FONT=&quot]මේ කේතුමතී නුවරයි..........[/FONT]

    [FONT=&quot]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]


    [FONT=&quot]නැත මුදලේ වටිනාකම් - බුහුමන් කරත් ශිල්ප ශ්‍රාස්ත්‍රයට ම ................[/FONT]

    [FONT=&quot]නැත පවුල් වාද, පිල් භේද, කුළ වාද, දෑ වාද.................[/FONT]

    [FONT=&quot]නැත බදු බර, පවුල් බර, ජීවන බර..........................!!!![/FONT]

    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]

    [FONT=&quot]උපදින්න මතු වාසනා.........[/FONT]

    [FONT=&quot]මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ[/FONT]

    [FONT=&quot]උපදින්න මතු වාසනා.........[/FONT]


    [FONT=&quot]දන්සල් දොරෙහි නැත යදියෝ[/FONT]

    [FONT=&quot]සල්පිල් වලය පුරවැසියෝ[/FONT]

    [FONT=&quot]පන්සිල් රකිති මැරවරයෝ[/FONT]

    [FONT=&quot]මේ කේතුමතී නුවරයි..........[/FONT]

    [FONT=&quot]මේ .................කේතුමතී නුවරයි.............[/FONT]


    [FONT=&quot]“දේශපාලනයෙන් සහ මනුෂ්‍යත්වයෙන් වෙන්කරනු ලබන කලා කෘතියකට පැවැත්මක් නැත” යි පැවසූයේ අපේ යුගයේ මහා නාට්‍යකරුවා වූ බ්‍රටෝල් බ්‍රෙක්ෂ්ට් ය. එය සත්‍ය ලෙසට ම සර්ව භෞමික වු ප්‍රකාශයකි. මේ ගීතය වූ කලී සර්ව භෞමික වූ ගායනයකි. එය ලොව සකල විධ වූ පාලක-ඝාතක ජඩ දේශපාලන-දේශපාලක ක්‍රමවේදයනට ගසන සයද වූ ද, අයෝමය වූ ද අතුල් පහරකි. නමුත් මෙම ගීතයේ සුවිශේෂිත්වය වන්නේ රචකයාණන් වූ මහැදුරු සුනිල් ආරියරත්නයන් මෙහි දී භාවිතා කරනු ලබන සම්ප්‍රදායානුකූල වූ පැරණි සාහිත මාවතේ එන වස්තු බීජයි. එසේම හෙළ සාහිත්‍යයේ දක්නට ලැබෙන “උත්ප්‍රාසය” නම් වූ අතිශය මනරම් වූ ආඛ්‍යයන රීතියයි.[/FONT]

    [FONT=&quot]කුමක් ද මේ පැරණි වස්තු බීජය? [/FONT]

    [FONT=&quot]පැරණි වූ හෙළ ගද්‍ය, පද්‍ය ග්‍රන්ථවල ඇති ධන ධාන්‍යයෙන් අතිශය ආධ්‍ය වූ, අනුපමේය නගරයකි, කේතුමතී රජදහන. මෙය සියළු ම දනා සතුටින් වෙසෙන, ප්‍රශ්න, දුක්,වේදනා ඈ මෙකී නොකී කිසිදු වූ ජනතාව පෙලන ප්‍රශ්න වලින් තොර, දැහැමෙන්, සෙමෙන් රාජ්‍ය පාලනය කරන පාලකයන් ගෙන් සෙවුනා වූ පෞර රාජ්‍යයකි. කිසිදු වූ ප්‍රශ්නයක් මේ රාජ්‍යය තුළ නොමැත. මෙය පැරණි ඉන්දීය සම්භාව්‍ය සාහිතය තුළ කියවෙන “රාම රාජ්‍යය” සහ ප්ලේටෝ සිය සුප්‍රසිද්ධ UTOPIA ග්‍රන්ථයෙන් කී පරමාදර්ශීය රාජ්‍යයට අනුරූපී වේ.[/FONT]

    [FONT=&quot]කුමක් ද මේ “උත්ප්‍රාසය”?[/FONT]

    [FONT=&quot]උත්ප්‍රාසය යනු සාහිතය උපක්‍රමයකි. එය ව්‍යංගය-එනම් “නොකියා කියන” තත්ත්වය ද පරදවන රීතියකි. ව්‍යංගයේ යෙදෙන්නේ යම් කරුණක් ගැන සගවා වෙනත් ආරම්මණයක් මත එම කරුණ පටලවා, පටවා කීමය.[/FONT]

    [FONT=&quot]උදාහරණ ලෙස පණ්ඩිත් අමරදේව ගුරුදේවයණන් ගයන, මහගම සේකරයන් පැබදූ “සද හොරෙන් හොරෙන් බලා” ගීතයේ දෙවන අන්තරා කොටසෙහි අවසන් පදය ලෙස ගැයෙන[/FONT]
    [FONT=&quot]නිවාලන්න මා...............[/FONT]
    [FONT=&quot]ඔබේ සිසිලසින්.......[/FONT]
    [FONT=&quot]යන පදයෙහි ව්‍යංගය වන්නේ රති සම්භෝගයෙහි යෙදීමට සිය පෙම්වතියට කෙරෙන ආරාධනාවකි.[/FONT]

    [FONT=&quot]නමුත් උත්ප්‍රාසය යනු කියනු ලබන වචනාර්ථය ද්වනිත කරනු ලබන අර්ථයෙහි පූර්ණ පරස්පරය නියමිත් වූ අර්ථය ලෙස ගතයුතු වීමයි. [/FONT]

    [FONT=&quot]නිදසුනක් ලෙස රංචාගොඩ ළමයා නමින් ප්‍රකට වූ දකුනේ ගැමි කිවිදිය සිය විවාහය ගැන කියන පහත කව බලන්න.[/FONT]

    [FONT=&quot]මෙහෙව් රටේ රංචාගොඩ ඉපදිලා[/FONT]
    [FONT=&quot]රුහුනු රටට මා දීලා ඉලව්වේ[/FONT]
    [FONT=&quot]කහට පොතු කකා කට හම යන්නා සේ[/FONT]
    [FONT=&quot]හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ........[/FONT]

    [FONT=&quot]විවාහයක-එනම් මගුලක- නොව ඉලව්වක -එනම් අවමගුලක- පැමිණි මේ ගැහැණිය කියන්නේ කහට පොතු කකා කට හම යන්නා සේමැ, එනම් එතරම් පරිපීඩිත වන ආකාරයෙන්, මගේ වාහේ-සිය සැමියා-රැක ගන්නා ලෙසට ය. එනම් ඇය කියන්නේ “මේ මිනිහා නම් රැක ගන්නට ම ඕනෑ එකෙකි” යන්නය. ඒ, ඒ තරම්ම ඇයට මේ “වාහේ” හොදින් විවාහයේ රස බලන්නට ඉඩ දී ඇති නිසාය.[/FONT]

    [FONT=&quot]මේ විචාරයට බදුන් වන ගීතය ද මේ කියන උත්ප්‍රාසය හරහා අප රටේ සිටි, සිටින, මතුවට සිටිනු ලබන ප්‍රජාපීඩක,ඝාතක,චෞර,අනනුකම්පීය පාලකයන් හට ගසන්නේ දැවැන්ත, වර්ණනා විෂයක්‍රාන්තික ප්‍රහාරයකි. ගීතය මුළ සිට රස විදින්න.[/FONT]

    [FONT=&quot]දන්සල් වල යදින්නට දුගියන් නැත! සියලු ම පුර වැසියන් සල්පිල් වල “ෂොපිං” කරති!! මැරවරයෝ පන්සිල් රකිත්!! රොඩ්ඩක් වැටුන හොත් මිස ඇස්වල කදුළු නැත!!! මකුණෙක් මදුරුවෙක් නොමළ හොත් මිස ලේ බිදුවක දු දක්නට ද නැත!! තුවක්කු නිහඩය, ඒවායේ මළ බැදී, මකුළු දැල් ද බැදි ඇත!!! නුවරුන් වෙඩි හඩක් අසනු රිසි වු විට රතිඤ්ඤා දල්වති!!!!!![/FONT]

    [FONT=&quot]සුනිල් ආරියරත්නයන් මේ උත්ප්‍රාසය උපරිමයට ගෙන එන්නේ “මේ මනරම් සමයේ මේ පුරවරයේ මැරුණත් නැවත ඉපදීම පවා වාසනාවකි” යන්න කියමිනි. වන්නාමය!! උපදින්නට ම නියමය!!!!!!!![/FONT]

    [FONT=&quot]මේ කියන සියලු ම දේ “සසිරි බර-මෙ සිරිලක” හා සසදන්න. පාලකයේ සහ ඇමතියෝ දස රාජ ධර්මයෙන් රට පාලනය කරති. ජනතාව වෙත දැඩි මෛත්‍රියකින් කටයුතු ම කරති. [/FONT][FONT=&quot]රැකෙයි අකුරට නීතිය,දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති වී ඇත,නැත අක්‍රමිකතා, වැඩේ සුහදතා - සුන්දරතා, සුවතා. නැත, මුදලේ වටිනාකමක් නැත, බුහුමන් කරන්නේ උගත් ශිල්ප ශ්‍රාස්ත්‍රයට මය.නැත පවුල් වාද, පිල් භේද, කුළ වාද, දෑ වාද. එපමණක් නොව, නැත බදු බර, පවුල් බර, ජීවන බර.ලොල්ය, ලොලේ ලොල්යැ....!!!!!!![/FONT]

    [FONT=&quot]සුනිලුන් අවසන් මාරක ප්‍රහාරය ද උත්ප්‍රාසයෙන් ම දී නිම කරන්නේ “අහෝ සැපයි, සැපයි මෙපුර විසුම නම්......!!!!!!!!!!!!!!” කියාය.[/FONT]

    [FONT=&quot]ඇත්තෙන් ම සකියනි, මාර සැපයි නේද මෙපුර විසුම දැන්.............................!!!!!!!!!!!!!!!!!!![/FONT]

    [FONT=&quot]ඇත්තෙන් ම දේශපාලන සන්දර්භයක් ඇතුලත් මේ ගීතය, බ්‍රෙෂ්ක්ට් කිව්වා සේ ම, දේශපාලනයෙන් සහ මනුෂ්‍යත්වයෙන් වෙන් කරනු නොලද්දක් නිසා ම, සර්ව භෞමිකය. සර්ව කාලීනය. එය සදාකාලිකව මේ රට ද, පාලිත ජනයා ද පෙළන පාලක-ඝාතක ජඩ දේශපාලකයන්ව උපහාසයෙන් හෙළා දකින, ජන මනස ඒ පාහර දේශපාලනයට විදරුද්ධ ව රාශී භූත කරන ද නිර්මාණයක් වේ.[/FONT]
     
    • Like
    Reactions: JHHA

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පළමුව අවසරයි.......ඔබ සැමගෙන්ම......
    ගීත විචාරය නොදත්තද හැකි සෑම විටම බලන්නෙමි.හදවතින්ම තුති ඔබ සැමටම මේ කරන්නා වූ කාර්යය වෙනුවෙන්.

    ආවාට තිබුනත් ගීතය පිලිබඳව තිබූ විචාර [sas,dath ] දෙකටම වඩා වෙනස් චිත්‍රයක් එම ගීය පිලිබඳව මට දකින්නට ලැබෙන නිසා, එය දුටු අද දවසේදී සිතට දැනෙන ඒ සිතුවිලි එක්කරන්නෙමි.

    “ආවාට තිබුණත් නිසසල සඳ මත
    එය හරි පි‍්‍රයංකරයි
    මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
    සඳ මෙන් අහිංසකයි
    එතරම් අහිංසකයි.......

    මෙතන කියල තියෙන්නෙ...."ආවාට කියන්නෙ මොන තරම්නම් බය ගෙන දෙන දෙයක්ද?ඒත්.... එහෙම ආවාට තියෙන සඳ හරිම ප්‍රියංකරයි.පුර පෝය දවස හඳ මොන තරම්නම් සුන්දර සිතුවිලිවිලින් අපව වෙලාගන්නවද?ඒ ගැන කියන්නත් අමාරුයි.ඒ තරම්ම අහිංසක,පිවිතුරු හඳක් ඒ.ඉතින් කෙල්ලේ වෙන කාට නැති උනත් ඔබට තියෙන මගේ ආදරේ ඒ හඳ වගේමයි.

    මංගල පෝරුව මතට එදා ඔබ
    දෙපා නැඟු ඒ සුබ මොහොතේ
    සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
    අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ....

    එහෙම අහිංසකව,පිවිතුරුව ආදරේ කල මමයි ඔයාව විවාහ කරගත්තෙත්.ඒත් එදා ඒ සිදු වූ දේ......[තමන්ගෙ ආදරේ අහිංසක හඳට උපමා කල කොල්ලෙක් ඒ කාලය තුලදි කෙල්ලව මොනම විදියකටවත් අමාරුවෙ දාන්නෙ නෑ.] සමාජය තුල තියෙන ඒ සිහිසුන් වීමේ අවස්ථාව ඒ පෙම්වතා අනුකම්පාව පෙරදැරි සිතකින් යුක්තව බාර අරන් නේද?

    සමස්ථයක් ලෙස අරන් බැලුවම මේ ගීතයෙන් කියවෙන්නෙ තමන් පූජනීය ලෙස ආදරය කල කෙල්ලගෙ අඩුව ඉදිරියට අරන් අපහාස, උපහාස,නඩු හබ නැතිව ඒ ආදරේ ඒ විදියටම බාර ගත් උතුම් වූ ප්‍රේමවන්තයෙක් ගැනයි.
     
    • Like
    Reactions: dath kimbula

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    [FONT=&quot]
    මා ආරම්භයේ පැවසූ පරිදි දඩබ්බර වූයෙමි.. දෙකට නැමී වැඩක් නැත වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය.. මෙය තනිවම කල නොහැක.. මුල් හුයේ පරිදි මේකට කිසිම සහායක් නැත.. දුටු පමණින් සැසියා හෝ වෙනකෙක් නිසා කෝට් කර උපරිමයි සහෝ කීවාට වැඩක් නැත.. අප මෙතරම් වෙහෙසවී දමන්නේ ඔබ නිසාවෙනි.. මෙය වෙනම නූලක් විදියට දැමූවානම් අඩුම ගානේ රෙප් 50කි... ආදරණීය සහෝදර වරුණි මේ ඔබට තිබෙන ආදරය නිසාවෙන්මයි.... අප විචාරය කරන්නේ කහනවාට නොවේ .. ඔබට යමක් දෙන්නටමය... ලැබෙන ප්‍රතිචාර මදි බව කිව යුතුමය.. විචාර හො අදහස් ගලන්නේ ඔබේ ප්‍රතිචාර මතය... තොමියන්, ධනුෂ්ක, ගෝරා,මහියා,පැන්තා,භානුක,තරින්ද,බස්රත්නේ සහ විශේෂයෙන් ලොකුඅයියා හා මා සහෝදර චමල් හා අනෙකුත් මිතුරණි ඔබලාගේ රණ්ඩු අදහස් ඕනෑමය.. කරුණාකර අපේ හදවතේ ඇති දේ එළියට ගන්න.. යූසර්52,කිඹුලා සහ නවක ලීකා ඒ වෙනුවෙන් සූදානම්)[/FONT]
    [/COLOR]


    පුලුවන් හැම වෙලාවකම කියවනව සහො ඔයාගේ පෝස්ට් ටික. මම මේ ගීතය නම් ඇහුවෙ ලගකදි. ආපහු සැරයක් අහල මේකට උත්තරයක් ඩෙන්න බලන්නම්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව අවසරයි.......ඔබ සැමගෙන්ම......
    ගීත විචාරය නොදත්තද හැකි සෑම විටම බලන්නෙමි.හදවතින්ම තුති ඔබ සැමටම මේ කරන්නා වූ කාර්යය වෙනුවෙන්.

    ආවාට තිබුනත් ගීතය පිලිබඳව තිබූ විචාර [sas,dath ] දෙකටම වඩා වෙනස් චිත්‍රයක් එම ගීය පිලිබඳව මට දකින්නට ලැබෙන නිසා, එය දුටු අද දවසේදී සිතට දැනෙන ඒ සිතුවිලි එක්කරන්නෙමි.

    ඇත්තෙන් ම විය යුත්තේ ද, අප බලාපොරොත්තු වන්නේ ද මෙය මයි සහෝදරයා.
    අපි අපේ හදවත මෙහි දිග හරිමු.......
    ඔබ ඔබේ හදවත ද දිග හරින්න.....................!!!!!!!!!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    boot nuula!
    කොහෙද බං ගුනේ අයියේ බූට්..........................???????????????:angry::angry:
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot]කේතුමතියේ ගීතය......................[/FONT]

    මේව බූට්ද ??????????????????????????????:angry::angry::angry::shocked:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇත්තෙන් ම විය යුත්තේ ද, අප බලාපොරොත්තු වන්නේ ද මෙය මයි සහෝදරයා.
    අපි අපේ හදවත මෙහි දිග හරිමු.......
    ඔබ ඔබේ හදවත ද දිග හරින්න.....................!!!!!!!!!!!!!

    සුන්දරද ජීවිතේ මෙතරම්ම.................
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,098
    16,860
    113
    [FONT=&quot]උත්ප්‍රාසය, දේශපාලකයන් හට සදාකල්හි මැ, සෑම පොලොවක් මත මැ ගසන කණේ පහර........................[/FONT]

    [FONT=&quot]කේතුමතියේ ගීතය.....................[/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot].[/FONT]


    :cool::):):)...