Supers Six Film eka ehenpitinma Tamil Coppy ekak

Huzain

Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    මම ඊයෙ තමයි බන් එක බල්න්න ගියේ මහ ලෙකුවට කියනව ගොඩක් වියදමී කරාලු ඉතින් එහෙම එකේ තමන්ගෙම කථාවක් ගන්න බැරිද

    Commedy Sean එවා ඔක්කම එකයි බන් වෙනස් කරලත් නේ මම ලින්ක් දෙන්නමිකො

    Tamil Filme eka name eka name " chennai 60028 " youtube eke balanakota therei ubalata

    Supper Six

    chennai 60028

    Supper six balapu ayata me sean eka mathaka athi
     
    Last edited:
    • Like
    Reactions: chanakacm

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සික්ස්’

    ලංකා සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදල වන රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් යොදා තැනූ ‘‘සුපර් සික්ස්’’ චිත‍්‍රපටය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා. උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණයෙන් සහ ටී සදේෂ් කුමාර් නිෂ්පාදනයෙන් බිහිවූ ‘‘සුපර් සික්ස්’’ සඳහා එතරම් මුදලක් වැය වූයේ ඇයි? මේ චිත‍්‍රපටයේ ඇති විශ්මිත දේවල් මොනවාද? කතාව මොන වගේද? මෙම සිනමා නිර්මාණය රූගත කළේ කොහොමද? ‘‘සුපර් සික්ස්’’ තිරගත වන මොහොතක ඒ ගැන මෙහි අධ්‍යක්ෂ උදාර සහ නිෂ්පාදක සදේෂ් ගෙන් විමසා දැන ගනිමු.

    උදාර මේ ඔබගේ කී වැනි චිත‍්‍රපටයද?

    චිත‍්‍රපටයක් ලෙස ප‍්‍රදර්ශනය වන පළමු එක. ඊට පෙර තවත් නිර්මාණයක් කර තිබෙනවා. නමුත් පළමු චිත‍්‍රපටය වන්නේ මෙයයි.

    මෙම සුපර්සික්ස් සඳහා කතාව උපුටා ගැනීමක්ද?

    මෙහි කතාව නිෂ්පාදක සදේෂ් කුමාර්ගෙ. පිටපත අනුර ඒකනායකගෙ. දෙබස් සහ අධ්‍යක්ෂණය මගේ. මෙය හින්දි කොපියක් නොවෙයි. ලංකා පොළවේ පය ගහලා ජීවත්වන තරුණ තරුණියන් පිරිසක් වටා ගොනුවූ චිත‍්‍රපටයක්. එය නරඹන පිරිසට එය දැනෙන චිත‍්‍රපටයක්.

    ලංකාවේ වැඩිම මුදලක් වැය කර තැනූ චිත‍්‍රපටය මෙයද?

    ඔව්, නිෂ්පාදන වියදම පමණක් රුපියල් ලක්ෂ 990 ක්. ප‍්‍රචාරක වියදම ගැන තවම ගණන් බලා නැහැ.

    මෙතරම් විශාල ධනස්කන්ධයක් යොදා චිත‍්‍රපටයක් කිරීමට ඔබට බියක් හිතුනේ නැද්ද?

    ඇත්තටම ගොඩාක් අය ඒ ගැන අහනවා. මම නියැලී සිටින්නේ වෙළඳ ප‍්‍රචාරක සේවයේ, තත්ත්පර 30 ක දැන්වීමකට සමහර වෙලාවට අපට රුපියල් කෝටියක් පමණ වැය කරන්න සිදු වෙනවා. ගුණාත්මක දේ කරද්දී ඇත්තටම වියදමක් යනවා. ඉන්දීය චිත‍්‍රපටයක් කරන්න සමහරවිට අඩුම තරමින් ඉන්දීය රුපියල් කෝටි 150 ක්වත් යනවා. නමුත් අවසානයේ බිහිවන නිර්මාණය ගුණාත්මක බවින් ඉහළයි. ‘‘සුපර් සික්ස් ’’ ඒ වගේ චිත‍්‍රපටයක්. ඒ අනුව බලද්දී එතරම් මුදලක් වැය නොකළත්, හින්දි චිත‍්‍රපටයක් පරදන තරමට සියලූම තාක්ෂණ අංශ සහ කතාව ඇතුළු අනෙකුත් අංශ වලින් ගුණාත්මකව අපි මෙය කරලා තියෙනවා. කැත නැතිව ලෝකයේ ඕනෑම තැනක පෙන්වන්න පුළුවනි.

    මේ වියදම් කිරීම ඔබ කළේ මොන වගේ හරඹයක් වෙනුවෙන්ද? ඇයි මෙච්චර වියදම් කළේ?

    මට අවශ්‍ය වුනේ ඇදලා ගත්තා දමලා ගැහුවා චිත‍්‍රපටයක් කිරීම නෙවෙයි. අනෙක චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට අපි අමුත්තන් නෙවෙයි. මම චිත‍්‍රයට කලාව ගැන ඉගෙන ගත්තෙ පූනේ වලදී. එදා ඉඳලා හොඳ චිත‍්‍රපටයක් කිරීම තමයි මගේ අරමුණ වුණේ. ලංකාවට චිත‍්‍රපට කරන්න බැහැ කියලා දෙයක් නැහැ. චිත‍්‍රපට නරඹන සංඛ්‍යාවේ සිට සියල්ල සමීක්ෂණය කරලා තමයි මේ චිත‍්‍රපටය කළේ. අපි බොහෝ වෙලාවට නරඹන ලක්ෂ 60 ට වඩා අඩු ප‍්‍රමාණය ගැන තමයි කතා කරන්නේ. මේවා බැහැර විය යුතු දේවල් ඒ නිසා අපට ඕනෑ වුණේ පේ‍්‍රක්ෂකයන් ලක්ෂ 60ම සිනමා ශාලාවෙතට කැඳවාගෙන ඒමටයි. ආර් 4 කියන උසස්ම තාක්ෂණයේ කැමරා පවා අපි භාවිත කළේ ඒ නිසයි. දැනට වසර කිහිපයකට පෙරදී සල්මන්ඛාන් චිත‍්‍රපටයක් කළේ මේ කැමරා සහ කණ්ඩයාම සමගයි. මේ චිත‍්‍රපටයට දායක වුණෙත් එම කණ්ඩයාමයි. ඒ වගේම සෑම දෙයකටම වියදම දරන්න පූනා, අන්දමන් දුපත්වලට, ඉන්දියාවට සහ මැලේසියාවට පවා ගිහින් රූගත කිරීම් සිදුකළා. අර මා කී උසස් ගුණාත්මක බව ගන්නයි අපට ඕනෑ වුණේ. නිකම් පිස්සුවට මුදල් වියදම් කළේ නැහැ. නරඹන සියලූ දෙනාට තත්ත්පරයෙන් තත්ත්පරය මෙය දැනෙන චිත‍්‍රපටයක් ලෙස රූප රාමු පෙළ ගස්වා තිබෙනවා.

    මේ සියල්ල සමග කතාව ප‍්‍රබල වෙන්න එපායැ. කතාව ප‍්‍රබලද?

    මේ චිත‍්‍රපටය කරලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. නමුත් තව අවුරුදු ගාණකට මේ කතාව තරුණ තරුණියන්ට ගැලපේවි. අනිවාර්යයෙන්ම මෙහි කතාව ප‍්‍රබලයි. නමුත් ලංකාවේ තිබූ ප‍්‍රදර්ශන මාෆියාව නිසා මගේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම පස්සට දැමුවා. ඒවායින් අපි සැළුනේ නැහැ. මම හිතන්නෙ අද වෙනස්ම තේමාවක් යටතේ මෙය තිරගත වීම එක්තරා විදියක පේ‍්‍රක්ෂකයින් අවදි කිරීමක්. මම ධනාත්මක පුද්ගලයෙක්. ඒ නිසා සියල්ල ආශිර්වාද කොට සළකන්නෙ. චිත‍්‍රපටය තිරගත වීමටත් පෙර සෙනග ඇවිත් චිත‍්‍රපට ශාලාවලට එය නරඹන්න. ඔවුන්ට දිනත් අමතක වෙලා. එයින්ම පෙනෙනවානෙ මීට තියෙන ඉල්ලූම.

    කතාව සැකෙවින් කිව්වොත්.

    මොරටුව ප‍්‍රදේශයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ආදරය කරන තරුණ පිරිසක්. එයාලගෙ ජීවිත ගොඩනගා ගන්න උත්සාහ ගන්න හැටි තමයි විකාශය වන්නෙ. ඔවුන්ගේ රිද්මය හරි වින්දනාත්මකයි. යටින් එන පටු දේශපාලනය මේ අයගෙන් ප‍්‍රකාශ වෙනවා. ආදරණීයයි. වින්දනාත්මකයි.

    මෙයින් ඔබට අවශ්‍ය වුණේ කුමක් ප‍්‍රකාශ කරන්නද?

    කිසිම දෙයක් නෙවෙයි. සමාජයට හොඳට නෙතපුරා - හිතපුරා විඳින්න පුළුවන් චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමටයි. සිනමාශාලාවලට එන්නෙ නැති පිරිස ගෙන්වාගෙන, තව වසර දහයකට විතර ගන්න බැරි අත්දැකීමක් පේ‍්‍රක්ෂකයින්ට ලබා දීමටයි. වාසනාවකට මේ චිත‍්‍රපටය සමග තවත් අලූත් සිනමාශාලා කීපයක්ම විවෘත කෙරුණා.

    මේ දැවැන්ත චිත‍්‍රපටය කරන්න ගිහින් මුහුණ දුන් දැවැන්ත ක‍්‍රියාදාමයන් මොනවාද?

    මේ චිත‍්‍රපටයේ මුල සිටම ලොකු ක‍්‍රියාදාමයක්. මුලින්ම මෙහි රූගත කිරීම් පටන් ගත්තෙ ත‍්‍රීකුණාමලයේදී. එහිදී හෙලිකොප්ටර් යොදාගෙන කළ දර්ශන තාක්ෂණික දෝෂයක් නිසා නැවත කරන්න සිදුවුනා. පසුව වෙනම වියදමක් දරා එය කළා. එක් අවස්ථාවක මැලේසියාවට ගිහින් පසුව අන්දමන් දුපතේ රූගත කිරීම් යොදාගෙන තිබුණා. එතැනට ගියේ ලංකාව කියන දුපතේ සිටයි. එතැන අන්දමන් දුපතට මලීකා සහ හේමාල් රණසිංහ රඟපාන ජවනිකාවක් සඳහා එහි ගියේ. අධිවේගී බෝට්ටුවල යන දර්ශන පෙළ රූගත කරද්දී අපි ජීවිතාරක්ෂක කට්ටල යොදා ගත්තේ නැහැ. එක්තරා අවස්ථාවක අපේ ජීවිත මිනීමරු කිඹුල් රංචුවකින් බේරුනේ අනූනවයෙන්. තවත් අවස්ථාවක හේමාල් සටන් ජවනිකාවකට පෙනී සිටියා. රැජිණි කාන්ගේ සටන් අධ්‍යක්ෂකවරයා තමයි සටන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ. ඒ නිසා හේමාල්ට සජීවීව ඊට පෙනී සිටීමට සිදුවුනා. ඒ නිසා හේමාල් කීප විටකදීම තුවාල ලැබුවා. ඒ අතරතුර අපි ඉන්දියාවට ගියාම තමිල්නාඩු ප‍්‍රශ්නය නිසා දින දෙකක් අපව හෝටලේ රඳවාගෙන සිටියා. ලංකාවේ කාටහරි මොකක්හරි වුණාම අන්තිමට කවුරුවත් නැහැ. එදා අපට අපි විතරයි. අපි සුහදව කතා කරල පණ බේරාගෙන ආවා

    මෙහි විශේෂතම පිරිවැයක් දැරූ දර්ශනය ගැන සඳහන් කළොත්

    රුපියල් ලක්ෂ 95 ක් විතර වැය කරලා කළ ගීත ජවනිකා පෙළ සඳහන් කරන්න පුළුවනි. ආරම්භයේදී ඇති ගීතය. ඒ සඳහා සහාය වුණේ ෂාරුක්ගෙ සහාය නර්තන පිරිවරට සිටින ඕස්ටේ‍්‍රලියාවේ ශිල්පිනියන් පිරිසක්. අපි ඒ අය එහෙන් ගෙන්වූවා. මෙවැනි මිල අධික දෙයක් මීට පෙර කරලා නැහැ. පබෝදා සහ සාරංග පෙනී සිටින ගීත ජවනිකා සඳහා බොහෝ විට යොදා ගන්නෙ හෙලිකොප්ටරයි. ඒ නිසා ඒවටත් විශාල වියදමක් ගියා. මේ විදියට මීට ගිය පිරිවැය අති විශාලයි. නමුත් ඒ සියල්ල අද ජනතාව සිතුසේ නරඹමින් පී‍්‍රතිවන බව පෙනෙනවා. සිනාවෙන සිනමාව නැවත ඇති කළ අභිමානය අද අපට දැනෙන දෙයක්.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලක්ෂ 990 k giya kiyala hamathanama kiyanne mokada danne naha.:rolleyes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    oya Tamil Movie eke rangapana ewn wage hithannawath baa bnz....mama oya tamil movie eka balaa dan godak kal...fattama movie eka..LOL
     
    Hari ban eth man ahanne mechchara koti 10 k wiyadam karapu eke eka thamantama kathawak hadanna thibbane ban hithata wadina widiyata...
    mama e tamil film eka issara SHAKTHI TV eketh damma ban.. ekamai..
     
    rokie

    Member
    Listen to this CareFuLLy |

    :)Monawa unath Mahansi wela tiyenawa :)

    eth mekath lankawe anith ewa wagemai
    wneasaka tiyenne Inna KeLy tiKa :lol:Badu tikaka:lol: wage InnNa Eka.........

    Mataka Tiyeganna Puthe .........

    :love:Oyage Kella ekka :love:Box ekaka indan Balann Me filem eka balanna yanna epa .......

    Athal Kaleeee, Card Kudu ...........
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    ow ban mahansi wela thiyanawa eka aththa eth mun mahansi wela n wiyadam karala thiyenne meeta kalin apu film ekakatane.. anunge film ekakatane
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    වියදමේ හැටියට ආදයමුත් ලබනවනේ ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු අම්බානෙක බලනවා
    පාඩුවෙන්නේ නැහැ ,ලංකාවේ මිනිස්සු කැමති දෙමල කොපි වලට.
    උන්ම කියල උන්ම හිනාවෙන කතා,music videoමේවා බලන්න
    අපේ මිනිස්සු කැමති,
    තාම සිනමාත්මක රසවින්දනයක් ලබන්න ලංකාවේ මිනිස්සු දියුණු නැහැ.
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ක්‍රමේට මේවා හදන්නේ
    වැරැද්ද චිත්රපටියක් කියල මොනවහරි ලබ්බක් හදන එවුන්ගේ නෙමේ
    අපේ මිනිස්සුන්ගේ
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    hari ban eth man kiyanne.. meka godakma wiyadam karala thiyanawa. eth anawashya wiyadamuth thiyanawa.. ara pabodata ai ban ochchara kotata adum hikzz mechchara wiyadam karapu eke pabodata andana eke loba une ai :P :P :P
     
    • Like
    Reactions: TheMass

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වියදමේ හැටියට ආදයමුත් ලබනවනේ ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු අම්බානෙක බලනවා
    පාඩුවෙන්නේ නැහැ ,ලංකාවේ මිනිස්සු කැමති දෙමල කොපි වලට.
    උන්ම කියල උන්ම හිනාවෙන කතා,music videoමේවා බලන්න
    අපේ මිනිස්සු කැමති,
    තාම සිනමාත්මක රසවින්දනයක් ලබන්න ලංකාවේ මිනිස්සු දියුණු නැහැ.
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ක්‍රමේට මේවා හදන්නේ
    වැරැද්ද චිත්රපටියක් කියල මොනවහරි ලබ්බක් හදන එවුන්ගේ නෙමේ
    අපේ මිනිස්සුන්ගේ

    උබට පිස්සුද බන් ලංකාවේ එවුන් ප්‍රචාරනයට රැවටිලා මේවා බලන්නේ .ලංකාවේ ෆිල්ම් ටැමිල් හින්දි කොපි හදන හින්ද තමයි සිනමා කර්මාන්තය වැටිලා තියෙන්නේ
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    ගමයා;12871225 said:
    උබට පිස්සුද බන් ලංකාවේ එවුන් ප්‍රචාරනයට රැවටිලා මේවා බලන්නේ .ලංකාවේ ෆිල්ම් ටැමිල් හින්දි කොපි හදන හින්ද තමයි සිනමා කර්මාන්තය වැටිලා තියෙන්නේ

    sirawata ban... eth ban lankawe hoda filmwalata katha liyanna puluwan hakiyawan thiyana aya ona tharam innawa ban... munta kathawa kiwwama directorslata therenne naha kohamada film eka ganne kiyala.. ekai meyala gaththa film balala karanne
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අඩෝ ඕවම තමා,වැල්ලේ ක්‍රිකට් ගහන එකා නම් ඒකමයි අරන් තියෙන්නේ :angry::angry: