කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17
අද අන්නාසි ව්‍යංජනයක් හදමු!!!!
මේ උයමනේ ප්‍රධාන ස්තූතිය හිමිවිය යුත්තේ යුරාජ් ටය. ගිය
ඉරිදා උදේ පාන්දරම මේ හාදයා මට කතා කර කෑදර හඩකින් ඇසුවේ "අද නිවාඩු නේද? මුකුත් උයන්නේ නැද්ද?" කියාය.

අන්නාසි වලට අසාත්මිකතා දක්වන අය ආහාරයට ගැනීම නොමැනවි. එසේම අම්ල-පිත්ත (ගැස්ට්‍රයිටිස්) තිබෙන අයද වැඩි පුර ගිල දැමීමෙන් වළකිනු මැනවි!!
අවශ්‍ය ද්‍රව්‍ය
1. පැසුනු අන්නාසි තරමක ගෙඩි දෙකක් - මේව නම් අපේ වත්තේ බඩුය. නෙලා ගත් ගමන් ය.

2. තෙල් මේස හැදි 2ක් පමණ
3. දිය කිරි සහ මිටි කිරි ස්වල්පය බැගින්
4. එනසාල් 2ක් සහ කරාබු නැටි 2ක්
5. කුරුදු
6. උලුහාල් සහ ලුණු
7. ගම්මිරිස් කුඩු
8. කහ කුඩු ස්වල්පයක්
9. තුනපහ කුඩු මේස හැදි 2ක්
10. මිරිස් කුඩු මේස හැදි 2ක්
11. කැබළි මිරිස් මේස හැදි 1ක්
12. කරපිංචා
13. සිහින් ව ලියූ සුදු ළූණු සහ ඉගුරු ස්වල්පයක්
14. රම්පෙ සහ සේර ස්වල්පයක්
15. සීනි මේස හැදි 1ක්
16. කැපූ ලොකු ළූණූ
17. සිහින් පෙති කැපූ සුදු ළූණු
18. සිහින් ව ලියූ අමු මිරිස්
19. පෙති කැපූ ලොකු ළූණු
20. දෙහි ගෙඩි බාගයක ඇඹුල්
සාදන ක්‍රමය
අ. අන්නාසි පොතු ඉවත් කර කොටස් වලට කපා ගන්න.
ආ. මිරිස් කුඩු සහ තුනපහ කුඩු බදුනක් ලිප තබා කබලේ බැද ගන්න.
ඇ. එය රන්වන් පාට වන විට කැපූ අන්නාසි කැබළි එක්කරන්න.
ඈ. බැදුණු මිරිස් සහ තුනපහ සමග කවලම් කර මෙය මදක් රත්වන්නට තබන්න.
ඉ. මෙයට ම කුරුදු, උලුහාල් සහ ලුණු, ගම්මිරිස් කුඩු,කහ කුඩු,කරපිංචා,සිහින් ව ලියූ සුදු ළූණු සහ ඉගුරු,රම්පෙ සහ සේර,කැපූ ලොකු ළූණූ එක්කර දිය කිරි එක් කරන්න.
ඊ. මෙය වසා මද ගින්නේ කිරි සිදෙන තුරු උයා ගන්න.
උ. දිය කිරි සිදෙන විට මිටි කිරි කෝප්ප බාගයක් පමන එක්ක කර එය සිදෙන තෙක් මද ගින්නේ පිස ගන්න. මෙය බදුනෙන් ඉවත් කර ගන්න.
ඌ. මෙම බදුනට ම තෙල් ටික ලිප තබා රත් වන විට, සිහින් පෙති කැපූ සුදු ළූණු,සිහින් ව ලියූ අමු මිරිස්,පෙති කැපූ ලොකු ළූණු, කැබළි මිරිස් දමන්න. මෙය බැදෙන විට එයට සීනි එක්කරන්න.
එ. මෙම බැදුමට කලින් පිස තිබු අන්නාසි ව්‍යංජනය එක්කර ගන්න.
ඔ. දිය ගතිය සිදෙන තුරු පිස ගන්න.නිවුණු පසුව කෑමට පෙර දෙහි බෑ බාගයක ඇඹුල් එක් කර ගෙන හොදින් මිශ්‍රකර ගන්න.
මෙම අන්නාසි ව්‍යංජනය ඕනෑම කෑමක් සමග ඔට්ටුය.

දැනට අනිත් අය ගේ දැන ගැනීම පිණිස බම්ප් එකක් දමන්න. මෙය පිලියෙළ කර ඔබේ ව්‍යංජනයේ ෆොටෝ එකක් මෙහි පෝස්ට් කිරිම කරන ලබන උපරිම කෘතඥතාවය වේ.
ෆොටෝ වෙනදා තරම් කොලිටි නැත. ගත්තේ ජංගම දුරකථනයෙනි. ඒ ගැන කමත්වා!!!!!!

Last edited:
Thanks කිඹුල් මාමේ..... අරගෙන යන්න ඕනා අද යන ගමන් මේකට ඕනා බඩු ටික......

අර ගෝතයෙක් ඈවිල්ලා ත්‍රෙඩ් එකේ මුල් පේජ් එක කන්න ලෑස්ති වුන නිසායි එහෙම කරේ......!!
දැන් ටිකකට කලින් උඹේ ෆේක් අවතාරෙත් ඈවිත් ගියා..... දැන් නම් ඌට බඩු පැකට්..... 