අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,763
    3,110
    113
    අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි....

    ඇමරිකන් ජාතිකයින් තම ආහාර වේලට පාන් පෙති දෙකක් මස් පෙත්තක් එළවලු සලාදයක් හා පළතුරු යුශ වීදුරුවක් ලබා ගනිති.ජපන් ජාතිකයින් සුදු බත් ගුලියක් රාබු අච්චාරු ස්වල්පයක් හා මාළු පෙත්තකින් සැනසෙති.චීන ජාතිකයින් නූඩ්ල්ස් අනුභව කරති.
    මේ සියලු රටවල් අතිශය දියුණු රටවල් වෙති.

    ලංකාවේ වේලක් ඉවීම දෙවනි ලෝක යුද්ධය සිහිපත් කෙරෙන රාජකාරියකි.හාල් කඩයට දිව ගොස් හාල් ගෙනෙන ගෘහණියෝ ඒවා සෝදති ගරති ලිපේ තියා පිස ගනිති.
    පොළේ ගොස් ගෙනෙන එළවලු ලේසියකට උයන්නට බැරිය.පොල් ගා කිරි මිරිකා තුනපහ මිරිස් යොදා මදි හරියට තෙම්පරාදු කර ඉවිය යුතුය.නැත්නම් කන උන්දලාගේ හිත හොඳ නැත.

    කිරට එකක් තෙලට එකක් මිරිසට එකක් යනාදියෙන් අපේ ආහාර වේල පිරිපුන්ය පොහොසත්ය.අම්මෝ හරි රසය.කාගෙන කාගෙන යා හැක.
    වේල පිළියල කරන්නට කාලයත් ඒ අයුරින්ම කත හැක.
    උදේ හයට ගෙදරින් පිටවෙන සැමියාට බත් මුල සකසා දෙන්නට බිරින්දෑවෝ උදේ හතරට ඇහැරෙති.නැතුව බැරිය.එළවළු මාළු උයන්නට වෙලා මදිය.

    කලින්දා රෑවේල තෙලට කිරට මිරිසට උයා තෙල් දැලිබැඳුනු වළං හෝදා රෑ එකොළහට දොළහට නිදාගත් බිරින්දෑ පහුවදා උදේ හතරට නැගිට වේල පිළියල කරන්නෝය.ඒ අතර නින්ද මඳිකමින් රෝගී වන්නෝය.අටෝරාසියක් හට්ටි මුට්ටි හෝදා අතපය රුදා හදා ගනිති.
    වේලක් උයා කෑ පසු ඒ ඒ බාජන හට්ටි මුට්ටි හේදීමත් ලේසි නැත.එකක් තෙල්‍ ය අනෙකේ කිරිය තවකෙක දැළිය හොදිය.කුස්සිය පුරා පොල් කුඩුය ළූණු පොතුය.ඔය ඔක්කෝම එක වේලක හපන්කම්‍ ය.

    විදේශික දරුවන් පුටුවක වාඩි වී අල ගෙඩියක් මස් කැබැල්ලක් කැරට් අලයක් බටර් තැවරූ පාන් පෙත්තක් සමඟ පළතුරක් අපූරුවට වදයක් නැතුව තනිව කති.
    ලාංකික දරුවන්ගේ අම්මලා පැය ගනන් ගතකොට කිරට තෙලට උයා බත් සමඟ අනා පොඩි කර චුරුප්පන් කර පස්සෙන් දුවමින් පොඩි එකාගේ කට ඇතුලට එබීමට වෙර දරති.බත් අප්පිරියා පොඩි එකා පසු නොබලා දුවයි."අනේ අපේ එක්කෙනා බත් කන්නෙම නැ"අම්මලා නාහෙන් අඬයි.
    විදේශික කුඩා ළමුන්ට පවා තමන්ගේ සරල ආහාර වේල පිළියල කර ගත හැකි වෙද්දී ලාංකික දරුවෝ අම්මා ලෙඩවූ දාට බඩගින්නේ හිදිති.නැත්නම් කඩෙන් කති.අපේ වේල හැදීම ඒ තරම් සංකීර්ණ කාර්‍යයකි.කුඩා උන්ට තියා සමහර වැඩුණු උන්ටද නොකල හැකි කාර්‍ය්‍යයකි.

    පිටරට කාර්‍යාලවල සේවය කරන්නන් වැඩ අතර තුරේදීම මස් හා එළවළු යෙදූ පාන් පෙත්තක් කා පළතුරු යුශ වීදුරුවක් බොයි.ඒ ඔවුන්ගේ දිවා ආහාරයයි.
    හපොයි ලංකාවේ එහෙම බැරිය.ඒ කෑම එහෙම ලේසියකට කන්නට බැරිය.කන්න කලින් විනාඩි දහයක් අත් හේදිය යුතුය.බත් මුල දිග ඇරගෙන මාළු කටු තෝරමින් කරපිංචා අහක් කරමින් කන්නට පැය බාගයක්වත් ගතවේ.කා බී අවසානයේ අතකට හෝදන්නටද ලේසියකට බැරිය.හොඳි මාලු නියපොතු අස්සේ පවා නැංගුරම් ලාගෙන ඇත්තෝය.
    ඉතින් ඔයින් මෙයින් කාර්‍ය්යාල වල කෑමට උදේට දවල්ට පැය දෙකක් වත් දිය යුතුය.
    බත් සමඟ හරි හරියට කාලයද කන්නෝය.

    ලාංකිකයන්ගේ මසක පඩියෙන් වැඩි කොටස වියදම් වෙන්නේ කෑමටය.ලේසි නැත.කීයක් ගත යුතුද.හාල් පොල් එළවළු මාළු වලින් නොනැවතී තුනපහ කහ මිරිස් කුරුදු රම්පෙ කරපිංචා සිට ගොරකා සියඹලා දක්වා ගත යුතුය.එකත් පොඩ්ඩක් බැරිය.බඩ පැලෙන්නට කන්නට බත් කන්දක් හා හායි හූයි ගාන්නට හොදි ගඟක් තිව යුතුය.
    නැත්නම් බඩට කෙසේ වෙතත් හිතට මදිය.

    වැඩියෙන් බත් කා අඩුවෙන් එළවළු කා ලෙඩ්ඩු වෙන්නටද ලාංකිකයෝ හරි හපන්නුය.
    කවුරු හරි ඇහුවොත් පුරාජේරුව කියවන්නේ "අපෝ අපි තුන් වේල බත් කන මිනිස්සු" කියාය.
    බත්වලට වඩා කන්නේ කාලය හා මුදල් බව නොහිතන්නෝය.

    ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක් අනුභව කර මුදල් හා කාලය ඉතිරි කරගෙන පෙරට යද්දී අපි එක් වේලකට පැය ගනනක් කාලය වැය කොට පසුම්බිය හිඳෙන තුරු මුදල්ද වැය කරමින් එක තැන පල්වෙන්නෙමු.

    සැබැවින්ම අපේ ආහාර රටාව පිළිබඳ කල්පනා කර යුතු කාලය එළඹ ඇත.අපි වේලකට වැය කරන මුදල හා කාලය ගැන සිතූ විට අප තවමත් දියුණු වෙමින් පවතින රටක් වී ඇත්තේ ඒ නිසාමදැයි ඇතිවන සැකය සාදාරණය.මෙය කියවන ඔබත් ලියන මාත් ඇතුළු අප සියල්ලෝම ලාංකික ආහාර රටාව තුල සිරවුණු සිරකරුවෝ වෙමු.
    එයින් මිදෙන දවසක් ඇත්නම් එදිනට ලංකාව තවත් අඩියක් මෙතනින් පෙරට යනු ඇත.

    ඔයාලත් හිතල බලන්න 🙂
    හැබැයි පෙරේතයන්ට ඔය මොනවත් අදාල නෑ 😁

    (උපුටාගැනීම >>> අමා රාජපක්ෂ fb profile)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,673
    15,943
    113
    හාල් කඩයට දිව ගොස් හාල් ගෙනෙන ගෘහණියෝ ඒවා සෝදති ගරති ලිපේ තියා පිස ගනිති.

    ඵතකොට ජපන් ජාතිකයින් සුදු බත් ගුලිය හදන්නේ හෝදන්නේ පිසින්නේ නැතුවද..
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    අපි වේලකට වැය කරන මුදල හා කාලය ගැන සිතූ විට අප තවමත් දියුණු වෙමින් පවතින රටක් වී ඇත්තේ ඒ නිසාමදැයි ඇතිවන සැකය සාදාරණය.මෙය කියවන ඔබත් ලියන මාත් ඇතුළු අප සියල්ලෝම ලාංකික ආහාර රටාව තුල සිරවුණු සිරකරුවෝ වෙමු.
    එයින් මිදෙන දවසක් ඇත්නම් එදිනට ලංකාව තවත් අඩියක් මෙතනින් පෙරට යනු ඇත.
    ලංකාව දියුණු නැත්තේ නැකත් බලන නිසා
    ඔය උඩ වගේ වගේ මෝඩ මත වල ලංකාවේ බහුතරය හරක් ඉන්න නිසා තමයි

    ඇත්තටම ලංකාව දියුණු වෙන්න ඕන නම් හදන්න ,වෙනස් කරන්න ඕන නීති, regulations etc ගැන කතා නොවී , වෙන බයිලා ගහනවා .
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113




    ඇමරිකාවේ වත් FDA එකෙන් check කරන්නේ නැති , බෙහෙත් ,supplements ලංකාවේ ගිනි ගානට විකුණන FDA නමත් විකුණලා



     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,654
    113
    日本
    අමා කියන්නේ කලවම් වේ$යෙක් ෂුවර් ඵකටම..රාජපක්ෂ නම දාගත්තේ මිනිහගේ අාපු නිසා වෙන්න අැති..ඕනම රටක තමන්ට අාවේණික කෑම රටාවක් තියෙන්නෙ..ඒ විදිහට කෑම ගත්තනම් ලෙඩ අඩුයි..නියම විදිහට හදපු තුන පහ ටික හරියට දාල කෑම හදනවනම් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්නේ නෑ..

    තෙල් කෑම ලංකාවට අාවේ සුද්දගෙන් කියලා ඔය පරට්ටි දන්නේ නැතුව අැති..ඕකි KFC වල චිකන් අඩු ගිලින්නේ ඒවත් ලංකාවේ රෙසපි කියල හිතන් වෙන්න අැති..කොණ්ඩේ කලර් කරලා ඉන්ජෙක්ෂන් නෙමෙයි මොක ගහන් සුදු වුනත් සුද්දෙක් වෙන්න බෑ වගේ තමා අනිත් දේවලුත්..හරියට හදපු කෑම බීම අරගෙන වැඩ කරල මහන්සි වෙන මින්ස්‍සු අවුරුදු 100ක් වුනත් ජීවත් වෙනවා...ඔය මහලොකු ගුණ කෑම කන සුද්දොන්ගේ රටවල තමා බඩ වැල් පිළිකා වැඩි කියලා ඔය ලොන්ත ගොන් ගෑණිට කියපං..:lol:

    World-and-colorectal-cancer-in-2020-a-Estimated-age-standardized-incidence-rate.tif


    https://www.researchgate.net/figure...ge-standardized-incidence-rate_fig1_350679855
     
    Last edited:
    • Wow
    Reactions: wissnshaftler

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,946
    5,296
    113
    ඇත්ත හැම අම්ම කෙනෙක්ම කාන්තාවක්ම පුදුම දුකක් විදින්නේ උදෙන්ම පටන් ගත්තම කුස්සියේ තමා රස්සාව. මේවා වෙනස් වෙන්න ඕනා ඒ මදිවට බත් පිගන් ගනන් ගිලලා ගිලලා ලන්කාවෙන් බාගෙකට දියවැඩියාව.
     
    • Haha
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,494
    2
    48,630
    113
    නෙක්ස්ට් අප් : ඇමරිකන් ජාතිකයන් තත්පර දහයෙන් කඩදාසියෙන් පු* පිස දමා ගන්නා අතර අපේ උන් විනාඩි ගණන් සබන් ගාමින් සෝදති. අප සෝදන්නේ පු* නොව මුදල් හා කාලයයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,099
    27,868
    113
    පෝස්ට් එක සහ කමෙන්ට් කියෙව්වාම, බලාගෙන ගියාම එකත් හරි බලාගෙන ගියාම මේකත් හරි පන්නයේ ත්‍රෙඩ් එකක්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,834
    1
    4,188
    113
    Unknown
    Kathawa aththa bng
    Ochchra mahansie wela bath kiyala wasa thamai kanne
    Bath piganatama eka mas kallai, angata carbs tika witharai , protein tika watenne na
    Ithin 50k , 60k yanakota leda
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,524
    2,462
    113
    gon athal
    lankawe kema patta healthy patta rasai
    wade thiyenne kana un hariyata balance karanna danne ne

    balapan western countries wala kochchara overweight un innawada kiyala anika unge kemath melo rahak ne
    asian food is the best
     
    • Like
    Reactions: hide_spider

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,392
    113
    නෙක්ස්ට් අප් : ඇමරිකන් ජාතිකයන් තත්පර දහයෙන් කඩදාසියෙන් පු* පිස දමා ගන්නා අතර අපේ උන් විනාඩි ගණන් සබන් ගාමින් සෝදති. අප සෝදන්නේ පු* නොව මුදල් හා කාලයයි
    bidet එක වැදෙද්දි පට්ට anal simulation එක, මං නම් full එකටම අල්ලනවා wall valve එකෙනුත් වැඩි කරලා🤤
     
    • Wow
    Reactions: Hyaenidae