සීගිරිය..

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    181888_479154898767009_1386699965_n.jpg



    කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත.

    අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.

    මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප‍්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.

    සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතියි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි.

    ප‍්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප‍්‍රචලිතය.

    අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි‍්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ.

    සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී‍්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි‍්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි.

    සීගිරිය ප‍්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත‍්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී‍්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත.

    පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තතතුර‍ට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.

    සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක‍්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී පෙන්වයි.

    ක‍්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ජේ.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.බෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය.

    පැරණි ශී‍්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප‍්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.

    සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප‍්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිබෙන්නට ඇත. එම ප‍්‍රදේශය විශාල ප‍්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිබෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති.

    18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලූ ලූ අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.​






    From FB
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නටබුන්වී ගිය අපේ ඉතිහාසයෙන් ඉතිහාසයෙන් බිදක් ,,,,,,,,,,
    ස්තුතියි යාළුවා ............................
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නියම ත්‍රෙඩ් එකක් සහො:)
    මේකට තව කරුණක් එක් කරන්න කැමති ධාතුසේන රජතුමා කලා වැව හදනකොට වැව් බැම්ම හදාගන එන ප්‍රදේශයේ එක් භික්ශූන් වහන්සේ නමක් භාවනායොගීව වැඩ සිටියලු මෙ බැම්ම දිගටම හදන්න මෙ භික්ශුව මෙතනින් අයින් කරන්න ඕන උනාලෞ නමුත් ඒ භික්ශූන් වහන්සේ භාවනාවට සමවැදී සිටි නිසා කෙසේවත් එම ස්ථනයෙන් අයින් කරන්න නොහැකි වූ තැන ධාතුසේන රජු එ භික්ශූන් වහන්සේත් බැම්මටම අල්ලා මැටි ගැසීමට නියම කරාලු මෙන්න මේ අකුසලය පල දීම නිසා එතුමන්ටත් කලා වැවෙ වැව් බැම්මටම බිලි වීමට සිදුවූ බව මහා වංශයෙ සදහන් වේ:(
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    පට්ට මචන්..:D
    චිත්‍රෙ නම් එලටම තියෙනවා නේ..කොහමද දන්නෑ මේ වගේ අදහසක් ආවේ..:confused:
    කරුණු ටිකත් එලටම ලියලා තියෙනවා..:yes:;)
    සුපිරි ආ !!!:D