දුවේ නුඹ දන්නවානම්........

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දුවේ නුඹ දන්නවානම්........

'දුවෙක් උපන්නා' :)
නර්ස් නෝනා පැවසූ සැණින්
ඉපිල ගිය සතුටින්
වාට්ටුවට දුවගෙන යනවිට
එකෙක් කියනු ඇසුණා
'කොල්ලෙක් හම්බවෙලා ඇති'
:)

සිහිය ආ සැණින්
බිරිඳ ළඟට දිව ගියෙමි මම
කඳුලු පිරි දෙනෙතින්
වරදකාරී හැඟුමෙන්
බලා සිටියා
අසරණව මාදෙස
:(

ඇමතීමි මා මවට එසැණින්
'අම්මේ දූ පොඩිත්තක්'
අයියෝ... කියවුනි ඇයට :angry:
'දැන් ඉතින් මක් කොරන්නද
කෝකත් එක ගහේ ගෙඩි නොවැ'
:growl:

ගත්තෙමි හොඳම මිතුරාට
හිත හැදෙන වදනක් අසන්නට
'ඩෝන්ට් වොරි සනා
ලබන පාරවත් ට්‍රයි එකක් දීපං':lol:

මගේ දුවේ නුඹ
දන්නවානම්.....
:sorry:

quoted from
indunilsindu.com

මේකෙ ඇත්තක් තියෙනවා නේද?? :angry:

සංවාදයට විවෘතයි.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඒකට හේතුව පරම්පරාව ගෙනියන්නේ පිරිමියා නිසයි. ගොඩක් එවුන් බයයි තමන්ගේ පරම්පරාව ඉවරවෙයි කියලා ඒකයි කොල්ලෙක් හදන්න try කරන්නේ.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒකට හේතුව පරම්පරාව ගෙනියන්නේ පිරිමියා නිසයි. ගොඩක් එවුන් බයයි තමන්ගේ පරම්පරාව ඉවරවෙයි කියලා ඒකයි කොල්ලෙක් හදන්න try කරන්නේ.
ඒවුනාට කියන්නේ නම් අම්මා බුදුවේවා කියලා.:baffled:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඒවුනාට කියන්නේ නම් අම්මා බුදුවේවා කියලා.:baffled:

අම්මා බුදු වෙන්නේ ගෙදර තියෙන හැම වැඩක්ම කරනකම් විතරයි වැඩ කාරියෙක් වගේ. බටර් ජිල්මාට් එකක් මේක.
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේව ගැන කතා කලොත් මුස්ලිම් , හින්දු උන් එනව ඇරගන්න... කාන්තාවට තිබෙන තැන..
ඒත් මොනව කීවත් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහිනම් දුව දිහා බැලුවෙ මෙන්න මේ විදියට..

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //

දුවේ නුඹ මගෙ...
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    11.gif
    1.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේව ගැන කතා කලොත් මුස්ලිම් , හින්දු උන් එනව ඇරගන්න... කාන්තාවට තිබෙන තැන..
    ඒත් මොනව කීවත් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහිනම් දුව දිහා බැලුවෙ මෙන්න මේ විදියට..

    කොහොම බැලුවත් වෙන්නෙ අරකනේ. :confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මා බුදු වෙන්නේ ගෙදර තියෙන හැම වැඩක්ම කරනකම් විතරයි වැඩ කාරියෙක් වගේ. බටර් ජිල්මාට් එකක් මේක.
    කෙල්ලො කොල්ලො ඉපදෙන්නෙ කොහොමද කියලා විද්‍යාව හොයාගෙන තිබුනනම් කොහොමද තත්වේ. :baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒවුනාට කියන්නේ නම් අම්මා බුදුවේවා කියලා.:baffled:
    ඉතින් ඒකත් ඔය කතාවට ගැලපෙනවනෙ. බුදුවරයෙක් කියන්නෙත් ඉදිරි පරම්පරාවක් ඇති කරන කෙනෙක් නෙමෙයිනෙ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් ඒකත් ඔය කතාවට ගැලපෙනවනෙ. බුදුවරයෙක් කියන්නෙත් ඉදිරි පරම්පරාවක් ඇති කරන කෙනෙක් නෙමෙයිනෙ.
    ඔකේ එහෙනම් ගෑනු සේරම බුදුවුනාම මොකද වෙන්නෙ කියල හිතහන්. :baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    උඹ ඔහොම කිව්වට ඔය කේස් එක ඇදෙන්නෙ නෑදෑයොන්ගෙන්.. :dull:

    උබට වගේ ගමේ බයියෝ නෑදෑයෝ ඉදිද්දි නම් ඉතින් ඔය case එක අනිවා එනවා. :rofl::P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔකේ එහෙනම් ගෑනු සේරම බුදුවුනාම මොකද වෙන්නෙ කියල හිතහන්. :baffled:
    පිරිමි ඔක්කොම බුදු උනොත් වෙන වැඩේම තමයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට වගේ ගමේ බයියෝ නෑදෑයෝ ඉදිද්දි නම් ඉතින් ඔය case එක අනිවා එනවා. :rofl::P:rofl:
    ඔතන අවුල තියෙන්නෙ නීතියෙ මිසක් ගමේද නගරෙද කියන එක මත නෙමෙයි.දැනගං කොළඹ කාක්කා :lol::lol::lol: