බුදුන්ට ගරහන ජයරත්න පතිරආරච්චි

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
බුදුන්ට ගරහන ජයරත්න පතිරආරච්චි

බුදුරදුන්ට පරුෂ වචනයෙන් බනින ජයරත්න පතිරආරච්චි සහ දුස්සීල සමාගම





බුදුරදුන් ශ්‍රී ලංකාවේ ඉපදුනා යැයි ව්‍යාජ මතයක් පතුරුවන, ඒ ගැන විමසීමක් කළ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී අමු තිත්ත කුණුහරුප කියමින් බැනවැදුන සහ බුදුරදුන්ටත් බරපතල ලෙස අපහාස කළ හොර මහාචාර්ය ජයන්ත පතිර ආරච්චි නැමැති පුද්ගලයා යනු 2009 වසරේදී රිමාන්ඩ් කළ අයෙක් බව මීට පෙර සිංහල බෞද්ධයා ෆේස්බුක් පි‍ටුවෙන් හෙළි කළෙමු. එම රිමාඩ් කිරීමට හේතු වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය සම්බන්ධ ඉතිහාස කතා “අසැබි ලෙස” විකෘති කිරීමයි. පහත දැක්වෙන්නේ ඒ ගැන 2009 අප්‍රියෙල් 29 දින දිවයින පුවත්පතේ පළවූ පුවතයි.


547336_10151015621366934_976236077_n1.jpg

නමුත් යළිත් මේ පුද්ගලයා, සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණන් වහන්සේගේ උපන් බිමත් වෙනස් කරමින්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිකැළැල් චරිතයටත් බරපතල ලෙස අපහාස කරමින්, උන්වහන්සේට ඉතාමත් ද්වේශසහගත ලෙස පරුෂ වචනයෙන් බනිමින් හිත් පිත් නැත්තෙක් සේ හැසිරෙන අතර, අපගේ ශ්‍රේෂ්ට සිංහල ඉතිහාසයෙන් නොසෑහී ඊනියා සුරංගනා කතන්දර විශ්වාස කරන්නන් ඔහුගේ කුමන්ත්‍රණය හඳුනාගැනීමට නොහැකිව මුලා වී ඇත.


මෑතකදී ජයරත්න පතිරන ආරච්චි නැමැත්තා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට ලබා දුන් දුරකථන ඇමතුම ඔහුම පටිගත කරගෙන ඇති අතර ඔහුගේ ඇමතුමේ අසභ්‍ය කොටස් බැලුම්ගල වාර්තාකරුවන් කපා හැර ඇති නිසා ඔහුම යු‍ටුයුබ් වෙත අප්ලෝඩ් කර ඇති බව පෙනෙයි. පහත වීඩියෝවේ අමා මෑණියන් වහන්සේට ගරහන ඉතාමත් දරුණු ගනයේ ප්‍රකාශයන් ඇති බැවින් එය සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් ඉදිරිපත් කිරීමට සිදුවීම ගැන මම ඉතාමත් කණගා‍ටු වෙමි. නමුත් ඔහුගේ ඊනියා ඉතිහාස කතන්දර වලට මුලා වූ පිරිස් යළි යළිත් ඔහුගේ බේගල් සෙල් ලිපි සහ කෙප්ප හුවා දක්වමින් අප සමග වාදයට එන නිසා ඔහු කවුරුන්දැයි හෙළි කිරීමට සිදුවිය.


අවසානයේදී අන්‍යාගමික අන්තවාදීන් උපක්‍රමිකව බෞද්ධයින්ට ඇති ශ්‍රද්ධාවත් විනාශ කිරීමට කටයුතු කරන බව වරක් පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ වදාළ බව මා හට මතකය. එහිදී ඔවුන් නැති ඉතිහාසයක් වෙනුවෙන් ජනතාව පොළඹවන අතර, ඔවුන් පසුපස යන්නෝ, බුද්ධාගම හැරපියා ඉතිහාසකාමය තම ආගම කරගනිති; බුදු දහම අවබෝධ කරගැනීම පසකලා, පිරිසිදු බුදු දහම පැත්තකින් තබා අන්තිමට බුදුරදුන්ටත් ගරහමින් බොහෝ අකුසල් ‍රැස් කරගනිති.


සමහර රටවල් වල එම ආගමේ නායකයාට කවරෙක් හෝ මෙලෙස පරිභව කළහොත් වෙන දේ ඔබට මා අමුතුවෙන් කීමට අවශ්‍ය නෑ. නමුත් බෞද්ධයින් වන අපි එලෙස නොහැසිරෙමු. ද්වේශය නිසාම තමන්වහන්සේගේ මූණටම පරිභව කළ තීර්ථකයින්ගේ පරුෂ වචනයන් ඉවසා වැදෑරූ, ඉවසීමේ ප්‍රතිමූර්තිය වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයට අපි හැම විටම අවනත වී සිටිමු.
නමුත් රටේ නීතියක් තිබේනම් එය ක්‍රියාත්මක විය යුතුයි නේද? ඔබ බෞද්ධයෙක් වූ පමණින් ඔබගේ දෙමාපියන්ට කවූරුන් හෝ ඔය ආකරයෙන් කුණුහරුපයෙන් බනිද්දී නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොගෙන ඔබ ඉවසනවාද? ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ ලා ‍රැක ගන්නා බවට ප්‍රතිඥා දී තිබියදීත් ජයරත්න පතිරනආරච්චි නැමැත්තාට විරුද්ධව තවමත් පොලීසියෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනෙන්නේ කිසියම් අදෘශ්‍යමාන හස්තයකින් මොහුව ‍රැක ගන්නා නිසාද?


මීට මාස කීපයකට පෙරදී එක්තරා අන්‍යාගමිකයෙක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන තිබූ අවස්ථාවේදී නෙත් එෆ් එම්, අප ඇතුළු ජාතිමාමක පාර්ශවයන් මගින් එය හෙළි කරද්දී කිව්වේ මෙය අවසානය නොවන බවත්, ඉදිරියේදී

අන්‍යාගමිකයන්ගෙන් දොළ පිදේනි ලබන්නන් අවසානයේදී අපගේ තිලෝගුරු භාගයවත් බුදුරජානන් වහන්සේටත් ප්‍රසිද්ධියේම ගරහන බවයි. මේ ඇස් පනා පිටම වී ඇත්තේ එය නොවේද? සිංහල බෞද්ධයෙනි, තවත් මාස කීපයකින් මොවුන් එකතු වී ප්‍රසිද්ධියේ බුදු පිළිම පිළිම වහන්සේලාගේ ශිර්ෂ කුඩු පට්ටම් කරන තුරුද බලා සිටින්නේ? බුදු දහම නිසා ඔවුන්ගේ ඊනියා ඉතිහාසය විකෘති වී ඇති බව කියමින්, ඔවුන් එක් වී සමාධි පිළිමය තොළුවිළ පිළිමය ගල් විහාරයේ බුදු පිළිම ඩෝසර් කරන තුරුද මේ අප බලා සිටින්නේ?

ජයරත්න පතිරන ආරච්චිගේ ජන්බුද්වීප කෙප්පය ප්‍රචාරය කරන අනෙක් තැනැත්තා වනුයේ, මීවනපළානේ සිරිධම්මාලංකාර නැමැති චීවරධාරියෙකි (චීවරය දරන්නෙකි). පොසොන් උත්සවය පැවැත්වීම වැඩකට නැති දෙයක් බවත්, සිල් ‍රැකීම බොරු වැඩක් බවත්, අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය බුදුරදුන් බුද්ධත්වයට පත් වූ ඇසතු බෝ රුකේ පැළයක් නොවන බවටත්, බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බවත් ගල් පැලෙන මුසා බස් කියමින් ශාසන ඉතිහාසය විකෘති කරන මීවනලපානේ සිරිධමමාලංකාර චීවරධාරියා ගැන බැලුම්ගල වැඩසටහනින් මෙලෙස හෙළිදරව් කර තිබුණි.


බලන්න තම ගුරු හාමුදුරුවන් වහන්සේ කවුද කියා කීමත් ඔහු මගහරින හැටි. පහත දැක්වෙන්නේ පූජ්‍ය වහරක අභයරතනාලංකාර හාමුදුරුවන් වහන්සේගේ ප්‍රකාශයකි. මෙය උපුටාගත්තේ මෙතැනිනි.


525003_372999979427417_588319962_n1.jpg

බෞද්ධ අපි කිසිදු විටෙකවත් ප්‍රචණ්ඩත්වය තබා පරුෂ වචනයෙන් බැනීමවත් අනුමත නොකරමු, (හිතට එන ආවේගය නිසාම සමහරුන් අර පුද්ගලයින්ට පරුෂ වචනයෙන් බැන කොමෙන්‍ටු තැබුවොත්, බෞද්ධ අඩවියකට එවැනි දෑ නුසුදුසු බැවින් ඒවාද අනුමත නොකරන බව කාරුණිකව සලකන්න.) එසේම ජන්බුද්වීපවාදීන් සමග ජම්බුද්වීපය කොතැනදැයි මෙතැන වාද කිරීමටද අදහස් නොකරමු. එනිසා මේ ලිපියේ මූලිකම අරමුණ වූයේ එවන් ඊනියා ඉතිහාසාගමිකයින්ට සහ කුමන්ත්‍රණකරුවන්ට ‍රැවටී සිටින අයට ඔවුන්ගේ සැබෑ තතු හෙළි කර දීමයි. “නැති හකුරට නාඩන්නේ, තිබෙන හකුර ‍රැක ගන්නේ” කියා පැරණි කියමනක් ඇත්තේ පැ‍රැන්නන්ට කට කහනවට නොවේ.







Source
-SinhalaBuddhist /රංග ජයවර්ධන
 
Last edited:
  • Like
Reactions: IveyStyle

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
මේ ඉන්නේ මෑන්ස්

5239591301_ab1ce8095f.jpg



Jayarathna Pathiraarachchi

Jayarathna Pathiraarachchi is a self motivated philosopher, historian and explorer. He lives in the Western Province of Sri Lanka. He had traveled into the out reaches of this country in his exploration of the true facts of the Lost Civilization and Heritage of Sri Lanka, which was formally known as Seylan, Ceylon or Heladeepa. Extracted from his website.

http://www.flickr.com/photos/rangadesilva/5239591301/

මේන්න මේ මිනිහා බැලුම්ගලට කිව්වා දේවල්

http://www.youtube.com/watch?v=_1Mb0YAiJUY





මෙන්න පචවාහිනියෙත් මේ යකා ඉන්නවා.


















 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
විඩීයෝ එක බලන්න බෑ මෙතන ඉදලා ඒක නිසා youtube එකටම ගිහින් බලන්න.
Click කරන්න
WATCH ON YOUTUBE LINK එක VIDEO එකේ මත තියෙන.

මේ මනුෂ්‍යයා දමිත් කාරියවසම් වගේ එකෙක්.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අමු පිස්සෙක් මේකෙත් හිටිය එකෙක් ඕක ගැන කියව කියව