To Whom it may concern - a job

kumu123

Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    If you guys can help this guy please call him.

    source - http://www.divaina.com/2012/06/24/sports01.html


    කෝටියක්‌ විතර ගුටිකාලා රුපියල් 5000 ක්‌ ලැබුණා

    ඔහු ඒ ජාත්‍යන්තර පදක්‌කම් ද්විත්වය මේ රටට දිනාදීමට මොනතරම් නම් පහර කන්නට ඇතිද? හිසට, පපුවට, උදරයට වදින පහරක වේදනාව ක්‍රීඩාවේ නාමයෙන් කළ කැපකිරීමක්‌ ලෙසින් දරාගත් ඔහුට මේ මොහොත වන විට හිසට, පපුවට, බඩට දැනෙන වේදනාව දැරිය නොහැකි තරමටම උග්‍රය. ඒ තරමටම හිස රිදෙන්නේ මුහුණදීමට සිදුව ඇති දහසකුත් ප්‍රශ්න ගැන සිතන විට හිස කකියන බැවිනි. පපුව රිදෙන්නේ දරුවන් සිව්දෙනාට නැතිබැරිකම් දැනෙන විට පපුව පැලෙන්නට තරම් වන බැවිනි. උදරය රිදෙන්නේ කුසගිනි දැනෙන වාරගණන අනන්ත බැවිනි.

    'මහත්තයෝ, එක බිත්තරය හතරට කපලා දරුවො හතරදෙනාට කන්න දීලා මමයි නෝනයි.......'

    තමන් කියන්නට හැදූ ඒ වාක්‍යයේ අවසන් වචන කිහිපය ඇසෙන් පැනගත් කඳුළක ගිලී ගියේය.

    මේ කඳුළක්‌ව කාන්දුවන්නේ එදා පිට පිටම සිව් වසරක්‌ මෙරට බොක්‌සිං කිරුළ දරා සිටි තේජස නොවේදැයි මට සිතේ......

    1986, 87, 88 සහ 89 යන සිව් වසරක කාලය පුරා තමන් නියෝජනය කළ සැහැල්ලු බර පංති දෙකකින් එකදු තරගයක්‌ හෝ පරාජය නොවී ජාතික ශූරතාව රැකගැනීමට ඔහුට හැකිවිය. ලේටන් කුසලාන, ක්‌ලිෆර්ඩ් කුසලාන සහ ජාතික ශූරතාව යන මෙරට ප්‍රධාන බොක්‌සිං තරගාවලි ත්‍රිත්වයේම දක්‍ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබීමේ දුර්ලභ අවස්‌ථාව හිමිකරගත් ක්‍රීඩකයෙක්‌ය ඔහු. මේ 1987 තෙවැනි කල්කටා සාෆa ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්‌කම් ලාභියාය. දකුණු ආසියානු බොක්‌සිං ශූරතාවේ රිදී පදක්‌කම්ලාභියාය. ....... ආසියානු ශූරතා බොක්‌සිං තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබූ දෙදෙනාගෙන් අයෙකි. මෙරට බොක්‌සිං ඉතිහාසයේ වටිනා නමකි.

    ඔහු ඊ.ඒ.පී සොයිසා ය. නැතහොත් ප්‍රසන්න සොයිසාය.

    එදා බොක්‌සිං වළල්ලේ පිළිමළුන් නන්නත්තාර කරමින් පහරදෙන විට පත්තර වල ක්‍රීඩා පිටුවේ සිරස්‌තල අතර රැඳුණු 'සොයිසා' බොක්‌සිං වලල්ලෙන් සමුගෙන සිටින අද සියල්ලන්ගෙන් සැඟව 'නන්නත්තාර' වී ඇතැයි කන වැකුණු ආරංචියෙන් අපි ඔහු සොයා ගියෙමු.

    මහර බන්ධනාගාර පාරේ ගල්වල් හංදිය අසල ගෙවල් යායක්‌ මැද පිහිටි ඔහුගේ නිවසට පටු පාරකින් අපි සේන්දු වුණෙමු. පර්චස්‌ 5කටත් වඩා අඩු ඉඩක තට්‌ටු දෙකක බලාපොරොත්තු සහිතව තනි තට්‌ටවක්‌ බැඳී ඇති, එහිද වැඩ අවසන්ව නැති නමුත් සාලය පමණක්‌ පිළිවෙළක්‌ කර තිබූ මේ නිවසට අප ඇතුළු වන විට සොයිසාගේ පැටවුන් සිව් දෙනා පාසල අවසන්ව පැමිණ ගෙබිම මත වාඩිවී ගෙදර වැඩට සූදානම්ව සිටියහ.

    'මේ තමයි මහත්තයෝ මගේ එකම දේපළ'

    සොයිසා කියන්නේ ඔහු වැටී සිටින ගේ ගැනය.

    'මේක තනිකරම හදාගත්තේ මගේ නෝනා රස්‌සාව කරල හම්බකරගෙන තිබුණු සල්ලි වලින්. මේ දෙයකටවත් මුදලින් දායක වෙන්න මට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. මේ ගේ මේ ගානට ගොඩනගාගන්න කවදාවත් බාසුන්නැහැට වෙනින් අත්උදව් කාරයෝ හිටියේ නැහැ. මමයි නෝනයි තමයි අත්වැඩ දුන්නේ'

    ඔවුන්ගේ ධනයෙන් නොව සිත සවියෙන් ගොඩනැගුණු මේ ගෙදර තිබූ පුටු 4 න් එකක සොයිසාද, අනෙකෙහි ජායාරූප ශිල්පී නිශාන් ද ඉතිරි පුටුවේ මමද අසුන්ගත් විට 11 හැවිරිදි සොයිසාගේ ලොකු පුතා අනෙක්‌ පුටුවේ සිය පියා අසලින් අසුන්ගත්තේය. මේ පිය පුතු දෙදෙනා අතරින් සාලයේ කොණක කුසලාන, පදක්‌කම්, ඡායාරූප කිහිපයක්‌ සමඟ බොක්‌සිං අත්වැසුම් යුගල දෙකක්‌ද විය. ඒ සොයිසාගේ ජීවිතයේ 'හම්බකරගත්' සබ්බසකලමනාවයි.

    'මගේ තාත්තා හදිසි අනතුරකින් නැතිවෙනකොට මට වයස අවුරුදු 11යි. තාත්තගෙ මරණෙන් මමයි, අම්මයි, නංගියි තනිවුණා. අපිට ඉගෙනගන්න උදව්කරන්න, ඉගෙනගන්න එකේ වටිනාකම කියාදෙන්න කෙනෙක්‌ හිටියේ නැහැ. ඒත් මම ඉගෙනගත්තු මරදාන සංඝරාජ විද්‍යාලයේ බොක්‌සිං තිබුණා. මගේ ඇඟේ හයිය තිබුණා. මම බොක්‌සිං ගහන්න ගියා. කලින්ම බොක්‌සිං පුහුණුවෙන්න ගියේ සහිරා විද්‍යාලයට. එතැනදි හොස්‌නි ෙෆdන්සේකා මහත්තයා බොක්‌සිංවලට මුල පුරලා දුන්නා. මට බොක්‌සිං වල 'වන් ටූ' කියල දුන්නේ කල්දේරා කියන මගේ හොඳ ගුරු පියා. ඔහු අද බැංකු නිලධාරියෙක්‌'

    රාත්තල් 85 බරපංතියෙන් පාසල් තරගාවලි සියල්ල ජයගත් සොයිසා ජාතික තලයට පිවිසෙනුයේ රාත්තල් 100 බර පංතියෙනි.

    'මගේ දෙවැනි බොක්‌සිං ගුරුතුමා තමයි ධර්මසිරි වීරකෝන් මහත්තයා. අදටත් ඇඟේ තියෙන විදිහට මගේ බොක්‌සිං හැදුවේ ඒ මහත්තයා. ලෝකෙ බොක්‌සිං තාක්‍ෂණය මොන විදිහට අප්ඩේට්‌ වුණත් මේ ක්‍රීඩාවට තියෙන්නේ පහර 3යි. ස්‌ටේ්‍රට්‌ එකයි, ක්‍රොස්‌ එකයි, හුක්‌ එකයි. ඔය පහර තුනම එකම විදිහට ගහන්න පුළුවන් කෙනෙක්‌ හැටියටත් බොක්‌සිං තාක්‍ෂණයෙනුත් ඉස්‌සරහින්ම ඉන්නේ මම කියලා ඒ දවස්‌වල ධර්මසිරි මහත්තයා නිතර කියනවා'

    ඒ පහර තුනෙහි නම් සොයිසාගේ කටින් පිටවද්දී ඔහුටද නොදැනීම ඔහු පුටුවෙන් නැගිට ඒ බාහු දඬු, පහරේ අයුරින් රිද්මයට විහිදුනි.

    වයස 42 ක්‌ වුවද මේ මිනිසාගේ ඇඟේ බොක්‌සිං රිද්මය දශමයක්‌ හෝ අඩු නැතිව පවතින වග ඒ චලනයන්ගෙන් මට හැඟුණි.

    'තාම බොක්‌සිං ඇඟේ තියෙනවා වගේ නේද? '

    මට ඉබේම ඇසිණි.

    'අදටත් මගේ ඇඟේ බැලන්සින්, ටැක්‌ලින්, මූමන්ට්‌ස්‌ ඒ විදිහටම තියෙනවා. හිතේ හයියත් එක්‌ක ඇඟේ හයියත් තියෙනවා. මට අභියෝග කරලා කියන්න පුළුවන් අදටත් මගේ බර පංතියේ මේ රටේ ඉන්න ඕනම බොක්‌සිං ශූරයෙක්‌ එක්‌ක වට 3 යනකම් ෆයිට්‌ කරන්න පුළුවන් කියලා. එදා මම 89 ක්‍රීඩාව අතහැරලා අවුරුදු 6කට පස්‌සෙ ආපහු 1995 ඇවිල්ලත් ගැහුවා. මම දිනපු හැම තරගයක්‌ම වගේ වට තුන යන්න කලින් ප්‍රතිවාදියව පරද්දලා තියෙනවා'

    ඔහු මෙසේ කියන්නේ නිකම් නොව, එම ජයග්‍රහණ ගැන පුවත්පත් වල ලියවුණු ලිපිද පෙන්වමිනි. ඒ සියල්ලක්‌ම ඔප්පු කිරීමට ඔහුට පුවත් වාර්තා ඇත. ඒවා එකතුකර සැදූ පොතක්‌ ඔහු සතුය. ඒ පොතෙහි ඇතුළත්ව ඇත්තේ 'සොයිසා නම් බොක්‌සිං යුගයේ' හපන්කම්ය.

    'මගෙන් ගුටි කාපු අය අද ක්‍රීඩාව නිසාම හොඳ රැකියාවල් කරල ජීවත්වෙනවා. එදා මාත් එක්‌ක දකුණු ආසියානු බොක්‌සිං ශූරතා රිදී පදක්‌කම ගත්තු අනෙක්‌ එක්‌කෙනාට ප්‍රේමදාස මහත්තයා කොළඹින් ගෙයක්‌ දුන්නා. ඒත් මට කිසි දෙයක්‌ ලැබුණේ නැහැ. මට විතරක්‌ මෙහෙම වුණේ මගේ පෙර කර්මයක්‌ නිසා කියලයි මට හිතෙන්නේ. ඒත් හැමදාම මේ විදිහට ජීවත්වෙන්නෙ කොහොමද මහත්තයෝ'

    මොහොතකට පෙර බොක්‌සිං වලින් ලැබූ ජයග්‍රහණ ගැන කථාකරද්දී ඔහුගේ වූ දැඩි ස්‌වරය, බොක්‌සිං වලින් ලැබූ දේ ගැන කථාකරද්දී කෙමෙන් දුර්වල වෙමින් අවසන හැඬුම් සඟවන ස්‌වරයක්‌ බවට පත්වේ.

    'අපි බොක්‌සිං ගැහුවේ භීෂණ කාලේ. එදා ඒ නිසා අඩුම ගානේ හමුදාවකට බැඳෙන්නවත් පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. මොකද මට මොකක්‌ හරි වුණොත් අම්මටයි නංගිටයි තියෙන එකම හයියත් නැතිවෙන නිසා. පුළුවන් කාලෙ මුළු ජීවිතේම දීලා බොක්‌සිං ගැහුවා. උපතින් ආපු මොකක්‌දෝ හැකියාවකින් ඕනෙම දෙයක්‌ ඉගෙනගන්න පුළුවන්කම තිබ්බත් විභාග පාස්‌ කරන්න යොමුවීමක්‌ වුණේවත්, යොමුකරන්න කෙනෙක්‌වත් හිටියේ නැහැ. අන්තිමේදි බොක්‌සිං ජීවිතෙන් අහක්‌ වෙලා මගේ ජීවිතේ ගැන බලනකොට මම තනිවෙලා. අපි රටට මොන දේ ගෙනල්ලා දුන්නත් අපිට රටින් මොන දෙයක්‌වත් ලැබිලා නැහැ. අඩුම ගානේ ජීවත්වෙන්න රස්‌සාවක්‌වත් දෙන්න කෙනෙක්‌ නැහැ'

    වකුගඩු විෂබීජ ආසාධනයකට ලක්‌වීම හේතුවෙන් සිය බිරියට රැකියාවෙන් ඉවත්වන්නට සිදුවීමත් සමඟ සොයිසා අන්ත අසරණ විය.

    'කීදෙනෙක්‌ව හම්බවෙලා රස්‌සාවල් ඉල්ලලා ඇතිද. ගිහිල්ලා මම සාෆa පදක්‌කම් දිනපු බොක්‌සිං ක්‍රීඩකයෙක්‌ කිව්වහම ඔයා රට වෙනුවෙන් මොන තරම් දෙයක්‌ කරපු කෙනෙක්‌ද කියලා අදම රස්‌සාව දෙනවා වගෙයි කථාකරන්නේ. ඒත් දෙවැනි දවසේ කථාකරනකොට 'බලමු' කියල කියනවා. අන්තිමේදි බයෝ ඩේටා දුන්නා විතරයි'

    මේ අතර කාලයේ සොයිසා අවස්‌ථා දෙකක පෞද්ගලික ව්‍යාපාරවල සේවකයෙකු ලෙස එකතුවී තිබේ. එහෙත් ඒ කිසිවක්‌ ස්‌ථිර රැකියා නොවීය.

    'බොක්‌සිං වලින් කිසිම දෙයක්‌ ලැබුණේ නැද්ද? අඩුම ගානේ ජාත්‍යන්තර පදක්‌කම් දිනපු එකටවත්'

    'ලැබුණා. සිල්වර් මෙඩ්ල් එකට මල් බොකේ එකකුයි. බ්‍රොන්ස්‌ මෙඩ්ල් එකට රුපියල් 5000 කුයි ලැබුණා'

    ඔහු දිගු සුසුමක්‌ හෙළුවේය.

    ජාතික ශූරතාව අපරාජිතව සිව්වරක්‌ රැකගත්, ජාත්‍යන්තර පදක්‌කම්ද දිනාගත්, සිය යෞවනයම ක්‍රීඩාවට කැප කළ මේ මිනිසාට ක්‍රීඩාවෙන් ලැබී ඇත්තේ රුපියල් 5000 ක්‌ පමණි.

    'ඒ පන්දාහට හරියන්න මම බොක්‌සිං රින්ග් එකේ කෝටියක ගුටිකාලා ඇති. 1989 ඔළුවට වැදුණු පහරකින් මොළය හෙල්ලිලා කාලයක්‌ මගේ ඇස්‌ උඩගිහින් තිබුණා. ඒ දවස්‌වල වමට යන්න ඕනෙනම් යන්නේ දකු=ණට. ඒ තත්ත්වය මගහැරෙන්න කාලයක්‌ ගියා. ඔන්න ඕවා තමයි අපට ක්‍රීඩාවෙන් ලැබුණු දේවල්'

    ඔහු එසේ කියන්නේ එම පදක්‌කම් දෙක අතෙහි රුවාගෙනය. මොනවා කීවද ඔහු ඒ පදක්‌කම් පරෙස්‌සම් කරයි. ඔහු ඒවා අල්ලන්නේ අතදරුවෙක්‌ අල්ලන තරම් සුපරික්‍ෂාවෙනි

    'මේවා දැන් එල්ලන තැනින් කැඩෙන්න ළඟයි. පදක්‌කමුත් වයසට ගිහින්. මාත් වයසට ගිහින්' ඔහු පවසන්නේ සාම්භාව්‍ය චිත්‍රපටියක තියුණු දෙබසක්‌ ලෙසිනි.

    ඒ අතර ඔහු තවත් අමුතු කථාවක්‌ එයට අදාළ ලියකියවිලිද සමග අපට පෙන්වීය.

    'මම ඉන්න අසරණ තත්ත්වය ගැන මගේ නෝනා දැනට කාලයකට කලින් රජයට ලියුමක්‌ ලියපු එකක ප්‍රතිඵලයක්‌ හැටියට චමල් රාජපක්‍ෂ මහත්තයා අනුමත කරල දීපු ඉඩමක්‌ තියෙනවාලු මීරිගම. ඒත් ඒක කොහේ තියෙනවද කියලයි මම මේ තාම හොයන්නේ'

    එවැනි ඉඩමක්‌ අනුමතවී ඇතැයි රාජ්‍ය අංශ ගණනාවකින් ලද ලිපි ගණනාවක ගොනුවක්‌ සොයිසා සතු වුවද එවන් ඉඩමක්‌ කොතැනකවේදැයි දන්නා කෙනෙක්‌ මෙතක්‌ ඔහුට හමුවී නැත. එය හතරබීරි කථාවක්‌ වැනි දෙයක්‌ වුවද සහතික සත්‍යයකි.

    පොරොන්දු හෝ ලිපි කරදහි හැරුණු විට රටෙන් කිසිත් නොලැබූ මේ මල්ලවයා පවසන්නේ ක්‍රීඩක සුබසාධනයක්‌ නොමැති රටක, ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතයේ වටිනාම කාලය කැපකර, කාලය ඉක්‌මවූ තැන සූප්පුකර ඉවතදැමෙන රම්පේ කරපිංචා බවට පත්වන ක්‍රීඩකයෙකුගේ ශෝකාන්තයයි.

    'මට දුකයි ස්‌ර්. මේ දරුපැටව් හතරදෙනා තියෙනදෙයක්‌ කාලා සද්ද නැතිව ඉස්‌කෝලෙ යනවා. ඉස්‌කෝලෙ පංතියේ ළමයි මේ අයගෙන් ඇහුවහම තාත්තා මොකක්‌ද කරන රස්‌සාව කියලා, මේ පැටව් අසරණ වෙනවා ස්‌ර්. අද මේ අයට අහන්න තරම් තේරුමක්‌ නැතිවුණාට හෙට මේ අය මගෙන් අහන්න පුළුවන් තාත්තා ඔයතරම් බොක්‌සිං ගහල මොනවද කරගත්තේ කියලා. එදාට මට දෙන්න උත්තර කෝ.

    මම මහලොකු දෙයක්‌ ඉල්ලන්නේ නෑ මහත්තයා. එක්‌කෝ මට පුළුවන් විදිහට පොඩි ස්‌වයං රැකියාවක්‌ කරන්න උදව්වක්‌ දෙනවා නම්, නැතිනම් රස්‌සාවක්‌ දෙනවානම් එහෙමත් නැතිනම් රට යන්න හරි උදව්කරනවා නම් ලොකු පිනක්‌. මට බොක්‌සිං පුහුණුකරුවෙක්‌ හැටියට බලපත්‍රයත් තියෙනවා. ඉංග්‍රීසි භාෂා දැනුමත් තියෙනවා.

    මේ රටේ මුල් පවුල ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව අඳුනන පවුලක්‌. ඒ අයවත් මේ දුක දැකලා මට ජීවත්වෙන්න උදව්වක්‌ දුන්නොත් මම රට වෙනුවෙන් ගුටිකාපුවට සාධාරණයක්‌ වේවි. මගේ ගාව බේබදුකම්, වෙන දුරාචාර නැතිහින්දා මම දන්නවා මුදලක්‌ ලැබෙන මාර්ගයක්‌ වුණොත් ජීවත්වෙන විදිහ. අපි ක්‍රීඩාවෙන් වෙන මොනවා නැතත් විනයක්‌ ඇතිව ඉන්න ඉගෙනගෙන තියෙනවා. මම දරුවන්ට වුණත් කියන්නේ ඔයාලගේ තාත්තා රටට ගෞරවක්‌ ගෙනාපු කෙනෙක්‌. ඉතින් ඒ නිසා ඔයාලත් ගෞරවයක්‌ ඇතිව ජීවත්වෙන්න පුරුදුවෙන්න කියලා. මම කියන්න ලැ-ජා නැහැ මහත්තයො මේ දරුවන් ලුණුයි බතුයි කාලා ජීවත්වෙන දවස්‌ තියෙනවා. මගෙ දරුවන්ට බඩකට පුරා කන්න දෙන්න පුළුවන් වුණු දවසකට ඒ වෙනුවෙන් උදව් කරපු කෙනෙකුට දණගහල වඳින්න මට පුළුවන් මහත්තයො. ඒ තරම් පීඩනයක මම ඉන්නේ'

    එකිනෙකාට විවිධ හැකියාවන් ඇත. ඔවුන්ගේ ජීවනගමන පවතිනුයේ ඒ හැකියාව මතය. සොයිසාගේ හැකියාව ක්‍රීඩාවයි. එහෙත් මේ රටේ ක්‍රමවේදයක්‌ නොමැති බැවින් ඔහුගේ ජීවන පැවැත්මට එයින් කිසිදු දායකත්වයක්‌ නොමැත. නැතිනම් සිව්වසරක්‌ ජාතික ශූරයා බවට පත්වූ මෙරට ප්‍රධාන බොක්‌සිං තරගාවලි සියල්ලේ දක්‍ෂතම ක්‍රීඩකයා බවට පත්වූ, ජාත්‍යන්තර පදක්‌කම් දිනූ ක්‍රීඩකයෙක්‌ට තම දරුවන්ගේ කුස පිරවීම මේ තරම් අභියෝගයක්‌ වන්නේ කෙසේද?

    'ඇත්තමයි මහත්තයෝ. මට රෑ එක දෙක වෙනකම් නින්ද යන්නේ නැහැ. මම ඔය මහත්තයා වාඩිවෙලා ඉන්න පුටුවට වෙලා ඒ වෙනකම්ම කල්පනා කර කර ඉන්නවා. හෙට හරියයි, හෙට හරියයි කියල බලාපොරොත්තුවෙන් දවස දවස ගෙවෙනවා. මගේ බැංකු පොතේ රුපියල් 188යි තියෙන්නේ. රට වෙනුවෙන් අපි කරපුවට කව්ද අපිට සලකන්නේ. පුදුම කලකිරීමක්‌ තියෙන්නේ. වෙලාවකට මුළු රටටම නැතිවෙලා යන්නත් සිතෙනවා....'

    තවත් කුමන කථාද? ක්‍රීඩකයෙකුට අවසානයේ කියන්නට ඉතිරිවන්නේ මේ වචන ටිකද? මේ මොන අවාසනාවක්‌ද?

    ක්‍රීඩාව පවුලේ දෙයක්‌ කරගත් ජනපති පවුලක්‌ අපට සිටියි. මෙරට හොඳම ක්‍රීඩා ඇමැති බවට පත්වන්නේ යෑයි කියන අධිෂ්ඨානයෙන් යුත් ක්‍රීඩා ඇමැතිවරයකු වර්තමානයේ සිටියි. බොහෝ සම්පත් අනුග්‍රහ සහිත බොක්‌සිං පරිපාලනයක්‌ද සිටියි. ක්‍රීඩාවට විශේෂ ඇල්මක්‌ දැක්‌වීම නොදැක්‌වීම කෙසේවෙතත් මිනිසකුගේ දුකෙහි වේදනාවක්‌, සැනසුමක සැහැල්ලුවත් දැනෙන මිනිසුන් රැසක්‌ මේ පිං බිමෙහි සිටිති. ඒ අතරින් කෙලෙහිගුණය හොඳින් දත්, සංවේදී අයෙකු හෝ පිරිසකට ප්‍රසන්න සොයිසාට, ප්‍රසන්න ප්‍රතිචාරයක්‌ දක්‌වනු ඇත.

    ප්‍රසන්න සොයිසාගේ දුරකථන අංකය - 0722197835

    ඉන්ද්‍රජිත් සුබසිංහ
    [email protected]
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,735
    48,992
    113
    සේදවත්ත
    yanna iskola walata katha karanna club walata katha karana job akak hoyaganna bari na ...
    "


    • Let me tell you something you already know. The world ain't all sunshine and rainbows. It's a very mean and nasty place, and I don't care how tough you are, it will beat you to your knees and keep you there permanently if you let it. You, me, or nobody is gonna hit as hard as life. But it ain't about how hard you hit. It's about how hard you can get hit and keep moving forward; how much you can take and keep moving forward. That's how winning is done! Now, if you know what you're worth, then go out and get what you're worth. But you gotta be willing to take the hits, and not pointing fingers saying you ain't where you wanna be because of him, or her, or anybody. Cowards do that and that ain't you. You're better than that!
      Rocky Balboa
    "
     
    Last edited:

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    512
    113
    යාළුවොත් එක්ක
    Rata wenuwen wadakarana ayata rata wenuwen kapawena ayata mehema dewal wenne ayi:(:sorry:

    Bump75000.jpg
    :):)