යුද්ධ ප්රකාශය
සාලයට වී පාඩම් කරමින් සිටි පුතා, ලියන මේසය ඉදිරිපිට වාඩිවී කිසිවක් ලියමින් සිටි පියා දෙස බලා මෙසේ ඇසීය.
තාත්තෙ යුද්ධ ප්රකාශ කරනවා කියන්නෙ මොකටද?
මං මේ ලොකු වැඩක්නෙ පුතා.
ඕක අම්මගෙන් අහගන්න කො..ලියමින් සිටි ඉරියව්ව වෙනස් නොකරම තාත්තා කීවේය.
කුස්සියේ සිට සාලය දෙසට එමින් සිටි ඔහුගේ බිරිඳ මෙය ඇසී පරල වූවාක් මෙන් කෝපයට පත් ව මෙසේ කියවන්නට වූවාය.
ඔව්, තමුසෙ ඉතින් හැම තිස්සෙම වැඩ. මං විතරයි නිකං ඉන්නෙ.
දරුවෙක් යමක් ඇහැව්වොත් කියල දෙන්ඩ බෑ. ඒ තරමට වැඩ.
ඒ වුණාට පිට එකෙක් මොකක් හරි කිව්වොත්..
ඇති ඇති අම්මෙ යුද්ධ ප්රකාශ කරන හැටි දැන් මට තේරුණා..පුතා මවගේ කතාව මැද්දට පැන්නේය.
රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.
දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.
පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.
![]()




Patta Bro!
REP+++++++





