අනිත් උන් කිසිම හරයක් නැති කමෙන්ටු තමා දාන්නෙ. මම කැපුන. යන්න කලියෙන් මෙච්චර වෙලා කියපු දේවල් වල සමරියක් දුන්නොත්-----
1. සිරසෙ ඔලිම්පික් යනවට මම කොහෙත්ම කැමති නෑ. නිවුස් බලලම එපාවෙනව. තව සිරසෙ අනිත් චැනල් වලට ඔලිම්පික් විකාශය විටින් විට මාරු කරනව. Eye, CSN එකේ යනවට තමා කැමති. කරදරයක් නැතුව ඕන වෙලාවක බලන්න පුලුවන්.
2. සිරසෙ යන ඔක්කොම Programs මම හොදයි කියන්නෙ නෑ. අර රන් දෙපැය වගේ.. (ගොන් දෙපැය)
3. කාටුන් හා අනිත් චිත්රපටි හඩ කැවීම අතින් උපරිමයි කියලයි මම කියන්නෙ. ඔය කාලෙදි සිරසෙ කාටුන් එකකට ගහන්න වෙන එකකට හරි තිබ්බෙ රූපවාහිනියෙ ගිය දඟර වලිගය විතරයි.
4. සිරස කරන්නෙ කොපි කරන එක තමයි. කේබල් ටිවි තියන ඕන එකෙක් ඒක දන්නව. හැබැයි ලංකාවට මුලින්ම ගේන්නෙ උන් තමයි. ඊට පස්සෙ සිරසෙන් කොපි කරනව. Ex - (Reality Shows) අනිත් එක මේ රියලිටි ෂෝ ලෝකය පුරාම වෙනව.. (country) got talent කියන ෂෝ එක. (ex- British got talent) එතකොට ඇත්තටම හැම රටක්ම තව එකකින් කොපි කරල තමා. මොකද ඔක්කොම සමගාමී විකාශන නෙමෙයි නෙ කෙරුවෙ.
5. නිවුස් ගත්තොත් හරය කෙසේ වෙතත් ස්ටයිල් එකනම් නියමයි. හැබැයි ඉතිං ගෙදරක ලැට්වල කඩන් වැටුනත් සිරසෙ බ්රෙකින් නිවුස් වලින් කියනව. ඒවගේම් විපක්ශයේ හොද හරයක් ඇති (ඔක්කොම නෙමේ) කතාවක් බලන්න පුලුවන් වෙන්නෙත් උන්ගෙන් තමා. අනිත් චැනල් වල යන්නෙ නෑනෙ.
කොහෙන් ගෙනාවත් ලංකාවට අලුත් දෙයක් ගෙනාවෙ කෙරුවෙ උන් තමා. මොනා උනත් බලන්න දෙයක් තිබ්බෙ සිරසෙ තමයි. මේ හැම දෙයක්ම මම විටින් විට කිව්ව.
මෙතන ඉන්න එවුන් මොනා කිව්වත් අදටත් උබල සූර පප්පා, කවුද බෝයි, දඟය බලන බව කවුරුත් දන්නව. ඊලඟ නිවාඩුවට අලුතෙන් ෆිල්මස් දෙක තුනක් හඬ කවල ආවොත් ඒවත් බලන බව දන්නව. අන්න ඒවයේ තිබුණ කොලිටිය නිසයි ඇත්තටම ඒව වින්ද නිසයි විරුද්ධව හඬක් නැගුවෙ..